Thursday, February 13, 2014

කඩේ හාල් | Buying Rice

මේ කන්නෙ ඒ කිව්වෙ 2013/2014  මහ කන්නෙ වැස්සෙ හිගයත් එක්ක කුඹුරු කරන්ඩ බැරුව ගොඩක් දෙනා අත ඇරල.වැස්ස නැතුව මොන කුඹුරුද?...

සමහරු කුඹුරු පාලුවට ඇරල සමහර ඒවල නම් අතිරේක බෝග වගා කරල තියනව, බඩඉරිගු යායවල් තමා ගොඩක්ම පේන්ඩ තියෙන්නෙ.

වතුර තියෙන කන්න වල කුඹුරු කරත් ගොඩක් දෙනා තෙල් බෙහෙත් ගහන්ඩ ටැට්ටර් කුලි වලට තව ගොඩක් දේවල් කරන්නෙ ණය වෙලා.ඒ නිසා හොද අස්වැන්නක් ලැබුනත් අන්තිමට වීගෝනි ටික ගෙට ගේන්ඩ කලින් කුඹුරෙදිම විකුනලා දාන්ඩ සිද්ද වෙනව, එකතු වෙච්ච ණය බේරන්ඩ.

කොහොම හරි එන කන්නෙ වෙනකම් ගෙදර කන්ඩ හාල් ටික ඉතුරු කරගන්නව සමහරු. සමහරුන්ට එහෙම ඉතුරු කරගන්නෙ නැතුව ඔක්කොම ටික විකුනලා දාන්ඩ වෙනව ණය වල හිලව්වට. ඉතින් මේ කන්නෙ ඒ අයට හුලං තමා... කඩේ හාල් කන්ඩ වෙනව.
 
ඉස්සර කඩේ හාල් වල අමුතුම ගදක් තිබ්බ අහම්බෙන් හරි ඉස්කෝලෙට කෙනෙක් දවල්ට බත් කන්ඩ ගෙනාහම ඒ බත් වල අර සැර එනව. මම් ඒවට කීවෙ ගද බත් කියල. එහෙම කියද්දි අම්ම සැර කරනව බත්වලට එහෙම කියන්ඩ එපා පව් කියල.පස්සෙ කාලෙක තමා දැනගත්තෙ ඒ වී තම්බන්ඩ වතුරේ දාල පල් කරන නිසා එහෙම ගද එනව කියල.

සමහරු ඉස්කෝලෙදි ඉන්ටවල් එකට බත් ගේන්නෙම නෑ. සීනි බනිස්/මාලු බනිස්/ ඉදි ආප්ප/රොටි ඔය වගේ එක එක කෑම ගේනව.එයාලගෙ කෑම පෙට්ටි අරිද්දිම ඒ සුවද පැතිරිලා යනව.ඉතින් කෙළ ගිලෙනව සුවදට ඉව අල්ලලාම, කොහෙද අපේ ඉතින් තුන් වේලම බත්නෙ!. 

හොද වෙලාවට මේ කන්නෙ වී ටික විකුණන්නෙ නැතුව ඉතුරු කර ගත්තෙ. නැත්තම් අපිටත් කඩේ හාල් තමයි කන්ඩ වෙන්නෙ.ලංකාව සහල් වලින් ස්වයංපෝෂිතයි කීවට හාල් මිලේ අඩුවක් නෑ, කිලෝ එකකුත් දැන් සෑහෙන ගානක්නෙ!

4 comments:

  1. අපෙත් තාත්තා කොච්චර වැඩ රාජකාරි තිබ්බත් කුඹුරු වැඩ කරන්නේ ගෙදර කන්න හරි හාල් ටික තියෙනවානේ කියලා. ඒත් අපේ ගොඩක් නෑයෝ නම් කුඹුරු විකුණලා කරන්න මිනිස්සු නැහැ, කරන්න අමාරුයි කියලා

    ReplyDelete
    Replies
    1. අපිටත් කරන්න කෙනෙක් නෑ ඒ නිසා අදේට දිලා තියෙන්නේ'.ඔව් ගෙදර් කන්න හාල් ටිකවත් තියනවනෙ එහෙම කරාම, දැන් තියන වියදම් වල හැටියට මිනිස්සු කුබුරු අත අරින එක පුදුමයක් නෙමේ. මිනිස්සුත් නෑ ඉස්සර වගේ වැඩ කරන්ඩ .

      Delete
  2. ගඳ බත් ???
    පුහ්.. මම උන්නා නම් ටොකු දෙන්නේ... ඔයටිකවත් නැතුව කී දාහක් නම් ජීවත් වෙනවද ?
    අපටත් ඔහොම හාල් හම්බවෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බත් වලට නින්දා කරා නෙමේ ඒවල අමුතු සැරක් එනව ඒකයි පල් කරපු වගේ ගතියක්

      Delete