Monday, January 13, 2014

නැතිවුන පාර්සලේ | Parcel which lost has eaten by ?


හදිසි අවශ්‍යතාවයක් වෙනුවෙන් පාර්සලයක් යවන්න උනොත් අපි කරන්නෙ පෝස්ටොෆිස් එකට ගිහින් පාර්සලේ බරට රෙජිස්ටර් ගාස්තු ගෙවල දීල එන එකනෙ. කුරියර් සර්විස්වලට වඩා අපිට තාම පුරුදු ඒ විදිය.

මේ ලගකදි ඒ කියන්නෙ ගිය අවුරුද්දෙ දෙසැම්බර් මාසෙදි මටත් ඕන උනා එහෙම පාර්සලයක් යවන්න යාලුවෙකුට. ඉතින් දෙසැරයක් නොහිතා ගියෙ තැපැල් කාරියාලෙට, ගිහින් රෙජිස්ටර් ගාස්තු ගෙවල පාර්සලේ යවලා ඒක හම්බු උනා කියනකම් බලාගන හිටිය.

පාර්සලේ තැපැල් කරේ 2013 දෙසැම්බර් 17. නත්තල් /අලුත් අවුරුදු කාලෙ නිසා තදබදේට අහුවෙලා ඇතියි කියල මුලින් හිතුවෙ, සති දෙකක් තිස්සෙ බලාගන හිටියා... හම්බුවෙලා නෑ..

පාර්සලේ ඩෙස්ටිනේශන් එක වෙලා තිබ්බෙ නුවරඑලිය පැත්තෙ නිසා අන්තිමට හිතුවෙ ටිකක් දුර නිසා දවස් 3ට වඩා ගත වෙනව ඇති කියල.

වෙලාවකට හිතුන පාර්සලේ හම්බවෙලා ඇති!.. යාලුව මට බොරු කියනව වද්ද කියල. 

…කොහොම හරි පාර්සලේ හම්බෙලා තිබ්බෙ නෑ. ඒත් රෙජිස්ටර් පොස්ට් නිසා එයාට ඩිලිවර් කරන්න බැරි නම් මට ආපහු එවන්න ඕනෙ.එහෙම උනෙත් නෑ.ඇඩ්රස් එකත් හරි.!...


ඒ කියන්නෙ පාර්සලේ නැති වෙලා.... එක්කො අතර මග හිරවෙලා... 

බලා ඉන්න බැරිම තැන ගිය සතියෙ පොස්ට් ඔෆිස් එකට ගියා. ගියාම කිවෙ නැතිවෙච්ච පාර්සල් ගැන දැනගන්න පෝරමයක් පුරවල දෙන්න ඕනේ... ඒක ඉවර වෙලා (එක්කො තිබිල දුන්නෙ නැද්ද දන්නෙත් නෑ)වෙන දවසක එන්න හොයල තියන්නම්... කියල. 

හාකෝ... කියල එදත් හැරිලා ආව.. 

තුන් වෙනි දවසෙත් ගියා එතකොට පෝරමෙ ගෙනත් !... (වැඩේ අත අරින්නෙ නැති බව දැනගන පෝරමේ දුන්න වෙන්නත් බැරි නෑ ) ඒක පුරවල දුන්නම තව රු.25/=ක් ඉල්ලුව. ඒකත් දුන්න. 

ඒ පෝරමේ පුරවල යැව්වම නැතිවෙලා නැතුව කොහෙ හරි හිරවෙල තියනව නම් දැනගන්න පුලුවන් කියල තමයි එතනින් කීවෙ. 

අද ජනවාරි 13.මේ වෙනකම් පාර්සලේ ගැන කිසි තොරතුරක් නෑ..මට දුක පාර්සලයක් එවනව කියල මම් බොරුවක් කිව කියල යාලුව හිතයි කියල. මදැයි !

පාර්සලේ දික් කරද්දි \ඇහුව මොනවද මේකේ???... කියල මම් කීවෙ පොඩි බබෙකුට චොක්ලට් පාර්සලයක් කියල. හත්දෙය්යනේ ආය ඕක හොයන එකක් නෑ කියල කඩල කෑව වත්ද?

එහෙම වෙන්නත් බෑ නේ. ඔයිට වඩා වටින දෙයක් නැති උනත් ඔච්චරයි. කොහොමද ඉතින් විශ්වාසය තියන්නෙ මේව ගැන. ඇයි අපිටම මෙහෙම වෙන්නෙ :( 

35 comments:

  1. චොකෝ එකක් හින්ද කමල්ලෑ කියමුකො. හදිස්සියෙ ආණ්ඩුවෙ රාජකාරියකට, එහෙම නැත්තන් රස්සාවකට ඉල්ලන්න වගේ ලියුමක් ලියාපදිංචි තැපෑලෙන් දැම්මොත් අපිට අනිත් පැත්තෙන් අහන්නත් බෑනෙ හම්බුනාද කියල

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නව් විස්වාස කරල එහෙම දෙයක් යවන්න කොහොමද මෙහෙම වෙනකොට.

