Sunday, January 12, 2014

කිලිනොච්චි කෝච්චි ගමන | Kilinochchi by Train

අපිත් එක්ක ගිය යාලුවො සෙට් එකෙන් ටිකක්

2013 අවුරුද්දෙ අවසානෙ වෙනකම්ම අපේ වොරන්ට්ස් ඉතුරුවෙලා තිබ්බ.ඉතින් යාලුවො කට්ටිය කතා උනා කොහෙ හරි යන්න ඕනෙ කියල.

ගෑණු ලමයි දවස් 2 -3 ගමන් වලට එච්චර කැමැත්තක් නෑනේ.

කැමැත්තක් තිබ්බත් ගෙවල් වලින් යන්න දෙන්නෙ නැති නිසා උදේ ගිහින් හවස් වෙද්දි ගෙදරට එන්න පුලුවන් ට්‍රිප් එකක් ලෑස්ති කරගන්නයි උවමනා උනේ. 

ඒ අතරෙදි තමයි අපේ ඔෆිස් එකේ පූර්ව ලමාවිය සංවර්ධන නිලධාරිතුමිය කිව්වෙ මොන්ටිසෝරි බබාලා 40 ක් කෝච්චියෙ රවුමක් එක්ක යනව කියල... 

ඔන්න ඔහොමයි අපිත් ඒ ගමනට සෙට් උනේ, කීපදෙනෙක් සෙට් වෙනවයි කීවට අන්තිම වෙද්දි 40කට ආසන්න ගානක් සෙට් වෙලා...

පවුල් වල කට්ටිය... එයාලගෙ බබාල... එහෙම ගොඩක්!ඇයි ඉස්කෝලත් නිවාඩුනේ. පිටත්වීම අනුරාධපුර මහ ස්ටේසමෙන්. ගමනාන්තය කිලිනොච්චිය.  

මේ ඉන්නෙ" මුරු" අපිත් එක්ක ගිය යාලුවෙක් අනුරාධපුර ස්ටේසමේදි
උදේ 7.20 වෙනකොට කට්ටිය මහ ස්ටේසමේ. මොන්ටිසෝරි බබාලත් ඇවිත් හිටියා. එයාලව එක්ක යන්න අපේ නිලධාරීතුමියට අවශ්‍ය ප්‍රතිපාදන ලැබිල තිබුනා.

කෝච්චිය පටන් ගන්නෙ අනුරාධපුර මහ ස්ටේසමෙන් හින්දා තදබදයක් නැතුවම නගින්න පුලුවන් උනා... සෙනගකට හිටියෙ අපි සෙට් එකයි පොඩි උන් ටිකයි  විතරමද කොහෙද :). හැබැයි මගින් මගින් ටිකක් නැග්ගා..
මේවගේ චුටි බබලත් අපිත් එකක් ගමනට එකතු වෙලා හිටියා

අනුරාධපුරෙන් පිටත් වෙද්දිම කට්ටිය කන්න බොන්න සෙට් උනා. සැන්විචස්ද ෆිශ් බන් ද කඩලද මුරුක්කුද කාකා වටපිට බල බලා යද්දි  වව්නියාව පහුවුනා දන්නෙම නැතුව. 


…එතනින් පස්සෙ තමා දෙපැත්තෙ ටිකක් කැලේ වගේ තියෙන්නෙ. ස්ටේශන් එහෙමත් අලුත් ඒවා. 

මේන්න මේ වගේ
කට්ටිය ඉතින් මතක හිටින්ඩත් එක්ක නවත්තන තැන් වලදි පින්තූර ගන්නව හෝන් එක ගහනකොටම ආය නගිනව. ඔහොම ගිහින් ගිහින් අන්තිමේදි මාන්කුලමත් පහුකරල ගියා.

මාන්කුලම් ස්ටේසම  
මාන්කුලම් ස්ටේසමෙන් පස්සෙ මුරකණ්ඩිය ස්ටේසම.

මුරකණ්ඩිය ස්ටේසම.
මෙතනදි අර උඩ පින්තූරෙ ඉන්න මුරුවට නියම වැඩක් උනා.

කෝච්චිය  නවත්තන පාරට බැහැ බැහැ හැම ස්ටේසමෙන්ම පින්තූර අරගන්න පුරුදු වෙලා, මේකෙනුත් බැහැල පින්තූර අරගන ඉද්දි හෝන් එක ගහනකොට නැගගන්න බැරි වෙලා අන්තිමේදි බස් එකෙ තමා කිලිනොච්චි ටවුමට ඇවිත් තිබුනේ. :) 
 
කිලිනොච්චි ස්ටේසම

කිලිනොච්චි ස්ටෙසමෙන් බැහැල, ආය යන කෝච්චිය පිටත් වෙන්න තව ටික වෙලාවක් තියන නිසා ටවුමෙ පොඩ්ඩක් ඇවිදින්න කියලත් ගියා. 


