සාලෙ තිබ්බ පුටු කකුලක එතිල ඉදල, මෙන්න ආයම යනවා |
මේ දවස් වල ඉස්පාසුවක් නැතුව ගොඩක් අය වෙසක් එකට ලෑස්ති වෙනව.මමත් ඉතින් වෙසක් එක වෙනුවෙන් ගෙදර ඉස්සරහ අඹ ගහේ එල්ලන්න කියල වෙනදා වගේ වෙසක් කූඩු හද හදා හිටිය,තව දවස් 2යිනේ තියෙන්නෙත් හරියටම වෙසක් එකට.ගෙදර එහා මෙයා යද්දි තමයි මෙන්න මෙයා එකපාරටම කකුලට පෑගුනේ.
යන ගමන්.. |
අදුරනවද?... බලන්න කවුද කියල ,ගැරඩි පැටියෙක් නම් නෙමේ...අනික අර කලු පාර ඉරි ඉරිත් තියනව...මම් නම් අදුර ගත්තෙ නෑ,හිමීට හිමීට සාලෙට ආව,ටිකක් වෙලා බලන් ඉදල තමයි මම් මේ පින්තූරෙ ගත්තෙ ,ෆෝන් එක අතේ තිබ්බ නිසා.බයවෙච්ච තරමට කරන්න ඕනෙ මොකද්ද කියල හිතාගන්නත් බැරිවුනා.මොකද ඒ වෙද්දී ගෙදර හිටියෙත් මම විතරයි.
එලවන්න ගිහින් කෑවොත් කියන බය ඇතිවුනා,මරන්න ඕනෙ කියල නම් හිතුනෙ නෑ.මොකද මන්ද?...ඒ වෙලේ අතට අහුවුනේ ලගපාත තිබ්බ කොස්ස.කොහොමහරි තල්ලු කරගන ගිහින් සාලෙන් එලියට දැම්ම.එතනින් මිදුලට,මිදුලෙන් ගේට්ටුව ඇරල කෙලින්ම පාරට.වෙන කරන්න දෙයක් හිතාගන්න බැරිවුනා.මරන්න බෑනෙ :/
ගෙදර කට්ටිය ආවට පස්සෙ ෆොටෝ එකත් පෙන්නල විස්තරේ කිව්වා.එයාලටත් පුදුමයි කොහොම ගේ ඇතුලට ආවද කියල,අනික එළියෙ කුනුගොඩක් වත් නෑ.මේ කාලෙ පෑවිල්ල නිසා සත්තු වතුර හොයන් එනවලු,කවුද දන්නෙ කොහෙහරි යන ගමන් මෙයාට මාවත් බලල යන්න හිතුනද කියල.
ඔහොම තමා අක්කා කැලෑ අස්සේ ගෙවල් තියෙද්දී.. ඔය දුෂ්කර ගම්මානනේ.. මේ පැති වල නම් සර්පයෙක් පාරට දැම්මා කියන්නේ ඌට බඩුම තමා.. තත්පරේට ෆ්ලැට්.. ඔයා ඉන්න පලාතේ වාහනයක් යන්නේ මාසෙකට සැරයක්ලුනේ.. ඒ නිසා ඌ කොහොමත් මැරෙන්න නැතිව ඇති.. කැලේටම යන්න ඇති නේද?
ReplyDeleteබලාගෙන මචෝ ඕකා පැටියෙක්නම් තව පැටවු කීපයක්ම ලඟපාත ඉන්න බැරි නෑ සර්පයෝ එක පැටියයි නෙවේ බිහිකරන්නේ !.. රෑට නිදාගන්න කලින් ඇඳේ මෙට්ට අස්සේ ඇඳ යට අහු මුලු වල බලනවා හොඳයි .. මම මේ අද්දැකීමෙන් කියන්නේ ..
ReplyDeleteමොකා වුනත් මරපු නැති එකනං අගය කල යුතුයි ..........
ReplyDeleteඇණකොන්ඩා පැටියෙක් නේද ? අනේ හරි හුරතල් පාටයි
ReplyDeleteමට නම් අදුර ගන්න බෑ සර්පයා මොකෙද්ද කියලා.. මොනවා උනත් අනතුරක් නොවුන එක නම් හොදයි...
ReplyDeleteපේන විධියට නම් මේකා මාපිලා, උඝ්‍ර විෂ සහිත නෑ. මේ දවස් වල තියන පෑවිල්ල නිසා වතුර හොයාගෙන එන්න ඇති. කොහොම උනත් ඌට අභය දානය දුන්න එක නම් ඉතාම හොඳයි.
ReplyDeleteඔයාට පෑගුනාට පස්සෙ ඌ යහතින් ඉන්න එක ගැනනම් සතුටුයි :P
ReplyDeleteටිකිරිලියා (කියල තමා හිතාගෙන ඇත්තේ) බලන්න දියබරියෙක් ඇවිත්... කකුල කෑවනම් නම් වැඩේ...
ReplyDeleteමූනම් විෂ ගෝර සර්පයෙක්!
ReplyDeleteපේන්නැද්ද ඉරි, ඒ වගේම ඔළුවත් ත්‍රිකෝණාකාරයි!
