Saturday, July 2, 2011

මෙහෙමත් තාත්තලා


කාලෙකට පස්සෙ ඉස්කෝලෙ යාලුවෙක් අපේ ගෙදර ආවා.ආගිය කතා ඉවරයක් නෑ.ඔන්න ඔය අස්සෙ මේ කතාවත් කියවුනා.

මේ ඔයා දන්නවද මාර වැඩක් වෙලා,අපේ අම්මල උගන්නන ඉස්කෝලෙ.

ඉස්කෝලේ?

ඔව්.ඉස්කෝලෙ ගෑණු ලමයෙක්ට!...
ඒ ලමයගෙ අම්ම රට ගිහින්ලු.ඉදල තියෙන්නෙ තාත්තත් එක්ක ගෙදර.

 ඉතින්!...

ඉස්කෝලෙ එනව හොර නිසා අපේ අම්ම අහල තියනව මොකද කියල, එතකොට තමා ටික ටික කියල තියෙන්නෙ.ඒ තාත්තා බීගනලු එන්නෙ හැමදාම රෑට.ඇවිත් ලමයට කරදර කරලා.

නෑ...අනේ මන්ද මෙහෙමත් තාත්තලා!...මුන්ට හෙන ගහන්න එපැයි!...

අනික ඒ පැත්තෙ ඉන්නෙ ගොඩක් දුප්පත් ලමයිලු,අගහිගකම් කියල වැඩක් නෑලු,අම්ම නිතරම ඇවිත් කියනව,අවාරෙට පොල් වැටෙනව වගේලු ඉස්කෝලෙ එන්නෙත් කියල.

ඔව් අපේ අම්ම ඉන්න ඉස්කෝලෙත් එහෙම තමා,එක්කො අම්ම රට,එක්කො ලමයි ටික දාලා අම්ම වෙන කෙනෙක් එක්ක ගිහින්,එක්කො තාත්ත නෑ,එහෙම නැත්තම් තාත්ත බීල ඇවිත් ගහන නිසා ලමයි වෙන ගෙවල් වල නවත්තලා.

අන්තිමට ඕං වෙන දේ!
පව් ලමයි!

වැඩියෙන් හම්බ කරන්න ගිහින් අවසානේ පවුලත් විනාසවෙලා දන්නෙම නැතුව.

එහෙමමත් නෙමේ ඉතින්, කීයක් හරි හොයාගන්නනෙ ඔහොම යන්නෙ,කොහොමහරි ගොඩ එන්න කියල හිතාගන.

ඇයි ඔහොමමම එකක් උනා අපේ අම්මලගෙ ඉස්කෝලෙත්, බොරුනම් අහල බලන්නකො.ඒ කෙල්ල අඩලා අඩලා අම්මල එක්ක කියල තියනව.

ඈ...ඉතින්!...

දක්ශ ලමයෙක්ලු.ශිෂ්‍ය නායිකාවකුත්ලු.ඒ ඉස්කෝලෙ තියෙන්නෙ 11 වසරට විතරනේ.අම්ම රට ගිහින් ඔය වගේම දෙයක් තමා වෙලා තියෙන්නෙ.එතකොට ඒ ලමය 11 වසරේ.බැරිම තැන නෑදෑ ගෙදරක ඉදලා ඉස්කෝලෙ ඇව්ත් තියෙන්නෙ,එහෙත් කරදරලු.

අම්මලත් උඩපැනගන යනවනෙ,ලොකු ගෑණු ලමයිනුත් තනියම දාල.අනේ මන්දා!

පස්සෙ ඒ ඉස්කෝලෙම හිටපු,O/Lවත් පාස් නැති කොල්ලෙක් එක්ක පැනල ගිහින් විභාගෙ ලියන්නත් කලින්. 

නෑ...මහ මෝඩ කෙල්ලක්,විභාගෙ ලියල යන්න තිබ්බනේ,යන දේවාලෙක.

ඒක ආරංචි වෙන්න කලින්,ටික දවසක් ඉස්කෝලෙ ඇවිත්, ගුරුවරු අනම් මනම් කියන නිසා  නැවතිලා,අපේ අම්මට දවසක් කතා කරා,අනේ මිස්, මට එන්න හිතෙන්නෙ නෑ ඉස්කෝලේ! කියල.

දවසක් අම්ම අවුරුදු 10ක විතර Maths Marking Schemes ටිකක් දුන්න, ගෙදර ආව ඒ ලමය අරන් යන්න.

