Thursday, July 7, 2011

භාෂා ගැටලුව I A problem with the language.


මේකත් කැම්පස් එකේ පළමු වසරේ වෙච්ච සිද්දියක් ඕං. ගිය මුල්ම කාලෙ අපිට තිබ්බෙ Broad General Education නේ.ඒ නිසා ඔක්කොම Departments වල අයට, ගොඩක් එකම සබ්ජෙක්ට්ස් ඉගනගන්න තිබ්බා.

විශේෂයෙන් දෙමළ අයට සිංහල භාෂාවත්,සිංහල අයට දෙමළ භාෂාවත් හදාරන්න උනා.ගොඩක් දෙමළ අයට සිංහල මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ.අපිට දෙමළ බෑ.


ඒ නිසා ගුරුවරු කිව්වෙ කතාකරලම තමා හුරු වෙන්න ඕනෙ කියල.ඒ දවස් වල දෙමළ යාලුවො කතා කරද්දි, අපි ගිහින් කට දිහා බලන් ඉන්නව,කොහෙද එයාලා කතා කරන ස්පීඩ් එකට, එක වචනයක් අල්ලගන්න බෑ.

බස බස ගාල කියවනව.හොද වෙලාවට අපි හිටිය කාමරේට ටැමිල් යාලුවො දෙන්නෙක් වැටුනා.ඒ නිසා ගොඩක් නැතත්,කියන එක ටිකක් තේරුම් ගන්න තරම් හැකියාවක් ආවා.


එයාලත් අපි කතා කරද්දි ලගට ඇවිල්ල,ඒ මොකද්ද කිව්වෙ?... කියල අහනව,අපිත් පුලුවන් කඩ්ඩෙන් කියල දෙනව.ඔය අතරෙදි සමහරු මෙයාලට වෙන වෙන දේවලුත් උගන්නල. ඒ කියන්නෙ හොද තේරුම් ඇති දේවල් කියල, නරක වචන උගන්නලා.පිරිමි ලමයින්ගෙ හැටි!...

එයාලත් එහෙම කරා අපිට, දවසක් සිංහල ගෑණු ලමයෙක්ට කියල, "ඔරු මුත්තම් තාන්ගො" කියන්නෙ "එක උදව්වක් කරන්න" කියන එක කියල.ඒ ලමයා දෙමළ පිරිමි ලමයෙක් ලගට ගිහින් එහෙම කියල තිබ්බ.


ආ....අපේ හිටියා Bio Lecturer කෙනෙක්,එයා ලමයින්ට පොදුවේ කතාකරන්නෙ පුතා කියල.(ex: නිශාදී පුතා,ප්‍රසාද් පුතා,තර්ශන් පුතා.....ඔන්න ඔය විදියට).අපේ Agri එකේ හිටියා උද්දික කියල යාලුවෙක්.අපේ සමහර සිංහල අකුරු හරියට දෙමළ අයට ශබ්ද කරන්න බෑ.එයාලගෙ හෝඩියේ ඒවට අකුරු නෑ.

ඉතින් උද්දික කියන එක එයාලට උච්චාරණය කරන්න බෑ,කියන්නෙ වෙන විදියකට.බොරු නම් දෙමළ යාලුවෙක්ට කියල කියවලා බලන්නකො..ඉස්සර අපේ කට්ටිය දෙමළ අයට කියල "....සර්! උද්දිකට කතා කරන්නෙ කොහොමද?" කියල අහනව.එයාලත් හොදට කට ඇරල කියනව .....පුතා!... කියල.

ඒ උනාට එයලා සිංහල කතා කරන විදිය හරිම අමුතුයි,ආස හිතෙනව අහගන ඉන්න.


තවත් දවසක්  Stat කුප්පියකදි Modulus (මාපාංකය) ගැන කතාවක් ඇදිලා ආව.ඔක්කොම වගේ හිටියෙ සිංහල අය නිසා, දැන් Modulus වෙනුවට මාපාංකය කියවෙනව දිගට හරහට.

මම් ලගම හිටිය මගෙ දෙමළ යාලුවා(එයා Jaffna වල) රමා,.නදී....What's .......ය කියල අහල,කුප්පිය සෑහෙන වෙලාවකට නවත්තන්න උනා.මම් හිනා වෙලා ඉවර වෙනකම්,අනිත් උන් කට ඇරන් බලන් ඉන්නව, මේ මොකද කියල.

ප.ලි: එයා කිව්වෙ මොකද්ද කියල නම් අහන්න එපා.ලියන්න පුලුවන් දෙයක් නම් මම් ලියනවනේ.

26 comments:

  1. අමම ඉගෙන ගන්න තැනත් ඉන්නවා දෙමළ සෙට් එකක්. හැබැයි එයාලට සෑහෙන්න දුරට සිංහල පුළුවන්. හැබැයි අපේ සිංහල එකෙක් දෙමලෙන් සේරම කුණුහබ්බ ටික දන්නවා වෙන මුකුත් දන්නේ නෑ :D

    අර අන්තිම වචනේ නැතුව කතාව වැඩක් නෑ වගේ. හැබැයි මම වචනේ හිතා ගත්තා ඒත් හරිද දන්නේ නෑ :D

    ReplyDelete
  2. හෙහ් හෙහ්! මට හිතාගන්න පුළුවන්!

