අනුරාධපුරේ අභයගිරියට ආසන්නගේ වැඩවසන සමාධි බුද්ධ පුතිමා වහන්සේගෙන් නිරූපණය කරනු ලබන්නේ බුදුරජාණන් වහන්සේ සමාධි සුවයෙන් වැඩ සිටින ආකාරයයි.
බුදුහාමුදුරුවන් වහන්සේගේ මහා කරුණා ගුණය මේ පිළිමය තුලින් ඉස්මතුවෙනව කියලත් කියනව.මේ පිළිමය කළාත්මක අතින් ඉතා ඉහලයි.අනිත් බුදු පිළිම එක්ක සසදන කොට වඩා ශාන්ත බවකුත් දකින්ඩ ලැබෙනව.
හිඳි පිලිමයක් වන සමාධි බුදු පිළිමය වම් පාදයට උඩින් දකුණු පාදය තබා ගෙන සිටින ආකරය පෙන්නුම් කරනව.එය "වීරාසනය" ලෙසත් වම් අත මත දකුණු අත තබා සිටින ආකාරය "ධ්‍යාන" මුද්‍රාව ලෙසත් හඳුන්වනව.
ප්‍රථිමාවට පිටුපාල පින්තූර අරගන්න එපා කියල බෝඩ් එකකුත් තිබුන |
අභයගිරියට පෙනෙන මානයේ තමයි අද වෙනකොට මේ පිළිමය තියෙන්නෙ.පිළිමයේ උස අඩි හතකටත් වඩා වැඩියි කියලයි කියන්නෙ.අඩි හතයි අගල් තුනක් විතර වෙනවලු.පපුව ,උදරය මත තියන තුවාල නිධන් හොරුන් විනාශ කරන ලද ඒවා බව සදහන්.
මේ පිළිමයේ නහය කැඩී විනාශ වෙලා ගිහින් තමයි තිබිල තියෙන්නෙ.මේ පිළිමය හම්බ වෙනකොට බිමට පතිත වෙච්ච පිළිමයක් විදියටලු තිබුනේ.ඒ නිසා පිළිමයේ නහය විනාශවෙලා වෙන්න පුලුවන්.අලුතින් හදපු නහය පිළිමයට ගැලපෙන්නෙ නෑ කියල තමයි ගොඩක් දෙනා කියන්නෙ.
මෙන්න අභය ගිරිය සමාධිපිළිමය ලගට පේන හැටි |
මරු පින්තූර ටික !!!
ReplyDeleteමේ පෝස්ට් එක වින්ධ්‍යා අක්කා දන්නවා නම් නදී අක්කට ඉන්ඩ ලැබෙන්නේ නෑ. හික්ස් :)
නදී අක්කමද දන්නේ නෑ මෙහෙම ඉන්ඩ කියලා පින්තූරේ ගත්තේ. හික්ස් :)
පින්තූර ගත්තෙ නම් මම් තමයි ඒකනේ මම් පේන්ඩ නැත්තේ. :)
Deleteසමාධි පිළිම වහන්සෙගෙ වගේම අනුරාධපුරයෙ හුඟක් තැන්වල සිත නිවන ගුණයක් තියෙනවා. පිළිමවලට පිටුපා පින්තූර ගන්නට එපායයි කියලා ඇත්තෙ අගෞරව වෙන විදිහට ගන්න නිසා මම හිතන්නෙ. ඔය වගෙ පිළිම තියෙන තැන්වල කොහොමවත් ඒ පිළිමෙ සුන්දරත්වය පෙනෙන විදිහට පින්තූරයක් ගන්නට අමාරුයිනෙ, වටෙන් හදලා තියෙන කොන්ක්‍රීට් සහ කම්බි කූරු ආදියත්, පිළිමෙ උඩ පටවලා තියෙන පාපිසි හින්දත්.
ReplyDeleteකොහෙන් පින්තූරයක් ගත්තත් කොන්ක්‍රීට් කෑල්ලක් වයර් කෑල්ලක් අහුවෙනව :/
Deleteලස්සන පෝස්‍ටුව..!
ReplyDelete"ඒ මුද්‍රාව "වීරාසන" මුද්‍රාව ලෙසත් වම් අත මත දකුණු අත තබා සිටින ආකාරය "සමාධි"මුද්‍රාව ලෙසත් හඳුන්වනව"
ReplyDeleteමෙතන පොඩි සංශෝධනයක් වෙන්න ඕනේ වීරාසනය කියන්නේ මුද්‍රාවක් නෙමේ. මුද්‍රාව කියලා අදහස් කරන්නේ පිළිමයේ දෑත් පිහිටලා තියෙන ආකාරය.
සමාධි පිළිමයේ දෑත් පිහිටලා තියෙන ආකාරය අනුව ඒ මුද්‍රාව හඳුන්වන්නේ "ධ්‍යාන" මුද්‍රාව නමින්. පිළිමයේ පාද තබාගෙන තිබෙන ආකාරය තමා ආසනය කියලා හඳුන්වන්නේ. සමාධි පිළිමයේ ආසන ක්‍රමය තමා වීරාසනය.
ඒ හැරෙන්න පිළිමයක බලන තවත් දෙයක් තමා ඉරියව්ව. සමාධි පිළිමයේ ඉරියව්ව තමා හිඳින ඉරියව්ව. අනෙක් එක තමා කලා සම්ප්‍රදාය. සමාධි පිළිමයේ කලා සම්ප්‍රදාය "මථුරා" සම්ප්‍රදාය.
