Tuesday, January 28, 2014

අනාථ අලි පැටියෙක් | Baby Elephant an Orphan

ඉව කරනවා... අම්ම ආවද කියල බලනව වෙන්ඩ ඇති
අපේ ඔෆිස් එකට අල්ලපු වැටේ තියෙන්නෙ වනජීවී ස0රක්ෂණ දෙපාර්තුමේන්තුවේ කාර්යාලයක්. ඒකට සති දෙකක් විතර වයස අලි පැටියෙක් ගෙනල්ලා. 

රැලෙන් මිදිලා කැලේට දාල හිටිය හරක් රැලක් එක්ක \ඇවිත් තියෙන්නෙ.මෙයා ගෑණු සතෙක්. තුවාල වෙලා තිබ්බෙ පිටිපස්සෙ කකුල් දෙකට. තුවාල වලට හේතුව බල්ලන් සපාකෑමලු. ඔලුවත් ටිකක් හීරිලා තිබ්බා. 

කවුද ...අම්මද
කලින් මෙයා කූඩුවෙන් එලියට දාල හිටියෙ.අපි බලන්ඩ එද්දි ආයම කූඩුවට දාලා.ඒ කිරි බොන වෙලාව පහුවෙලා නිසා වෙන්න ඕනේ.දවසකට පැය 2කට සැරයක් ලැක්ටෝජන් දෙනව කියල තමයි කීවෙ.

පොඩි බබාලත් එනව මෙයා බලන්න

බලන්න එන අය මෙයාව අල්ලන්න හදනව ඒත් එහෙම නොකරනව නම් හොදයි කියල එතන බලාගන්න ඉන්න කෙනා කීවෙ.

බෙහෙත් දාල තීයෙන්නෙ

මේ තියෙන්නෙ තුවාල... පව් :(

පස්සගාත් දෙකට තමා හානි වෙලා තියෙන්නෙ බල්ලො කාලා... පේනව නේද දත් පාරවල්. ඒක නිසා ඇවිදින්න ටිකක් අමාරුයි වගේ මෙයාට... එක කකුලක් අද්ද අද්ද තමා යන්නෙ ටිකක් ඉදිමිලත් තිබ්බා.

හිටගන නිදි,
මේ0 හොදටම නිදිමත ඇවිල්ල, නිදිමත කොච්චරද කියනව නම් හිටගනම නිදි. උදේට ඇහැරවන්නත් ඕනෙලු නැත්තම් හොදටම නිදියනවලු ගොඩක් වෙලා යනකම්.

මෙයා නිදි නිසා අපි කරදර කරන්නෙ නැතුව එන්න ආවා. තුවාල හොද වෙනකම් මෙයා මෙහෙ මාසයක් විතර තියාගන්නවලු. පස්සෙ උඩවලව ඇත් අතුරු සෙවණට  යවල කැලේට පුරුදු කරනව කියල තමයි කීවෙ.

18 comments:

  1. මෙයාව කැලේට පුරුදු කරයිද නැත්නම්, සෆාරි යන්නයි, පෙරහැරේ යන්නයි පුරුදු කරයිද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. රූප සුන්දරියෝ පිට උඩ තියාගෙන යන්ඩ පුරුදු කරයිද මන්දා :(

      Delete
    2. නෑ නෑ එහෙම කරන එකක් නෑ කැලේට යනවයි හොද උනාම

      Delete
  2. බෙහේත් කරන එකනම් ලොකු දෙයක් ඒ අතින් වන ජිවීඑක අගයන්න ඔනේ

    ReplyDelete
    Replies
    1. ඔව් බෙහෙත් කරල තිබ්බ ඇයි පැය 2න් 2ට කිරි දෙන්නත් එපැයි

      Delete
  3. බෙහේත් කරන එකනම් ලොකු දෙයක් ඒ අතින් වන ජිවීඑක අගයන්න ඔනේ

    ReplyDelete
  4. නදී අනුරාධපුරේද...?පොතනේගම එහෙම දන්නවාද...?

    ReplyDelete
  5. පවු ඒ අලි පැටියා. ඔය අලිපැටියව ටීවි එකෙනුත් පෙන්නුවයි කියලා අපේ අම්මා කිව්වා.
    තවත් කවුද කිව්වා ඔය අලි පැටියා එයාගේ අම්මත්තෙක්ක ෆොටෝ ගැහැව්වයි කියලා. ඒත් ඒ කතාව කිව්වේ කවුද කියලා මතක නෑ.. :)

    ReplyDelete
    Replies
    1. ඔව් පවු තමා ඉතින් හ්ම්ම් පෙන්නුවලු.

      Delete
  6. ඇතතම කියන්න ඕන ඇත්අතුරු සෙවණ සංකල්පෙ හොදයි ඒත් ක්‍රියාත්මක වෙන ආකාරය තමා අවුල්... එතනට ගියපු අය දැකල ඇති.. ඇත්තටම පව් හිතෙනව

    ReplyDelete
    Replies
    1. එහෙමද මම් ගිහින් නෑ ඒක බලන්ඩ

      Delete
  7. අනේ පව්..කැලේටම ය්වුවෝත් හොදයි ,ඔහොමම වෙන මොනවට හරි හිල කරගන්න තියා නොගෙන ,,

    ReplyDelete
    Replies
    1. ඔව් නේද කැලේට දානව කියලතමා කිව්වේ

      Delete
  8. අලි පැට්ටෙක් උනත් අම්ම නැති උනහම කොච්චර අසරණද, එක අතකට ඒ සතා පිං කරලා තියෙනවාම් නැතනම් ඔහොම සැළකිල්ලක් වත් ලැබේය?

    ReplyDelete
    Replies
    1. අම්මට මේ වගෙ පොඩි එකෙක් මග ඇරුන කියල හිතන්න වත් බෑ.මේ පැටිය හරක් පට්ටියක් එක්ක ඇවිත් තියෙන්නෙ මදැයි ඔහොම වත් ඉන්න ලැබුනා නේද ?

      Delete
  9. පන්සලක, බංගලාවක හුරතලෙක් නොවී යහතින් ගම් බිම් බලායන්න ලැබුනොත් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. එහෙම කරන එකක් නෑ කියල හිතමු නේද දැන් හොදයි තුවාල එහෙම .තාම මෙහෙ ඉන්නෙ. තව එ වගෙම පැටියෙකුත්ගෙනල්ල හිටිය .

      Delete