Friday, May 20, 2011

හීනෙන් පාවෙලා තියනවද?


ඒ උසස්පෙළ විභාගෙට සූදානම් වෙන අවසාන කාලේ.සමහර දවස වල පාන්දර 1ක 2 ක වෙනකම් පාඩම් කරා,ගනන් හැදුවා.රිවිශන්-තියරි ටියුශන් ක්ලාස් වල වැඩත් එක්ක පාඩම් කිරීමත් දිගටම කරගන ගියා.

ආය කියන්නත් දෙයක්ද හැමෝම දන්නවනෙ ඉතින් උසස් පෙළට කට්ටිය මහන්සි වෙන තරම.කොහොම හරි ගොඩ යන්නමනෙ ට්‍රයි එක දෙන්නෙ එක පාරින්ම.ඒ දවස් වල පාඩම් කරල ඉවර වෙනකම් වගේ අප්පච්චිත් ඇහැරල ඉන්නවා සති අන්ත පත්තර බලබල.

අනික සමහර දවස වල මහන්සියට දන්නෙම නැතුව නින්දත් යනවා.එක්කො මේසෙ උඩ නැත්තම් ඇදේ,පොතක් දිග ඇරගත්තු ගමන්.

සමහර වෙලාවට නින්දෙන්මත් කියනව අප්පච්චි ලයිට් එක නිමන්න...! කියල.පස්සෙ තමා තේරෙන්නෙ අහ්...ලයිට් එක නිමලනේ... කියල.

ඒ දවස් වල තිබ්බ තව ලෙඩක් තමයි පාවෙන එක.මෙහෙම කිව්වම සමහරු හිතයිද දන්නෙ නැ...බොරුවක් කියනව කියල.ඒත් හීනෙන් හරි මෙහෙම දෙයක් සිද්ද වුනා.

ඒ කියන්නෙ මට හොදට තේරෙනව නින්දෙ ඉන්නෙ කියල.හිටපු ගමන් පාවෙන්න පටන් ගන්නව වගේ වෙනව.

ඒත් එක්කම තේරෙනව මම් මේ ඉන්නෙ ඇදේ නින්දෙ කියල,ලොකූ බයක් දැනෙනව ආය "බාගන්න" (පහලට එන්න) බැරිවෙයි කියල. පහලට එන්න උත්සහ කරත් ඒක වෙන්නෙ නැ.

මට මතකෙ හැටියට කාමරෙන් සාලෙටත් ඔහොම ගිහින් තියනවා.ටික වෙලාවටකින් ආයම සාමාන්‍ය තත්වෙට  පත් වෙනව.ඒ කියන්නෙ එහෙම්මම නින්ද යනව ඇති.අනේ මන්ද?

මේ වෙනකන් කාටවත් මේ කතාව කියල නෑ.දවසක් System 40 යාලුව ඔය වගේම විස්තරයක් කිව්ව එයාට වෙච්ච.එයාත් පාඩම් කරන කාලෙ ඔහොම දෙයක් වුනා කියල.


එයත් කාටවත් කිව්වෙ නෑලු ඒ වෙනකම්,මොකද කිව්වත් කවුරුත් විශ්වාස කරන එකක් නෑ කියල.කිව්ව විදියටනම් ගොඩක් මහන්සියට නිදි මැරුවම ඔහොම වෙන්න පුලුවන් ලු.

හැබැයි ඊට පස්සෙ නම් එහෙම දෙයක් වුනේ නෑ.වෙලාම බලන්න ඕනෙ එහෙම එකක්!... අම්මෝ දැනෙන බය...

30 comments:

  1. මේ.. මටත් ඔහොම දැනිලා තියෙනවා හරිද.. ආය මං මාර ආසයි හීනෙන් කඳු, ගස් උඩ ඉදලා බිමට පනින්න.. එතකොට මහ අමුතු විදියට මට දැනෙනවා.. :D

    ReplyDelete
  2. ඕන්න... ඔයාගේ ඈස්ට්‍රල් බොඩි එක පියාඹනවා... ඇස්ට්‍රල් එක ඈ... බලාගෙන අල්ලපු වත්තට ගියොත් කම්මුතුයි අක්කේ...

    ReplyDelete
  3. හීනයක් ඇතුලෙ හීනයක් දැකලා තියෙනවද?

    ReplyDelete
  4. මගේ යාලුවෙක් හිටියා ඔය පාවෙන ප්‍රශ්නය තිබ්බ. ඒ දවස් වලනම් ඕකට හේතුව පැහැදිලි කරන්න පොර දැනගෙන හිටියෙ නැ. පොරට පොඩ්ඩක් නින්ද ගිය ගමන් ඔය පාවෙන දේ වෙනවා.

    ReplyDelete
  5. මාර සීන් එකනෙ ........ මට නම් කවදාවත් වෙලා නැහැ .....

    ReplyDelete
  6. මටත් ඔය පාවෙන සීන් එක නං වෙලා තියනවා

    ReplyDelete
  7. අම්මෝ ඒ අතින් මටනම් ඔය ප්‍රශ්න නැහැ නිදාගත්තොත් මලා වගේ තමයි.....

    ReplyDelete
  8. මම නම් තාම පාවෙලා නම් නෑ.
    ඒත් ඇහැ පියවුනු වෙලේ ඉදන් හීන නම් පේනවා ඉවරයක් නැතුව.
    නිකම් නෙවෙයි..Colour full ඒවා.

