Saturday, July 16, 2011

කාඩ් එක


මුල්ම දවස් වල අපේ කාමරේ හිටිය 6 දෙනෙක්,ඒක තමා හොස්ටල් එකටම තිබ්බ ලොකුම කාමරේ.සිංහල අය 4යි.අනිත් දෙන්නා ටැමිල්.

කැම්පස් ඇවිල්ල මාසයක් වත් ගිහින් නෑ,අපිත් එක්ක හිටිය ටැමිල් ගර්ල්ස්ල දෙන්නගෙන් එක්කෙනෙක්ට ටිකක් විතර අමුතු,හැසීරීමක් තියනව කියල,අපිත් එක්ක හිටිය ශානි කිව්වා.

එයා පාඩම් කරන්න ගියත්, පොත අරන් ඇදට ගිහින් පොත පැත්තක තියාගන, සිවිලිම දිහා බලාගන හිනා වෙනව.

ශානි දවස් කීපයක්ම ඕක දැකල තිබ්බ,අපිටත් පෙන්නුව.මමත් ඕක දවස් කීපයක්ම දැක්කා.

මොනවත් නොකියා ඉදලා,ඉවසලා ඉවසලා බැරිම තැන,දවසක් කට්ටියම ඉන්න වෙලාවක ශානි විහිලුවට වගේ ඇහුව,මොකද ප්‍රියා...!... Auto C....ද සිවිලිම දිහා බලාගන තනියම හිනාවෙන්නෙ?.... කියල.

එයා එහෙම කිව්වෙ ප්‍රියා හිටපු ගමන් කල්පනාවට වැටිලා තනියම හිනා වෙන නිසා.

කට්ටියටම හිනා වැඩේට.ඔය සිද්දිය කාමරෙන් එලියට ප්‍රසිද්ද කරේ නෑ.පව්නේ...ඒත් හොස්ටල් එකේ නම් පොඩ්ඩක් කියවුනා පස්සෙ අමතක වෙලා ගියා.

කැම්පස් එකේ මුල්ම අවුරුද්දෙ අපිට තිබ්බ, Communication Skills & Development කියල සබ්ජෙක්ට් එකක්.

ලමයින්ගේ Personality Development කරන්න තමයි ඒක ගොඩක් වැදගත් උනේ.අපි යන කාලෙ නායකත්ව පුහුණුවක් තිබ්බෙත් නෑනේ.

ඔන්න ඕකෙදි එක දවසක් ස්ටේජ් එකට ගිහින් කතාවක් කරන්න පුරුදුවෙලා එන්න කිව්ව.

ඒ කියන්නෙ, එක එක්කෙනා තනියම කතාව කරන්න ඕන ස්ටේජ් එකට නැගලා,මයික් එකත් අරන්.අනික Main Lecture Theater එකේ.

කතා බෝරින් වෙන නිසා විහිලු කතාවක් සූදානම් කරගන එන්න කියලත් කිව්ව.මම් නම් ගිහින් කිව්වෙ මේ පොඩි එකාගෙ වැඩ කියන කතාව.

තටම තටම කොහොම හරි කිව්වා, කඩ්ඩෙන්නෙ කියන්නත් ඕනේ,අනික ගිය මුල්ම දවස් වල අනිත් අය හරියට අදුරන්නෙත් නෑ,බයයිත් වගේනේ.

කට්ටිය ඔහොම එක එක කතා කියාගන ගියා.සමහර ඒවා නම් හරියකට තේරුනෙත් නෑ,ඒත් කට්ටියම හිනා වෙන නිසා අපිත් හිනා වුනා.

අර ටැමිල් යාලුවත් කතාවක් කිව්වා.අවසාන වේගන එද්දි අපේ කාමරේ හිටිය තවත් යාලුවෙක් ස්ටේජ් එකට නැග්ගා.එයා ජීවා,රත්නපුරේ කෙනෙක්.

ඒ නිසාම අපි ලොකු Clap එකකුත් දුන්න,මොකද අපේ රූමා නේ.. එයා කාමරේදිවත් කතාවකට කිසිම සූදානමක් තිබ්බෙ නෑ .ඔන්න ඔහෙ මොකක් හරි කියනව බන්!...කියල නිකන් හිටිය.