දැක්ක නම් ඒ කොල්ලගෙ හැටි අප්පෝ...
ඒ කෙල්ලට පිස්සුද කියල හිතුනා.ඒත් ඉතින් වෙලාවෙ හැටියට ඒ තීරණේ හොදයි කියල හිතන්න ඇති.ඒ කොල්ල මේ ලමයව භාර ගත්ත එකම මදෑ නේද?

හ්ම්....බැලුවම ලමයින්ට තියන ප්‍රශ්න නේද?
අපිට මොන ප්‍රශ්නද තියෙන්නෙ!
අනේ ඒ අතින් අපේ අප්පච්චිල දෙවිවරු!
එක අතකින් කරුම තමා...ඔහොම දේවල් වෙන්නත්..

හ්ම්...ඒ ලමය විභාගෙ ලියල, මැත්ස් වලට A අකුරකුත් අරන් තිබුනා,ප්‍රතිඵල ආවට පස්සෙ අපේ ගෙදර ආව, අම්මව හම්බවෙලා දුන්න Maths Marking Schemes ටික දීල යන්න.

අනේ පව්,දෙන්නත් එක්කම ආවෙ,බිස්කට් පැකට් එකක් එහෙමත් ගෙනල්ලා වැදලා ගියා.මිස් නැත්තම් මම් විභාගෙ ලියන්නෙත් නෑ කියල,ඒ කොල්ල දැන් ත්‍රීවීල් එකක් එලවනවලු.

දවසක් අපි දැක්ක දෙන්න පොලේදි  පළතුරු වගයක් ගන්නව,දැන් එයාට බබෙක් හම්බවෙන්නත්.

35 comments:

  1. :O දුවව රේප් කරලා??

    බීගත්තාමයි තව මොනාද වුනමයි ඉනෙන් පල්ලෙහාට නෑදෑකම් නෑලුනේ.... :D

    ReplyDelete
  2. හ්ම්ම්ම්...මත්පැන් තමා ඉතින් හැමදෙයක්ම විනාශ කරන්නේ.අසරණ ළමයා මොන තරම් බලාපොරොත්තු ගොන්නක් හිතේ තියන් ඉන්න ඇද්ද..

    ReplyDelete
  3. කාලකන්නි පිය පදවිය කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැති හැත්ත, ඇඟේ මාලු ගඟේ නටනවා මේවා කියවන කොට ........

    ReplyDelete
  4. අපේ මල්ලිලාගේ ඉස්කෝලෙත් ඔහොම සිද්ධියක් වුනා අක්කේ...ඒ ගෑණු ළමයා අ.පො.ස උ/පෙ ලියලා වාණිජ අංශයෙන් දිස්ත්‍රික්කේ මුල් 20 අතරට ආපු ළමයෙක්.හැබැයි විභාගේ ප්‍රතිඵල එන්න කලින් කොල්ලෙක් එක්ක පැනලා ගිහින්.විශ්ව විද්‍යාලේ යන එකත් අතෑරලා දාලා.....

    ReplyDelete
  5. ඒ එකෙල්ලට කොල්ලෙක් එක්ක යනවා ඇරෙන්න වෙන කරන්න මොනාද ඉතුරු වෙලා තියෙන්නේ ..?

    එහෙම තාත්තලා ගැනත් අතරින් පතර අහන්න ලැබෙනවා .. අපේ අල්ලපු ගමෙත් හිටියා කෙනෙක් .

    ReplyDelete
  6. ‍යකෝ මෙහෙමත් තාත්තලා....

    ReplyDelete
  7. ඔය ඔක්කොටම හේතුව බීමත් කම තමයි.. ගොඩක් අම්මලා රට ගිය තැන්වල මේ වගේ දේවල් දකින්න ලැබෙනවා..

    ReplyDelete
  8. බබා උබේ නෙමේ නේද?

    ReplyDelete
  9. ඉගෙනගන්න එක මොන කරදර තිබ්බත් කරන්න ඔනේ.ඒත් ඔය තාත්තල කරදර කරන එක දැන් වැඩිවේගෙන එන්නෙ.අනේ මන්ද දැන් ම්නිස්සු තිරිසන් වෙලා.

    ReplyDelete
  10. අනේ මන්දා අෆ්ෆා :(

    ReplyDelete
  11. පව්. ගොඩක් දක්ෂ ළමයෙක්. තව දුරට ඉගෙන ගත්තා නම් හොද අනාගතයක් තියෙන ළමයෙක්.