      Delete
  2. චොකෝ එකක් හින්ද කමල්ලෑ කියමුකො. හදිස්සියෙ ආණ්ඩුවෙ රාජකාරියකට, එහෙම නැත්තන් රස්සාවකට ඉල්ලන්න වගේ ලියුමක් ලියාපදිංචි තැපෑලෙන් දැම්මොත් අපිට අනිත් පැත්තෙන් අහන්නත් බෑනෙ හම්බුනාද කියල

    ReplyDelete
  3. මටත් හදිස්සි උවමනාවලට ලංකාවට පාර්සල් යවන්න වෙනවා. කුරියර් සර්විස් වලින් පාර්සල් යවන එක සෑහෙන ගාණක් ගෙවන්න වෙනවා. ඩොකියුමන්ට්ස් වගේ නෙමෙයිනේ. ඒත් අපේ පොස්ටල් පාර්සල් එක හොඳටම හොඳයි. ඒකෙන් පාර්සල් රෙජිස්ටර් පෝස්ට් යවන්න දැන් බාරගන්නේ නෑ ලංකාවට. මොකද වගකියන්න වෙන නිසා මෙහේ අයට. ලංකාවට ගියාට පස්සේ ට්‍රැක් කරන්න ක්‍රමයක් නෑ කියලා. මගේ යාළුවෙක් වීසා එකක් යවල ඒ විසා එක නැති වුනා ලංකාවෙදි. ආයෙත් අවුරුද්දක් ගියා ඒ වීසා එක ආපහු ගන්න. රජයේ සේවයක් මේ තරම්ම පිරිහිලා කියාල විශ්වාස කරන්නත් බෑ. ඒත් අපි ඉන්නේ ලංකාවෙනේ.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ හැමතැනම ඔහොම නැතුව ඇති කීපදෙනෙක් අතින් සිද්ද වෙන අතපසුවීම් නිසා බලන්නකො රාජ්‍ය සේවයත් හෑල්ලු වෙනව. මිනිස්සුත් කරදරේ වැටෙනව සුවර් මගෙ පාර්සලෙත් නැති කරල වෙන්න ඕනේ

      Delete
  4. අන්තිමේදි උනේ පොඩි බබාට චොක්ලටුත් නෑ.. පෑර්සලේත් ගිහින් නැති වෙච්ච එක !
    අනේ මන්ද මෙහෙම තැපැල් සේවයක්..


    //මට දුක පාර්සලයක් එවනව කියල මම් බොරුවක් කිව කියල යාලුව හිතයි කියල. මදැයි !

    යාළුවා එහෙම හිතන එකක් නෑ.. :)
    මාත් ආසයි චොකෝ කන්න. මටත් එවන්ඩකො චොකෝ පාර්සලයක් !

    ReplyDelete
    Replies
    1. අපෝ ඕනෙත් නෑ.. ඔවුවා තිත්ත චොක්ලට් !!! කෝපි වැඩි ඩාක් චොක්ලට් ඔවුවා.

      Delete
  5. චොකලට් කියල ‍දෙන්න ඕන අසූචි පාර්සලයක් මුන්ට!

    ReplyDelete
  6. register post yawalanam register number eka illagena Nuwara eliya postoffice eken ahanna parcel eka lebunada kiyala .
    e ayata lebila nethnam aniva magadi thama nethi wela thiyenne.
    parcel bara denakota sign karala ganne.e hinda yaluwata boru karannath be.
    me wenakota rtn awanam lebila thiyenna one.e hinda re check kaloth hodai yawapu address
    register receipt ekath ekka

    ReplyDelete
    Replies
    1. රෙජිස්ටර් නම්බර් එක හා රිසිප්ට් එක තිබේ. ගැටලුව තිබෙන්නෙ මගෙ යාලුව අසනීප තත්වෙන් ඉන්න නිසා එයාට ගිහින් බලන්න විදියක් නැති එක. ඇඩ්‍රස් එකත් චෙක් කරා ඒව ඔක්කොම හරි අප්පා... මට තරහ තියෙන්නෙ අසනීපෙන් ඉන්න කෙනෙක්ට මේක යවපු නිසා එයා බලන් හිටිය මේක හම්බෙනකම් :(

      Delete
  7. මොනාද තියෙන්නේ කියලා නොකියම දෙන්න තිබ්බේ...

    ReplyDelete
    Replies
    1. ඇහුව නිසා කිව්ව ඉතින් ආය ඕක හන්ගන්න දෙයක් යෑ කියල.

      Delete
  8. මල්ලි මේක ආශ්චර්්යමත් ශ්‍රී ලංකාව.ඔය වාගෙ දේවල් සාමාන්්යයි.

    ReplyDelete
  9. ජොලිම වැඩේ තමයි තවත් රුපියල් විසි පහක් ගත්තු එක!

    ReplyDelete
  10. කාටද නදී ඔයා චොක්ලට් පාර්සලේ යැවුවේ ?

