Saturday, July 30, 2011

අනේ මගෙ මාලේ!... | I lost my necklace


කාලේකට ඉස්සර මාල වලලු දාගන අත කර පුරවගන යන එක කාන්තා පාශ්වයට විතරක්  වෙන්වෙච්ච සිරිතක්ව තිබ්බ.ඒත් කාලය ගතවෙනවත් එක්ක දැන් දැන් පිරිමි අයත් නොයෙකුත් කනකර විලාසිතා කරනව.

මේ පෝස‍්ට් එක ලියන්න හිතුනේ මේ විලාසිතා ගැන නම් නෙමේ.ඒව නිසා වෙන අකරතැබ්බ ගැන කියන්න.

අපි ලස්සනට ඉන්න ඕනෙ තමයි ,ඒ වගේම ඒ වෙනුවෙන් විවිද ආභරණ විලාසිතා වලින් හැඩ වෙන්නත් ගොඩක් අය කැමතියි.ඒත්...

ඔය දේවල් නිසාම විවිද අකරතැබ්බ වලටත් මූණපාන අය ඉන්නව.විශේෂයෙන් රන් ආභරණ වගේ වටිනා කියන ආභරණ පැලදීම නිසා.

මේ ලගදී දවසක අපේ ගෙදර පාර ඉස්සරහිනුත් පොඩි බබෙක් එක්ක ගිය අම්ම කෙනෙක්ගෙ මාලයක් කඩාගන ගිහින් තිබ්බා,ඒ එයා ගෙදර ඉදන් ගේ ලග කඩේට යන ගමන්.

ඒක පෙන්ඩන්ට් එකක් එක්ක තිබ්බ මාලයක්,සෑහෙන ගානක් වෙනව කියල තමා කිව්වෙ.

පාරේ යන ගමන් ඉස්සරහින් ආව මෝටර්සයිකලයක නැගලා ආව දෙන්නෙක් තමයි මාලේ කඩාගන ගිහින් තිබ්බෙ,කෑගහන සද්දෙට අපි ගිහින් බලද්දි වැඩේ වෙලා ඉවරයි.

බෙල්ලත් තුවාල වෙලා.පොඩි එකත් හොදටම බයවෙලා වෙච්ච දේට.

ඔය සිද්දිය වෙලා සතියක්වත් නැ,මම් කලින් පෝස්ට් එකක් ලිව්වනේ ප්‍රේමයෙන් උමතුවිය හැකිද? කියල,එයාගෙ මාලයත් මෙහෙම කඩාගන ගිහින් තිබ්බා.

කට්ටිය නම් කිව්වෙ එයාට කොච්චරවත් කිව්ව ඔය මාලයක් දාගන ඉන්න එපා කියල,කෝ ඇහුවද අපරාදේ මාලේ, ලොකු පෙන්ඩන්ට් එකකුත් තිබ්බ කියල.

දන්න විදියට මේ වෙනකම්  ඒ මාලේත් හම්බවෙලා නම් නෑ.පොලිසියේ "ඇන්ට්‍රියක්" එහෙමත් දාලා කියලයි ආරංචි.

පොසොන් ඒකට කලින් දවසෙත් ඔය වගේම සිද්දියක් උනානේ,වැඩ ඇරිලා යන මගෙ යාලුවෙකුට.

අර විදියටම මෝටර්සයිකලේක ඇවිත් ඒකෙන් බිමට බැහැලා මාලෙ කඩාගන ගෑණුලමයව කාණුවටත් තල්ලු කරලා දාල ගිහින් තිබ්බ.

ඒක වෙලා තිබ්බෙත් පොඩි කඩයක් එහෙම තියන හතරමංහංදියක,කොහොමද හොරුන්ගෙ බය නැතිකම!...

එයාගෙත් බෙල්ල හීරිලා මාලෙ ඇද්ද පාරට,හොදටම බයවෙලත් තිබ්බා.

එයානම් කිව්වෙ ඒක ඉමිටේශන් මාලයක් කියල.