    අපේ අම්මා හැමදාම කියන දෙයක් තියෙනවා

    "අම්මා නැති කළ අප්පා කවර කළ
    දෙන්නම නැති කළ දරුවෝ අතර මග"

    මෙතන වෙලා තියෙන්නේ තාත්තා ඉන්නැද්දිම ළමයගේ අනාගතේ අඳුරු වෙලා. ඇත්තටම අම්මලා මෙහෙම දරුවෝ දාලා රට යන්නේ ඇයි ? දරුවන්ට වඩා සල්ලි ද ඕනේ ? කාගෙන හරි ලංකාවේ හිටියනම් දරුවටත් උගන්නගෙන මොනාහරි කාලා බීල ජිවත් වෙනවනේ.

    ReplyDelete
  12. ඔව්වා ඔහොම තමා....

    ReplyDelete
  13. ප්‍රතිචාරයක් දැක්වීමෙන් වැලකී සිටිමි.ලෝකයේ පිරිහීම පුදුමාකාරයි..

    ReplyDelete
  14. අනේ මන්දා අම්මලා තාත්තලා උනාම ඔයිට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕන. එක අතකින් ඉපදුනාට පස්සෙ නරුම වැඩ කරන දෙමව්පියන්ට වඩා හොඳයි හරියට හදා ගන්න බැරිනම් ඉපදෙන්න කලින් දරුවො නැති කරන මිනිස්සු.

    ReplyDelete
  15. මොනාද කියන්නද කියල හිතාගන්න බැහැ :( පව් ඒ ළමයා

    ReplyDelete
  16. ههههههههههههههههههههههههههههههههههههههههههه
    අම්මලා තාත්තලා තේරුමක් නැතිව ආදරය කරගේන මතුවන ප්‍රතිඵල තමයි අන්තිමට දරුවනුත් විදින්නේ...එහේත් සුදු මැණික ආදරයට සහා ජිවිතය කියනුයේ O/L පාස්වේලා කැම්පස් යනඑක නොවේ ..මම හිතනවා කේල්ලට ගොඩාක් ආදරය කරන කොල්ලේක් හම්බුනායි කියලා ඇය දුක්වින්දට වැඩිය හොද.... රටේ මිනිසුන්ටද වැරදිලා තියේන්නේ ඉගැනුම තමයි එහේත් අද පොත පතේ අය නොව ක්‍රියාවේන් වැඩ පේන්වන කට්ටියයි හම්බ කරන්නේ....
    (එහේත් පහාත් මිනුසුන්ද දේවර්ගයේම සිටිති)වේන්ව අදුනා ගැනිමට තමයි ආදරය කිරිමේ කාලයේ දිගු අවස්ථාවන්ද හම්බ වෙනුයේ....
    ههههههههههههههههههههههههههههههههههههههههه

    ReplyDelete
  17. තත්ත්වය අති ශෝචනීයයි..

    ReplyDelete
  18. මේ වගේ දේවල් දැන් ලංකාවේ අනන්තයි.. කෙහෙල්මල් සදාචාරේ.. මේ වගේ වැරදි කරන තාත්තල දෙන්නෙක් විතර අල්ලලා ප්‍රසිද්දියේ අහවල් එක ගලක් උඩ තියල චප්ප කරා නම් ආයේ මේවගේ දේවල් කාලෙකට අහන්න ලැබෙන එකක් නෑ.. කොහෙද මේ මගුල් නීතියක් එක්ක මුකුත් කරන්න බෑ...

    ReplyDelete
  19. මම ගණන් හැදුවා, 11 වසරෙ නම් වයස, 16 විතර, අතින් දෙකක් දාමු වයස 18, පිරිමි ලමයාත් ලොකුවයසක වෙන්න බෑනෙ, අවුරුදු 20 ක් දාමු, ලමයෙකුත් ඉන්නවා කීවනෙ. මොන වයසක්ද, නොතෙරුම් කමට අවුරුදු දෙකකට ලමයෙක් ගානෙ ලම්යි 3නක් වත්, ත්‍රීවීලර් එකක් නෙ එලවනවා කීවෙ, ලම්යි තුනකට කන්න දෙන්න බැරිවෙයිනෙ, එ ලමයත් රට යයිනෙ එතකොට වයස 30දී වත්, චක්‍රය නවතීද?
    අනිත් අතට ඒ ලමයට කරන්න දෙයකුත් නැහැ තමයි, අපෙ රටෙ කාන්තා සන්විදානනම් එමටයි.....