මෙන්න එක පාරටම අර  Auto C... කතාව කියනව,ටැමිල් යාලුව " ඕ..කඩවුලේ!... " කිය කියා ඇඹරෙනව අපි ඉන්න තැන ඉදන්.හෙනට බය වෙලා,ඔක්කොම විස්තරේ කියලා අන්තිමට එයාගෙ නම කියයිදෝ කියල.

ඒත් ජීවා නමක් කිව්වෙ නෑ,හොස්ටල් එකේ යාලුවෙක් කියල විතරයි කිව්වෙ.කිව්ව විස්තරේට අදාල උනේ නම්, කාමරේ අපිත් එක්ක හිටිය ශානි ගෙ,හැඩහුරුකම්,හැසිරීම්,ගම පළාතට. එහෙම කියද්දි ඔක්කොම හිතුවෙ ආහ්....එහෙනම් මේ ශානිගෙ වැඩක් තමා!... කියල.

ඔන්න ඔහොමයි අන්තිමට කොහෙවත් ගිය නමක් එයාට වැටුනේ.

අන්තිමට කතාව කියපු ජීවා, මැනුවල් C...උනා. විහිලු කරපු ශානි ඔටෝ C...උනා.

ප.ලි: "ඕ කඩවුලේ!.." කියල මුලින් එයාල කිව්ව එක, අපි සිංහලට හදලා දුන්නා, "අයියෝ දෙය්යනේ!.." කියන්න කියල.පස්සෙ එයාල ඒක පාවිච්චිකරා.කවීප්‍රියා, ප්‍රියන්තී දෙමළ යාලුවො දෙන්න එක්ක ගතකරපු ඒ මාස 6 නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ.සෑහෙන විනෝදෙන් ගතකරපු කාලයක්.

36 comments:

  1. මේ නිකමට අහන්නෙ Auto C කියන්නෙ මොකක්ද ?

    auto change ද ?

    ReplyDelete
  2. Auto Chuun, Manual Chuun පට්ට නම දෙක... අපේ ජෝන්ටෝ දෙන්නෙක්ටත් දාන්න ඕනේ. වැඩේ කියන්නේ දැන් කාඩ් එකක් නැති එකෙක් හොයන ඒක තමයි ගේම..

    ReplyDelete
  3. මටත් තියෙනවා ඔය වගේම අත්දැකීමක්. හැබැයි කැම්පස් කාලෙනම් නෙමේ. ප්‍රථම රැකියාවේදී..... මගේ සෙක්ෂන් එකේ උන්න හොඳම කොල්ලා.....නම අරවින්ද්....ටැමිල් කෙනෙක්. ඉන්දියාවේ ඉපදුන නිසා සිංහල කතා කරන්නේ අමුතු විදිහකට....

    කැඩිච්ච සිංහලෙන් වරද්ද වරද්ද කියන වචන වලට හොඳටම හිනා යනවා....

    අපූරු කතාවක්..කියවා රස වින්දා

    ReplyDelete
  4. හික්ස්.මරු කාඩ් දෙක.ඔටෝ චුන්,මැනුවල් චූන්

    අපේ ඉස්කෝලේ සර්ලටත් අමුතු අමුතු කාඩ් කොල්ලෝ හදලා තිබ්බා.සින්ගර් තට්ටයා,තොල් සුදා,හුලං බඩා,ගැබිණි පියා,ගල් ආරියා,J&P කියන්නේ කිහිපයක්.මම නම් සර්ලට කාඩ් ගහන එක පුද්ගලිකව අනුමත කරන්නේ නෑ.ඒත් නොදැනුවත්වම අමතක වෙලා ඒ නම් කියවෙනවා.අනික නම් වලින් නෙමෙයි ගොඩක් සර්ලව දන්නෙත් කාඩ් වලින් තමයි :D

    J&P කියනනේ සර්ලා දෙන්නෙක්.එක්කෙනෙක් J අනිත් එක්කෙනා P.දෙන්නා කොහේ ගියත් එකටමයි ඉන්නේ.හොද යාලුවෝ.මේ පෝස්ට් එක කියවන කොල්ලොන්ට නම් කවුද මේ J කියන්නේ කවුද මේ P කියන්නේ කියලා හිතාගන්න පුලුවන් ඇති.ගැණු ලමයි ඒ කවුද කියලා හොයන්න උත්සහ නොකර ඉන්න එක වඩා හොදයි.:D

    ReplyDelete
  5. AUTO C ඒක නියම නම..