ඔයවගේම දෙයක් වෙලා පස්සෙ දවසක ඉමිටේශන් මාලෙ මූනට දමලාගහල ගිය සිද්දියකුත් ආරංචිඋනා කියල යාලුවෙක් කිව්වා.

මෙහෙම බලද්දි කන්වල තියන කරාම්බු කපාගන යන දවසත් වැඩි ඈතක නෙමේ කියල මට නම් හිතෙන්නෙ.

වෙඩින් එකකට වගේ ලස්සනට සැරසිලා යන්න ඕනේ අත‍ය්‍යවශ්‍ය කාරණේකට ඇර, එදිනෙදා ගමන් වලට වටිනා කියන  ආභරණ දාගන යන එකෙන් මේ විදියේ අකරතැබ්බ ඇතිවෙන්න පුලුවන්.

සමහරු පොළට එන්නෙත් ගෙදර තියන සියලු ආභරණ වලින් සැරසිලා.වැරෑද්දකුත් කියන්න බෑ ඒ එයාලගෙ කැමැත්තනේ.

අනික කාගෙන් තහනමක් ද තමන්ගේ දේ ඇදගන පැලදගන යන්න.

ඒත් ගොඩක් අය දැන් එදිනෙදා පාවිච්චියට රත්තරන් වගේ වටින කියන දේවල් දානව අඩුයි.ඒ වෙනුවට ඕන තරන් ආදේශකත් තියනවනේ.

දාන අයට කියන්න තියෙන්නෙ ඉතින් අර කවුද කිව්ව වගේ තමන්ගේ ආරක්ශාව තමන්ම බලාගන්න ඕනේ නිසා පරිස්සම් වෙන්න කියල තමා.

31 comments:

  1. ඇත්ත කතාව.ලගදිම කන කපලා කරාබුවත් අරන් යයි.මේ යන විදියට ගියොත්

    ReplyDelete
  2. අපේ පැත්තෙ ලගදී මාර සිද්ධියක් වුනා.බයික් එකකින් ආව දෙන්නෙක් කාර්යාලෙක වැඩට යන නෝනා කෙනෙකුගෙ මාලයක් කැඩුවා. පිටිපස්සෙ සීට් එකේ හිටි හොරා තමයි බයික් එකෙන් බැහැලා මාලෙ කැඩුවෙ. මිස්ව තල්ලු කරලා වගේ තමයි මාලෙ කඩාගෙන තිබුනෙ.කොහොම හරි තල්ලු කරපු නිසා අර මනුස්සයා එහා පැත්තෙ තිබුන ඇලට වැටුනා.ඇලේ වතුරත් එදා වැඩිපුර තිබිලා තියනවා.පුදුමෙ කියන්නෙ අර මනුස්සයා කෑගහනකොට හොරා ඇලට බැහැලා කාන්තාව ඇලේ ඉවුරට දාලා තමයි ගිහින් තියෙන්නෙ.අනුකම්පාවද නැත්නම් මිණීමැරුමකින් බේරෙන්න ද එහෙම කලේ කියලා දන්නෙ නම් හොරා විතරයි.

    ReplyDelete
  3. බුදු අම්මෝ... දැන් නම් කරාඹු දෙකත් ගලවලා තමයි අපිට පාරෙ යන්න වෙන්නෙ...

    මිනිස්සු බලන්නෙ බල්ලො මරල හරි සල්ලි හම්බ කරන්න කියලා කතාවක් තියෙනවනෙ...

    ReplyDelete
  4. ඔහොම කතාවක් අපේ මල්ලිත් දවසක් මට කිව්වා. එයා කෝච්චියේ යනකොට ගෑනු කෙනෙක් කෝච්චියෙන් බැහැලා ගියාලු. ඊට පස්සේ ඒ ගෑනු කෙනාගේ පස්සෙන් මනුස්සයෙක් ඇවිත් චේන් එක කඩාගෙන ආයෙමත් කෝච්චියට නැග්ගාලු. කොහොමහරි අර ගෑනු කෙනා කෑගහපු සද්දෙට කට්ටිය හොරාව අදුනගෙන උට ඇතිවෙනකම් නෙලුවාලු.

