Saturday, August 4, 2012

මිනිහා හොදටම බීල


දිනය සිකුරාදා දවසක්.මම් ආව බස් එකේ ඒ හැටි සෙනගක් කියන්න හිටියෙ නෑ, සීට් වලට හරියන්න සෙනග එක්ක තව කට්ටියක් හිටගන. ඒ හැටි තෙරපීමක් කියන්නත් නෑ.නැත්තෙත් නෑ.


මැදහරියේ ශීට් එකක වාඩි වෙලා ආවෙ,ලාවට නින්ද යාගන එද්දි එකපාරටම කාල ගෝට්ටියක් වගේ ඇහෙන්න ගත්ත නිසා ඒ පැත්තට අවධානය යොමු කරා.බීල බස් එකට නැග්ග මිනිහෙක් කෑගනව වගේ පෙනුනේ.

ඇයි යකෝ තොපි එකෙකුට වත් පේන්නෙ නැද්ද මේ **** ගෑණියක් ලග අපේ හාමුදුරුවො වාඩි කරේ...


අම්මට සිරි කවුද බීල බස් එකේ කෑගහනව වගේ...හරියට පේන්නෙත් නෑ හිටගන යන අය නිසා... 


ඒත් කොහෙද හාමුදුරු කෙනෙක් ඉන්නෙ??? මට පේන්නෙ නෑ හරියට.


ටිකක් ඉස්සිලා බැලුව...අඩේ!... ඔව්මයි... අර ඉන්නෙ ඉස්සර ශීට් එකේ කොනේම හාමුදුරුනමක්.එයාට අල්ලපු තැන ඉන්නෙ ගෑණු කෙනෙක්!...,එයා **** ගෑණු එක්කෙනෙක්.ඒකට වෙන්නැති මේ මනුස්සය කෑගන්නෙ.


ඇයි යකෝ තොපි මෙහෙම කරන්නෙ,සල්ලි දෙනව නම් තොපිට ඕනේ W#$%#W%@#%@ කමක් නෑ.අපේ හාමුදුරුවො ලග මේ @#$@%#@%ක් වාඩි කරවලා...තොපි එකෙකුටවත් පෙනුනෙ නැද්ද?  


බස් එකේ මිනිස්සු මූණෙන් මූණ බලාගන්නව ඒ අතර කුසු කුසුව වැඩි උනා...


ඇත්ත තමයි එහෙම හරි නෑ නේ අපි නම් වාඩිවෙනවද? නේද? එතන ඉන්න පිරිමි අයට කියන්න තිබ්බෙ නැද්ද? කෝ කොන්දොස්තරට ගානක් නෑ දැක්කෙ නැද්ද මන්දා...එක්කො තුනේ ශීට් එකක් නේ ගෑණු කෙනා කොනට දාලා හාමුදුරුවො ලග පිරිමි කෙනෙක්ට වාඩි වෙන්න තිබ්බෙ නැද්ද? නේද?


මම් ලග ඉන්න ගෑණු කෙනා එහෙම කියනව.මමත් වෙන්නෙ මොකද්ද කියල බලන් හිටිය.

බහිනව බහිනව හෝ...හෝ... හරේ...යං!... අර බීපු මනුස්සය දිගටම කෑගහනව,කොන්දොස්තරත් එක්ක ආගිව් කරනව.අපි කවුරුත් එකයි.බ්ලා බ්ලා...කොන්දොස්තර කියවගන යනව.


මිනිස්සුත් එක එක දේවල් කියනව ඇහුනා.කොන්දොස්තර වාඩි වෙලා හිටිය පිළිවෙල වෙනස් කරන්න උත්සහ කරේ නෑ.අර ගෑණු කෙනා බය වෙලා වගේ බලන් හිටිය මිසක් නැගිටලා වෙන තැනක වාඩි වෙන්න උත්සහ කරෙත් නෑ.බස් එක ඒ වේගෙන්ම ඉස්සරහට ගියා.


තොපි ආය මේ ටවුන් එකෙන් බස් එක ගෙනියන්ඩ නෙමේ #W$%@^@^.තොපි සිංහල උන් වෙන්ඩ බෑ.$@%@@#%#
කොන්දොස්තරටයි ඩ්‍රයිවර්ටයි හොදටම දෙහි කපනව.බැනල බැනල එ මනුස්සය ස්ටෑන්ඩ් එකෙන් බැහැල ගියා...බස් එක අද්දනකම්ම බනින සද්දෙ ඇහුන.