    ReplyDelete
  11. අවසානාවන්ත තත්ත්වයක් තමයි මේක. ලංකාවේ තැපැල් සේවයේ විනිවිද භාවය අඩුයි. සතියකට සැරයක් ගොඩාක් තැපැල් කන්තෝරුවලින් "ගිණිගත් හේන" ට යවනවා කියලා ලියුම් මිටියක් යවනවා. ඒ කියන්නේ ආපසු ලිපිනයක් නැති, ලබන්නා හොයා ගන්න නොහැකි උණු ඒවා. මේක නිවැරදි ම දේ නොවුණත් විරුද්ධව මොකුත් කරන්නෙත් නෑ. ඔය ලියුම් අතරට යන්නේ උඩ කියපු ලියුම් විතරක් නෙවෙයි හැම වෙලේම. මම කිව්වේ නදී කියපු විදියේ තවත් සිදුවීමක්. මීට අමතරව වෙසක්, නත්තල් කාලේට තැපල් සේවකයන්ගේ ගෙදර ළමයින්ට ඕනා තරම් සුභ පැතුම් පත් එනවා.
    මෙතන දී ලියාපදිංචි තැපෑලෙන් යවපු එකක් හින්දා දෙපාර්තමේන්තුව වග කියන්න ඕනේ. භාර ගත්ත තැන ඉදලා ලබන්නා දක්වා ලියාපදිංචි ලියුමක ගමන් මාර්ගය සටහන් වෙනවා, ඒ හින්දා නැති උණ තැන කියන්න එයාලට පුළුවන් වෙන්න ඕනේ. අපේ අම්මා තැපල් දෙපාර්තමේන්තුවේ වැඩ කරන කෙනෙක් හින්දා මේ වගේ සිද්ධි ගැන පොඩි අවබෝධයක් තියනවා. සිද්ධ උණේ මොකක්ද කියලා ඔයාට හොයලා බලන්න පුළුවන්. හැබයි චොකලට් පාර්සලයක් වගේ දෙයක් වෙනුවෙන් නම් මහන්සි වෙන එක තේරුමක් නෑ. මොකද ඒ කාලේ අතර තුරදී ඔයාට යාලුවාගේ ගෙදරට ගිහිල්ලා මාසයක් නතරවෙලා ඉදලා චොකලට් අරන් දෙන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... එතකොට පාර්සල් වලට වගකීමක් නැද්ද එයාලගේ. මාර වැඩක්නේ බොලේ .නැති උනොත් ඊලගට මොකද්ද ගන්න පියවර. වෙච්ච දේ උනා කියල අත පිහ දාගන්නද වෙන්නෙ ? වටින දෙයක් උනා නම් ඒත් ඔච්චරයි :)

      Delete
  12. ඔහේ දන්නවැයි 2005 මට ආපු ලොකු තෑගි පාර්සලයක් තාම ලැබුනේ නැතෙයි කියල හවායි වල ඉදල එවපු.. ලංකාවටත් ඇවිල්ල ඒත් අපේ ගෙදර ආවේ නෑ..

    ReplyDelete
    Replies
    1. තව මග වෙන්ඩැ

      Delete
    2. ගෙවල් තියෙන්නේ පට්ට ඩොටේ ද මන්දා.

      -ඇනෝ කෙනෙක්-

      හික්ස් :)

      Delete
  13. Replies
    1. යවන අපේ තමා වැරැද්ද

      Delete
  14. පාර්සල්නම් ඉතින් සොරි ඩොට් කොම් එකේ තමයි ලංකාවට යවන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ආය නම් ජීවිතෙට යවන්නෙ නෑ කියල හිතුව

      Delete
  15. ඊකඟ කෑල්ල තවත් රසවත් ලු... ආශ්චර්යය

    ReplyDelete
  16. ඔවා ඔහොම තමයි ,ඔයිට වඩා ලියුම කුඹුරුවලට බෙදන කස්ටිය ඉන්නෙ අපේ තැපැල් සෙවයේ ,කාට කියන්න ද ??චොකලට් නිසා හොදයි ...කුරියර් විශ්වාසය අතින් හොදයි

    ReplyDelete
    Replies
    1. ගාන වැඩි උනත් කුරියර් කරල තමා යවන්නෙ ආය නම්

      Delete
  17. ජීවං අයියා එස්පස් මේල් කියා එකක් හදුන්නා දුන්නාට ඇතිවැඩක් නැත. තැපෑලට නං ඇත්තටම ඇඩ්ඩස් නැතිය. බොරු කීන්නේ මක්කටැයි.. අපිට වෙන්නේම ඔය වගේ අල කලංචිය.. දුකේ බැරිය.. කරන්න දෙයක් නැත් යාළුවාට බ්ලොග් 1 ලින්ක් 1 වත් දෙන්න එතකොට කතාව පිලිගනීනෙ

    ReplyDelete
    Replies
    1. හිතට දුක නිසා ලිව්වෙ එයා දැක්කා.

      Delete