    ReplyDelete
  6. ඕ කඩවුලේ... පැත්තක හිටියා අහිංසකයා...

    ReplyDelete
  7. අපට නම් පළවෙනි අවුරුද්දේ ඔහොම කතාවක් තිබ්බේ නෑ. ඉන්ටෙන්සිව් ඉංග්‍රිසි කෝස් එකේදි නම් පොඩි ප්‍රශන්ටේශන් එකක් තිබ්බා. ඒ දවස්වල රැග් එක දරුනුවට යන කාලේ. බොහොම අමාරුවෙන් තමයි පුහුණු උනේ.

    කොහොමහරි ලෑස්ති උනා කියමුකෝ. ප්‍රශන්ටේශන් එකත් පෙන් එකට දාගෙන ස්ටේජ් එක උඩ ඉන්නවා. ඔන්න එකපාරටම පෙන් එකට වයිරස් එකක් ගිහින් පෙන් එක ඇතුලට යන්න බෑ. ප්‍රශන්ටේශන් එක පෙන්නන්නට් බෑ.

    ශාලාවේ එකම 'හූ' හඩයි. අපේ අවස්තාව වෙන කට්ටියකට දුන්නා. ඒ දෙනකොට එතන හිටපු ලෙක්චරස්ලා මාර විදිහට බැන්නා. පෙන් එක සර්ච් කරගෙන අරන් ආවේ නැත්තේ ඇයි කියලා. කොහොම කරන්නද ඒ දවස්වල හොස්ටල් එකට ආවම රැග් වෙන්න වෙනවා. පොතක් අල්ලන්නවත් දෙන්නේ නෑනේ.

    ඕ කඩවුලේ !!!!!! මාර කතාවක් නේ. මමත් අද ඉදන් ඒක පාවිච්චි කරනවා.

    අහන්න බැරි උනා. එතකොට රමා හිටියේ ඔයාලත් එක්ක නෙමේද. මම් හිතුවේ දෙමල යාලුවෝ දෙන්නට රමාත් ඉන්නවා කියලා.

    ReplyDelete
  8. හැබෑටම මමත් මේ ටියුබ් ලයිට් වෙලා හිටියෙ මොකක්ද මේ ඔටෝ සී කියන්නෙ කියලා. කොමෙන්ට්‍ටු දැක්කමයි තේරුණෙ. නියම කතාව

    ReplyDelete
  9. @Bunny- අපෝ ඒක වත් අල්ලගනන් බැරි උනාද?ඔයා හිතපු එක නෙමේ.අනිත් කමෙන්ට් වල තියනව හරි එක බලන්නකො.

    @ADK කොලුවා- හෙහෙ.ගොඩක් අය නමින් දන්නෙ නැනේ දන්නෙ කාඩ් වලින්.ඔව් ඔව් නියම නම.

    ReplyDelete
  10. හැමදාමත් වගේ මාගේ සාමාන්‍ය දැනීමට අනුව ප්‍රශ්නයක් මතුවෙනවා මට.... :P

    ReplyDelete
  11. කඩවුලේ කඩවුලේ!

    ReplyDelete
  12. ඔටෝ චූන් වෙනවනම් කොක්චර හොදද අප්පා... මැනුවෙල් චූන් අප්සට්.... ගියර් මාරු කරගන්න කවුරු හරි ඉන්න එපැයි

    ReplyDelete
  13. train එකේ උදේ එනකොට රේඩියෝ එක කණේ ගහගෙන DJ අරා & පැස්බරා අහනකොට මටත් ඔය වගේ හිනා යනව. වටේ එන්න උන් ඔය විදියටම හිතනව ඇති නේ....

