Saturday, January 11, 2014

මිරිස් වගාකිරීමේ ව්‍යාපෘතිය | Chilly Project 2014



ලංකාවෙ මනුස්සයෙක්ගෙ වාර්ෂික රතු මිරිස් අවශ්‍යතාව කිලෝග්‍රෑම් 2.3ක් විතර වෙනවලු.

ඊට අමතරව අමු මිරිසුත් සෑහෙන ප්‍රමාණයක් අපිට කැවෙනවා. 

අම්මෝ! හිතාගන්න පුලුවන්නේ එතකොට කොච්චර මිරිස් කනවද කියල අපි.

රටේ මිරිස් අවශ්‍යතාවට සරිලන නිශ්පාදනයක් අපේ රටේ වෙන්නේ නැති නිසා විශාල ප්‍රමාණයක් මිරිස්  රටට ආනයනයත් කරනව. 

ඒකට එක විසදුමක් විදියට මිරිස් වගාව ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් අනුරාධපුර දිස්ත්‍රීක්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරල තියනව කෘෂිකර්ම අමාත්‍යාංශයෙන්. 


ඒක නම් කරල තියෙන්නෙ අනුරාධපුර දිස්ත්‍රීක්කයේ තරුණ කෘෂි ව්‍යවසායකත්ව මෙහෙයුම - විශේෂ බදුන් මිරිස් වගාකිරීමේ ව්‍යාපෘතිය කියල. 

 එක ගොවි මහත්තයෙකුට/මහත්මියකට පොලිතින් බදුන් (අර කිලො 5 හාල් උර ප්‍රමාණයේ ඒවා ) 250ක් වගේම ඒවට සරිලන විදියට කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවෙ නිර්දේශිත මිරිස් බීජ නොමිලේම ලබාදෙන්නත් නියමිතයි.

…අවුරුදු 40ට වඩා අඩු පුද්ගලයන්ව තමා මේකට සම්බන්ද කරගන්නෙ,
කෘෂිකර්මට තරුණ දායකත්වය ලබාගැනීමේ වැඩපිලිවලක් විදියටත් මේ වැඩසටහන වැදගත්  වෙයි කියල හිතනව.

මොකද දැන් ගොඩක් තරුණ අය මඩ ගාගන්න එහෙම වැඩි කැමැත්තක් නෑ.... නේ... 

පොලිතින් බදුන් වල හිටෙව්වම එකෙන් මඩ ගෑවීමත් අවම වෙනව වගේම මිරිස් වලට ලෙඩ රෝග බෝවීමත් අවම වෙනව.

ලේසියෙන් පහසුවෙන් අඩු ඉඩ ප්‍රමාණයක වගා කරන්නත් පුලුවන්.

රසායනික පොහොර භාවිතය අවම කරල කොම්පෝස්ට් යොදාගන මේක කරන්න තමා අපිට උපදෙස් ලැබුනේ...

…නගර සීමාවේ අඩු ඉඩ ප්‍රමාණයක් තියන අයත් මේ විදියට පොලිතින් බදුන් වල මිරිස් වගා කරන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නව.


පුහුණු වැඩසටහනකුත් තියනව, කොම්පෝස්ට් හදාගන්න තැන ඉදන් පොලිතින් බදුන් පුරවන හැටි... අපිට දෙන මිරිස් ඇට තවාන් දාන හැටි... පැල හිටවන හැටි... හිටෙව්වට පස්සෙ පැල රැකබලාගන්න විධිය... ඔක්කොම කියල දෙනව. 


කොම්පෝස්ට් හදලා අලෙවි කරන තැන් ගොඩක් තියන නිසා ඒකත් ලේසියි. කොම්පෝස්ට් හද හද ඉන්න ඕනේ නෑනේ...ගියා ගත්තා....

මමත් ගොඩක් ආසාවෙන් මේ වැඩසටහනට සම්බන්ද උනා. පැල හදන්න වගේම මඩ අනන්නත් ආසා නිසා වගේම නොමිලේ දෙන දෙයින් වැඩක් ගන්නත් පුලුවන් නිසා :).  

