Friday, January 3, 2014

පුල්ලෙයාර් දානය | Pulleyar Dhana

 

පුල්ලෙයාර් දෙවියන්ට බාර හාර සිද්ද කිරීම නුවරකලාවි‍යෙ එහෙම නැත්තම් රජරට මිනිස්සු ඉස්සර කාලෙ ඉදල කරගෙන එන චාරිත්‍රයක්.මේ තියෙන්නෙ මීට කාලෙකට කලින් මම් පුල්ලෙයාර් දෙවියෝ / පුල්ලෙයාර් කිරිබත් ගැන ලිව්ව පෝස්ට් එකක්.

 නව වසර උදාවත් එක්ක මම් වැඩ කරන කාර්යාලයෙත් පුල්ලෙයාර් දෙවියන් වෙනුවෙන් පූජාවක් කරලා සෙත් පැතීමක් සිද්දකරා.

පුල්ලෙයාර් කිරිබත් පිළියලකරන්නෙ පිරිමි අය.ගෑණු අපිට තියෙන්නෙ උයලා ඉවර වෙනකම් බලාගෙන ඉන්න.මේ කිරිබත් කන්නෙ පළතුරුත් එක්ක නෙ.රටඉදි,අන්නාසි,උක්,කෙසෙල් වගේ පළතුරු තමා මේකට ගන්නෙ
යහමින් කිරි එහෙමත් දාන්න ඕනේ එතකොට රහ වැඩී!
පළතුරු වට්ටිය සූදානම් කරමින්
නුග ගහ මුල
පූජාව සූදානම් කරමින්
කිරි ඉතිරුනේ මෙන්න මෙහෙම
පූජාව තියන්න ආව කෙනා තමයි මේ ඉන්නෙ
පොල් ගෙඩියක් ගහලා
කිරිබත් කන්න පෝලිමේ
උණු උණුවෙන් බෙදාගන ඇවිත්! කන්න තමා තියෙන්නෙ දැන්...
මාත් එක්ක ඉන්න දෙන්නා... සෑහෙන කොටසකට වග කිව්වා.මමත් ටිකක් කෑව ඉතින් :)

26 comments:

  1. මාත් එක වතාවක් ඔය වගේ දානයක් දැකල ඇත.. තැන්කුයි පොටෝ ටිකට...

    ReplyDelete
    Replies
    1. අපි නම් ෙගාඩක් කාලා තියනවා.ෙමෙහෙ ෙම්ව ෙග් දාන සුලබයි

      Delete
  2. මේ විදියට හදන කිරිබත් රහයි කියලා අහලා තිබ්බට කාලා නෑනේ තාම

    ReplyDelete
    Replies
    1. අයිෙයා් කාලා නැද්ද? අපරාෙද්

      Delete
  3. //මමත් ටිකක් කෑව ඉතින් :)

    හොඳ ටික ! බුරිය උල් වෙනකන්ම කෑවා කියලා තමා ආරංචිය ආවේ.. හික්ස් :)
    අර කිරිබතට ඇඟිල්ලෙන් ඇනලා උනුද කියන කෙනාව මම් දන්නවා මහිතේ... :)

    ReplyDelete
    Replies
    1. ඔව් අහ් මම්ෙගාඩක් කෑෙව නෑ...

      Delete
  4. මාත් එකම එක පාරක් මෙ වගෙ දානයකට ගිහිං තියනවා..

    ReplyDelete
  5. කිරිබත් කන්න පෝලිමේ කිව්වට මට නං එක පොදියට පොරකෑමක් මිසක්කා පෝලිමක් නං පෙනුන් නෑ..

    ReplyDelete
    Replies
    1. අෙප් අය ෙපා්ලිම් හැෙදන්ෙන ෙම ෙහම තමා :)

      Delete
  6. කොහොමහරි යාළුවෝ දෙන්නගේ මූනු දාලා ඔයා ශේප් උනා නේද නදී.

