Wednesday, July 20, 2011

මේක වෙනස්නේ | Sir...Two papers are different?


මේ කතාව අපේ Maple ලැබ් සෙශන් එකක වෙච්ච දෙයක්,ඒ දවස් වල අපි 2වෙනි අවුරුද්දේ ඉගන ගන්නව.අපිට උගන්නන්න හිටියේ, අපිත් එක්ක ඉගන ගත්ත පිරිමි ලමයි ගොඩකටත් වඩා පොඩිම පොඩි සර් කෙනෙක්.

එයා වැඩිය කතා බහක් නෑ.විශේෂයෙන් ගෑණු ලමයි එක්ක.ආවා ඉගැන්නුව ගියා.වැඩිය හිනාවීම් නෑ.පාඩුවේ තමන්ගේ වැඩ ටික කරලා යනවා.

එයාට ඒ හැටි වයසක් තිබ්බෙත් නෑ.ලමයින්ට වඩා අවුරුදු 4ක් විතර වැඩිමල් ඇති සමහර විට.මේ වෙද්දි නම් එයා උසස් අධ‍‍ය්‍යාපන කටයුතුවලට රටින් පිට ගිහින්.

 ඔන්න කතාව කෙටියෙන්ම කියන්නම්කෝ.මේක උනේ මගේ හොදම යාලුවෙකුට,එයා ගෑණු ලමයෙක්.සහතිකෙන්ම කියනව මේ මම එහෙම නෙමේ.

ඒ දවස් වල තියරි ඉවර කරල ලැබ් සෙශන් එහෙමත් කරලා,ආවා මිඩ් සෙමෙස්ට්ටර් එක්සෑම් කාලේ.මිඩ් එකට සෑහෙන ලකුණු ප්‍රමාණයක් ලැබෙන නිසා කට්ටිය හොද සූදානමකිනුත් හිටියා.

තිබ්බෙ ප්‍රශ්ණ කීපයක් පැය 1 1/2කින් කරලා ඉවර කරන්න.ඔන්න ලමයි ටික ඇඩ්මිශන් නම්බර්ස් පිලිවෙලට වාඩි වෙලා ඉන්නව.

සර් වෙලාව බල බලා ඉන්නව පේපර් ටිකත් අතේ තියන්.ලමයි මැශින්ස් එහෙමත් ඔන් කරන්. Maple open කරගන ඉන්නවා.

ඔන්න සර් පේපර් බෙදාගන බෙදාගන යනව.පෙපර් අතට ගත්ත අය වැඩ හෝ ගාලා,කෝක කරන්නත් පැය 1 1/2 නේ තියෙන්නෙ.

ඔහොම බෙදද්දි අර යාලුවටත් පේපර් එක ලැබිලා, හදන්න කලින් පොඩ්ඩක් කියෙව්වලු.

හ්ම්...එකපාරක් කියෙව්වා මුල්ම ගණන...ඒත් හරි හැටි මීට‍ර් උනේ  නෑලු කරන්න කියල තියන දේ.(මඤ්ඤං)

එහා පැත්තේ ඉන්න කෙනාගේ පේපර් එකට පොඩි ඇහැක් දැම්මලු.

ඈ...සර්ට වැරදිලාවත් ද?මට දීල තියෙන්නෙ වෙන පේපර් එකක් නේ....

ඔහ්...අනිත් පැත්තෙ එකාටත් එහෙමයි...උන් දෙන්නටම එකම පේපර්...

මගෙ එක විතරක් වෙනස්!... 

බැරිම තැන ඉස්සිලා බැලුවලු ඉස්සරහ එකාට මොකද්ද දීල තියෙන්නෙ කියල.

ශික්!...පේන්නෙ නැනේ.කතා කරල අහන්නත් බෑ.විභාගයක් නේ.

