Tuesday, January 21, 2014

කොහොමද දුව | How's your Daughter ?


 

හෙලොව්....
…හලො! මම් මේ කතා කරන්නෙ අරවල් තැනින්....ඔයාල අර අහවල් පත්තරේ දාල් තිබ්බ ම0ගල දැන්වීමට...

…ආ...

ඉතින් මේ වෙද්දි කෙනෙක්ව යෝජනා වෙලාද?... කොහොමද දන්නෙ නෑ...

…ආහ්... නෑ... තාම හොයනවා ඉතින්.... ඉක්මනට කරන්න පුලුවන් දේවල් නෙමේ නේ....

…හි....හි... ඒක ඇත්ත....මිස් මම මේ  කතා කරේ අපේ පුතාටත් කෙනෙක් හොයනව, එයා වැඩ කරන්නෙ අර ******  කොම්පැණියේ.
… 
ආ..හ්ම්ම්ම් ... 

මමයි පුතයි විතරයි ඉන්නෙ. මහත්තය ලගදි අන්ත්‍රා උනා... හාර්ට් ඇටෑක් එකක් හැදිලා. ඉතින් අෙප් තියන හැමදේම පුතාට තමයි. එයා  රස්සාව කරන ගමන් අර අරවල් කැම්පස් එකේ එම්. එස්. සී. එකත් කරනව, ඉතින් ගොඩක් මහන්සි වෙනව... කෙනෙක් හොයාගන්න කීවට වෙලාවක් නෑ... කිය කිය ඉන්නව හි..හිහ්...

 ආ.. මේ ෙද්වල් වලට කල් අැරලත් බෑ ඉතින් නේද?.  වයස ආවම පිලිවෙලක් කරන්න එපැයි. අපෙ ගෙදර මමයි, මහත්තයයි, දුවයි, පුතා වැඩිමල්... එයා  බැදල වෙනම ඉන්නෙ, මහත්තයයි මමයි රිටයර්ඩ්. දැන් ඉතින් මේ දුවගේ වැඩේ තමයි තියෙන්නෙ.  අෙප් දුව වැඩ කරන්ෙන අහවල් තැන.

 ආ මම් එතන දන්නව, එතකොට මිස් කොහෙද වැඩ කරේ....

…අපි දෙන්නම ටීචින් නේ,මම් මේ අහවල් ඉස්කෝලේ,මහත්තය නම් වැඩ කරේ අන්තිමට පලාත් අධ්‍යාපන කාර්යාලයේ...

…ආ... මමත් ටීචින් තමයි. මම් කරේ 9 -11 සි0හල.... අන්තිමට වැඩ කරේ **** ඉස්කෝලේ....

…අහ් එහෙනම් අපෙ මහත්තයල එහෙමත් දන්නව ඇති. එයත් සි0හල තමා ඉගැන්නුවේ ....

… ආ..එහෙමද? මොකද්ද මිස් මහත්තයගෙ නම?...

…**** *********

…අහ්..මම් දන්නවනේ.මිස් දන්නවද දන්නෙ නෑ මම් නාලිනී..
. මහත්තය දන්නවා...

හම්.... නාලිනී ******* ද?

ඔව්. ඔව්..! 

…හා...මට මහත්තය කියල තියනව ඔයා ගැන.... තාම වැඩද ?


ඔව්, තව අවුරුද්දක් තියනව පෙන්ශන් ගන්න.

…ඉතින් දුව කොහොමද? අපේ පුතා නම් උසයි, කෙට්ටුයි... ටිකක් විතර පාටයි...

…අපේ දුව ඉතින් අපි දෙන්න වගේ තමයි, හිහිහ්...

…එහෙනම් මිස් මම් පස්සෙ වෙලාවක කෝල් එකක් දෙන්නම්. පුතාටත් කතා කරල.

…ආහ්..හා. ඒක හොදයි....හරි ඒෙහනම් ෙබාෙහාම ස්තූතියි කතා කරාට.
**************************************************************

කොහෙන්ද?...

…ඔයාගෙ පරණ යාලුවෙක්.... ගොඩක් කල් ඉදන් අදුරනවත් කිව්වෙ.

…කවුද?

…නාලිනී කියල කෙනෙක් .

…නාලිනි ???...

හිහි... …හ්ම්ම්ම්.... නාලිනී ******* …!

29 comments:

  1. එන පොට සුබ වෙයි වාගේ.. ඉවසපන් පපුව ඉවසපන්...