    ඔය විදිහට බයික් වලින් ගිහින් මාල කඩා ගන්න එක මෙහෙත් ගොඩක් ජනප්‍රිය ක්‍රීඩාවක් අක්කේ. ඔයැයිට කියන්න අපේ අක්කා කෙනෙකුගෙත් මලයක් කඩාගෙන ගිහින්. කඩා ගත්තු එකාව දැක්කේ නෑලු හරියටම.

    ශික් මෙහෙමත් එවුන් !!!!!

    ReplyDelete
  5. මට මතක් වෙන්නෙ සුනාමි කාලෙ අර ප්‍රසිද්ද වෙච්ච මාලෙ කඩාගැනිල්ල. ඒකෙ වතුර පාරට ගහගෙන යන ගෑනු කෙනෙක්ව බේරගෙන මාලෙ කඩාගෙන ආපහු වතුරට අත අරිනවා. මනුස්සකම අතින් කොච්චර පහත් මිනිස්සුද ඉන්නෙ කියලා හිතෙනවා.

    ReplyDelete
  6. මානම් ඔය රත්තරන් බඩු කවදත් අඩුවෙන්ම අදින කෙනෙක්...
    මට ඕවට ආසාවකුත් නෑ...ලගදී දවසක බැංකුවක වැඩ කරන යුවතියකගේ මාලයක් කඩාගෙන. ඒත් ඒක ඉමිටේෂන් එකක් කියල හොරා ගෙදර ගියාමයි දැනගන තියෙන්නේ. පස්සෙන්දා ඇවිත් මග රැකගෙන ඉදලා පිහියකින් මූන කපලා ගිහින්. මේක සත්‍ය සිද්දියක්..
    ගොඩාක් කල් ගිය සනීප වෙන්න.

    ReplyDelete
  7. ඕක තමයි මම කියන්නෙ ගෑනු අයට කරාටි ඉගන ගන්න කියල
    ඊයෙ කියල තිබුන පෝස්ට් එකක් කාන්තා අතවර ගැන..
    කරාටි ඉගෙන ගෙනතිබුන නම් දෙන්න තිබුන බයික් කාරයෙගෙ අහවල් එක තැලිල ඉස්පිරිතාල ගත වෙන්න...

    ReplyDelete
  8. 24 පැයේම බණ අහන රටේ අපරාධනං දවසින් දවස වැඩිවෙනව.
    මේ තියෙන්නෙ මාල කඩන රස්සාව ගැන ලියවෙච්ච ලිපියක්.
    http://www.divaina.com/2011/04/03/nimna04.html

    ReplyDelete
  9. මම නම් රත්තරන් කරාඹු දාන්නෙත් නැහැ වෙන රත්තරන් ආභරණ දාන්නෙත් නැහැ, ඔරලෝසුවක් බදින්නෙත් නැහැ :D

    ReplyDelete
  10. මගෙත් යාළුවෙක් ගෙ නෑදෑ කෙනෙක් ගෙ මාලයක් කඩාගන්න ඇවිත් හොරා ගෙදර තුන් දෙනාටම වෙඩිතියලයි ගියෙ, යාලුවගෙ ලොකු අම්ම මැරුන. ඔයා දන්නවත් ඇති එයාල තඹුත්තේගම...

    ReplyDelete
  11. අපේ ක්ලාස් එකේ අයියා කෙනෙක් හෙන තඩි රත්තරං මාලයක් දාගෙන ඉන්නවා.. අපි පොරට උපදෙස් දීලා තියෙන්නේ පරිස්සම් කරගන්න කියලා.. මොකද අපි ලඟදීම ඒක කඩාගන්නවා කියලා එයාට දැනුම් දීලා තියෙන නිසා.. :D :D :D :D

    ReplyDelete
  12. ඇත්තට රත්තරං කියන ලෝහයට ඔච්චර වටිනාකමක් දුන්න එකා මොකාද දන්නෙ නෑ...මනුස්ස වර්ගයාට ආස කරන්න., ලෝබ කරන්න, හොරකං කරන්න නිර්මාණය වෙච්ච තවත් එක item එකක්....