ඒ අස්සෙ සර්ට පෙනිලා එකෙක් ඇඹරෙනවා එහෙට මෙහෙට.බැරිම තැන ආවලු ඒ පේලිය දිගේ ලමයි ලියන ඒවා බලාගන.


 මේ යාලුවත් සර් එයා ලගට එනකම් ඉදලා, එහා පැත්තෙ එක්කෙනාව පෙන්නලා කිව්වලු,

Sir...Two papers r different!...කියලා.

සර් තරහ මූඩ් එකකින් කියාගන ගියාලු

Don't look at others කියලා.

ඕනේ දෙයක් වෙච්චදෙන් කියල මෙයා දැන් මැශින් එකේ වැඩලු.

එක පාරටම වැඩ කර කර හිටපු වින්ඩො එකද කොහෙද මිනිමයිස් වෙලා.තිබ්බ විදියට එන්නෙ නැලු කොච්චර කරත්.ඒ අස්සෙ සෑහෙන වින්ඩෝ ගානක් ඕපන් වේගන වේගන යනවලු.

බයවෙලා දාඩියත් දාගන එනවලු.ඇයි වෙලාවත් ඉවර වෙන්න යනවනේ.

බැරිම තැන අත ඉස්සුවලු.

සර් බලන් ඉදල ඉක්මනින් ලගට ඇවිල්ලා. 

Yes!... කියල ඇහුවලු.

මේකා එකපාරටම කිව්වලු සර් මේ...මේක චූටි උනානේ...කියලා.සර් දන්න වැඩ ටික දාලා ඒක හදලා දීලා ගිහින්.

පස්සෙ ටික දවසක් යනකන් දැක්ක තැනක, ඒ ලමය එක්ක සර් හිනා වෙනවලු.

ප.ලි: අපේ අයගෙ හැටි දන්න නිසා, සර්  එකම වාගේ ප්‍රශ්න තියන පේපර්ස් සෙට් දෙකක් හදලා ප්‍රශ්ණ වල නම්බර්ස් එහෙම මාරු කරලා තමයි දීලා තියෙන්නෙ, කියල පස්සෙ තමා දැන ගත්තේ.ඒවත් බෙදලා තියෙන්නෙ එක්කෙනෙක් ඇර එක්කෙනෙක් වෙන විදියට.එතකොට ලග ඉන්න දෙන්නෙක්ට එකම පේපර් ලැබෙන්නෙ නෑනේ.


50 comments:

  1. අපිට පේපර් එක දුන්නම ආයි ඔලුව වත් උස්සන්නේ නෑ වැඩේ ඉවර වෙනකම්.. ඔයාලා නෝටී නේ.. ලඟ ඉන්න අයගේ පේපර් එකත් බලනවා..

    ReplyDelete
  2. මට නම් ඔහොම මැශින් එකේ කරන්න ඕන විභාග කරන්නම බෑ. ඔලුව කස කස ඉදලා ඔහේ මොනවහරි කුරුටු ගාන විභාග තමයි මට හරියන්නේ. අපි ඔය විදිහට C ප්‍රෝග්‍රැමින් කලා. :)

    තමන්ගේ නොවෙන කතාවක් දැම්මමද කොහෙද මේ :)

    ReplyDelete
  3. හික්ස් අයියෝ ඔහොම වින්ඩෝස් ගොඩක් ඇවිත් දවසක් මගෙත් මොලේ මඤ්ඤං වුණා.කොහොම වුනත් අක්කලාගෙ කට්ටිය ගැන සර්ට මාර විශ්වාසයක් තිබිල තියෙනව වගේ

    ReplyDelete
  4. සර්ලත් හරි වැරදීයි.. ඕහොම ළමයි අමාරුවේ දානවද?