    -ඔයාව දන්න කෙනෙක්-

    ReplyDelete
  7. නියමයිනේ මෙහෙම පූජාවක් ගැන මම දැනගත්තේ මේ ලිපියෙන්ම තමා.

    ReplyDelete
  8. පුල්ලෙයාර් දෙවියෝ ඉන්නේ කොහෙද? ගස් වලට අතු එල්ලන්නේ එයාට නේද? එතකොට ඇයි මේ කිරිබත් කිරිබත් පාට නැත්තේ?

    ReplyDelete
  9. මම කොමන්ට් එකක් දැම්මා. ඒක නෑ නේ.
    මේ දෙවියෝ ඉන්නේ කොයි පළාතේද? අයියනායක කියන්නෙත් මේ දෙවියන්මද? එයාට නේද ගස් වල අතු එල්ලන්නේ? එතකොට මොකද අර කිරිබත් එක කිරිබත් පාට නැත්තේ?

    ReplyDelete
    Replies
    1. අයියනායක දෙයියෝ ඉන්නේ හලාවත ඉදලා පුත්තලමට යන තීරයේ.. ඒ පැත්තේ අය තමා බාර හාර වලට අයියනායක දෙයියන්ට පොල් ගෙඩියක් වෙන් කරලා තියෙන්නේ.
      රජ රට අයට ඉන්නේ පුල්ලෙයාර් සාමි ! ඒ කියන්නේ ගණ දෙයියෝ !

      Delete
  10. අනුරාධපුරෙ පැත්තෙ ආවොත් ඔයාට හැම හන්දියක් හන්දියක් ගානේම වගේ මේ දෙවියන්ගෙ පිලිම දැකගන්ඩ පුලුවන්.
    …කැලේ යද්දි අතුරු ආන්තරාවක් වෙයි කියල බාර වෙන්නෙ කොල අතු එල්ලලා...ඒ අයිය්නායක දෙය්යන්ට.
    … කිරිබත් කිරි පාට නැත්තෙ ඒක හදද්දී මුන් ඇට, හකුරු වගේම රට ඉදිත් එකතු කරන නිසා තමයි දුබුරු පාටක් එන්නෙ කිරිබතට

    ReplyDelete
  11. මං කාල තියෙනවා ඔය කිරි බත. හරිම රසයි නේද? ඕක ගෙවල් වල හදන්නෙත් නැහැ නේද? ඔහොම වෙලාවකට තමයි කන්න වෙන්නෙ.

    ReplyDelete
  12. ගෙවල් වලත් පුල්ලෙයර් දානෙ දෙනව පොඩි දරුවන් වෙනුවෙන් වෙච්ච බාර එහෙම ඔප්පු කරන්ඩ. පුල්ලෙයාර් දෙවියෝ පොඩි දරුවොන්ට ගොඩක් ආසයි කියනවනේ ඒ හින්දා තමයි එයාලට විශේශයෙන් මේ දානෙ දෙන්නෙ.රහදත් අහනව පැණි රහට කවිද අකමැති නේද ? :)

    ReplyDelete
  13. හින්දු සංස්කෘතික ලක්ෂණ ඉතා ඈත අතීතයේදී දේශීය සංස්කෘතිය වෙත කල බලපෑම් වල ප්‍රතිඵලයක් ලෙසයි සිංහල බෞද්ධ ජනතාව අතර මෙවැනි අභිචාර විධි ප්‍රචලිතව තිබෙන්නේ. මේවා කාලීනව විපර්යාසයන්ට භාජනය වන බව පෙනෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් හින්දු අාභාශය නිසා ෙබෟද්ධ අය අතරටත් ෙම්ව ප්‍රචලිත උනා ෙවනනැති.

      Delete
  14. මට කිරිබත දැක්කම නම් කාලා තියෙනවා වගේ මතකයක් තියෙනවා.. ඒත් හරි කල්පනාවක් නෑ අෆ්ෆා..

    ReplyDelete