    ReplyDelete
  20. මේ මම අහලා තියෙන කතාවක්. මේ ගෙදර අම්මා රට රැකියාවකට ගිහින්. දවසක් දුව කවියක් පාඩම් කරනවා..

    අම්මගෙ සෙනේ උල්පත ගලනවා වැනී
    අප්පගෙ සෙනේ අකලට වහිනවා වැනී

    මේක අහන් හිටපු තාත්තා මෙහෙම කිව්වා..

    ඩුබායි රටේ උල්පත වියැලුණා වැනී
    අප්පගෙ වීරියෙන් දැල්වෙයි ලිපේ ගිනී

    ReplyDelete
  21. ඔය විදිහෙ කතා හුඟක් අහන්නට ලැබෙනවා. එළියට නොඑන කතා සංඛ්‍යාව ඊටත් වැඩි ඇති.
    හරිම දුක්ඛිත තත්ත්වයක්. අර කිව්වත් වගේ කාන්තා කාර්යාංශ, කාන්තා සංවිධාන, මානව හා ළමා හිමිකම් සංවිධාන, ළමාරක්ෂක සංවිධාන මොනවා කරනවද මන්දා.
    මත්පැනට ආවඩන ඇත්තන්ටත් හිතන්නට යමක්.

    ReplyDelete
  22. කාන්තාවක් අපහරණය කරනවා කියන්නේ මිනී මැරුමකට වඩා බරපතල අපරාදයක්. තමුන්ගේ දරුවෙකුට එහම් කරනවා කියන්න මහා පොලොව නුහුලන අපරාදයක්.මෙන්න මේ වට දෙන්න ඕන රජ කලේ දඬුවම්..

    ReplyDelete
  23. @චතුවා (ළමයා)- හ්ම්...අනේ මන්ද හලෝ.

    @ChammA- ඔව් මත්පැන් එක හේතුවක්.වෙලාවකට මුන් මිනිස්සුද තිරිසන්නුද කියල හිතෙනව.

    @පන්සල් හංදිය- අය්යටත් දුවල දෙන්නෙක් නේද ඉන්නෙ.ඔයාලා කොච්චර ආදරේන් ඉන්නවද?ඒත් මේවගේ බලු මිනිස්සුත් ඔය අතරේ ඉන්නවනේ.

    ReplyDelete
  24. @මකුළුවා.....- ඔව් මල්ලි එක සිද්දියක් නෙමේ.කොච්චර නම් ඔයවගේ ඒවා වෙනව ඇත්ද?ඔය ආරංචි වෙන තරමනේ.අපරාදේ මුලු අනාගතේම අදුරෙ.

    @හිස් අහස- ඒකත් ඇත්ත.එහෙම කෙනෙක් බාර ගත්ත එකත් කොච්චර ලොකු දෙයක්ද?

    @කිඩෝ-හ්ම්...එහෙම අයත් ඉන්නව.නමට තාත්තා!

    ReplyDelete
  25. @ඪිනෙශ්-හ්ම්...ගොඩක්. ඒත් දරුවො ටිකත් හොදට හදාගන ජීවත් වෙන තාත්තලත් ඔය අතරේ ඉන්නව අතලොස්සක් දෙනා.

    @ඇනොන්ය්මොඋස්-අනේ නෑ.:)

    @කස්සා- ඔව් අපරාදේ දක්ශ ලමයෙක්ලු.

    @පූසා- හ්ම්...මොහෙම දේවලුත් වෙනව.

    ReplyDelete
  26. @මධුරංග- රට යන්නෙනෙත් ආසාවට නෙමේනේ මල්ලි.කීයක් කරි හොයාගන ඇවිත් ගොඩ එන්න.ඒත් ඒ නිසා කොච්චර පවුල් විනාස වෙනවද?බඩු භාණ්ඩ ගෙවල් දොරවල් විතරක්ද? ජීවිතත්!

    @ප්‍රසන්න86ක්-හ්ම්...

    @තීර්ථ යාත්‍රිකයා- ලෝක විනාසේ තමා.

    ReplyDelete
  27. @හංසි- අනේ මන්දා නංගි.

    @dishanrajapaksha- මටත් කියද්දි පුදුම හිතුනා.පව් තමා.

    @˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙-ඔව්.එක අතකින් විභාගේ පැත්තකින් තියල අර ලමය එක්ක ගිය එක නිසා අද ඔහොම හරි ඉන්නව.නැත්තම් මේ වෙද්දි මොනව වෙලා තියෙයිද?