    ReplyDelete
  3. මම හිතන්නේ මම හිතපු එක හරි වෙන්න ඕන :)

    ReplyDelete
  4. අනේ මන්දා.. අපි ඔය පූසලා වගේ නරක ළමයි නෙවෙයිනේ.. මට නම් අන්තිමට කිව්වේ මොකක්ද කිව්වේ කියලා තේරුනේම නෑ... :D

    ReplyDelete
  5. අපට නම් පලවෙනි අවුරුද්දේ දෙමල උගන්වන්නේ නෑ. අක්කලාට වගේ QE (qualifying Engineering ) සබ්ජෙක්ට් තියෙනවා කට්ටිය ඔක්කොම එකට විභාගේ කරන්නේ.

    යාලුවා කියපු පලවෙනි එක නම් හිතා ගන්න පුලුවන්. දෙවෙනි එක නම් තාම හිතාගන්න බෑ. මම හිතපු එක හරිද දන්නේ නෑ. අහන්නත් බෑනේ. :(

    දෙමල එවුන් මගේ නම කියනකොට තමා අහන් ඉන්න බැරි. උන් මට කියන්නේ 'ජින්දක' කියලා. නම එහෙන් පිටින්ම විකෘති කරලා !!!!

    ReplyDelete
  6. අපිටත් ඔහොමම තමයි ඉතාලි ඇවිත් ඉතාලි බාසාව ඉගෙන ගනිද්දී.. තාමත් වරදින් තැන් තියෙනවා..

    ReplyDelete
  7. හිනා කාලා මැරෙනවා.. මැවිලා පේනවා කට්ටිය කොහොම කියනන ඇද්ද කිය්ලා

    ReplyDelete
  8. ආ මේ ඒක තමයි අක්ෂර group එකේ මෙයාට මේදවස්වල දෙමළ බඩ යන්නෙ. =))

    ReplyDelete
  9. ඩ්‍රවිඩ භාෂාවෙ 'ද' අකුරක් නෑ නෙ. ඒ වෙනුවට භාවිතා කරන්නෙ 'ත(த)' අකුර. එතකොට ඉතින් අර නමට වෙන දේ පැහැදිළියි නෙ. දෙවැනි සිද්ධියේ නම් තියෙන්නෙ උච්චාරනයෙ දෝෂයක් නේද?.
    අපෙත් හිටිය දෙමළ හාදයෙක්, දවසක් අපි කතාකර කර ඉද්දි පරවියො කීපදෙනෙක් ඇවිත් ලඟින් වැහුව. මං ඉතින් නිකමට වගේ අර හාදයගෙන් ඇහුව පරවියට මොකක්ද මචන් දෙමලෙන් කියන්නෙ කියල. මූ කියාපි "You know that ladies underwear" කියල, මං බැලුව මොකක්ද මූ මේ කියන අන්ඩර දෙමළෙ කියල... පස්සෙ තමා වැඩේ තේරුනෙ...

    ReplyDelete
  10. අන්තිම වචනේ හිතාගත්ත ඇහැකි :D :D

    හැබැයි මට නම් මේ ටික කාලෙට හම්බ වුන දෙමළ / මුස්ලිම් යාලුවෝ ඔක්කොම මාර හොදයි..අපරාදේ කියන්න බැහැ යන්තම් නම , ගම එහෙම දැන් නම් දෙමළෙන් කියාගන්න පුළුවන්

    ReplyDelete
  11. කෙනෙක්ගෙන් කෙනෙක්ට ඇතිවන භාශාමය අර්බුද හේතුවෙන් මැවෙන කතා නම් මෙතැකැයි කියලා ලියලා ඉවර කරන්න බැරුව ඇති නෙවෙද . . .:) මරු . . .:D

    ReplyDelete
  12. පලවෙනි එක නම් මීටර්..දෙවෙනි එකට හිතපු එක හරිද දන්නෑ...


    අපිත් හොඳම දෙමළ ටිකක් ගොඩදාගත්ත L1 trip එක යද්දි..ඕනම දෙමළ දන්න කෙනෙක්ව බය කරල තියාගන්න ඒ ටික ඇති... අහන්න නම් එපා මොනවද කියල..ලියන්න පුලුවන් දෙයක් නම් මම් ලියනවනේ.

    ReplyDelete
  13. ඔබ හරි වාසනාවන්තයි ඔයා විදිහට දමිල අයත් එක්ක එකට ඉගෙනගන්න එතකොට බාසාව හදාරන්න. අපිට ඔයා වාසනාව තිබුනේ නැහැ. අපේ රටේ ඔයා වැඩේ 1950 ගණන්වල පටන් ගත්ත නම කවදාවත් යුද්දයකට යන්න වෙන්නේ නැහැ..මගේ හොඳම මිත්‍රය දමිල.. අපේ පොදු බාසාව ඉංග්‍රීසි. එයට සිංහල තේරෙනවා මට දෙමල තේරෙන්නේ නැහැ. මොන තරම ලජ්ජා වියයුතු දෙයක්ද ?