ඊයෙ ඔෆිස් ගිහින් එන ගමන්ම තවාන් තැටි, කොම්පෝස්ට් පොහොර, කොහුබත් එහෙමත් අරන් ආව.

මට දැන් ඕනෙ ඉක්මනට මිරිස් ඇට තවන් දාල පැල එනව බලන්න!

…කොහෙද පුහුණු වැඩසටහන 16 නෙ තියෙන්නෙ එතකන් ඉවසලා ඉන්න වෙනව. ලොකු වැඩක් නිසා තාකෂණික දැනුම, උපදෙස්...එකතු කරගනම වැඩ පටන් ගන්න එක කොකටත් හොදයි නේ.


27 comments:

  1. මං දැක්ක මහවැලි කලාපයක් ආශ්‍රිතව ගෙවතු වගාවක් විදියට ඒක දියුණු කරල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. මෙහෙත් එහෙම තමා කරන්න හදන්නෙ පොලිතින් බදුන් නිසා අඩු ඉඩක හදන්න පුලුවන් ලෙඩත් අඩුයි.

      Delete
  2. ඇත්තටම ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම පුලුවන් අමු මිරිස්වලින් නම් ස්වයංපෝෂිත වෙන්න.

    ReplyDelete
    Replies
    1. එත් ල0කාව තාම මිරිස් වලින් ස්වය0පෝශිත නෑ කියලනෙ ඔය කියන්නෙ.

      Delete
  3. අපේ තරුණ ගෙවිලියකුත් මිරිස් පැළ ඉන්දුවා කියලා තමා අපිට ආරංචිය ආවේ.
    මාත් අහලා බලන්ඩ ඕනා අපටත් මිරිස් පැළ දෙයි ද කියලා..

    "ප්‍රංශ ප්‍රයිස්" තුන් තේරවිල්ලක්... තෝරමුද බලන්ඩ ? :)

    ReplyDelete
    Replies
    1. පැරිස් මිල..
      මිරිස් පැල..
      හාහාහාහා.....:ඩි

      Delete
    2. ඔය තෝරල තියෙන්නෙ හොදට, මෙහෙමයි මල්ලි දැනට මේ මිරිස් ප්‍රොජෙක්ට් එක කරන්නෙ අනුරාධපුරේ අයට.:) ඔයාටත් ඔනෙ නම් මම් අර කිව්ව තැනින් අහල බලන්න.

      Delete
    3. මගෙ නම් මාරම ආසාවක් තියනව හතු වවන්න..කවද හරි ලන්කාවට ආවම පටන් ගන්න ආසයි

      Delete
    4. ඔවු අහලා බලන්ඩෝන... !!
      තේරවිල්ල තෝරලා තියෙනවා හරි.. :)

      Delete
  4. ඉතා හොද දෙයක් පුහුණුවෙන් පසු ඒ පුහුණු වේ ලද දැනුමත් මෙසේ බෙදන්න හැකිනම් ඉතාම අගෙයි. කරුණාකර මට මේලක් දාන්න වැදගත් කරුණකට.

    ReplyDelete
    Replies
    1. බලමුකෝ නේද 16 නෙ පුහුණුව තියෙන්නෙ

      …කොයි ඔයාගෙ ඊමේල් ?