    ReplyDelete
  14. නංගී අනෙක් අයගේ කාඩ් ගැන කිව්වට ඔයාගේ කාඩ් එක මොකද්ද ? කියලා කිව්වේ නෑනේ. මට නම් කීවේ අහිංසක පොලිස් කියලා. නිතියට වැඩ කලාට, සද්දෙ දාන අයට බය නිසා. කැම්පස් කතා හරි රසවත්.

    ReplyDelete
  15. අප්පා... පලවෙනි අවුරුද්දෙ ඒ මදිවට ෆැකල්ටි එකේ ඉන්ග්ලිශ් කෝස් එක ඉවර උනගමන් අපෙත් තිබ්බෙ නැතැයි ප්‍රසන්ටටෙශන්, හැබැයි කන්ඩායමටම එකක්, ඒ මදිවට ඩ්‍රමා එකකුත් කරන්න ඔනෙ, අපිට ලැබිච්ච ටොපික් එක හිස් කබල, ප්‍රස්න්ටටෙශන් එක කොහොම හරි කරා කියමු, ඩ්‍රමා එකක් ඒ ටොපික් එකෙන්, අදටත් හිනා කරපු ඩ්‍රාමා එක මතක් වෙලා, ඒ මදිවට ඉන්ග්‍රීසියෙන්නේ, කොම්ඩි ඩ්‍රාමා එකක් උනාට බලපු අය හිනා උනේ ඩ්‍රාම එකේ තිබුනු ජෝක් වලටද කියලා තවම මට හිතාගන්න අමාරුයි.

    ReplyDelete
  16. මරු කතාව.... !!!

    කැම්පස් වල කාඩ් ගැසීමේ ඉතිහාසය කියල පර්යේෂණයක් එහෙම කවුරුවත් කරල නැතිද දන්නෙ නැ...

    කාඩ් එකක් නැතිව කැම්පස් එකේ හිටියොත් ඉතින් වැඩක්ම නැ....

    ReplyDelete
  17. අපේත් ඉන්නව ඔටො චූන් කියල එකෙක්...දැන් නම ලේසියට ඔටො කියල කියන්නෙ අක්ක දන්නව ඇති අර අපේ බැච් එකෙ බැනර් එහෙම ඩිසයින් කරන්නෙ..ගැර්ෆික් ඔස්තාර් කෙනෙක් ඉන්නෙ..මේ ලගදි මිනිහගෙ මූලිකත්වයෙන් CST society එකෙන් පොටොසොප් වර්ක් ශොප් එකකුත් කලා..

    ReplyDelete
  18. කලාතුරකින් ලැබෙන හොඳ අවස්ථාවක් ඔබට ලැබිල තියෙන්නේ එකට ඉන්න අපේ දමිල සහෝදරියන් එක්ක. වැඩි වැඩියන් අපේ මිනිස්සු මෙහෙම එකට හිටියොත් ආයිත් යුද්ද ඕන නැතිවෙයි..

    ReplyDelete
  19. Auto C කොට මොඩල්, ලඟ පිකප්...

    ReplyDelete
  20. කඩවුලේ.. කැම්පස් එකේ කාඩ් ගැන නම් කතා කරන්න එපා. මනුස්සයෙක්ට කටක් ඇරලා කියන්න පුලුවන් නම්ද උන් අපිට දැම්මෙ.

    ReplyDelete
  21. මට දැං හිතෙන්නේ මං මේ ඇත්තිව දන්නවා වාගේ...!!! :-) ඕ කඩවුලේ...!!!!

    ReplyDelete
  22. @දිල්- ඔව් එයාලා කතාකරන විදිය අහගන ඉන්න මමත් ආසයි.අමුතු විදියටනේ සිංහල කතා කරන්නෙ.

