Thursday, February 13, 2014

කෙල්ලෙක්ට හොදම රස්සාව | Best Job for a Girl


http://www.tangischools.org/cms/lib3/LA01001731/Centricity/Domain/62/teacher.gif

අපේ අත්තම්මලාගෙ කාලෙටත් ඉස්සර කෙල්ලො ඉස්කෝලෙ යන්නෙ 5 පංතියට වගේලු.ඇයි ඉතින් ගියා කියල මොක කරන්ඩද ගෙදර වැඩ පල කරගන ඉන්නව මිසක්. පස්සෙ පස්සෙ අපේ අත්තම්මලගෙ කාලෙ විතර වෙද්දි ඕක ටිකක් වෙනස් වෙලා.ඉස්කෝලෙ යවන්ඩ  පටන් අරන් යන්තන් අත්සන ගහගන්ඩ පුලුවන් වෙන්ඩවත් කියල.

දැන් එහෙම වෙනසක් නෑ කෙල්ලො කොල්ලො කෝකත් එකයි. ඉගන ගන්න ඕනේකම උනන්දුව තියනව නම් ඉහලටම යන්ඩ චෑන්ස් එක තියනවා. මුලින් මුලින් ගෑණු අය ගොඩක් දෙනෙක් ටයිපින් ශෝට් හෑන්ඩ් වගේ දේවල් වලට තමයි කැමැත්ත තිබිල තියෙන්නෙ.පස්සෙ ක්ලැරිකල් වර්ක් වගේ ඒවට. 

දැන් එහෙම බේදයක් නෑ.පහලම මට්ටමේ ඒ කීවෙ කා.කා.ස. මට්ටමේ ඉදන් පරිපාලන, කලමණාකරන මට්ටමේ රස්සාවල් වල පවා ගෑනු අය නිරත වෙලා ඉන්නවා. ඒත් තාමත් ගෑනු කෙනෙක්ට නිදහස්ම ගැලපෙනම රස්සාව මේකයි කියල ගොඩක් දෙනෙක් නිශ්චිත කරන් ඉන්න ජොබ් එකක් තියනව. ඒක ගෑනු අයට කියාපු රස්සාවලු. නිදහස තියනවලු, විවේකෙ තියනවලු බ්ලා... බ්ලා... ගොඩයි. ඒ උනාට දැන් ඉස්සර වගේ නෙමේලු. ඒ රස්සාව කරන අය කියන හැටියට දැන් ඔය කියන තරන් නිදහසක් නෑලු. ඉස්සර කාලෙ වගේ නෙමේ ලු. 

දැන් ඉන්න රස්සව ඉගන ගත්ත දේට අදාල නොවුනට ආසාවෙන් කරනව. එක එක ආයතන විවිධ තනතුරු දරන අය එක්ක රාජකාරි මට්ටමෙන් සම්බන්ධ වෙනව, ඒක හොදයි කියල හිතෙනව ඉතින්. අනික අවුරුදු 5ක් යනකම් දෙයියනේ කියල ගෙදර ඉදන් රස්සවට යන්ඩ පුලුවන්,පැය 1/2 න් ගෙදර. මේකට ගියොත් ඉතින් දුශ්කර තපින්ඩ වෙනව අවම අවුරුදු 5ක්. සමාජ ආශ්‍රය අඩුයි. 

ඒත් ගොඩක් දෙනාගෙ කීම තමයි ඔයා යන්ඩ... මේකේ ඉන්ඩ එපා... අපරාදේ ඉගන ගත්ත දේ.. නිදහස... විවේකේ... තියනව, පස්සේ කාලෙක ලමයිට හරි හොදයි. එයාලට ඉගන ගන්න ගෙදර වාතාවරණය සැකසෙනව... කතා ගොඩයි.

