Wednesday, January 22, 2014

හොරා කෑම | petty pilfering




තමන්ට අයිති නැති දෙයක් ගැනීම වරදක් පාපයක් හැටියට තමයි අපි ඉගනගන තියෙන්නෙ... ගොඩක් ආගම් වල ඒක වරදක් වගේම පවක්.

හොරා කෑම ගොඩක් වෙලාවට කරන්නෙ බල්ලො... පූසො... වදුරො... රිලව් වගේ තිරිසන් සත්තු. 

හදිස්සියෙ ගෙදරට ගෙනාව මාලු ටිකක් සුද්ද කරන්න කලින් වහල තියන්න බැරුව ගියොත් හොරෙන් බැනල කන්නෙ පූසෙක්.

ඒෙහම නැත්තම් ගෙදර තියන බත් මුට්ටියක් පොල් බෑයක් හොරෙන් උස්සගන යන්නෙ වදුරෙක් නැත්තම් රිලවෙක්.

ඒ තිරිසන්නු නේ .

…හොරා කෑම මිනිස්සුත් කරනව, තමන්ට අයිතියක් නැති දේවල් වලට සමහර මිනිස්සු පුදුම පෙරේත  කමක් තියෙන්නෙ, පන ඇති නැති බේදයක් නැතුව මිනිස්සු හොරකම් කරනව. 

ඒ හින්දම හිත් නොහොද කන් ඇතිවෙනව ගහ මරාත් ගන්නව.

අර කතාවටත් කියනවනේ නිකන් දෙනවනම් නිකන් ගන්න තියනව නම් දෙමළ පත්තරේ උනත් ගන්නව කියල. 

ඒ වගේම තමයි හොරෙන් දෙයක් ගත්තමත් සමහරුන්ට ඒෙක මාර "ආතල්" එකක් තියෙන්නෙ, එහෙම ගත්තම හරියට නිකන් රටක් රාජ්ජයක් දිනාගත්ත හා සමානයි.  

හොරා කෑම හැමෝම කරන්නෙ නෑ, ඒකටත් හැකියාවක් තියෙන්න ඔනේ කියලයි හොරා කන අය හිතන්නෙ.

එහෙම හොරා කන අය ගේ අම්ම අප්පච්චිලව සමහරු නිතර මතක් කරනව කියල එයාල දැන්නෙ නෑ.  

පොදු දේපල හොරා කෑම මේ අතරින් විශේෂයි. පොදු දේවල් නේ ඉතින් අපි ගෙනිච්චම මොකෝ... එහෙම නැත්තම් මොකාද එන්නෙ ඕව තියනවද කියල ගනන් කරල බලන්න!... ඔන්න ඔහොමයි කතාව.

වැරදිලා වත් සැකේට වගේ "මෙහෙම දෙයක් තියනව දැක්කද? " ඇහුවොත් කියන්නෙ අනේ මම් එදා  හිටියෙත් නෑ ! දන්නෙත් නෑ! දැක්කෙත් නෑ ! කියල.

අහපු කට මොකටද කියල හිතෙනව ඇරෙන්න මේවා කාටද කියන්නෙ ඉතින්!

16 comments:

  1. හොරකම වැරදි ....ඒත් අවස්ථාව අනුව වෙනස් වෙන්න පුලුවන් නේද.....ල මිසරාබ්ලේ(මනුතාපය) මේ ගට්ටනය ගැන හොද කියැවීමක්

    ReplyDelete
    Replies
    1. හොරකම වැරැද්දක් නොවන අවස්තාත් තියනව ?

      Delete
  2. රජයේ දේපල හොරා ගෙන යෑම සමහර තැන්වල හරිම සාමාන්‍ය වෙලා..පෑනෙ කඩදාසියෙ ඉඳන් විශාල වටිනාකම් තියෙන බඩු දක්වා ආයතන වලින් ගෙදර අරං යන හොඳට ඇද පැලදගත් මහත්වරු අපේ කන්තෝරු වලත් ඉන්නවා.

    ReplyDelete
  3. ඒක නං ඇත්ත තමා. රාජ්‍ය දේපල හොරා කෑම ලොකු ලොක්කාගේ ඉදන් පහලට යනකන්ම සිදු වෙනවා. මොකක් හරි ව්‍යාපෘතියක් හදන්න පටන් ගත්තොත් එතන ඉදන්ම හොරා කෑමම තමා.

    ReplyDelete
  4. වැරැද්ද පිලිගන්නවනම් තව කමක් නෑ...ඒත් නොවෙන්නෙත් ඒක...

    ReplyDelete
    Replies
    1. හොරකම් කොරන එකා එක කරා කියන්නෙ නෑනේ

      Delete
  5. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  6. හොරා කෑම.. හොරා කෑම. ඒ කියන්නේ හොරා කන කෑමද??

    ReplyDelete
    Replies
    1. වෙන්ටැ ඒකනේ ඒ කෑමට ඔච්චරම කෑදර

      Delete
  7. සම්පුර්ණ ඇත්ත,දැන් හොරා කෑම බොහෝම සාමන්‍ය කරණය වෙලා.උඩ ඉදන් පහලට වගේම,පහල ඉදන් උඩටත් එක එහෙම්ම තමයි.

    ReplyDelete
  8. වගා ලින් වලින් හොරාකාල තිබුනේ නැද්ද,
    http://kumageketikatha.blogspot.com/

    ReplyDelete