Sunday, January 19, 2014

වගා ළිං බැද ගැනීම | Help for Commercial Farming

වගා ලිදක් බැදීමට සකස් කරමින්
මේ දවස් වල අනුරාධපුර දිස්ත්‍රික්කයේ  වානිජ ගොවිපල වැඩසටහන නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි, වානිජ වශයෙන් බෝග වගා කරන අයට අතහිතදිමක් වශයෙන් තමයි මේ ව්‍යාපෘතිය දියත් කරල තියෙන්නෙ.

මේ ව්‍යාපෘතිය මගින් වානිජ වශයෙන් බෝග වගා කරන අයට ඕන වෙන  වගා ලි0 කපා ගන්න වගේම බැදගන්නත්, අවශ්‍ය අයට බීජ /පලතුරු පැල වර්ග ලබා දීම වගේම තාක්ශණික උපදෙසුත් ලබා දෙනව.

බඩ ඉරිගු/ ලොකු ලූණු… /කුරක්කන් බීජ නිශ්පාදනය කරන අය වෙනුවෙන් ඒ බීජ වියලා ගන්න  කමත් සකස් කරන්නත් උදව් දෙනව. මේ හැමදේටම යන වියදම් වලින් 50% ප්‍රමාණයක් රජය විසින් දරනවා.


කෘෂිකර්ම අමාත්‍යා0ශයෙන් දියත් කරලා තියන මේ  වැඩසටහන වඩාත් ප්‍රතිඵලදායක වැඩසටහනක් වෙයි කියල තමයි ගොඩක්දෙනාගේ අදහස.

පස් අයින් කරන්න අට්ටාලයකුත් හදලා
මේ කන්නයෙ වර්ෂාව අඩු තත්වයත් එක්ක අතිරේක ආහාර භෝග වලට ප්‍රමුඛතාවය දෙන්න කියල තමයි ගොවියන්ට උපදෙස් දිල තියෙන්නෙ,මොකද වී නිශ්පාදනය  අතිරික්තයක් එන මට්ටමට ඇවිත් තියනව කියල කියනවනේ.

ටිකක් අවදානම්
ඒක නිසා මු0ඇට, බී ලූණු, තල, රටකජු, සෝයා, උදු  වගේ භෝග වලට ගොවිජනතාව නැඹුරු කීරීමක් විදියට මේ වැඩසටහන වැදගත් වෙයි කියල හිතෙනව.

වගා ලි0 සකස් කර ගන්න මේෙකන් උදව්වක් ෙවන නිසා වතුර ප්‍රශ්නෙට විසදුමක්  ලැබෙනව.ඒ කියන්ෙන අතරමැදි කන්නයක් පහසුවෙන් වගා කරන්න පුලුවන් වතුර ගැටලුවක් නැතුව.මේ වගේ ගොඩාක් වගා ලි0 තියනව දිස්ත්‍රීක්කය පුරාම.

තවත් එකක්

11 comments:

  1. මේ වගේ දෙයක් රජයෙන් කරන එක ඒ මිනිස්සුන්ට ගොවිතැන් කටයුතු වලට ගොඩක් උදව් වෙයි. මේ ඔයා ගියපු සයිට් විසිට් එකක් වෙන්ඩ ඕනා... :)

    ReplyDelete
  2. පුලු පුලු වං විදියට ඔහොම උදව් කරනව නං මං හිතන්නෙ අපේ ඇත්තන්ට රටිං මොනාත් දේවල් ගේන්න ඕන නැතිවෙයි

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකටනේ මෙච්චර මේ මහන්සි වෙන්නේ අහින්සක මිනිස්සුන්ට පුලු පුලුවන් විදියට උදව් කරන්න ,ගොවිතැන් කරන අය ගොඩක් මහන්සි වෙනව මේවට

      Delete
  3. කොහොමහරි අහිංසක ගොවි මහත්වරුන්ගෙ අතමිට සරු වෙනවනම් අපිට සතුටුයි..

    ReplyDelete
    Replies
    1. ඔව් එකනෙ වෙන්න ඕනේ

      Delete
  4. වතුර වෙනුවෙන් විඳින දුක දැනෙනවා....

    ReplyDelete
    Replies
    1. ඉඩම් තියනව වැස්ස නැති උනොත් වැව් වල වතුර නෑ ඉතින් කොහොමද් වගා කරන්නෙ වගා ලිදක් වත් කපා ගත්තෙ නත්තම්

      Delete
  5. මේ වගා ලිංවලට අලි වැටෙන කතාවක් තියෙනවා නේද? ඒ ගැන මොනවද දන්නේ නදී?

    ReplyDelete
    Replies
    1. ඒකනේ අලි ටික විජහට මරලා දාන්න හදන්නේ

      Delete
    2. මෙහෙ නම් අලි නෑ "කොටි " ප්‍රශ්න වලට බය නම් තිබ්බ, ලග පාතක අලි 2න්නෙක් ඉන්නව කියල අල්ලන්න කියලලු තියෙන්නෙ දැන්

      Delete