      Delete
  5. නදී......මේක හොඳ වැඩක්නේ.....මම ඉන්න රටට අමුමිරිස් ගෙන්නන්නේ වැඩි වශයෙන් අප්‍රිකානු රටවල් වලින්. යුරෝපය වුනාට ආසියානුවන් ඉන්න නිසා පාරිභෝජනය ඉහලයි. මම කාලයක් විශාල එලවළු මාකට් එකක වැඩ කරා. අමුමිරිස් පෙට්ටි අස්සේ තවත් දේවලුත් ආපු බව දැකලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකනෙ මෙහෙටත් ගොඩක් මිරිස් පිටින් ගෙන්නනවලුනේ අපිත් හදල බලමුකො.ඔයලත් පැලයක් දෙකක් හදාගන්ඩකො ඉතින් ගෙදර පරිබෝජනේට විතරක් වත් . මොනවද බොලෙ තව දේවල් ආව කියන්නෙ

      Delete
    2. ගංජා හෂීස් වගේ ඒවා. මිරිස් වලින් එන අධික උනුසුමත් සැර සුවඳත් නිසා මේවා ඇහැ ගැටෙන්න නැතුව ඇති.

      Delete
    3. අපේ අප්පෝ එහෙමද ඉතින් ඔයාල මොනවද කරේ ඒවට ? :O

      Delete
    4. ඒවා ලොකු ලොකු මුදලාලිලාගේ ලොකු ලොකු වැඩ. දැක්කා නොදැක්කා සේ හිටියා. වෙනම මතෘකාවක් නදී ඒක.

      Delete
    5. හ්ම්ම් දැක්කෙ නැතැ මෙහෙ දැන් කෙරෙන දෙවල් කන්ටේනර් පිටින් නෙ එන්නෙ

      Delete
  6. මටත් එලවළු හිටවන්න ආසයි. ඒත් කෝ ඉතින් තට්ටු ගෙවල් වල ඉන්න අපිට එහෙම චාන්ස් එකක්. බැල්කනියේ නම් මගේ ඔය එක එක රසකාරක වර්ග හිටවලා තියෙනවා.
    මගේ එක්ස්ගේ වත්තේ මම මේ පාර නිවාඩුවට ගියා. එහේ ගොවිපලක් හදලා ඒකේ මිරිස් හා වැටකොලු, නිවිති, අවර(බෝංචි වර්ගයක්) කන්කුන්, මෑ, ගොටු කොළ, බන්ඩක්කා වගේ ගොඩාක් එළවළු හදලා තියෙනවා දැකලා මටත් ලංකාවේ ඉන්න හිතුනා. එයා ඒවා හදලා තිබුනේ ඕගනික් විදියට. මම ඉතින් භාගයක්ම කඩාගෙන ආවා. කනවටත් වඩා එහෙම එළවළු කඩන්න මම හරිම ආසයි. මගේ ජිවිතේ මට ඕන නිදහස කියලා මම හිතන්නෙ ආන්න එහෙම එළවළු පාත්තියක් වවාගෙන නිදහස් වටපිටාවක ජීවත් වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. මමත් ගොඩක් ආසයි එලවලු හදන්න.වගේම පල නෙලන්නත් :)

      Delete
  7. ඔන්න අපේ අම්මත් හිටවනවා ඉදගෙන :)

    ReplyDelete
    Replies
    1. ඉතින් පුතත් ටිකක් ගිහින් උදව් උනා නම් මොකද

      Delete
  8. ෂා... මාත් දානවා තවානක් ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. රතු මිරිස් නම් හැබැයි මෙහේ වුනත් කිසිම අවුලක් නැතුව හිටවන්න පුළුවන්... අපෙත් ඔය බැල්කනියේ තියෙන්නේ ගහක්..

    ReplyDelete
  10. ලංකාවේ දැන් වැඩියෙන්ම වවන්නෙ දෙමුහුන් බිජ ,එවා මට නම් වැඩක් නෑ ,සැර නෑ ලස්සනට හොදයි ,රජයේ මැදිහත් විමෙන් Mi 2ප්‍රභේදය දුන්නා මට මතකයි එත් එවා ලත් තැනම ලොප් උනා ,බිජ කොලිටි නෑ මම හිතන්නෙ .ගෙදර හදපු දෙයක් ඒ වෙලාවෙම නෙලාගෙන උයලා කන එක තරම් තවත් නෑ ..ම්ම්ම්ම්ම්ම් රස ...

    ReplyDelete