Saturday, May 21, 2011

පව් සිද්ද වෙනවද?


දන්න අය දන්නව ඇති 176 කියන්නෙ සතියෙ වැඩ කරන දවස් වලට ගොඩක් සෙනග ඉන්න බස් යන රූට් එකක් කියල.මමත් කාලයක් නුගේගොඩ පාලම යටින් 176යේ නගිනවා.

එපා කරපුම වැඩේ තමා බසේ එකේ යනඑක.පයින් යන්නත් හිතුන වෙලාවල් ඕනෙ තරම්,ඒ තරම් බස් වල සෙනග උදේට.

ඔන්න දවසක් උදේ වැඩට යන වෙලාවෙ 176යේ බස් එකක් එනව.කට කපල සෙනග.මොනා කරනන්ද ඉතින් වෙලාවට යන්නත් එපැයි.හරියට සැමන් වගේ පැක් වෙලා ටිකක් හැරෙන්නවත් ඉඩක් කඩක් නෑ.

බස් එකට නැග්ගහම තමා දැක්කෙ හාමුදුරුවො දෙන්නෙක් වාඩිවෙලා ඉන්නව අර පූජ්‍ය පක්ශයට වෙන් කරපු ආසනේ.ලංකාවේ හාමුදුරුවො දෙන්නෙක් නෙමේ පෙනුන හැටියට සුදු හාමුදුරුවො දෙන්නෙක්.

ඔන්න තවත් ටිකවෙලාවක් යද්දි  කීපදෙනෙක් නැග්ග නිසා ටිකක් බස් එක ඇතුලට යන්න වුනා.ගිහින් නැවතෙන්නෙ වුනේ අර හාමුදුරුවො දෙන්න හිටිය සීට් එක ලග.

එතනින් එහාට කකුලක් වත් හොල්ලනව බොරු,ඒ තරම් පැක් වෙලා හිටියෙ.ඒත් එක්කම එතන හිටපු මනුස්සයෙක් කියපි, හාමුදුරුවන්ගෙ ඇගේ ගෑවෙන්නෙ නැතුව ඉන්න!... කියල.

එතන හිටපු මිනිස්සු ඔක්කොම මම් දිහා බැලුව.ඒත් මම් හිතන්නෙ ගොඩක් අයට තේරුනා ඉඩනැති නිසා මට එතන ඉන්න වුනා කියල.මට කරගන්න දෙයක් නෑ,අයින් වෙන්න තියා හැරෙන්න වත් ඉඩක් නෑ.හොදවෙලාවට බහින තැන ලංවෙලා තිබ්බ නිසා අමාරුවෙන් බැහැල ගියා මම්.

ඒත් මට වෙච්ච දේට ගොඩක් දුක හිතුන.මම් හිතල කරපු දෙයක් නොවුනත් ඒ මනුස්සය කිව්ව දේ මගෙ හිතට වද දුන්න.මගෙ හිතක වත් තිබුන දෙයක් නෙමේ ඒ මනුස්සය කිව්වෙ.කීපදෙනෙක් ගෙනුත් මම් අහල බැලුවා.

සමහරුනම් කිව්වෙ ඔයා හිතල එහෙම දෙයක් කරපු නැති නිසා ඔයාට පව් සිද්ද වෙන්නෙ නෑ කියල.ඒත් එක්කෙනෙක් කිව්ව,ඔයා එහෙම දෙයක් හිතල කරේ නැතිවුනාට ඒ හාමුදුවොන්ට වෙන හැගීමක් දැනුනොත් ඒක ඔයාට පවක් කියල.අනේ මන්ද?... මටත් වෙන දේවල්...

33 comments:

  1. හාමුදුරුවන්ට වෙන වැඩ නෑනේ මේ මෙයා ගැන හැගීම් පහලකර ගන්න.ඕන්නම් ඒ වෙලාවෙ ඒ හාමුදුරුවො පිළිකුල් භාවනාව කරන්න ඇති. :P

    ReplyDelete
  2. මට නම් තේරෙන්නේ නෑ හාමුදුරු කෙනෙකුගේ ඇඟේ ගෑවුනාම සිද්ද වෙන පාපේ.

    අපේ රටේ දැන් වැඩියෙන් ඉන්නේ (හිතේ අහලක වත් බෞද්ධ කමක් නැති උනාට )බෞද්ධ ලාංඡනේ ඉස්මුදුනේ ගහගත්තු උපාසකවරු නිසා ඒ උපාසක මහත්තයාට අවුල් යන්න ඇති . .

    ඒත් හාමුදුරුවෝ නම් කිසි ගානක් නැතුව අනේ මේ මිනිස්සු කොයි තරම් අමාරුවෙන්ද බස් එකේ යන්නේ කියලා හිතන්න ඇති

    ReplyDelete
  3. සීතලයා කිවුව දේ හරි වගේ...!

