Tuesday, February 4, 2014

නිදහස වැඩිහිටියන් එක්ක | Independance Day Celebration


සීයා බර කල්පනාවක වගෙයි.
අද අපේ 66 වෙනි  නිදහස් දිනය. ල0කාවේ හැමතැනම නිදහස සමරනවා, එක එක විදියට. අපි මේ සැරේ නිදහස සැමරුවේ අනුරාධපුරේ සාලියපුර වැඩිහිටි නිවාසෙ ඉන්න වැඩිහිටියොත් එක්ක. 

හැම අවුරුද්දෙම අපි වැඩකරන කාර්යාලයෙ අය නිදහස් දවස සමරන්න මෙතන්ට එනව.ජාතික ගීය කියල නිදහස සමරන ගමන්ම හාමුදුරුනමක් වඩම්මල වැඩිහිටියො වෙනුවෙන් පොඩි අනුශාසනාවකුත් කරනවා.

ස0ගීත සාදය
ස0ගීත සර් කෙනෙකුත් එයාගෙ ගෝලයො ටිකකුත් එක්ක එනව ආච්චිල සීයල එක්ක සින්දු කියන්න. එයාල සමහරු අපිත් එක්ක සින්දු කියල නටල විනෝද උනා. සින්දු කියල ටිකක් මහන්සි වෙනකොටම වගේ තේ වෙලාව. එතකොට එයාලට සීනි බනිස් එකකුත් තේ එකකුයි හම්බෙනව.

බනිස් ! තාම තේ ටික නෑ
බනිස් බෙදලා ඉවරවුනාම ආය මහන්සි නැති අය සින්දු කියන්නයි නටන්නයි පටන් ගන්නව. සමහරු බනිස් කකාත් නැටුව. ඒ අතරේ දවල් දානේ පිළියල වෙනව. සමහරු ඒකට උදව් වෙන්න යනව. 

සි0දුවක් කියන්ඩ යන්නෙ මම්

මේ අපේ කාර්යාලයෙ සමාජ සේවා නිලධාරිනිය. එයාටත් හොදට සින්දු කියන්න පුලුවන්. අද එයත් ලස්සන සින්දු ටිකක් කිව්ව ආච්චිල සීයලත් එක්ක එකතුවෙලා. සින්දු කියන්න දන්නෙ නැති අපි වගේ අය අප්පුඩි ගහල පොඩි සහයෝගෙකට එයාලට තාලෙ ඇල්ලුව. 




මේ සීයටත් හොදට නටන්න පුලුවන් පින්තූරයක් ගන්න කියල එයා හිටිය විදිය තමා මේ. එයාට කාත් කවුරුවත් නෑලු. ඒ නිසා මෙහෙ ඇවිත් ඉන්නව කියල කීවා.

දානෙ උයල ඉවර වෙනකම් අපේ කට්ටිය සෙල්ලමේ.

දානේ ගන්න පෝලිමේ


ඇවිදින්න කරන්න පුලුවන් අය මෙහෙම ඇවිත් දානෙ ගන්නව සමහරු වාට්ටු වලම ඉන්නෙ. එයාල ලගට ගිහින් කෑම දෙනව.

දවල් දානෙ බෙදනව
ගොඩක් සීයල ආච්චිල මේ නිවාසෙ ඉන්නව.සමහරුන්ට කාත් කවුරුවත් නෑ. සමහරුන්ට ලමයි සලකන්නෙ නෑලු. සමහරු කියන්නෙ  එයාලට පාඩුවෙ ඉන්න පුලුවන් මෙතන නිදහස්!... කියල.

27 comments:

  1. කරන්න ඕන හොදම දේවල් තමයි අක්කේ මේ.. බලන්න ඒ මුහුණු වල තියෙන සතුට..

    ReplyDelete
    Replies
    1. හ්ම් හරිම දුකයි මෙයාල කියන දේවල් \ඇහුවම. කාටවත් මෙහෙම ඉන්න ලැබෙන්න එපා කියල තමයි කියන්න තියෙන්නෙ,

      Delete
  2. තමන්ගේ හිතටත් හොදයි ඒ අයටත් හොදයි මේ වගේ දේවල්...

    ReplyDelete
  3. ඒ වගේ අසරණ වුණ කෙනෙක්ට ඕ වගේ දෙයක් කියන්නෙ මහමෙර වගේ අක්කෙ බොලා සෑහෙන පිනක් කොරගෙන තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. හැම අවුරුද්දෙම අපි යනව. නිදහස් දවසට හ්ම්.

      Delete
  4. මේ වගේ දෙයක් කලහම ඒ සතුට සෑහෙන කාලයක් හිත් වල රැඳිලා තියෙනවා. හොඳ වැඩක් ! :)

    ReplyDelete
    Replies
    1. පින් අතේ වැඩකට උදව් වෙන එකත් පිනක් නේ

      Delete
    2. ඔවු.. ඒක හරි !
      ඔයා අද වැඩට ගියේ නෑ නේද ? :)

      Delete
  5. තමන්ගේ පවුල් වලින් වෙන්ව ගෙවෙන මේ ජිවිත වලට මෙහෙමවත් සතුටක් ගෙනදෙන එක නම් බෙහෙවින්ම අගයනවා...