    මං පොතක් කියෙව්වා.. ඒක ලියලා තියෙන්නෙ අපේ තාත්තාගේ යාලුවෙක්.. එයා ඒ පොතේ කියලා තියෙනවා.. ගුරු ජීවිතයෙදි ළමයින්ට බැන්නාට කොපි කරනවා කියලා.. එයාලත් කොච්චර නම් කොපි කලාද කියලා කැම්පස් එකේදි හා ගුරු අභ්‍යාස විද්‍යාලයෙදි... :D

    ReplyDelete
  5. සර් ළමයි ටික ගැන දැනගෙන තමයි ඉඳලා තියෙන්නේ නේද..?

    ReplyDelete
  6. අනේ අපිනම් අනොන්‍ය සහජීවනයෙන්නෙ වැඩ කරන්නෙ.අපිනම එහෙමයි...

    ReplyDelete
  7. @Bunny :
    බනියා මල්ලි කට ඇරහන්කෝ රුපියල් පහක් කටේ දාන්න. අපිත් කැම්පස් ආවට පස්සේ කලේම කොපි කරපු එකනේ. මේකට අපි කියන්නේ වන්ටු ගහනවා කියලා !!!!!

    ReplyDelete
  8. එල post එකක්..නියමයි...

    ReplyDelete
  9. හරි හරි මේක අක්කට නෙමෙයි වුනේ..........

    ReplyDelete
  10. අපිටත් බරපතල විදියටම විභාග වලින් අන්නන සර් කෙනෙක්ගෙ Management Science පේපර් එකක් තිබ්බ.. ඒ පේපර් එක පැය 3කට තියා පැය 20කටවත් හදන්න බැහැ. අන්තිම විනාඩි 10 දැක්කෙ මගෙ පේපර් එකේ අනිවාර්‍යය ප්‍රශ්නෙ තියෙන පිටුවක ඇතුල් පිටුව ප්‍රින්ට් වෙලා නැහැ. මම ඒ ප්‍රශ්නෙන් කරල තියෙන්නෙ එතකොටත් භාගයයි. මොනව කරන්නද මන් සර්ට කිව්ව.."තමුසෙ පේපර් එක ගත්ත ගමන්ම බැලුවෙ නැද්ද ඕයි" කියල මහා හයියීන් කෑගහල ඇහුව.. "අමුනනව ප්‍රශ්න පත්තරෙ උත්තර පත්තරේටම" බැච් එකෙන්ම තිබුනු බී ග්‍රේඩ් 15න් එකක් මට..

    ReplyDelete
  11. අපෝ මට ඔහොම සීන් අනන්තවත් වෙලා තියෙනවා ලිනක්ස් එකෙ වැඩකරද්දි.අපිට නම් කොහොමත් වෙනස් වෙනස් පේපර් හම්බෙන්නෙ

    ReplyDelete
  12. කෝ ඉතින් සර් ළමයින්ට සහජීවනයෙන් වැඩ කරන්න දීලම නැහැ නේ.. ;)

    ReplyDelete
  13. පුන්චි සර් ගෙ පුන්චි මොලේ.

    ReplyDelete
  14. ඒ අපිට මේපල් ඉගැන්නුවෙ නැනෙ අප්පා...හොඳ වෙලාවට එක්කො..හිකිස්...

    ReplyDelete
  15. කොහොමද සර්ගේ ටිකිරි මොලේ...? මල් හතයි ඈ...

    ReplyDelete
  16. හික්ස්. සර් තමයි සර්... ඔහොම තමයි කරන්න ඕනි කොපි කරන අයට.. :පී
    මේ... ඔයා නෙවේනෙ.. :ඕ

    ReplyDelete
  17. සර්ත් කොල්ල හින්ද හොඳට මතක ඇති තමන් කරපුවා...

    ReplyDelete
  18. අපෙත් එකපාරක් Auto Cad test එකක් තිබුන. එකම paper එක. ඒත් paper එක හදන්න කලින් තමන්ගේ nic no එක දාල පොඩි සමීකරණයක් ලියල අගයන් ටිකක් හොයල ගන්න ඕන. එතන ඉදලා ඉස්සරහට අදින්න තියෙන රවුම් කොටු වගේ ඒවා ඔක්කොම තමන්ට එන අගයන් වලින් අදින්න ඕන.