    ReplyDelete
  9. Nadee ඔන්න ඔය පාවෙලා යන ක්‍රමය හුදී ජන ලාම්පු කණගාටුව සඳහා ලියන්නකෝ මේකේ.. මට සමහර වෙලාවට රෑට ඇහැරෙනවා.. වතුර එකක් බොන්න යන්න ඕන නැත්නම් සරීරක්රුත්‍යයක් කරන්න යන්න ඕන .. කම්මැලිකමට ඔහේ නිදා ගන්නවා .. සමහර වෙලාවට ෆෑන් එක නිමන්න ඕන නැගිටලා යන්න කම්මැලියි.. ඔන්න ඔය වෙලාවට ඔය පාවෙලා යන ක්‍රමේ නියමයිනේ !!

    ReplyDelete
  10. @චතුවා (ළමයා)- හෙහේ...ගස් කදු උඩනම් නැගල නෑ හීනෙන්

    ReplyDelete
  11. @prasanna86k- අල්ලපු වත්තට? එච්චර දුරකට නම් ගියෙ නැ.උපරිම දුර සාලෙට තමා

    ReplyDelete
  12. @හරී -හීනයක් ඇතුලෙ ගීනයක් දැකල නම් නැ.හැබැයි හීන වෙන දවස් වලට කන්ටිනිව් වෙච්ච අවස්ථා නම් තියනව.ඒ කියන්නෙ අද බලපු හීනෙ ඉතුරු ටික වෙන දවසක පේනව.

    ReplyDelete
  13. @ශ්‍රී- මමත් හරියටම හේතුවක් දන්නෙ නැ.මහන්සියට කියල තමා හිතන්නෙ

    ReplyDelete
  14. @කල්හාර දිසානායක- ඔයාට මෙහෙම වෙලා නැත්තම් හොදයි.මාර බයක් දැනෙන්නෙ.බාගන්න බැරිවෙයි කියල ශරීරෙ

    ReplyDelete
  15. @තීර්ථ යාත්‍රිකයා- එහෙනම් ඔයාත් පාවෙලා තියනව වගේ

    ReplyDelete
  16. @අපරාජිතයා :::: Aparajithaya- මටත් මළා වගේ නින්ද යනව තමා.හිටපු ගමන් තමයි ඔය පාවෙන එක වෙන්නෙ

    ReplyDelete
  17. @- නිල් අහස - හීන පෙනිල නැති කෙනෙක් හොයාගන්න බෑනේ.කලර්ෆුල් නම් ලස්සන ඇති:)

    ReplyDelete
  18. @සරත් ලංකාප්‍රිය- ඒකනම් නියම වැඩේ.ඒත් පාවෙන්නෙ හරහටනෙ.ඒ කියන්නෙ අපි නිදාගන ඉන්න විදියටමයි. ඉතින් කොහොමද අරවගේ වැඩ්ක් කරගන්නෙ ?ඒකයි ප්‍රශ්නේ?

    ReplyDelete
  19. හොද වෙලාවට අපි මහන්සිවෙලා පාඩම් නොකලේ..

    ReplyDelete
  20. අපායත් ඔය භයානක හීනයක් වගේ, හබැයි අපි කොච්චර උත්සාහ කලත් අපිට ඒ හීනෙන් අවධි වෙන්න බෑ. අපි කරපු පව් ගෙවෙන කල්, කල්ප ගානක් ඔය විදියට භය වෙවී ඉන්න වෙනව.

    ReplyDelete
  21. @පැන්ඩා -හික් හික් මමත් ඉතින් ඔය කීවට හැමදාම ඔච්චර මහන්සි වුනේ නැ.

    ReplyDelete
  22. @ටී.බී. හේරත්- මට හිතාගත්තහැකි.මේකට බය වෙන තරමේ හැටියට අපාය කොයි වගේ ඇත්ද?

    ReplyDelete
  23. ඇත්ත පාවෙනකොට මාරම බයක් දැනෙන්නේ. දවසක් මෝහන වැඩසටහනක පාවෙන්න උනා. අම්මෝ මම් බය වෙච්චි තරමක්.

    ReplyDelete
  24. @මධුරංග- ඔයා මෝහනය වෙලත් තියනවද?

    ReplyDelete
  25. @නදී :
    ඔව් අක්කා අපි ඉස්කෝලේ ඉන්න දවස්වල වත්තල- මාබොලේ නගර සභාවේ තිබ්බ වැඩ මුලුවකට එක්කන් ගිහින් මෝහනය කෙරුවා.

    ReplyDelete
  26. @මධුරංග- මම නම් කවදාවත් මෝහනය වෙලා නැ.

    ReplyDelete
  27. මටත් උනා ඔයවගේ දෙයක් හැබැය් ඉහල ආකාසේ ගියේ

    ReplyDelete
  28. @ඇනෝ- වළාකුලු උඩිනුත් ගියාද?

    ReplyDelete
  29. මමත් ඔහොම හීනෙන් පාවෙලා තියෙනවා. ෂෝයි. මමනම් හරි ආසයි; කඳු උඩින්, කැලෑ උඩින්... ළඟදි වුණේ නෑ. :(

    ReplyDelete
  30. @නලිනි චන්දිමා- හෙහෙ නියමයි.මම නම් ගේ ඇතුලෙන් එලියට පාවෙලා නෑ.උපරිම දුර සාලෙට

    ReplyDelete