මාපිලෙක්ද මංද :D
සර්පයාගේ ප්‍රමාණය කොහෙමද? බලන්න මේ විස්තර වලින් අඳුනගන්න පුළුවන්ද කියල
ReplyDeleteදිග, මහත වගේ විස්තර. මොකද පින්තූර පැහැදිලි මදි හරියට අඳුන ගන්න.
තව දෙයත්. මෙයා විෂඝෝර සර්පයෙක් නම් වෙන්න බෑ. ලංකාවේ ඉන්න විෂඝෝර සර්පයින් එක් අයෙකුගේ හෝ ලක්‍ෂන පින්තුර වලින් පේන්නේ නෑ.
ReplyDeleteහොඳ වෙලාවට මම හිටියේ නැත්තේ....
ReplyDeleteමරපියව්..කොටපියව්..කාපියව්
ReplyDeleteඔය වෙන මොකෙක්වත් නෙවෙයි.....නදීගෙ පිරිමි සතා :P :P.....
ReplyDeleteමරපු නැති එකනම් ලොකු දෙයක් අහිංසක සත්තු කව්රුත් කැමති ජිවත් වෙන්නනේ අක්කේ.කොහොම හරි ගෙදර බිමට ටයිල් අල්ලලා තියෙන්නේ කියල කියා ගත්තානේ :p
ReplyDelete@චතුවා (ළමයා)- මැරෙන්නනම් නැතුව ඇති.ඔව් අපි ඉන්නෙ රූරල් ඒරියා එකකනෙ මොනා කරන්නද?ඔයා වගේ කලම්බු 7 වල වත් හිටියනම් :)
ReplyDelete@හිස් අහස- ස්තූතියි උපදෙසට.ඔව් පැටව් තව ඉන්න පුලුවන්.එදාම ගේ කනපිට පෙරලල අස් කරා.
ReplyDelete@කල්හාර දිසානායක- ඔව් අය්යෙ මරන්න හිතුනෙනැනෙ.
ReplyDelete@Chanaka Aruna Munasinghe- මොන ඇනකොන්ඩෙක්ද හලෝ.සත්තුවත්තටත් කොච්චර දුරද?වෙන්න බැ.
ReplyDelete@Dinesh -අපි සත්තුන්ට හිංසා කරන්නෙ නැනෙ.ඉතින් අපිටත් හිංසාවක් වෙන්නෙ නැ ඒනිසා.
ReplyDelete@ටී.බී. හේරත්- ඔව් මාර පෑවිල්ලක්නෙ තියෙන්නෙ.
ReplyDelete@තාරක ඪිල්ශ්@න්-හික්...ලාවට කකුලෙ වැදිල ගියා.
ReplyDelete@prasanna86k- කකුල කෑවනම් මරහඩ දීල හූ කියනව වෙන මොනව කරන්නද? :)
ReplyDelete@සසීන්ද්‍ර වීරසිංහ- ඒ වගේද?සර්පයො ගැන මගෙ දැනුම අඩුනෙ,ගැරඩියා නම් අදුරනව :/
ReplyDeletepriyantha -කුඩා ප්‍රමාණයෙ එකෙක්.මම් හිතන්නෙ පැටියෙක්.අය්යගෙ ලිපි ටික කියෙව්වා.බොහොම වැදගත් ඒ ලිපි ටික.මම් හිතන්නෙ අර කලු වයිරම් තියයෙන්නෙ මේකගෙ පිටේ,මේකා නිදි මාපිලෙක්.ඒත් ඇයි ඒකට "නිදි"මාලිපා කියන්නෙ?නිදි වගේ ඉන්න නිසාද ඇස් පියාගන.?
ReplyDelete@තටු සිඳුනු සමනළියක්....- ඔයා හිටියනම් බය වෙලා හූ කියයි :)
ReplyDelete@රත්ගමයා- අපෝ රතෝ... මොකද්ද ඒ භාශා විලාශය?
ReplyDelete@මදුශාන්- ඇහ් මොකක්.
ReplyDelete@අපරාජිතයා :::: Aparajithaya- ඔව් මට ඒකව මරන්න හිතුන්නෙ නැනේ.අනික කොහොමද මරන්නෙ :/.ඇහ්...එහෙමත් එකක් පේනවද, ටයිල් කෙරුව කියල කියාගන්න ඕනෙ වුනා කියල.?මිදුලට අරන් ගිහින් ෆොටෝ ගන්න ගියානම් ඒකා මාව කාල තමයි නවතින්නෙ.
ReplyDelete@නදී... අර ඉන්නෙ අප්පා හරකගෙ ගැනු සතා එල දෙන...ඔටුවගෙ ගැනු සතා ඔටු දෙන වගේ මේ නදීගෙ පිරිමි සතා :P :P නමක් දාමු?
ReplyDelete@මදුශාන්- පිස්සුද? :)
ReplyDeleteහික් හික් අහන්නත් දෙයක්ද? :P :P........