    ReplyDelete
  19. මරු exam එකක්නෙ . ඔය පොඩි සර් කෙනෙක් කිව්ව නිසා බඩ්ඩක් කියන්නද . . . ඔය කොට , මිටි , චූටි උන් ඉන්නවා නේද . . .? කට්ට , කයිරාටික , වෙට්ට පිත්තල . . . ආයේ ඉතින් කතා දෙකක් නෑ .

    ReplyDelete
  20. @චතුවා (ළමයා)- හානේ මම් නොදන්නව යැ මෙයාලාගේ හැටි හිහ්.

    @මධුරංග- අපිට නම් ගොඩක් ඔහොම මැශින් එකේ කරන්න විභාග තිබ්බනේ.පස්සෙ හුරු උනා,මුලදිනම් අමාරුයි තමා.
    ඈ...මේක නම් මගේ යාලුවෙක්ට උන දෙයක්.අනිත් ඒවත් යාලුවොන්ට තමා.

    @ආඩම්බරකාරී- ඔව් ඔව් අපේ ලමයි හරී හොදයිනේ.ඒකයි එහෙම කරන්න ඇත්තේ.

    ReplyDelete
  21. Gimhani
    ෂුවර් එකට සර් ටිකිරි මාරි කාලා තියනවා

    ReplyDelete
  22. @Bunny- අනේද කියන්නෙ එයාලටත් මෙහෙම කාලයක් තියෙන්න ඇතිනේ :)

    @චතුර.... -ඔව් ඔව් ස‍ර් දන්නව අපි කොයිවගේ අන්ඩපාලයෝද කියලා.

    @සීතල අයියා -ඒවා මොකට කියනවද.

    ReplyDelete
  23. @Chiran- :)

    @පූසා- ඔව් මට නෙමේ.අන්න මල්ලි හරි.

    @Wඑනි-හෙහ් බී එකක් තිබ්බනම් මදෑ.ඔයාලගෙ සර් බැන්නට හොදයි එහෙනම්.ලකුණු දීලා තියනවනේ.

    ReplyDelete
  24. @පිස්සු පුසා-අහ් ඒකනේ.කාගෙන්වත් උදව් ගන්න බෑ එතකොට :)

    @ChammA - විභාග කියන්නෙ සහජීවනයෙන් කරන වැඩනෙමේ නේ.තනියම ට්‍රයි කරන දේවල්.

    @රුකා- අම්මේ මොලේ නම් පුන්චි නෑ.

    ReplyDelete
  25. @පැන්ඩා - අපිට නම් කරා.

    @මගේ කතා- මොලේ තමා මොලේ හෑ.

    @හිම කුමාරි -හ්ම්ම්..සර් හරි.කොපි කරල විභාග ලියනව නම් ඒකෙන් වැඩක් නෑනේ.මම් නෙමේ :)

    ReplyDelete
  26. @තාරක Dilsh@n -හ්ම් එයත් ඔයකාලෙ පහු කරලානේ එන්න ඇත්තේ.:)

    @ඉසුරු-අහ් දවසක් අපිටත් ඔකොම එකක් තිබ්බා.රෙගිශ්ට්‍රේශන් නම්බර් එකේ අවසාන අංක දෙක අරන් හදන්න කියල.

    @සුශාන් ප්‍රියනාත් රත්නායක-:) මිට්ටො කට්ටො කියනවනෙ

    ReplyDelete
  27. @ඝිම්හනි-කොහොමද ටිකිරි මොලේ නේද? :)

    ReplyDelete
  28. ඔය වගේ වෙලාවට තමා චැට් දෙවියන්ගේ උදව් ඕනෙ වෙන්නෙ. එකෙක්ට චැට් කරා උඹට මේකද ආවෙ. දෙතුන් දෙනෙක් එක්ක චැට් කරලා උත්තරේ කන්ෆර්ම් කරගෙන දාන එක තමා තියෙන්නෙ. හැබැයි ඉතින් ලැබ් එකේ නෙට් ඩිසේබල් කරලා නම් පරණ පුරුදු හොර කොප්ප තමා.