    ReplyDelete
    Replies
    1. හ්ම් පුලුපුලුවන් විදියට හැමෝම සම්බන්ද කරන් මෙවගෙ දෙයක් කරාම තවත් වටිනව .ඔෆිස් එකේ ඔක්කොම වගේ එකතු වෙලා කරේ.ඉතින් සතුටුයි

      Delete
  6. පව්.. ලොකු දෙයක් විකාර නොකර මේ වගෙ දෙයක් කළ එක!

    ReplyDelete
  7. කතා කරල වැඩක් නෑ... මේ අම්මල තාත්තල මෙහෙම ඉන්නෙ 90% දූ දරුවන්ගෙ වරදින්..

    ඇත්තටම ලොකුම ලොකු පිනක්...

    ReplyDelete
  8. මෙවා එලොව මෙලොව දෙකම පලිසන් දෙන වැඩ ඕං ...එල හොදේ

    බිංදුවට එක්ස් අකුර පාවිච්චි කරනු මැනවි .....

    ReplyDelete
    Replies
    1. හ්ම් ඔන්න ආය බින්දුව ලියද්දි හරියට ලියන්නම් .

      Delete
  9. නිදහස් දවසේ නෙවේ මේවගේ වැඩ නම් හැමදාම උණත් කරන එක ගොඩාක් වටිනවා. නියම වැඩක් අක්කේ

    ReplyDelete
    Replies
    1. මේ වගේ තැන් වලට ගිහින්ම බලන්ඩ ඔනේ ගොඩක් දුකයි

      Delete
  10. ඒ නිදහසවත් ලැබෙනවානේ ඒ උදවියට.

    වැඩිහිටි නිවාසයකට කෑම වේලක් ලෑස්තිකරන වෙලාවක අපේ අම්මා කිව්වා දානේ උයනවා කියලා. අපේ තාත්තා කිව්වා නැහැ මේක ඒ උදවියට දෙන දානයක් නෙමේ.අපේ ගානේ කෑම වේලක් කියලා. මට ඒක තදින් හිතට වැදුනා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් කෑමවේලක් තමා. දානයකුත් වෙනව නේද ?

      Delete
  11. මං මේ පැත්තට ගොඩ උනේ අදයි. ඇත්තටම ගොඩාක් හොඳ ක්‍රියාවක්.. නිදහස කියල, Film බලන්න , Park යනවට වඩා එහෙම දේවල් කරන එක කොච්චර හොඳයිද ...අපි, අපේ Youth Club එකේ සංවත්සරය වෙනුවෙන් වැඩිහිටි නිවාසයකට ගිහින් ඒ අම්මල , තාත්තල ව නාවලා , කෑම කවල ( ඒ විතරක් නෙමෙයි එයලත් එක්ක වෙසක් කූඩුත් හැදුවා ) එයාලට සාත්තු කරල ආවේ. එයලගේ කථා ඇහුවහම ගොඩාක් දුකයි ...

    ඒ අම්මල තාත්තලගේ Photo නොදැම්ම නම් නේ හොඳ ( මගේ පුද්ගලික අදහස ඒක.. )

    Wish You All The Best ...!

    ReplyDelete
    Replies
    1. පුලු පුලුවන් හැටියට මෙහෙම දේවල් කරනව නම් හොදයි කවුරුත් තනිවෙලා ඉන්න අයනේ

      Delete
  12. නටන්න පුලුවන් කියලා ෆොටෝ එකක් ගන්න කීව සීයයි, බංකුවේ ඇලවෙලා ඉන්න සීයයි දැක්කාම මට අපේ සීයාවත් මතක් වුණා. දරු මුණුබුරෝ මැද්දේ අවුරුදු 95 ක් ජීවත් වෙලා ලෙඩක් කරදරයක් නිසා යහපත් මරණෙකට යන්න සීයට පුලුවන් වුණා. ඒත් මේත් අපේ රටේම සීයලා. නෑදෑයෝ කවුරුත් නැතුව තනියම ඉන්නවා. අපි ඒක නිසා හැම අවුරුද්දේම සීයගේ උපන් දිනේට අපේ පැත්තේ තියෙන පිරිමි වැඩිහිටි නිවාසෙකට දානයක් දෙනවා

    …අක්කලාගේ වැඩේ නම් නියමයි. ලබන අවුරුද්දෙත් මීටත් වඩා සාර්ථකව කරන්න හැකිවේවා. :D

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද එක එක්කෙනා ලබා උපන් හැටිද කියලත් හිතෙනව ඔහොම අහද්දි. කෙනෙක් හොදට සැලකුම් ලබන්නයි තව කෙනෙක්ට මෙහෙම මේවගේ තැනකට වෙලා ඉන්නයි කොච්චර හිතෙන් දුක් විදිනව ඇද්ද සමහරු.මේ ඉන්න ඔක්කොම කාත් කවුරුත් නැති අයා නෙමේ නේ

      Delete