කිලිනොච්චිය නගරයේ පිහිටල තියන රණවිරු ස්මාරකය

නත්තල් වලට ලොකු නත්තල ගහකුත් හදල තිබ්බ පිට්ටනියෙ
ගව ලෙනකුත් තිබ්බ

වැඩිදුර ඇවිදින්නෙ නැතුව ඉක්මනට එන්න ආව පොඩි අයට ගොඩක් දුර පයින් යන්නත් බැරි නිසා,අපි පොඩි කලෙක්ශන් එකක් දාල එයාලට වතුර බෝතල් ටිකකුත් අරන් දුන්න.උදේ 11.15 වෙද්දි කිලිනොච්චියෙන් පිටත් උනා. 2 විතර වෙද්දි ගෙදර :)


23 comments:

  1. පට්ට ලස්සන පැත්තකනේ.තාම යන්න බැරි උන එකට දුකයි....

    නිවාඩු පාඩු වෙලාවක ගොඩවැදිලා යන්න එන්න...
    www.amila-psx.blogspot.com

    ReplyDelete
    Replies
    1. අහ් තාම ගිහින් නැද්ද මේ මම්ගිය 3 වෙනිපාර
      …හාකෝ ඇවිත් යන්න එන්නම්

      Delete
    2. තුන් පාරක් කිලිනොච්චි ගියාද ? මම දන්නේ නෑ නේ..

      - දන්න කියන මලයෙක් -

      Delete
    3. ඇයි ඔයාට කියලද යන්න ඔනි හූ :)

      Delete
  2. ළඟදි මගේ යාලුවො කට්ටියකුත් ඔය පැත්තෙ ගිහින් ඇවිත් විස්තර කියනකොට යන්න ආස හිතුනා. ඒත් යන්න විදිහක් තමයි නැත්තෙ :(

    ReplyDelete
    Replies
    1. අයුයො කට්ටිය සෙට් කරන් ගිහින් එන්න ඒ පැත්තත් බලන්න වටිනව

      Delete
  3. ශා මරු ගමනක්... මටත් යන්ඩ ආස හිතුනා !
    ඒක නෙමේ, කවුද අප්පේ අර හිනා වෙවී ඉන්න කෙල්ල ?
    මම දැන් තව එක්කෙනෙක්ව දන්නවා... ඒ තමා මුරු !

    අයෑම් මුරු.. අයම් ෆ්‍රොම් නයිජීරියා !

    ReplyDelete
    Replies
    1. ඔයත් යන්නෙ කෝච්චි ට්‍රිප් එහෙම .කෙල්ල? ඒ ආන්ටි කෙනෙක් හලෝ ඇස් පේන්නෙ නැද්ද .ඔය අර මල්ලි එක්ක පින්තූරෙට ඉන්න කෙනා ගැනනෙ කියන්නෙ?
      …මුරු ඒ මල්ලිගෙ කොන්ඩෙ ගොඩක් කර්ල් ඒ නිසා අපි මුරු කියල කියන්නෙ

      Delete
    2. ඔවු ඔවු ඔවු..
      මම දන්නවෝ.. මට රෝසි අක්කා කියලා තියෙනවා.. හයේ පන්තියේ ඉංග්‍රීසි පොතේ ඉන්න මුරු !
      ආන්ටි නෙමේ... නැන්දා. !

      නැන්දා කෙනෙක් උනත් මාර ලස්සනයි නෙහ්.. මේ එයාගේ ළමයා වෙන්ඩ ඇති. :)

      Delete
    3. නෑ නෑ මේ අක්ක කෙනෙක් අර මුරුව පින්තුරෙකට ඉන්ඩ කීවම හිටිය බබා වෙන යලුවෙක්ගෙ

      Delete
  4. අපුරු අත්දැකිමක්

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩක් විනෝද උනා අපි

      Delete
  5. නියම ගමන නේ.. ලේසියි.. ජය වේවා. දැනුවත් කිරීමට ස්තුතියි ආ පොටෝ ටිකත් වටිනවා..

    ReplyDelete
  6. අර බබාත් එක්ක ඉන්නේ ඔයාද නදී ? ඒ ඔයාගේ බබා ද ?

    ReplyDelete
    Replies
    1. මමද නොවේ මගෙ බබාද නොවේ

      Delete
  7. issarata wada oya lassana wela nadeeka

    ReplyDelete
    Replies
    1. කොහෙන්ද මාව දැක්කෙ ? :O

      Delete
  8. හැමදාමත්හිතන් ඉන්නවා යනවා කියලා ,අනුරාධපුර ස්ටෙශන් එකෙන් කොළඹ එනවා ,යන්න ඕනි මේ එන අවුරුදු නිවාඩුවට ,මාර ලස්සනයි ,,,,අනිවා යනවා ,,,,,,,,,

    ReplyDelete
    Replies
    1. ඔයත් අනුරාදපුරේ කෙනෙක්යැ?

      Delete
  9. බ්ලා මං පූනෑවෙන් ආවට පස්සෙ යන්න හම්බුනේ නෑ... මං හිතන්නෙ ආයෙ කොයි වෙලේ හරි ඇදල දායි මං හිතන්නෙ.. පදිංචි වෙන්නම පුළුවං වෙයි

    ReplyDelete
    Replies
    1. ඔයා පූනෑවේ හිටියද?

      Delete
  10. කිලිනොච්චි එක පාරක් ගියා.එත් වැඩක් වුණේ නැහැ රෑ ගිහින් රැම අවා.මේක දැක්කම ආයෙමත් වාතවක් යන්න හිතයි.

    ReplyDelete
    Replies
    1. එහෙම වැඩක් නෑ ටිකක් ඇවිදලා බලන්ඩ යන්ඩ

      Delete