    ReplyDelete
  29. @පිණිබිඳු...- මොන පිස්සුද අලෙ.නෙට් කපනවා.:(

    ReplyDelete
  30. අපිනම් කවදාවත් හොරෙන් ලග ඉන්න කෙනාගේ පේපර් එකට එබෙන්නේ නෑ.. පේපර් එකම අදාල ගන්නවා ඇරෙන්න.. හිකි හිකි..

    ReplyDelete
  31. සර් පොඩ්ඩා උනාට කොහොමද...ටිකිරි...මොලේ.

    ReplyDelete
  32. සර්ගෙ මොලේ තමා මොලේ...අපිත් ඉස්සර ඔයවගේ එවා ලියල තියනව....

    ReplyDelete
  33. @ADK කොලුවා- අපූ මෙන්න මෙයාලා.

    @- නිල් අහස - හෙහෙ ටිකිරි මොලේ!

    @කස්සා- එහෙමද?ඒත් ඉතින් විභාගයක් උනාම එහෙම වෙන්න එපැයි නේද?

    ReplyDelete
  34. හෙහ් හෙහ්! ඔය ප්‍රැක්ටිකල් එකක ප්‍රශ්න මාරු කරලා ආවම අපිත් මාර අමාරුවක තමයි වැටෙන්නෙ..

    ReplyDelete
  35. අපටත් එක පාරක් ඔහොම ප්‍රශ්න මාරු කරපු Online Paper එකක් වෙලාවට එ්ක MCQ අපේ කට්ටිය නම් ඔයිට වඩා කට්ට විදිහට copy කරා

    ReplyDelete
  36. නිකමට අහන්නේ, පේපර් වර්ග දෙකක් දීලා, ලකුනු දෙන එක ටිකක් අසාදාරනයි නේද?
    ප්‍රශ්න කෝටියක් තියනවා, අහන්නද?
    online papers කියන්නේ මොනවද? හරියට අර වෙබ් පිටුවක check box ලකුනු කරන්න වගෙ එකද්ද?
    එතනදී කෙලින්ම data analyze කරලම result ලැබෙනවාද?
    ඔයවගෙ ක්‍රමයකට SPSS වගෙ data analysis software එකකින් කෙලින්ම data analyze කරලම ගන්න පුලුවන්ද? (මගෙ research එක පහසුවෙන් කරගන්න පොටක් තමයි හෙව්වේ.)

    ReplyDelete
  37. කතාව කියන්න කලින්ම නදි අක්කා මට උනා කියලා නොදැම්මේ නම්, මටම උන හින්දානේ නේද??? ඇත්ත කියන්න ඔයාට කොයි තරම් මාර්ක්ස් තිබ්බද ඒකට

    ReplyDelete
  38. කැම්පස් ප්‍රොජෙක්ට් කරනවා............! කොමර්ෂල් ඇප්ලිකේශන් හදනවා...........! වෙබ් සයිට් හදනවා...........! ග්‍රැෆික් ඩිසයින් කරනවා...............! නෙට්වර්ක් ගහනවා.............!

    ReplyDelete
  39. @විසිතුරු-හ්ම්.අනිත් එකාගෙන් හදිස්සියකට වත් බලන්න කියලැයි
    නේද?

    @ටී.බී. හේරත්- මොකද්ද? :)

    @Nimapri-හෙහෙ.මේක හදන්න එපැයි MCQ නම් ටිකක් විතර හොර කරන්න පුලුවන් නේ.