    ReplyDelete
  4. ඔයා ඔය ගැන හිතන්න එපා නංගි, ඔයාට පව් සිද්ධ වෙන්නෙ නැහැ, චේතනාව තමා කර්මයට මුල් වෙන්නෙ, ඔයාගේ එහෙම නරක චේතනාවක් තිබුනෙ නැති නිසා ඔයාට එහෙම පවක් සිද්ධ වෙන්නෙ නැහැ.

    හාමුදුරුවන්ට එහෙම හැඟිමක් ඇති වුනා නම් ඒ පව හාමුදුරුවන්ට ඔයාට නෙමේ. මොකද ඔයාට එහෙම චේතනාවක් තිබුනෙ නැති නිසා.

    අර මනුස්සයා කියපු කතාව ගැන කියන්න තියෙන්නෙ, මොලයක් නැති බූරුවෙක් කියන එක තමා.

    ReplyDelete
  5. අක්කෙ කිසිම පාපයක් නැ..පව තියෙන්නෙ ඕව හිත හිත කර ගහ ගෙන ඉන්න අයගෙ හිතේ..අහල ඇති නෙ අර සෙන් කතාව හාමුදුරු දෙන්නෙක් යනකොට ස්ත්‍රියකට දියපාරකින් ගොඩ වෙන්න උදව් කරපු හාමුදුරු නම හා අනේක් හමුදුරු නම අතර ඇතිවුන කතාව.

    ReplyDelete
  6. සුපර් මාකට් හන්දියෙන් බස් එකක් ගත්ත නම් ඉවරයි නේ.. 176 වැඩිය 138 සෙනග වැඩියි.. රූට් දෙකේම ඕන තරම් බස් තියෙනව බස් නැති රූට් වල තමයි ඔච්චර මැරීගෙන යන්න ඕන..

    ReplyDelete
  7. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ

    ReplyDelete
  8. එහෙම පව් සිද්ද වෙනවා නදී ඔයා ඒක හිතලා කරානම් එහෙම හිතලකරෙ නෑනෙ .එතකොට කොහොමද පව් සිද්ද වෙන්නෙ(මම දන්න විදිහට)

    ReplyDelete
  9. නෑ අක්කා මටත් හිතෙන්නේ නෑ පවක් සිද්ධ උනාය කියලා. අක්කගේ හිතේවත් ඒ හාමුදුරුවන්ගේ සිතේවත් සිතුවිල්ලක් පහල උනේ නැත්නම් පවක් සිද්ධ වෙන්නේ කොහොමෙයි.

    ඔහොම කතාවක් අහලා තියෙනවා මම්. දවසක් පාලම් පාරුවකින් එගොඩට ගියපු හාමුදුරු නමක් පාරුවෙන් ගොඩට එන්න කියලා බවලතෙකුට අත දෙනවා. ඒක බලාගෙන හිටපු පොඩි නමක් (හෝ ගැමියෙක්) මේ කතාව පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙ කනේ තියනවා. ලොකු හාමුදුරුවෝ ඊට පස්සේ අදාල හිමි නම කැදවලා මේ කතාවේ ඇත්ත නැත්ත විමසනවා. ඒ හාමුදුරු නම කිව්වේ "මම් ඒ ගෑනු කෙනාව ගගෙන් එගොඩ කරලා ඉවුර ලග දාලා ආවේ. මේ සිද්ධිය දැකපු පොඩි නම (හෝ ගැමියා) තාමත් මේ ගෑනු කෙනාව කරේ තියන් ඇවිදින්නේ ඇයි"

    ඔන්න ඔච්චරයි සිද්ධිය. පවක් වෙන්නේ අපේ හිතෙන්. මම වැරදි නම් නදී අක්කා මා නිවැරදි කරත්වා !!!!!


    (ගෙදර ගිහින් අදයි ආවේ. බ්ලොග් අවකාශයේ ගොඩක් දේවල් මේ ටිකට සිද්ධවෙලා වගේ.)

    ReplyDelete
  10. මොන විකාර කතාවක්ද ඒක, ඔහොම පව් සිද්ද වෙනව නම් මේ ලෝකෙ එක මනුස්සයෙක්වත් අපායෙන් මෙහා නවතින්නෙ නෑ. ඔයා ඔය මෝඩ කතා ගනන් ගන්න එපා.

    ReplyDelete
  11. මම හිතන විදිහට හිතලා නොකරපු දෙයක් නිසා පවු සිද්ද වෙන එකක් නෑ.. ඒනිසා ඕක ගැන වැඩිය හිතන්න එපා...