දැන් බලන්ඩ ඔයාල උනත් අම්ම අප්පච්චි නිසානේ ඔහොම ඉගන ගත්තෙ!... මට ඔය කතාව තමයි පේන්ඩම බැරි, ඇයි යකෝ, දෙමව්පියෝ ගුරුවරු උනා කියල ඉබේ ලමයි ඉගන ගන්නවද, උත්සහය උනන්දුව නැත්තම්, හරියට අපෙ මොලෙන් මොකවත් කරන්න නැතුව ඉබේ විභාග පාස් වෙනව වගේ නේ කතාව.

ඒ කියනව වගේ ගොඩක් වෙලාවට ගෙදර පරිසරයත් බලපාන්න ඇති සමහර විට.ඒත් මට ඒ රස්සාව ගැන ආසාවක් නෑ.අම්මගෙ කීම අහක දාන්ඩ බැරි නිසා ඇප්ලයි කොලා ඇරෙන්ඩ කිසිම කැමැත්තක් නෑ.

23 comments:

  1. ටීචින් යන්නද හදන්නෙ, අපෝ එපා, වෙන ජොබක් කරපු කෙනෙක් ටීචින් ගියොත් ඔයාට එපාම වෙයි. ඉරිසියාවට කියන්නෙ කියලා හිතන්න එපා. ඒ රස්සාවෙ එවරයක් නෑ. 2ට ඇරුනට ගෙදරදි කරන්න වැඩ කෝටියක් තියෙනො. දින සටහන්, සති සටහන්, වාර සටහන්. හවසට පොත් බලන්න , රිපෝට් හදන්න,, අරවාමෙව්ව වැඩ කෝටියයි. පඩියකුත් නැහැනෙ. කට්ටිය අඩු තැනකට සෙට් උනොත් සොරිම තමයි. පීරියඩ් 36ක් වත් අඩුම වැඩ කරන්න වෙයි. හවසට කෑගහලා පපුවට මහන්සියි. අවුරුදු 5ක් දුශ්කර ඉන්න ඕනි. ගෙදර ඉඳලා වැඩට ගිය ඔයාට එක මාසෙන් එපා වේවි. දැන් ඔය කරන දෙයක් කරගෙන, ඉහළට ඉගෙන ගෙන ඉඳින්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාගෙ අදහසට මේක අමම්ට පෙන්නන්න ඔනේ :)

      Delete
  2. අපේ අම්මයි තාත්තයි ඩබලත් ගුරුවරු නේව ඔකේ ප්ලස් මයිනස් දෙවර් ගයම තියෙනව. මාත් හැබැයි ඔය රස්සාවට කැමති නෑ හේතුවනම් අනේ මන්දා නමුත් ගැනු දැරිවියකට වෙන ඔප්ෂන් එකක් නැත්නම් විතරක් ඔය ජොබට සෙට් උනාට කමක් නෑ කියල හිතේනව

    ReplyDelete
    Replies
    1. මට තව ඔප්ශන් එකක්තියා නිසා මේක බෑ කියලමයි හිතෙන්නෙ කල්පනා කරල තීරනයක් ගන්නව

      Delete
  3. ඉහත දෙදෙනාම කියලතියෙන දේ හොදට හිතල බලන්න. ඒ වගේම තමයි ගුරුවරුන්ගේ දරුවන් ගේ අනාගතය බොහෝදුරට සුබයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ලමයිට පරිසරය ත් බලපානවනේ නිතර පොත් පත් දකිනව ඉතින් හොදයි ඉගන ගන්න. දෙමව්පියන්ටත් ඉස්කෝලෙ වැඩගැන අවබෝදය වැඩී එතකොට .ලමය ගැන බලන්න පුලුවන් කාලයත් වැඩී .+ පොයින්ට්ස් තියනව .

      Delete
  4. මම නම් ගැහැනු දරුවන්ට ටිචින් එක පයින් අනුමත කරමි ...එක මගේ පෞද්ගලික කැමැත්ත ,,,හැක් හැක්

    ReplyDelete
    Replies
    1. ලග පාතකට දෙනව නම් සලකලා බලන්ඩ තිබ්බ මතත් යන්න :)

      Delete
  5. ගුරු සේවය ගැන කියන්නේ කියා හිතුනා.කොහොමත් සාම්ප්‍රදායිකව හිතන හුගක් අයට අනුව ගුරු සේවය තමයි ගැණු ළමයින්ට ඔබින රැකියාව.හැබයි මට නම් එහෙම හිතෙන්නේ නැහැ.තමන්ගේ රැකියාව ගැන තමන් තමයි නිවැරදි තීරණය ගත යුත්තේ.