    ReplyDelete
  40. @සජිත්- හ්ම්ම්...මෙහෙමයි මල්ලි, පේපර් 2ක් කිව්වට.එකම වගේ සමාන ප්‍රශ්ණ තියෙන්නෙ.ඕනෙ නම් ගානක තියන සමීකරණ,සංඛ‍ය්‍යා පොඩි පොඩි වෙනස් කම් කරලා තියෙන්න් පුළුවන්,සමහර කෙනෙක්ට අසාධාරණයි කියල හිතෙන්නත් පුලුවන්.

    දවසක් ඔහොම එකක් උනා.ලමයි එක එක්කෙනාට වෙන වෙනම ප්‍රශ්න හදලා තියලා රෑන්ඩම්ලි අපිට සිලෙක්ට් කරගන්න උනා ප්‍රශ්ණ.සමහර අයට ලේසී ඒවා.සමහරුන්ට අමාරු ඒවා හම්බුනා.ඒක ඉතින් ලක් එක තමා.

    online papers විදියට අපි නම් කරේ නියමිත කාලෙකදි දීලා තියන ප්‍රශ්ණ වලට උත්තර අර ඔයා කීවා වගේ චෙක් බොක්ස් එකක ලකුනු කරන එක,නිතරම සේව් කර කර යන්න ඕනේ.වෙලාව අවසානේ මාර්ක්ස් ටිකත් ඒ වෙලේම හම්බවෙනව.

    ඔව් ඔව් ඔන් ද ස්පොට් රිසාල්ට් එක දෙනවා:)

    ඩේටා ඇනලිසිස් වලට අපි ස්ටැට් වලට නම් පාවිච්චි කරේ MiniTab කියල සොෆ්ට්වෙයා එකක්.SPSS වලිනුත් පුලුවන්,ඒක වඩා හොදයි.

    මෙන්න මේක ටිකක් බලන්න මිනිටැබ් එක.
    http://www.minitab.com/en-US/default.aspx

    ReplyDelete
  41. @දේවා ගේ අඩවිය- නෑ මේක මට නෙමේ උනේ.මගෙත් ගොඩක් ලකුනු අඩුවට තිබ්බෙ :(

    ReplyDelete
  42. @ටී.බී. හේරත්- ඇහ් ඔයා මගෙ බ්ලොග් එකේ ඇඩ් එකක් දැම්ම නේ?හෙහෙ ලැපිත් උස්සගන ඔහොම පාරේ යන්න තමා වෙන්නෙ තව ටික කාලෙකින්. :))

    ReplyDelete
  43. මේ වගේද...
    http://www.youtube.com/watch?v=3xt3uXA6hqc

    ReplyDelete
  44. @ටී.බී. හේරත්- ඕක පරණ එකක් නේ මම් බලලා තියනව..:)

    ReplyDelete
  45. @ නදී,
    නොව පැරණිය වන රමණිය විටින් විට...

    ReplyDelete
  46. චැහ් ........
    ඒ ලමයට මතක් උනේ නැද්ද පිටි පස්සෙ එකාගෙ එකට ටිකක් ඔලුව දාලා බලන්න ........

    ReplyDelete
  47. @පන්සල් හංදිය- පිටිපස්සෙ හැරෙන්නෙ කොහෙද? විභාගෙනේ.

    ReplyDelete
  48. අපිටත් මිඩ් එකක් තිබ්බා
    කොල්ලො කිටි කිටියේ හිර වෙලා වාඩි වෙලා හිටියේ කොපි කරන්න දත මැදගෙන
    නිකම් හිටියත් අල්ලපු එවුන් හතර දෙනෙක්ගෙ විතර පේපර් පේනවා
    සර් ඇවිත් පේපර් බෙදුවා
    ගණන් වල හිස්තැන් තියෙනවා
    ඒවාට තමන්ගේ ඉන්ඩෙක්ස් නම්බර් එකෙන් කැල්ලක් දාගෙන ගාණ හදන්න ඕන කෝමද වැඩේ :D

    ReplyDelete