    ReplyDelete
  12. ඔන්න ඕකට තමයි නදී කියන්න අන්ද භක්තිය කියල.. ඔයවගේ අන්තයට ගිහින් අනුන්ට උපදෙස් දෙන්න යන මිනිස්සු බොහොමයක් තමා දිහා බැලුවොත් අප්‍රසන්න මිනිස්සු. බුදුන් වහන්සේ දේශනා කලේ හැමදේටම හිත ප්‍රදානයි කියල. චේතනාහන් භික්කවේ කම්මන් වදාමි.. චේතනාව නැති තැන කර්මයක් නැත. ක්‍රියාවක් නොකලත් චේතනාව අයහපත් නම එය අයහපත් ක්‍රියාවක් කලා හා සමානයි.. අල්ලලා දාන්න .. වැදී බන,...වඳුරු බන කියන මිනිස්සු අර කොට ගවුම තහනම් කරන්න කතා කලා එක්කෙනා හිටිය කියන්නේ ගණිකා නිවාසයෙනේ !!

    ReplyDelete
  13. "චේතනාහං භික්ඛවේ කම්මං වදාමි" කියලයි බුදු සාදු කීවේ ගනන් ගන්න එයා අක්කේ

    ReplyDelete
  14. ඔයාට කියන්න තිබුනෙ මම නම් හාමුදුරුවන්ගෙ ඇඟෙන් අයින් උනා ඇන්ටි තමා තාම හාමුදුරුවන්ගෙ ඇඟේ ඇලිලා ඉන්නෙ කියලා.

    ReplyDelete
  15. @සීතල අයියා- වෙන්න ඇති සමහර විට.

    ReplyDelete
  16. හිත තමා පවසහ පින කෙරෙහි බලපාන ප්‍රධෘනම දේ...

    ReplyDelete
  17. @දුකා- සමහර විට මම් ගෑනු කෙනෙක් නිසා එහෙම කිව්වද දන්නෙ නැ.

    ReplyDelete
  18. @චතුවා (ළමයා)- වෙන්න පුලුවන්

    ReplyDelete
  19. @කල්හාර දිසානායක- ඔව් හැමදේටම මුල් වෙන්නෙ හිතනේ.කවුරු මොනව කීවත් මම් දන්නවනෙ,මම් වැරෑද්දක් කරේ නැ කියල

    ReplyDelete
  20. @පැන්ඩා- ඔව් මම් ඒ කතාව අහල තියනව

    ReplyDelete
  21. @Naveen Madhawa- අනේ මන්ද මම් යන වෙලාවට නම් සෙනග.උදේ 8-8.30 අතර.

    ReplyDelete
  22. @ටී.බී. හේරත්- ටී බී මල්ලි! සිංහල තේරුමත් එක්ක දැම්මනම් නේ හොද?

    ReplyDelete
  23. @Theekshana- ඔව් එහෙම නේද?

    ReplyDelete
  24. @මධුරංග- ඔව් මල්ලි හැමදේටම හිත තමා මුල් වෙන්නෙ.මම් ඒ කතාව අහල තියනව.
    ඔයා හිටියෙ නෑනෙ.මම් ඒත් බැලුව විභාගෙ තාම ඉවර නැතුව වත්ද කියල.

    ReplyDelete
  25. @Ravi- මම ඒ වෙලාවෙ ටිකක් කලබල වුනා.ඇයි මෙහෙම වුනේ කියල.

    ReplyDelete
  26. @Dinesh- ස්තූතියි කොමෙන්ටුවට.

    ReplyDelete
  27. @සරත් ලංකාප්‍රිය- "චේතනාහන් භික්කවේ කම්මන් වදාමි.. චේතනාව නැති තැන කර්මයක් නැත. ක්‍රියාවක් නොකලත් චේතනාව අයහපත් නම එය අයහපත් ක්‍රියාවක් කලා හා සමානයි.."

    එසේමයි.

    ReplyDelete
  28. @සුදු හංසි- ඔව් නංගී මම් තේරුම් ගත්තා.

    ReplyDelete
  29. @පිණිබිඳු...- මම් මොනවත් කියන්නෙ ගියේ නැ.ඈත් වෙලා ඉන්න උත්සහ කරා විතරයි.ඇන්ටි කෙනෙක් නෙමේ,පිරිමි කෙනෙක් තමා එහම කිව්වෙ.

    ReplyDelete
  30. @සෝරෝ- ඇත්ත සහෝ...

    ReplyDelete
  31. පුද්ගලයාගේ කාමය යනු හිතේ ඇතිවන සංකල්පමය රාගයක්(කැමැත්තක්)

    ReplyDelete
  32. @ටී.බී.- හ්ම්...ඔව්නේ

    ReplyDelete
  33. සමහර විට නෙමෙයි.එහෙම තමයි. :=))

    ReplyDelete