Sunday, January 19, 2014

මිරිස් තවාන් දැමීම | Preparation of Chilli Nursery

මගෙ තවාන

පොලිතින් බදුන් වල  මිරිස් වගා ව්‍යාපෘතියක් ගැන මම් කලින් කීව්වනේ, අද කියන්න හදන්නෙ කොහොමද මිරිස් ඇට ටික තවාන් දාගන්නෙ කියල. විශේෂයෙන් කියන්න ඕනේ මම් මේ උපදෙස් ටික ලබාගත්තෙ අපි සම්බන්ධ උනු පුහුණු වැඩසටහනේදි.   

මිරිස් ඇට

 මිරිස් ඇට ටික පැල කරගන්න නම් අපි පොඩි තවානක් හදාගන්න ඕනේ. බිම් තවානක හදනවට වඩා තවාන් තැටියක පැල ටික හදාගන්න එක ලේසී කියල තමයි කීවෙ. 

තවාන් තැටි ගන්න තියනව පොහොර එහෙම විකුණන කඩ වල. තැටියක් නැත්තම් අඹ කොළවල නැට්ට කපල රවුම් කරල ටූත් පික් එකක්/ඉරට්ටක් ගහල හදාගන්නත් පුලුවන්.  
 
මෙන්න මේ විදියට ටූත් පික් එකක්/පොල් ඉරට්ටක්  ගහල හදාගන්නත් පුලුවන්

කොල වලින් හදන තාවනේ පැල කෙලින්ම පොලිතින් බදුනේ හිටවන්න පුලුවන්. 

එහෙම නැත්තම් අඹ කොල වෙනුවට නෙස්කැෆේ කප් ,යෝගට් කප් වගේ ඒව හොයගන්න තියනව නම් හරි.නැත්තම් කෙසෙල් පට්ට උනත් ගන්න පුලුවන් ලු.

මුලින්ම මිරිස් ඇට ටික පැය 12ක් විතර වතුරෙ පෙගෙන්න තියන්න ඔනේ.

වතුරෙ දාල පෙගෙන්න පැය 12ක් වත් තියන්න ඔනේ

පස්සෙ දිලීර නාශකයක් එහෙම දානව නම් ඒවා දාල පොඩි රෙදි කෑල්ලක පොට්ටනියක් හදල දවස් 3ක් විතර තියල තියන්න ඕනෙ.ඒ වෙද්දි පැල වෙන්න පටන් ගන්නව/කනු කැපුනු බීජ තත්වෙට පත් වෙනවා.

පස්සෙ මතුපිට පස් ටිකක් බැදල අරන් (තාච්චියකට දාල ටිකක් බැදල ගන්න ) කොම්පොස්ට් 1:1 අනුපාතයට මිශ්‍ර කරල  තවානට දාගන්න. 

ඊලගට අර පොට්ටනිය ලෙහලා මිරිස් බීජ 2 බැගින් සෙන්ටිමීටර් 1ක් වගේ ගැඹුර පොඩි වලවල් වලට දාගන්න ඕනේ.

…තවානට ජල සම්පාදනය කරනන්ත් ඕනේ... මල් බාල්දියකින් වතුර දානව වගේ ස්ප්‍රේ කරන එක හොදයි කියලයි කීවෙ.


දවස් 21 විතර ගියාම පොලිතින් බදුනෙත් හිටවන්න පුලුවන්ලු.. හොදට හිරු එළියට හුරු කරවන්නත් ඕනේ කීව.අඩුම ගානෙ පැය 6ක් වත් හොදට හිරු එලිය වැටෙන තැනක පොලිතින් බදුන් තියන්න ඕනේ. 

මගෙ තවානෙ පැල හැදෙන්න  තව කල් තියනව, මේ දවස් වල පැල එන්නෙ කොයි වෙලාවෙද කියල බලන් ඉන්නෙ . :)

12 comments:

  1. ඔහේට අඹ කොල මිරිස් හිටවන්නත් තියනවා නම් අඹ ගෙඩි ඇති නේද බල්ලන්ට ගහන්නත්?
    නැති එකාටමයි මුකුත් නැත්තේ. මට මිරිසුත් නෑ. අඹත් නෑ. වගාවක් කරන්න බිමකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. හයියෝ අඹ තිබ්බා දැන් ඉවරයි නේ.

      Delete
  2. වැදගත් කතාවක්... මං ඕ වැඩේට ගත්තෙ පරණ තාච්චියක්.. අඹ කොලේ කගාව නං ලේසි වගේ... ඒක ට්‍රය් කරල බලන්න ඕන

    ReplyDelete
    Replies
    1. පරන තාච්චියක් තමා ගන්න ඔනේ නත්තම් අම්මගෙන් ගුටි හම්බෙයි.

      Delete
  3. අනුරාධපුරේ අඹ නැත්තං වැඩක් තියේ යෑ..
    අඹ කොලෙං ගොට්ට ගහලා ලැප් එකේ කී බෝඩ් එකක් උඩ තියන්ඩ ඕන... ඒත් කොයි මට ලැප් එකක් ?? :(
    හික්ස් :)

    විස්තර ටිකට ස්තූතියි.. මම මේක අපේ තාත්තට කියන්නම්. උන්දෑ තමා අපේ ගෙදර වගාවල් දාන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මේ පාර අඹ ගොඩක් හැදිල තිබ්බ. ඔන්න කීව ඉතින් මොට්ට කතවක් හිහ්.

      Delete
  4. mata kiyanna puluwanda miris walatai thakkaliwaltai ena ledarogawalata parisara hithakami behethak gana? kohomaba kola gana ekeknek kiwa, egana danna kawuru hari nadda?

    ReplyDelete
    Replies
    1. ශුවර් අහල කියන්නම් .දනන් කෙනෙක් ඉන්නව

      Delete