    ReplyDelete
  28. @මගේ කතා- හ්ම්...

    @ADK කොලුවා- ඔව් ගොඩක් අහන්න ලැබෙනව.නීති තිබිල වැඩකුත් නෑ,හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැත්තම්.ඒත් නීතියෙන්ම හැමදේම කරන්න බෑ මල්ලි.දෙමව්පිය දරු ආදරේ කියලදෙන්න නීතියට බෑ.

    @sajith- අවසානේ ඔයා කිව්ව වගේ අවසානයක් වෙන්නත් බැරිනෑ.සංවිධාන නම් එමටයි.කතා කරලා වැඩක් නෑත.

    ReplyDelete
  29. @විසිතුරු- හ්ම්...දුක්බර කවි තමා ගොඩක් කියනන් වෙන්නෙ.

    @නලිනි චන්දිමා- ඇත්ත.මේ පැතිවල ඔය කතා එමට අහන්න ලැබෙනව.අහිංසක ලමයින්ගේ ජීවිතයි අදුරු වෙන්නෙ.පව්

    @සරත් ලංකාප්‍රිය- උල තියන්න තමා වෙන්නෙ එහෙනම්.

    ReplyDelete
  30. @විසිතුරු- ගොඩක් කියන්නෙ වෙන්නෙ ඉතින් දුක්බර කවි තමා.

    @නලිනි චන්දිමා - ඔව්. මෙහෙ පැත්තේ ඔයවගේ සිද්දි එමටයි.සහතික ඇත්ත.සංවිධාන නම් තියනව ඉතින්!

    @සරත් ලංකාප්‍රිය- එහෙනම් ඉතින් උල තියන්න තමා වෙන්නෙ.

    ReplyDelete
  31. මාත් එක්ක ඉස්කෝලෙ A/L පංතියෙ හිටපු දෙන්නෙක් ම ටීකාවන් දාලනෙ (තීර්ථ යාත්‍රිකයා, sajith),
    ඔය සජිත් ඒ කාලෙ ඉඳලම ගණන් හදන්න දක්ෂයි, Physics ගණන් එහෙම වෙඩි වගේ හැදුවෙ...

    ReplyDelete
  32. @ටී.බී. හේරත්- ඔයාගෙ පන්තියෙම යාලුවො.දැනගත්ත එක හොදා.

    ReplyDelete
  33. දැන් දැන් මිනිස්සු යාන්ත්‍රික වෙන්න පටන් අරන්, ළඟ ඉන්න එකාගේ බෙල්ල කපලා හරි කමක්නෑ සල්ලි හොයන්නයි බලන්නේ, එහෙම වෙන සමාජයක මේ වගේ දේවල් අහන්නලැබෙන එක පුදුමයක් නෙවෙයි, අපි කරන්නෝන මේ දේවල් වලින් ඉගෙන ගන්න එකයි....

    ReplyDelete
  34. @ලහිරු-හ්ම් සහතික ඇත්ත.

    ReplyDelete
  35. ඔතන තනිකරම බීමත්කම නෙමේ ලංකාවේ තියෙන සෙක්ස් කියන ප්‍රශ්නේ.... සල්ලී දීලා තමන්ට ඔන වැඩේ කරගන්න බෑ හිතේ බය සැක නැතුව..අනිත් එක ගාණට මිම්මට කොටුවක්වත් පැන ගන්න හිතේ දහිරිය නැති කම. එතකොට ඉතින් අර අහක ඉන්න පොඩි එවුන් ඕවට ගෑවෙනවා තමා... දැන් මේකෙ නම ගම නොදා කියපු කතන්දර ටික නම් ගම් එක්කම යාළුවගේ අම්මලා සෙට් උනාම කතා කරනවා ඇති නේද....? අපි වස කියලා දෙයක් ගැන නොදැන හිටියනම් සියදිවි නසා ගන්න පාවිච්චි කරන්නේ නෑනේ. අනේ අපොයි කියලා මේ රටේ තාත්තලා දූලා රේප් කරනවා කියලත් හැමෝටම දැන ගන්නත් එක්ක ලිව්වාහම. ඒ ගැන අහලවත් නැති එකෙක්ට ඒ ගැන මොනවා හිතෙයි ද ? ඒ මදිවට කොල්ලෙකුයි කෙල්ලෙකුයි පැනලා යන එකත් මැජික්නේ. ?

    ReplyDelete