මේ වතාවෙ දැයට කිරුළ ප්‍රදර්ශණය පැවැත්වෙන්නෙ අනුරාධපුරයේ ඇලයාපත්තුව - ඔයාමඩුව ප්‍රදේශයේ.ඒ 6 වෙනි දැයට කිරුළ ප්‍රදර්ශණය.අපිට ලග පාත නිසා දවස් 2ක්ම යන්න පුලුවන් උනා.ලග පාත කිව්වට අනුරාධපුරේ ටවුන් එකේ ඉදලා සෑහෙන දුරක් යන්න ඔනේ ඉතින්.මුල්ම දවසේ නම් එච්චරම සෙනගක් හිටියේ නෑ.
කෙලින්ම කාර් එක පාර්ක් එකට දාල බලන්න යන්න පුලුවන් උනා,පොඩ්ඩ දුරක් ඉතින් පයින් යන්න තිබුනා. ප්‍රදර්ශණ භූමියට ඇතුල් උනාම නම් සෙනග ගොඩක් හිටියා,ගොඩක්ම අය යුධ, නාවික, ගුවන්, STF ප්‍රදර්ශණ කුටි වලට තමා බලන්න යන්නෙ.
මාධ්‍ය කුටි වලත් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ ප්‍රදර්ශණ භූමියෙත් සෑහෙන්න සෙනග.ඒ වගේ විශාල ප්‍රදර්ශණයක් අනුරාධපුරේ වගේ පැත්තක අයට දැකබලාගන්න පුලුවන් වෙන්නෙ කලාතුරකින් නිසා වෙන්න ඔනේ මේ තරම් සෙනග හිටියේ.
භූමියේ විශාලත්වය අක්කර 600ක් විතර වෙනව.සෑහෙන ලොකු වපසරියක් එක දවසකින් බලලා ඉවර කර ගන්න බෑ.ගතයුතු දේවල් නම් ගොඩක් තිබ්බ.ඔක්කොම බලාගන්න බැරිඋන එක තමා පාඩුව.
ඔයාමඩුව ප්‍රදර්ශණ භූමියට ඇතුල් වෙන්න තිබ්බෙ ප්‍රධාන පාරවල් 3ක් විතරයි,ඒ නිසා සෑහෙන අපහසුතාවයක් තිබ්බ. විශේෂයෙන්ම වාහන තදබදය.ඈතට යනකම් දිග වාහන පෝළිමක් තිබ්බ.සමහරු ඇවිත් ප්‍රදර්ශණය බලන්න බැරුව ආපහු හැරිලා ගිහින්.
අපි නම් එක දවසින් ප්‍රදර්ශණේ සෑහෙන කොටසක් කවර් කරා.කාල බීල විනෝද උනා.රෑ 10ට විතර ප්‍රදර්ශණෙ බලලා එලියට ආව,කාර් පාර්ක් එකෙන් වාහන එළියට ගන්න බැරුව පැය 4ක් විතර ගතකරා.(කොහොමද කට්ට අෆ්ෆො...).පාන්දර 2ට විතර තමා පාර්ක් එකෙන් එළියට වාහනේ ගත්තෙ ඒ තරන් වාහන තදබදේ.ඒත් ඉතින් මදැයි ටිකට් එකේ හැටියට සෑහෙන දෙයක් බලාගත්තනේ.