    ReplyDelete
  2. හෙලෝ...ඔයාලා අහවල් පත්තරේ මංගල දැන්වීමක් දැම්මද ? ඒ ගැන කතා කරන්නයි මම ගත්තේ.. අපි ඉන්නේ ...

    එක්කෝ එතනින් එහාට්ට ඕන නෑ.
    හික්ස් :)

    ReplyDelete
    Replies
    1. එතනින් එහාට ඔනේ නැත්තම් කමක් නෑ

      Delete
  3. හි හි .. එහෙමත් උනා එහෙනම් නේද ...

    ReplyDelete
    Replies
    1. අපෙ අප්පෝ උනා නේන්නම්

      Delete
  4. ඉස්සර මේ විස්ත්‍ර හුවමාරු වෙන්නේ ලියුම් වලින්.

    ReplyDelete
  5. මංගල දැන්වීම වලට ටැලිපෝන් නම්බර දාන්න බැහැ නේද?

    ReplyDelete
    Replies
    1. පුලුවන් ලෑන් ෆෝන් විතරක්

      Delete
  6. එතකොට එහෙමයි ආස නේද හාකො හාකො... හි හි...
    හැබෑට කෝ බං අය්යණ්ඩි ඕකෙ ඉතුරු ටික

    ReplyDelete
    Replies
    1. මම් අය්ය කෙනෙක් ද බොල ගර‍්රර‍්රර්

      Delete
    2. ගොඩක් අය මට අය්ය හෝ මල්ලි කියනව ඇයි ඒ ?

      Delete
    3. ඇයි මෝඩියේ "න" යන්න දාපුවහම ගෑනුද පිරිමිද කියලා හොයන්නේ කොහොමද ?

      Delete
    4. අහ් ඒකත් ඇත්ත සොරි හොදේ

      Delete
  7. මට නම් හිතා ගන්න පුළුවන්. කතාව මෙතනින් ඉවර යි නේද?

    ReplyDelete
  8. අපේ තාත්තාගෙ යහළුවෙකුත් මේ වගේ පත්තරේ දැන්වීම දාලා මනමාලියො සොයනවලු එයාගෙ පුතාට, කතන්දර අයියලැයි කාලෙ ඕවා ලියුම් වලින් හුවමාරු වෙච්චි විස්තර උනාට දැන් කෙලින්ම අහනවලු ඔයලගෙ දුව/ පුතා ෆේස් බුක් ඉන්නවද? මොකක්ද ඒකේ අයි. ඩී එක කියලා. ඊට පස්සෙ ෆේස් බුක් එකෙන්ම බලලා තීරණය කරනවලු මනමාලි බලන්න යනවද නැද්ද කියන එකත්, අර අපේ තාත්තගෙ යහළුවා කියනවා " මේ ෆේස් බුක් වසංගතේ හින්දා අපේ කොල්ලට නං බැඳගන්න බැරිවෙයි කියලා "

    ReplyDelete
    Replies
    1. හෙහෙ දැන් එහෙම තමා අක්ක තාක්ශනේ දියුණු උනාම ඒවලින් වැඩ ගන්ඩ එපැයි .

      Delete
  9. ape gedara ayath mangala danvim dala ape akkata anthimata gedra land line ekath galawanna una... apo mara anayakne.. ehinda yaluwela badhalla... un ahana prashnawalata uththara denna tape recorder ekak thiyaganna ona nathnam.. apo.. man kathakarama manamalidath ahapi.. hik hik..

    ReplyDelete
    Replies
    1. ආහ් එහෙමද, කන් කරච්චලෙ ට්‍රීන් ට්‍රීඉන් ගාන්ඩ අති එහෙනම් නිතරම ,රෙකෝඩින් එකක් දන්න තිබ්බෙ හිහි

      Delete
  10. Replies
    1. පොඩි ඔයත් දාල බලන්ඩ :)

      Delete
  11. ඔය බදින්නද යන්නේ න ?

    ReplyDelete
  12. එහෙනම් මේ ටිකේ ගෙදරට සෑහෙන්න කෝල් එනවා ඇති නේ..

    ReplyDelete
  13. apo danweem walin badinna baya nadda ada kale inna eun loke hodan kapu eun. (kollo,kello 2ma.) badala dawasak 2k yaddiy therenne.enisa ashraya karala badapalla. Ane manda.mage adahasa nam ehemai.

    ReplyDelete