Saturday, July 7, 2012

හිතාදර පනූ



මං දන්නව ඔයා මූණු පොතට ලොග් වෙන්නෙ නෑ කියල 
දවස් වල ඉදන්ම account එකේ
 පාස්වර්ඩ් එක තිබ්බෙ මං  ලග
ඔයාට මූණු පොතත් එක්ක ඉන්න වෙලාවක් තිබ්බෙ නෑ 
ඒතරම්ම වැඩ
 එහෙම නැත්තම් ලොග් වෙන්න කම්මැලී කියනව
අපි වෙන්වුනා කියල ඒ account එක වෙනස් උනේ නෑ
 ඔහේ තිබ්බ 
මතක් වෙච්ච වෙලාවට
 කලාතුරකින් මං ලොග් වෙලා බලනව
ඒ අතරෙ ඔයාගෙ යාලුවො අඩෝ....කාලෙකින්!කියනව
මම් දැක්කෙ නෑ වගේ ඉන්නව
මොකද ඩෝ......silent !කියල අහද්දි
මම් ලාවට ශේප් වෙලා ආගිය තොරතුරු කියනව
 එච්චරයි
පස්සෙ පස්සෙ ලොග් වෙද්දි ඕෆ්ලයින් දාල ලොග් උනා  
ඒ ඔයාගෙ යාලුවො අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන්න
 මං දන්නෙ නැති නිසා
නැත්තම් ඒ අය බලයි මේ කවුද කියල
ඒ අය දන්නෙ නෑනේ ලොග් වෙන්නෙ ඔයා නෙමේ මං කියල
ඔයා ලොග් වෙන පාටක් පේන්නම තිබ්බෙ නැති නිසා 
මම් කාලයක් අකවුන්ට් එක ඩිස්කනෙක්ට් කරල තිබ්බ
මගෙ මූණු පොතෙන් ඔයාව රිමූව් කරල ගොඩක් කල්
ඒක ඔයා දන්නව
ඒත් ෆේක් අකවුන්ට් එකකින් යාලුවෙක් විදියට ඉන්නව
ඒක ඔයාට මතක ඇති
මේ දවස් වල මෙහෙ පාරවල් හදනව  
සමහර වෙලාවට අර ත්‍රිකෝණ පාරෙ තියනව දකිනව
 ඒ වෙලාවට මට ඔයාව මතක් වෙනව
ලගදි  එන්ගේජ් උනා කියල ආරංචි උනා
එව්ව මැසේජසුත් මට හම්බුනා
රිප්ලයි කරන්න හිතුනා ඒත් උවමනාවෙන්ම ඒක මග හැරියා
කෝල් කරත් මං ආන්සර් කරේ නැත්තෙ හිතලමයි
ඔයා ගත්ත තීරණය හරි
නොවෙන නොගැලපෙන දෙයක් පස්සෙ ගිහින් 
කාලෙ කාදාන එක වැඩක් නෑ
බලාගන හිටිය හොදටම ඇති
ඕනෙ දේක සීමාවක් තියෙන්න එපැයි
වෙලාවකට මට ඊරිසීයාත් හිතෙනව  
එක අතකින් සතුටුයි
ඔයා හැමදේම අමතක කරල 
අලුතින් ජීවිතයක් පටන් ගත්ත එක ගැන
මූණු පොතේ පින්තූර ගොඩක් දාල තිබ්බ
අහම්බෙන් මං දැක්ක
මට පුදුමත් හිතුන මූණු පොතට ලොග් වෙලා තියනව දැක්කම
පින්තූර ටික දාන්නම් කියල කියල තිබ්බ
 මං හිතුවෙ නෑ ලොග් වෙයි කියල  
 ඒත් මට එක දෙයක් කියන්න ඕනේ
වෙනදා වගෙ කෝල් කරල
 කොහෙද ඉන්නෙ? මොනවද කරන්නෙ?
ආගිය තොරතුරු කතා කරන්න
 විස්තර කියන්න හදන්න එපා 
මම් හිතන්නෙ නෑ එහෙම කතා කරන එක හොදයි කියල

මගදි අහම්බෙන් හම්බුනොත්
 කතාබහ කරල යන එක වෙනම දෙයක්
මොකද දැක්කොත් අහක බලන් නොදන්න අය වගේ 
යන්න තරම් ප්‍රශ්ණ අපිට නෑනේ


එහෙනම් ඔන්න මගෙනුත් අලුත් ජීවිතේට සුභ පැතුම්
ඔබ දෙපළට සියළු පැතුම් ඉටුවන ප්‍රීතිමත් විවාහ දිවියක් වේවා!!!

29 comments:

  1. නව සහස්‍රකයේ සයිබර් ලව්, බූට් සහ විරහ වේදනා...!!!

    මේව පසුගිය සහස්‍රකයයේ අපිට තේරෙන්නේ නෑ.

    අනේ ඇත්තට මේ දැං කාලේ හැදෙන ළමයි!

    ReplyDelete
    Replies
    1. ඔව්ව ඔහොම තමයි ඉතින්

      Delete
  2. ඒ අයියා ගත්ත තීරණේ හරි.
    නොලැබෙන දේවල් පස්සේ ගිහින් වැඩක් නෑ තමා. ඒක නිකරුනේ කාලේ ගත වෙන වැඩක්. ඊට වඩා හොදයි ඉදිරියට වෙන දේ ගැන හිතන එක !!!

    ReplyDelete
  3. කියෙව්ව උනත් කියන්න දෙයක් නෑ.

    ReplyDelete
  4. හ්ම්...

    ReplyDelete
  5. ජීවිතේ හැටි වෙන්නැති...

    ReplyDelete
  6. මොනා කියන්නද කියලා හිතා ගන්න බෑ අක්කේ...

    ReplyDelete
    Replies
    1. මොනා කියන්නද මල්ලි :)

      Delete
  7. Nice post. I was checking constantly this weblog
    and I am inspired! Very useful information particularly the ultimate phase
    :) I take care of such info a lot. I was seeking this particular info for a very
    long time. Thanks and good luck.
    Visit my homepage ; my article archive

    ReplyDelete
  8. If some one desires expert view concerning blogging and site-building then i recommend him/her to visit this
    web site, Keep up the fastidious work.
    Also see my web page: my blog log

    ReplyDelete
  9. මටත් වුනු දෙයක් මේක. වෙනසකට තියෙන්නේ ඔහු එන්ගේජ් වෙලා දැන් මැරි කරලා ඉන්න එක විතරයි. ජිවිතේ හැටි ඔහොම තමයි

    ReplyDelete
    Replies
    1. ඔව්ව ඔහොම තමයි ඉතින්

      Delete
  10. අනේ මන්දා අක්කා මුලින් ලිව්වෙ මගේ ජීවිතේද කියලා...හ්ම් මටත් කවද හරි වෙයි අක්කා ලිව්ව අග ටිකත් ලියන්න.....

    ReplyDelete
  11. මොනවද අප්පේ මේ වෙන්නෙ?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මේ මමත් බලන්නෙ :)

      Delete
  12. හෙම්...තියාගන්න බැරි දෙවල් ගියහම....බලෙන් තියාගෙන විඳවනවට වඩා ඒ දේ ජිවිතේට සැහැල්ලුව ගෙනවා...හොඳම පිලිතුර කාලයට ඉඩදෙන එකයි

    ReplyDelete
    Replies
    1. කාලය ගොඩක් දේවල් වලට විසදුම් දෙනව ඒක ඇත්ත.

      Delete
  13. I also on that way but behind U....

    ReplyDelete