" මේ පිළිමයේ නහය කැඩී විනාශ වෙලා ගිහින් තමයි තිබිල තියෙන්නෙ.මේ පිළිමය හම්බ වෙනකොට බිමට පතිත වෙච්ච පිළිමයක් විදියටලු තිබුනේ.ඒ නිසා පිළිමයේ නහය විනාශවෙලා වෙන්න පුලුවන්.අලුතින් හදපු නහය පිළිමයට ගැලපෙන්නෙ නෑ කියල තමයි ගොඩක් දෙනා කියන්නෙ"
මට මතක විදිහට නම් සමාධි ප්‍රතිමාවේ නව නාසය නිර්මාණය කරන්නේ දක්ෂ බුදු පිළිම නිර්මාණකරුවෙක් වුණු මාපලගම විපුලසාර හිමියන්
ස්තූතියි නිවරදි කිරීමට.නොදත් දේවල් ගොඩක් දැනගත්තා.
Deleteහරි අගනා පෝස්ටුවක් යාළු! :)
ReplyDeleteස්තූතියි
Deleteමේ දවස් වල නදී පින් අතේ වැඩමයි කරන්නෙ නේ?
ReplyDeletehenryblogwalker the Dude
එව්වත් කෙරෙන්ඩ එපැයිනේ :)
Deleteසමාධි ප්‍රතිමය අපේ ඉතිහාසේ නිර්මාන වල ගොඩක් වැදගත් තැනක් ගන්න නිර්මානයක්..
ReplyDeleteඔව්.කොච්චර ශාන්ත ගතියක් තියනවද බලන්න.
Deleteඅපිත් ඔය පැත්තෙ යන්න හිතාගෙන ඉන්නෙ අගෝස්තුවේ.යන්නද එන්නද?ඔයා අනුරාධපුර පැත්තෙ නේද?
ReplyDeleteහැමදාම වගේ හසිත මල්ලි කමෙන්ට් එකෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි. :)
අඩේ මෙහෙ එනවද එන්න එන්න.අපිවත් බලන්න එන්න:)
Deleteපුරාන ගල්වඩුවගේ දක්ෂතාවේ ගැන නම් කියල වැඩක් නෑ. හැඟීමක් දැනීමක් නැති කළු ගලකට ජීවමාන ස්වරුපයක් එක්කරන්න තරම් ගල්වඩුවගේ ඉවසීම කොච්චර දුයුණු වෙන්න ඕනෙද. එක වැරදි මිටි පහරකින් මුළු පිලිමේම විනාශ වෙන්නත් පුළුවන්නේ..
ReplyDeleteපින්තුරේට පිටු පාල ෆොටෝ ගන්න එපා කිව්වට මේ ෆොටෝ ගහලනේ අප්පා. පොඩි දෙයක් දැන ගන්න තියනවා පුලුවන්නම් මට මේල් එකක් දානවද අක්කේ cpethum@gmail.com
පිළිමයට පස්ස හරවලා නෑ පැත්තෙන් ඉදන් පින්තූර අරන් තියෙන්නෙ.මම් ඔයාට මේල්ලුවක් දැම්මා මල්ලි.
Deleteoya pilimaya devanama piya tiss rajjuroowo kale hadapu ekak. passe thama othanata genath thiyenne
ReplyDelete@ රන්සකු
Deleteඔබේ කතාව හරි. දෙවනපෑතිස් සමයේ කරවපු බුදු පිළිමයක් ජෙට්ඨතිස්ස රජතුමා ථූපාරාමයේ ඉදන් පාචීන තිස්ස පබ්බතාරාමයට වැඩම කරවපු බව මහාවංසයේ සඳහන් වෙනවා. ඒ වගේමයි මහාවංසයේ තවත් තැන්වල සහ සෙල්ලිපිවලත් කියවෙන "උරුසිලා පටිමා, මහා සිලා පටිමා, සිලා සම්බුද්ධ, සිලාමය මුනින්ද" වගේ නම්වලිනුත් කියවෙන්නේ සමාධි පිළිමයමයි කියලා නිගමනය කරනවා
@ රන්සකු
Deleteඔබේ කතාව හරි. දෙවනපෑතිස් සමයේ කරවපු බුදු පිළිමයක් ජෙට්ඨතිස්ස රජතුමා ථූපාරාමයේ ඉදන් පාචීන තිස්ස පබ්බතාරාමයට වැඩම කරවපු බව මහාවංසයේ සඳහන් වෙනවා. ඒ වගේමයි මහාවංසයේ තවත් තැන්වල සහ සෙල්ලිපිවලත් කියවෙන "උරුසිලා පටිමා, මහා සිලා පටිමා, සිලා සම්බුද්ධ, සිලාමය මුනින්ද" වගේ නම්වලිනුත් කියවෙන්නේ සමාධි පිළිමයමයි කියලා නිගමනය කරනවා
බොහොම ස්තූතියි මල්ලි අපි නොදන්න ගොඩක් දේවල් ඔයාගෙ කොමෙන්ටුවලින් දැනගන්නව.
Deletehttp://sirilakasarisara.blogspot.com/2014/06/toluvila-buddha-statue-masterpiece-of.html
ReplyDelete