මිනිහා හොදටම බීල!...කෙනෙක් කියනව ඇහුනා. ඒත් ඒ මනුස්සයට විරුද්ධව කවුරුත් මොනවත් කිව්වෙ නෑ..ටික වෙලාවකින් අර හාමුදුරුවො කිසිම කතාවක් නැතුව බස් එකෙන් බැහැල ගියා.එතකොට තමයි දැක්කෙ හාමුදුරුවො කවුද කියල,තරුණ පහේ හාමුදුරුනමක්!.


ටික වෙලාවකින් අර ගෑනු කෙනත් එයත් එක්ක ආව කට්ටියත් එක්ක එයාලගෙ නැවතුමෙන් බැහැල ගියා.


ඊට පස්සෙ කොන්දොස්තරගෙ කට ඇරුනා.එක අතකින් අර මිනිහ බීල හිටියට ඌ කියපු දේ ඇත්තකුත් නැතුව නෙමේ...ඔතන කතා කරන්න ගියා නම් ආය වලියක් දාගන්න වෙනව, බස් එක අද්දන්න වෙන්නෙ නෑ එහෙනම්,බ්ලා බ්ලා....කොන්දොස්තර දිගටම කියනව ඇහුනා...

29 comments:

  1. මෑන් බීලා උනත් කියලා තියෙන්නේ ඇත්ත නෙහ්

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්ත තමා.සාමාන්‍යෙන් හාමුදුරුනමක් ඉන්න තැන ගෑණු කෙනෙක් වාඩි වෙන්නෙ නෑනේ.එයා වෙන ආගමක නිසාද දන්නෙ නෑ ගානක් නැතුව හිටියෙ.

      Delete
  2. මොකක් හරි මියුසික් එකක් දැම්මද බ්ලොගේට...අනේක ගලවන්ට අප්පා..

    මට මතක් වුනේ ගුරු ගොල වහන්සේලා දෙනම වඩිද්දි පොඩි නම ස්ත්‍රියක් ගගෙන් එගොඩ කරපු සෙන් කතාව..

    ReplyDelete
    Replies
    1. ඔව් හාමුදුරුවෝ නම් කිසි දෙයක් නූනගානට බස් එකේන් බැහැල ගියා.

      Delete
  3. ඔතන බීලා හිටියේ ඒ මනුස්සයා නෙමෙයි අනිත් උන් !
    නැත්නම් ඒ බීපු එකා අච්චර දෙයක් කියනකන් එකෙක්ටවත් තේරුනේ නෑනේ..

    හාමුදුරුවන්ටයි ඒ ගෑනු කෙනාටයි කිසිම චේතනාවක් උපදින්නේ නැති නම් පවස් සිද්ධ වෙන්නේ නෑ. ඒ උනාට මේ සිද්දිය දකින අනිත් අය අකිසල් සිතුවිල්ලක් ඇති කරගන්නවා නම් එතන පවක් සිද්ධ වෙනවා. අන්න ඒක වලක්වා ගන්න ඕනා. මොකද හැමෝම පෘතග්ජන මිනිස්සු නේ..

    ReplyDelete
  4. A-මිනිහා B-ලා වගෙයි, C-මන් අයියා බොන්න ගියාම ඩෝසරේට D-සල් ගහනවා වගෙයි බොන්නේ.

    ReplyDelete
  5. මම හිතුවා ඒත් අසනීපයක් වත් හැදුනු කෙනෙක් කියල..

    ReplyDelete
  6. බීලා හිටියා උනත් කියපු කතාව ඇත්ත.. එවෙලේ මුකුත් නොකල එකයි පුදුමෙ නම්..

    ReplyDelete
    Replies
    1. එකනේ.මිනිස්සුත් තක්බීර් වෙලාවගෙ බලන් හිටිය එච්චරයි.