ReplyDeleteඩෙෆා කරවලයෙක්(krait).sri lankan krait?ද indian krait? ද කියලනම් ඈතට අදුනගන්න අමාරුයි.උග්‍ර විශ සර්පයෙක්.පෑටියෙක් වගෙයි.මරුවෙ නෑති එකනම් වටිනව, නෑතිවෙගෙන යන සත්තුනෙ......
ReplyDeleteමට හිතෙන හැටියට ඔය මල්සරාද කොහෙද.මල්සරා මෙයාට බැල්ම හෙලන්න ගිහිල්ලා ඔය ලැබිලා තියෙන්නෙ.පව් අසරණයා.එක්කො ලස්සන කෑල්ලකට බැල්ම දාන්න ගිහිල්ලා මැරුණනම් දුකවත් නෑ.මේ බතලිට?උගේ ඇස් පොට්ටද මංදා..ROFL...
ReplyDelete@මදුශාන්- ඒකනම් ඇත්ත වගේ පේන්නෙ :)
ReplyDelete@sajith- අනේ මන්ද මටනම් හරියටම අදුරගන්න බෑ.අර ප්‍රියන්ත අය්ය දාල තියන ලිපි ටික බැලුවම නම් හිතුනේ ඒ නිදිමාපිලෙක් කියල.ඒ වගේම වයිරම් තියෙන්නෙ මේකගෙ පිටෙත්.කලුපාටට.
ReplyDelete@සීතල අයියා- මල්සරා කියන්නෙ වෙන සර්පයෙක්ට.අන්න ප්‍රියන්ත අය්ය ලින්ක් එකක් දාල තියනව ඕනෙ නම් බලාගන්න.කවුද මැරුවෙ මේ සතාව.මම් එහෙම කරේනැ.ඌට යන්න ඇරිය.
ReplyDeleteමේ සර්පයා කොබෝ නයෙක්. අහල පහල කුණු ගොඩකුත් නැත්තන් කොබෝ නයෙක් වෙන්නම ඕනෙ
ReplyDelete@Chanaka Aruna Munasinghe- අහ්...මම් එහෙම එකෙක් ගැන අහල වත් නැ?
ReplyDeleteකොබෝ නයි කියන්නෙ පියාඹන්න පුළුවන් නයෝ ජාතියකට. අහල පහල කුණු ගොඩක් නැත්තන් ආවෙ පියාඹගෙන වෙන්න ඕනෙ
ReplyDelete@Chanaka Aruna Munasinghe- අහල පහල ගෙදරකින්(වත්තකින්) ආවද කවුද දන්නෙ? මේ දවස්වල රස්නේ උන්ටත් දරාගන්න බැරි ඇති.
ReplyDeleteනෑ මං කිව්වෙ මැරුනත් දුක නෑ කියලා.කොසු පාර හරි කෑවනෙ. :'(
ReplyDeleteඅම්මෝ ඔයාලගේ ගෙවල් පැත්තෙන්වත් යන්න හොඳ නැහැ. හරි "හයානකයි" නේ ඔයාලගේ ගෙවල් පැත්ත..................... :))
ReplyDelete@සීතල අයියා- කොස්සෙන් ගැහුවෙ නැ හලෝ.තල්ලු කරන් ගිහින් විසික්ක පාරට :/
ReplyDelete@Hasitha- එහෙම එකක් නෑ මල්ලි.මේ ඉන්නෙ අපි යස අගේට :).උනුත් ඉන්න එපැයි.
ReplyDeleteමේකා ගීතා කුමාරසිංහ ලගට අරන් ගියානම් .......
ReplyDelete@JHOTHISHALANKA- පිස්සු හැදෙයි අය්ය :) .මම් ඒ වීඩියෝ එක දැක්ක.ජීවිතේට නයෙක් දැකල නැවගෙනෙ උඩ පැන්නෙ.හෆොයි:පි
ReplyDeleteමොකක්ද ඔය කියන ගීතා කුමාරසිංහගෙ වීඩියෝ එක. ලිංක් එකක් දුන්නනම් අපිටත් බලන්න
ReplyDelete@Chanaka Aruna Munasinghe- ඉන්නකො දෙන්නම්.
ReplyDeletehttp://www.youtube.com/watch?v=-_oMIU296Gg&feature=player_embedded
Dance Star Dance Cobra කියල යූ ටියුබ් එකේ බලන්නකො
ඔන්න සර්පයා, මෙන්න පොල්ල
ReplyDeleteඔන්න මමනම් කියන්නේ නෑ
මරන්න කියල
@SAMEERA- හික් මමත් මැරුවෙ නෑනේ ඉතින් ඒකව
ReplyDeleteඅපොයි බලන්නම වටින එක්කෙනා නේ. වතුර බොන්න වෙන්ටෑ ඇවිත් තියෙන්නේ. කොහෙද අක්කා වතුර ටිකක්වත් නොදී එලවගෙන නේ. මරපු නැති එක හොදා.
ReplyDelete@මධුරංග- අපෝ වතුර හොයාගන බොන්නැතැ.වතුර දෙන්න ගිහින් කවාගන්න මට බැ.:)
ReplyDeleteමේකානම් මාපිෙලක් වගේ
ReplyDelete