    @පාල- අපිත් ඉස්කෝලෙ යන කාලෙ ඔහොම නම් දාල තිබ්බ.ටික්කා කියල සර් කෙනෙකුත් හිටිය.චිත්තර බට්ටා කියල කෙනෙකුත් හිටියා.:)

    @කස්සා- හ්ම් නියමයි තමා :)

    ReplyDelete
  23. @prasanna86k- හ්ම්.අනේද කියන්නෙ කොහෙවත් හිටිය එකෙක්ටනේ නම වැටුනේ අන්තිමට.

    @මධුරංග- හෙහෙ ඔයාලටත් මාරු වැඩ වෙලා තියෙන්නෙ.නැනේ රමා යාලූනේ 3 අවුරුද්දේ විතර එයා හිටියේ වෙන හොස්ටල් එකකනේ.ඒ වෙද්දි අදුරන්නෙම නෑ.

    @විසිතුරු- තේරුනා නම් එච්චරයි.

    ReplyDelete
  24. @රත්ගමයා- අනේ මඩ ගැසීමේ අදහසකින් නම් නෙමේ කිව්වෙ ඔන්න.

    @චතුවා (ළමයා)-මොකද්ද ප්‍රශ්නේ කියන්නකො බලන්න.:)

    @පූසා- :ඩි

    ReplyDelete
  25. @පොඩි මෑන්-ඒක හරි :)

    @හපා-හෙහෙ ඔව් ඔව්.

    @නලිනි චන්දිමා- අය්යෝ දෙය්යනේ :)

    ReplyDelete
  26. @Anithkona- මට කාඩ් එකක් කියල තිබ්බෙ නෑ අය්ය. :)ඔව් ගොඩක් රසවත් කතා තියනව පස්සෙ මතක් වෙද්දි හිනා යනව.

    @sajith- හෙහෙ ඒක මරු කතාව.කොහොමැයි හිස් කබලෙන් හිනා කතාවක් හදන්නේ :)

    @වජිර නදුන් සෝමරත්න- ඔව් ගොඩක් අය මුල් නමින් කීවට දන්නෙත් නැ.කාඩ් එකෙන් නේ අදුරන්නෙ.

    ReplyDelete
  27. @පැන්ඩා- ආ දන්නව මම් එයාව.

    @සරත් ලංකාප්‍රිය - ඔව් අය්ය තවත් එක යාලුවෙක් කතා කරනව,එයාට නිවාඩු සති අන්ත වල.එයා ඉන්නෙ යාපනේ.

    @ටී.බී. හේරත්-අනේ අනේ ටී බී.:)

    ReplyDelete
  28. @පිණිබිඳු...-හෙහෙ ඒක නම් ඇත්ත.අනිත් පැත්ත හරවලා බලපුවම හොද හොද ඒවා කියවෙන්නෙ :))

    @වන්නි-මොකද නොදන්නේ "අයිබුන්ටු".

    ReplyDelete
  29. හොඳ වෙලාවට අපේ faculty එකේ card දාන වැඩ නෑ...:D

    ReplyDelete
  30. @Nisu- එහෙනම් හොදා?අහ් පුදුමයි නේ.කොහෙද අනේ ඔය ෆැක් එක තියෙන්නෙ?ලංකාවේ නෙමේද?:))

    ReplyDelete
  31. හික්ස් ලංකාවේ තමා අක්කේ තියෙන්නේ... එහෙම හැමෝටම card දාන්නේ නෑ. seniors ලා ඒවට හවුල් නෑ. යාලුවෝ සමහර වෙලාවට දානවා. ඒත් ගොඩක් වෙලාවට ගෑණු ලමයිට card1ක් නැති තරම්.

    ReplyDelete
  32. @Nisu- අහ් පුදුමයිනේ.ගෑණු ලමයින්ට නැති උනාට ඔයාටනම් කාඩ් එකක් ඇති එහෙනම් ශුවර් එකටම :)

    ReplyDelete
  33. කඩවුලේ .....
    කැත වැඩේ කරලා තියෙන්නෙ ඒ ස්ටෝරි එක පබ්ලිෂ් කරලා .....

    ReplyDelete
  34. @පන්සල් හංදිය - හෙහෙ එයාලා මේක කියවන එකක් නෑ.මට ශුවර් :))

    ReplyDelete