    ReplyDelete
  13. මොකද මන්දා මම නම් ආසම නැති දෙයක් රත්තරන් බඩු දාන්න ..උගස් තියන්න නම් හොදයි..

    ReplyDelete
  14. හැබෑට අර කිව්වත් වගේ තමන්ගේ කැමැත්තනේ, ඒත් ඉතින් කඩේට යන්නත් රත්‍රන් මොකටද..?

    ReplyDelete
  15. හික් හික්.. රත්තරං බඩු නම් මට පේන්න බැහැ..
    අපි දාන් ගියත් කොල්ලන්ගේ ගලවන්න එන්නෙත් නැහැනේ..

    ReplyDelete
  16. @පිස්සු පුසා- ඔව් හතරමං හන්දියකදිත් මාලයක් කඩාගත්ත කිව්වම.

    @රාජ්- අහ් බය වෙන්න ඇති මැරුනොත් කියල.

    @තාරා- ඔයවගේ සිද්දි ගොඩක් මේ ටිකේ උනා.අපි පරිස්සම් උනා නම් හරිනේ.නේද?

    ReplyDelete
  17. @මධුරංග- කෝච්චි වලත් ඔහොම ඒව වෙනව දවසක් අපි එද්දි කෝච්චිය නවත්තලා තියලා යන්න පටන් ගත්ත විතරයි ගෑනු කෙනෙක්ගේ හෑන්ඩ් බෑග් එකක් අරන් එලියට පැන්න මනුස්සයෙක්.

    @පිණිබිඳු..-මමත් දැක්ක,ඒ විඩීයෝ එක නොදැකපු කෙනෙක් නැතුව ඇති.එයාලට නම් හොද දද්වුඅම් දුන්නනේ.කොහොම ඔයවගේ දේවල් කරනවද නේද?

    @ඝිම්හනි-නොදා ඉන්න එක හොදයි. තමන්ගෙ ආරක්ශාවට.අන්න දැක්කනේ වෙන දේවල්.මමත් දාන්නෙ නෑ.මට නම් හරි වදයක් ඕව දාගන හිටියම.

    ReplyDelete
  18. @ඉන්ඩි-ඒකත් හොද උත්තරයක් තමා.

    @සුමින්ද- කියල වැඩක් නෑ අය්ය.හරි මම් ඒක බලන්නම්.

    @deeps- මමත් ඔරලෝසු නම් දාන්නෙ නෑ.මාලත් නෑ.කරාම්බු නම් දානව ගොඩක් වෙලාවට ගෙදර ඉද්දි ගලවලා.වටේ ඉන්න අයෙගෙන් තමා බේරෙන්න බැරි මිනිහා මැරිච්ච ගෑණිවගේ කරාම්බු ගලවල ඇයි අහනව.

    ReplyDelete
  19. @ටී.බී. හේරත්- අහ්,එක පාපයක් කරන්න ගිහින් පාප කරම කීපයක් කරගන. මට නම් මතකයක් නෑ මල්ලි ඒ සිද්දිය.

    ReplyDelete
  20. @චතුවා (ළමයා) - ඉස්සර යාලුවෙක් මාලයක් දාගන ආවම අපිත් ඔහොම බය කරනව බැරිවෙලාවත් නැතිඋනොත් කියල.

    @හපා- වටිනාකම මොකක් වත් එක්ක ප්‍රතික්‍රියා නොකරන නිසානේ මල්ලි.

    @සීතල අයියා- සෝබනේට දාගන යන අයට නම් හොදවැඩේ.

    ReplyDelete
  21. @නිම්ශා- මමත් දාන්නෙ නෑ.බැරිම අවස්තාවකට හැරුනම.