    ReplyDelete
  14. මම නම් දන්නා එකම දෙමල වචනේ "කල්ල වෙට්ටු මා" කියන එක විතරයි. ඕක කියල දුන්නෙත් අපේ දෙමල ජොන්ටෙක්. මම උට සිංහලෙන් "Good Morning" කියල කියන්නේ "අවජාතකය" කියල ඉගැන්නුවා. මු ඔය ටොපිය කාල මට උගන්නුව ඔය උද තියන පේලියෙන් කියන්නේ "මම ඔයාට ආදරෙයි" කියන එකට කියල. මම ඕක අපේ දෙමල යාලු කෙල්ලෙක්ට කියල උන දේ වචන ටිකේ තේරුම දන්නා හෙනෙක්ට අමුතුවෙන් කියන්න ඕනේ නෑ මම හිතන්නේ...

    ReplyDelete
  15. කොහොම උනත් දැන් දෙමළ, ඉංග්‍රීසි කියන බාසා දෙකම ඉස්සරහට අනිවාර්යය වෙනවා .........

    "ඔරු මුත්තම් තාන්ගො" කියන්නෙ ......

    ReplyDelete
  16. භාෂාව දන්න අය කොහොමත්..නොදන්න අයට..වැඩ දානවනේ..!!

    ReplyDelete
  17. @පූසා- වැඩේ කියන්නෙ මල්ලි එයාලට අන්තිමේ සිංහල හොදට පුලුවන් අපිට බෑ.

    @විසිතුරු- එහෙනම් හරි.

    @මගේ කතා - හරිනම් හරි

    ReplyDelete
  18. @පුතා - වචන පැටලිල්ලක් වෙලා තිබ්බෙ.ඒ වෙලාවෙ නම් මටත් හිනා ගියා,නවත්තගන්න බැරුවම.

    @මධුරංග- හහා ජින්දක!.

    @ඪිනෙශ්-ඒක හරි වරද වරද හරි එයාලා අන්තිමට ඉගන ගන්නව.

    ReplyDelete
  19. @sameerausa හෙහෙ.බලන්න තිබ්බ ඔයත් හිටිය නම් ඒ වෙලාවෙ.

    @සීතල අයියා- අපො මට එච්චර දෙමළ බෑ.දන්න ටිකක් කිව්ව ඉතින්.

    @ටී.බී. හේරත්- ඔව් දෙවනි එකේ තියෙන්නෙ උච්චාරණ ගැටලුවක් තමා.

    ReplyDelete
  20. @ChammA- ආහ් එහෙනම් මම් කියන්න ඕනෙ නැනේ.හ්ම් මටත් හොද යාලුවො කීපදෙනෙක්ම ඉන්නව.

    @සුශාන් ප්‍රියනාත් රත්නායක- හ්ම්...අපිත් කොච්චර වැරදියට එයාලගෙ වචන කියනව ඇද්ද?ඒවට එයාලත් හිනාවේනව ඇති.

    @හපා- හහා එහෙනම් කමක් නෑ.ඒ වචන හරි දන්නවනෙ.

    ReplyDelete
  21. @සරත් ලංකාප්‍රිය-ඇත්ත අය්ය,මමත් කැම්පස් ගියාම තමා දෙමළ මුස්ලිම් යාලුවො ආශ්‍රයට වැටුනේ.එයාලත් අපි වගේම තමා.සිංහල බැරුව හිටිය හොඩක් අය සිංහල ඉගන ගත්තෙ ආවට පස්සෙ.දැන් නම් ඉස්කෝල වල උගන්නනව මම් හිතන්නේ.

    @ADK කොලුවා-හෙහෙ ගුටි කෑවද?ඔයා.

    @තටු සිඳුනු සමනළියක්....-:)

    ReplyDelete
  22. @පන්සල් හංදිය- ඔව් ඉගන ගන්න එක හොදා.ඉස්කෝලවලත් උගන්නනව මම් හිතන්නෙ.ඔයා ඒක දන්නෙත් නැද්ද?:)

    ReplyDelete
  23. @- නිල් අහස - ඒක හරි

    ReplyDelete
  24. මාත් ගොඩාක් අහුවෙලා තියෙනවා මේ නොදන්න දෙමල කතා කරන්න ගිහින්. ඇත්තටම හරි ආසයි ඉගනගන්න. දැන්නම් පාසල්වල උගන්වනවා. එවගේම රජයේ ආයතන වලත්
    උගන්වනවා.

    ReplyDelete
  25. @Gimhani- මටත් පොඩ්ඩම පොඩ්ඩයි පුලුවන්.ආසයි ඉගන ගන්න.

    ReplyDelete