      Delete
  7. සමාජේ මමත් දකින සිද්ධියක් තමයි හිමිනමක් එක්ක සම සමව කාන්තාවක් අසුන් ගන්නේ නැති බව. අද කාලේ කාන්තාවට සමතැන දෙනවනම් (පිරිමියාට සාපේක්ෂව), පිරිමියෙකුට හොඳනම් හිමි නමක් සමග සම සමව හිඳගෙන යන්න ඇයි කාන්තාවකට බැරි කියන ප්‍රශ්නේ එනවා. නමුත් සංස්කෘතියේ පැවැත්මක් එක්ක ආපු සිරිතක් විදිහට අදටත් සාමන්යෙන් කාන්තාවක් හිමි නමක් සමග එකට අසුන්ගන්නේ නෑ. මේකට හේතුව විදිහට අපි නොදන්නා දේකුත් ඇති. බීල වුනත් අර මනුස්සය කියල තියන කතාව ඇත්ත, අද රටේ එදා ඉඳන් පැවති සංස්කෘතියත් එක්ක බලනකොට.

    ReplyDelete
    Replies
    1. සිරිතක් විදියට අපි එහෙම සම අසුන් ගන්නෙ නෑනේ ඉතින්.එහෙම කරන්නෙ භික්ශූන්වහන්සේලාට තියන ගවුරවයක් හැටියටනේ.

      Delete
  8. මට හරියට තේරුනේ නැති කොටස් තමයි නදී, අර කියන ගෑණු කෙනා හොඳ නැති කියලා සම්මත එක්කෙනෙක්ද? එහෙම නම් එයත් එක්ක ආව කට්ටිය කියලා කිව්වෙ ඇයි? එහෙම නොවෙයි නම් අච්චර දේවල් කියද්දි නිකම් බලාගෙන හිටියෙ ඇයි ඒ ඔක්කොම අහගෙන?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. නෑ හොද නැති කෙනෙක් නෙමේ.එයා වෙන ආගමකට අයත් කෙනෙක්.එයත් එක්ක ආව කට්ටිය කීවෙ එයත් එක්ක බස් එකට ගොඩ උන එයාගෙ සහචරයෝ.ඒ කට්ටිය කොන්දොස්තරත් එක්කත් ආගිව් කරා.අර බීපු මනුස්සයා නැගිටින්න කීව කියල.

      Delete
  9. අබුද්දස්ස කාලෙනේ

    ReplyDelete
  10. කන බොන උන්ගේ බොක්ක පිරිසිඳුයි..

    උන් කවදත් ඇත්ත කියන්නේ...

    ReplyDelete
  11. මිනිස්සු කොහේ යනවද මන්දා අදනම්..

    ReplyDelete
  12. මමත් ගොඩක් වෙලාවට හිතන දෙයක් තමා ඕක.හරි විදියට බැලුවොත් පිරිමි කෙනෙක් පවා ඒ සීට් එකේ වාඩිවෙලා යන එක වැරදියි.එතකොට හාමුදුරුවෝ එක්ක සමාආසන දරණ නිසා.ඒ වුනත් කාලෙ හැටියට ඕක වරදකුත් නෑ කියා මටනම් වෙලාවකට හිතෙනවා.හිතන්න දුර යන බස් එකක් කියලා.එතන ඉන්න ගෑණු කෙනාව නැගිට්ටවන එක වරදක් නෙවීද?

    ReplyDelete
    Replies
    1. නැහ් නැගිට්ටවලා හිටගන යන්න කියනව නෙමේ පිරිමි කෙනෙක්ට එතන දීල එයාට වෙන ශීට් එකක් දෙන්න තිබ්බෙ නැද්ද කොන්දොස්තරට.

      Delete
  13. මමත් ගොඩක් වෙලාවට හිතන දෙයක් තමා ඕක.හරි විදියට බැලුවොත් පිරිමි කෙනෙක් පවා ඒ සීට් එකේ වාඩිවෙලා යන එක වැරදියි.එතකොට හාමුදුරුවෝ එක්ක සමාආසන දරණ නිසා.ඒ වුනත් කාලෙ හැටියට ඕක වරදකුත් නෑ කියා මටනම් වෙලාවකට හිතෙනවා.හිතන්න දුර යන බස් එකක් කියලා.එතන ඉන්න ගෑණු කෙනාව නැගිට්ටවන එක වරදක් නෙවීද?

    ReplyDelete
  14. මට ටිකක් වෙලා ගියා තරු ටික තේරුම් ගන්න. ඒ කට්ටියගෙ මල ගෙවල් වලදි මිනිය නෑව්වට පස්සෙ ගෑණු අයට බලන්න දෙන්නෙ නෑ.ගෑණු අය දැක්කොත් මිනිය අපිරිසිදු වෙන නිසා ආයෙ නාවන්න ඕනෙලු.

    පැන්ඩා කියල තියෙන කතාවට++++++

    ReplyDelete