    @චතුර....- ඔව් තමන්ගෙ කැමැත්ත.කඩේ යන්න,පොලේ යනන්ත් කට්ටිය ඕවා දාගන යනව මම් දැකලා තියනව.අනේ මන්දා දාගන යන අයගෙන්ම තමා අහනන් ඕනේ

    @Bunny- ඔව් කොල්ලොන්ගෙ මාල කඩන් ගියා කියල අහල තියනව අඩුයි.අහලම නැතිතරම්.:)

    ReplyDelete
  22. ලස්සනට ගමන් බිමන් යන්න කාටත් අසයි. එහෙම හොරු හින්ද අපිට බය වෙන්න බෑ.. එක්කෝ හොද කොල්ලෝ සෙට් එකක් සෙට් වෙලා මුන්ට නෙලන්න ඕනේ මල් පොකුරු පොකුරු පනින්න. නැත්තන් බෑ. මෙහෙ එහෙම ඔහොම උනානම් අම්මා... සොරිම තමා. අතක් කපල තිබ්බම ආයේ ආසාවට එකෙක් හොරකම් කරන්නේ නෑ. අනේ අර රජ කාලේ දඩුවම් මුන් එකෙක්ට දුන්නනම් ආයේ මාල තියා ගැණු දිහාවත් බලන එකක් නෑ.

    ReplyDelete
  23. @ නදී,
    පව් කරන්න ගියාම ඉතින් එහෙම තමා, එක පිට එක...
    ඊලඟට ඒවයෙන් ගැලවෙන්න බොරු කියලනව. හැබැයි ඉතිං මතක තියාගන්න ඕනෙ කාරණාව තමයි බොරු කියන්නාට කල නොහැකි පාප කර්මයක් නැති බවත්, "කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ" කියන එකත්...
    ආ, ඒ සිද්ධිය වෙලා දැන් ටිකක් කල්...

    ReplyDelete
  24. ක්සැන්ඩර් | Xander - අන්න හරි ඔය වෙලාවත තමා ඔහෙ වාගේ දදුවම් ඕන වෙන්නෙ. එකෙක්ට හරි තද දඩුවමක් දුන්න නම් ආය කරන්නෙ නෑ.

    @ටී.බී. හේරත්- "කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ" මේ කතාව නම් හැමදාටම පොදුයි.

    ReplyDelete
  25. @ නදී,
    නමුත් ඉතින් ඔය කතාව පිලිඅරං ඒ අනුව කටයුතු නොකරන එක තමා ප්‍රශ්නෙ...
    දඬුවම ගැටළුවට තාවකාලික පිළියමක් මිස විසඳුමක් නොවේ...

    ReplyDelete
  26. @ටී.බී.- "දඬුවම ගැටළුවට තාවකාලික පිළියමක් මිස විසඳුමක් නොවේ... "

    ඔව් කොච්චර හිරේට දැම්මත් නිදහස් වෙලා ඇවිත් ආයම ආයම ඒ දේම කරන්නෙත් ඒකනේ.

    ReplyDelete
  27. @ නදී,
    එහෙනං..., දැං ඔය ඉස්සර කාලෙ ලස්සන කාන්තාවකට මැණිකක් අතින් අරන් දෙවුන්දර තුඩුවෙ ඉඳල පේදුරු තුඩුවටම කිසිම අතුරු ආන්තරාවක් නැතිව තනිපංගලමෙ යන්න පුලුවන් උනේ මොකද මිනිස්සු අවබෝධයෙන් ම පංච සීලයේ පිහිටල කටයුතු කරපු නිසා නෙ...
    අද එහෙම ඔහොම ගියොත් දෙවුන්දර තුඩුවෙ ඉඳල දෙවුන්දර ටවුම දිහාට එද්දි මැණිකත් නෑ ගෑනිත් නෑ...

    ReplyDelete
  28. තව ටික කාලයක් යනකොට ඇඳන් ඉන්න ඇඳුමත් ගලවාගෙන යාවිද මන්ද අපේ රටේ..

    ReplyDelete
  29. ඇත්තේන්ම මගතොටේ යන එනකොට ගැහැනු විශේෂයෙන් ඔය ආභරන පලඳින කොට කල්පනාකාරි වියයුතුයි.......ඔය මංකොල්ල කාරයන්ට අද රටේ පෙලක් පොලොසිත් සපොට්නේ...."නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ..."

    ReplyDelete
  30. සරත් ලංකාප්‍රිය- ඒකතමා.මාර මිනිස්සු ඉන්නෙ

    Raj- හ්ම්...අනේද කියන්නේ.

    ReplyDelete