    ReplyDelete
    Replies
    1. ඔව් හිතල බලල තීරනේ ගන්නව

      Delete
  6. කවුරු කිව්වත් ඔයාට ආස රස්සාවට විතරක්ම යන්න... ගෑනු ළමයි හැමෝම එක වගේ නෑනේ...ඉතිං ඔය ගෑනු ළමයට ගැලපෙන රස්සාව මොකද්ද කියල තීරණේ කරන්ඩ ඕනත් ඔය ගෑනු ළමයම තමයි. :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ අම්මට ඕක කියන්න ඔනේ

      Delete
  7. ගුරුවරුන්ගේ දරුවෝ වුණාම තියෙන කචල් එක ඕක තමා. හැමෝම කටවල් \ඇරගෙන ඉන්නේ මොනවා හරි කියන්න. මොකද ඒ ළමයි තමා මොඩ්ල් එක විදිහට ගන්න හුඟක් අය ට්‍රයි කරන්නේ :D

    ReplyDelete
  8. හරවත් ලිපි කියවන්න හැමෝම එන්න ලංකා බ්ලොග්ස් සින්ඩියට . ( මේක පැරණ සින්ඩි එකක් (අවු 4ක් විතර පරණයි ) මාස ගානක් නැතුව තිබිලා අදයි පටන් ගත්තේ ) http://lankablogs.com/

    ReplyDelete
  9. මාත් අහලා තියෙන දෙයක් තමයි අම්ම ගුරුවරියක් උනාම ලමයින්ට හොදට උගන්න ගන්න පුලුවන් කියන එක අනේ මන්දා අපිට උගනපු ගුරුවරියක් නම් අඩ අඩ හිටියා පුතා exam ෆේල් වෙලා කියලා.

    අපිත් එක්කත් එකතු වෙන්න sinhalahelp.com

    ReplyDelete
    Replies
    1. එහෙමම කියල නෑ උනන්දුව උත්සහය තියෙන්නත් ඔනේ මොලෙත් ඔනේ :)

      Delete
  10. කාට නැතත් මම දන්න කෙනෙක් ඉන්නවා එයාට නම් හරි යන්නෙම ගුරු වෘත්තිය. එයා ළමයින්ට කරුණාවෙන් උගන්නයි කියලා හිතෙනවා.
    ඒ වගේම හරි ලස්සන තරුණ ඉස්කෝලේ හාමිනේ කෙනෙක් වේවි :)

    ReplyDelete
    Replies
    1. කවුද දන්නෙ නෑ ඔය කියන කෙනා මමත් දන්නව දන්නෙ නෑ

      Delete
  11. දැන් කාලෙ පත්තරයක් ගත්තොත් ගෑණු ළමයින්ට කොච්චර නම් රස්සා තියෙනවද. ඒත් ඒව ගැන ටිකක් හොයල බලන කොට ගොඩක් ඒවයෙ රෑ වෙන කම් වැඩ සහ සෙනසුරාදත් අඩු ගානෙ වරුවක්වත් වැඩ. ඒ වගේම වෘත්තීය දියුණුවක් ලබන්න පුළුවන් ඒව අඩුයි. මම නම් හිතන්නෙ ඒ වගේ මහන්සි වෙන දුක් විඳින ජොබ් ගෑණු ළමයින්ට ගැළපෙන්නෙම නෑ. මගෙ නෝනත් (වෙන්ට නෝන ඉතින් තාම) ටීචර් කෙනෙක් වෙනවට තමයි මම කැමති, සහ එහෙම තමයි වෙන්ටත් යන්නෙ :D

    ReplyDelete