Thursday, February 13, 2014

මම ආයෙත් | Started Dating Again - 3




ඒත් දිගටම මම දුකෙන් හිටියෙ, මට ආදරේ ගොඩක්ම ඕනෙ වෙලා තිබ්බෙ. ඒ කාලෙදි මම මගේ ඉලක්ක, බලාපොරොත්තු හැම දෙයක්ම අහිමි කර ගනිමින්, හැම වෙලාවකම එයා ගැනම හිතමිනුයි හිටියෙ. 

මගේ ගෙදර කටයුතු, සමාජ සම්බන්ධකම්, අධ්‍යාපනය සහ අනිත් මගේ ව්‍යාපෘති, ඒ හැම දෙයක්ම සෑහෙන්න අඩපණ වුණා. ඒක නිසා ගිය අවුරුද්දෙ ඉඳන් මම එයාව හම්බ වෙන එක නැවැත්තුවා. දැන් මට කියන්න පුලුවන් මම ආයෙමත්  ප්‍රකෘති තත්වයට ඇවිත් කියල.

දැන් මට ඕනෙ මම ගිය අවුරුදු වල අතපසු කරල දාල තිබ්බ දේවල් ගැන අවධානය යොමු කරන්න, රස්සාවෙ තත්වය උසස් කර ගන්න එක , අධ්‍යාපනය වගේ දෙවල්. මම මගේ පරණ සම්බන්ධකම් ගැන මතක් කළේ , මගේ පළවෙනි , දෙවෙනි සහ තුන්වෙනි සම්බන්ධකම් අතරේ ලොකු කාල පරතරයවල් තිබ්බේ නෑ කියන එක පැහැදිලි කරන්නයි. 

දෙවෙනි සහ තුන්වෙනි සම්බන්ධකම් පටන් ගනිද්දි , පළවෙනි සහ දෙවෙනි සම්බන්ධකම් බිඳිච්ච එකෙන් ඇති වෙච්ච වේදනාවෙන් මං සම්පූර්ණයෙන්ම ප්‍රකෘති තත්වයට ඇවිත් හිටියෙ නෑ. මට ඕනෙ නෑ ඒ දේ නැවත වෙන්න.

ඒක හින්දා මට ඕන උනේ ගෑණු ළමයි කීප දෙනෙක් එක්ක යාලුවො විදිහට එහෙම නැත්තන් අනාගතයේ වෙන්න පුලුවන් විවාහ සහකාරිය විදිහට කතාබහ කරල මගේ හදවතට නිදහසේ සැරිසරන්න ඉඩ දෙන එක අඩුම තරමින් මාස කීපයකටවත් සහ ඒක නතර වෙන්නෙ කොතනද කියල බලන එක. 

මම දන්නවා මේ මට්ටමේදී ඒක ටිකක් අමාරු වැඩක්, අනික මට ඕනෙ නෑ මගෙ අතීතේ හංගන්න. විශේෂයෙන්ම වෙලාවෙ වෙනස හින්දා මේක තේරුමක් නැති දෙයක් වෙන්නත් පුලුවන්.

මම ගෙදර ඉන්න වෙන් කර ගත්ත වෙලාව හැරුන කොට ජිම් එකට යන්න, උයන්න, ඇඳුම් හෝදන්න, පාඩම් කරන්න, ගෙදර පිරිසිදු කරන්න යන වෙලාවත් එක්ක කෙනෙක්  එක්ක සම්බන්ද වෙන්න මට වෙලාවක් හදාගන්න අමාරුයි.

මට හැමදේම තියනව එකක් ඇර, ඒ මගේ හිතේ සතුට, මගෙ ලගට වෙලා මට ආදරය කරන්න කෙනෙක් නැතිකම. ඒත් මට ඕනෙ මට නැති වෙච්චි ජීවිතේ ආයෙමත් මං ලගට ගන්න. සමහර විට එහෙම දෙයක් සදහටම නොවෙන්නත් පුලුවන්, ඒත් මං තාමත් ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නව.

14 comments:

  1. හව් අයි මෙට් යුවර් මදර් වගේ නේ

    ReplyDelete
  2. හිතන්න එපා. හොද විදිහට සියල්ල සිදු වෙයි,
    කෝකටත් මට හදහන එවන්නකො, සිකුරු 7 ට දාල එඩිට් කරලා දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. හොද විදියට සියල්ල සිදුවෙනව නම් හොදයි ඉතින් නේද. එහෙම වෙන්නෙ නැති එකනේ අවුල

      Delete
  3. ජීවිතේට මුණ දෙන්න ,, දුකට ,පසුතැවිල්ලට ඉඩ දෙන්න එපා..

    ReplyDelete
  4. බලාපොරොත්තු ජීවිතය ජීවත් කරවන්න ශක්තිය දුන්නත් ඒ බලාපොරොත්තු වෙනුවෙන් ඔනවට වඩා හිතන්න නරකයි.

    ReplyDelete
  5. බලාපොරොත්තු නැති කර නොගෙන කාලයට ඉඩ දෙන්න... කාලය විසින් සමහර දේවල් හරි අපූරුවට විසඳනවා...

    ReplyDelete
  6. මට නම් කොයිල් වගේ බබා...
    තේරුම් ගන්න ගොඩක් අමාරුයි...

    ReplyDelete
  7. අද මුලින්ම ගොඩවුනේ. රහයි පෝස්ටුව.. ජය!!

    ReplyDelete
    Replies
    1. ඇයි පෝස්ට් එක නොකියවා එකම කොමෙන්ටුව කොට කොටා යන්නේ... ඔයා කොට්ටෝරුවෙක් ද ?

      Delete
  8. කාලයක් මේ පැත්තේ නාව නිසාද මන්දා ටිකක් පැහැදිලි මදි වගේ නදි අක්කා... මොනවා උනත් හැමදෙම හොද විදිහට වෙන්න කියලා සුභ පතනවා

    ReplyDelete
  9. වැඩ වැඩි වෙද්දි ඔව්වා ඔහොමම අමතක වෙලා යාවි.. ඒ ගැන හිතල මානසිකව වද වෙන්න එපා.. එක අඩු කරගන්න තියන එක ක්‍රමයක් තමයි. මේ වගේ වැඩ වැඩි කර ගන්න එක.. අනිත් වැදගත්ම දේ තමයි සම්බන්ධතා දෙකක අතර ලොකු ගැප් එකක තියෙන්න ඔනා. නැත්නම් අපි නිවැරදි තීරණ ගන්නේ නැහැ.

    ReplyDelete
  10. ලිපි තුනම කියෙව්වා..
    මම කෙනෙක් සමග ඊයෙත් මේ ගැන කතා කළා.

    /වෙලාවත් එක්ක කෙනෙක් එක්ක සම්බන්ද වෙන්න මට වෙලාවක් හදාගන්න අමාරුයි./
    කෙනෙක් සමග සම්බන්දයක් ඇතිකරගත්විට කැපකිරිම් කරන්න සිද්දවෙනවා.කාලය කැපකිරිම ප්‍රධානවම.


    මම කෙනෙක් සමග ඊයෙත් මේ ගැන කතා කළා.වෙනත් අය වෙනුවෙන් කැපකරන කාලය ගගට කැපු ඉනි වගේ වෙන්නත් පුලුවන්නේ.

    නිකමට ලිවේ.
    :)

    ReplyDelete