Sunday, July 1, 2012

මික්ස් ස්කූල්ස් වල අයට ඕවා නෑ


මම නම් පුංචි කාලෙ ඉදන් ඉස්කෝලෙන් අයින් වෙනකම්ම ගියෙ මික්ස් ස්කූල්ස් වලට.ස්කූල්ස් කිව්වට මහ ගොඩක් නෑ...2කකට විතරයි ඉතින්.1 වසරෙ ඉදන් 5 වසර වෙනකම් ටවුන් එකේ තිබ්බ පොඩි ඉස්කෝලෙකට, ඒක මික්ස් ස්කූල් එකක්.ඒ කියන්නෙ ජාති දෙකෙන්ම ලමයි හිටියා...:).,ඊට පස්සෙ 5හේ විභාගෙ පාස් වෙලා මධ්‍ය මහා විද්‍යාලෙට.ඒකත් මික්ස් ස්කූල් එකක්.ඒකටත් ආව මික්ස් ස්කූල්ස් වල ලමයි වගේම කොන්වන්ට්,ජෝශප්ස් වගේ ඉස්කෝල වල ලමයිනුත් ..ගෑණු පිරිමි ළමයි එකට ඉන්න එක ඒ අයට නම් ටික කාලයක් යනකම් හුරු වෙන්න අපහසු උනා.

අපිට නම් ඒ හැටි ගානක් උනේ නෑ.මොකද පොඩිම කාලෙ ඉදන් අපේ හොදම යාලුවො උනෙත් පිරිමි ලමයි.කොන්වන්ට් එකෙන් ආව ගෑණු ලමයෙක්ගෙ ඇගේ පිරිමි ලමයෙක් වැදුනත් එයාලට නිකන් කහඹිලියා වගේ තමයි.හැමෝම නෙමේ සමහරු එහෙම හැසිරුනා.

මට මතකයි දවසක් කැම්පස් එකේදි  ඔහොම කොන්වන්ට් එකක ඉදලා ආව ලමයෙක් අපේ ටේබල් එකේ කෑම කනව.ඔක්කොම හිටියෙ ගෑණු ලමයි එතන.අපි අදුරන පිරිමි ලමයි කීපදෙනෙක් ආව විතරයි අරයට කකා හිටපු කෑම එක කන්න බැරුව ඒකත් අරන් නැගිටලා ගියා.එයාට පිරිමි ලමයි ආව එකෙන් අපහසුවක් දැනෙන්න ඇති හුරු නැති නිසා.

අපි ඒ ලෙවල් කාලෙ ටියුශන් යනවනේ, ඔන්න ඔය දවස්වල ක්ලාස්වල බංකු ගොඩක් එක ලගින් නේ තියෙන්නෙ ඉතින්...එක බංකුවක 8 දෙනෙක් විතර වාඩි වෙනව.දවසක් පරක්කු වෙලා ගෑණු ලමයෙක් ඇවිත් ඉස්සරහ බංකුවක වාඩි උනා ඊට පිටි පස්සෙ බංකුවේ  හිටපු පිරිමි ලමයෙක්ට ඒ එක්කම නැගිට්ටුනා.ලමයි හැමෝම හිනා උනා...

පස්සෙ ඒ පිරිමි ලමය කියල තිබුනා ඒ ලමය මගෙ ඇගේ ගෑවුන නිසා මම් නැගිට්ටෙ කියල.එයා යන්නෙ පිරිමි ස්කූල් එකකටලු.ගෑණු ලමයි එච්චරම හුරු නෑලු.ගෑණු ලමයි යාලුවොත් අඩුලු.

ඒත් සමහරුන්ට නම්  ඔය ප්‍රශ්න මොකවත් නෑ...මික්ස් ස්කූල් වල ලමයින්ට වඩා හොදට ජාති දෙකේම ලමයි එක්ක හොදට හැසිරෙන්න දන්නව.හොදට ගැටෙනව.

සමහර අම්මල තාත්තලා ලමයින්ව බෝයිස් ස්කූල්,ගර්ල්ස් ස්කූල් වලට යවන්න තීරණය කරනව.ඒක ඒ අයගේ කැමැත්ත.ඇත්තටම වඩා හොද එහෙම වෙන්වෙන්ව තියන ඉස්කෝලයකට ලමය යවන එකද නැත්තම මික්ස් ස්කූල් එකකට යවන එකද?
 
අදහස 01:
අපෝ තනි ජාතියක් ඉන්න එයෑ විනය අන්තිමයි
එකක් තමා විනයක් නෑ
ඕන වැඩක් කරනවා
අනිත් එක තමා ගෑල්ලමයෙක් එක්ක කතා කරන්ඩ ඕන විදිහ ඉගෙන ගන්නේ නෑ
ගෑල්ලමයි ඉන්නවනම් කෙල්ලෝ ඉන්න නිසා චාටර් නොවී ඉන්ඩ කොල්ලෝ බලනවා
ඒ නිසා නිකන්ම වගේ වැරදි වැඩ අඩු කරනවා
අනිත් එක තමා පංති වලපිලිවෙලක් නෑ.
ඒක ඉගෙන ගන්නේ නෑ
ගෑල්ලමයින්ගේ ඉස්කෝල වල නම් අඩුම ගානේ ගෑල්ලමයි හරියට පුටුවක වාඩු වෙන්න ඉගෙන ගන්නේ නෑ.
කෙල්ලෝ නිකන් කොල්ලෝ වෙන්ඩ යනවා.
සමහර වෙලාවට තරුණ පහේ ටීචර්ලට එහෙම ඉන්ඩ නෑ.
ඇයි ඉතින් ගෑල්ලමයෙක්වත් නෑනේ ඉස්කෝලේ
හික්ස් :)
අදහස 02:
මම නම් හිතන්නෙ මික්ස් ස්කූල් වලට යවන එක...
මම ගිය ස්කෝල 4ම ඒව
ම්ම්....
මේමයි
මං නං දකින විදියට ඔය වෙන වෙනම ස්කොල වලට යන අයගෙ මානසික ප්‍රශ්න වැඩියි
අනික අනාගතයේදි, සමාජගතවුනාම එහෙම අය සමාජයත් එක්ක මුසුවිම ගැටලුකාරි වෙන්න පුලුවං. 
 අදහස 03:
මික්ස් එකකට යවන එක .
හේතුව තමයි සාමන්‍යන් ළමයෙක් ලමා කාලයේ සිටම කවලමේ හිටියම විශේශත්වයක් දකින්නේ නැ.අ නික විරුද්ද පාර්ශවය හදුනා ගන්නවා. ඔවුන්ට දෙවර්ගයම සාමන්‍ය අය වෙනවා. වෙනම තියෙන ස්කොලෙක එහෙම වෙන්නේ නැ. ඔවුන්ට ආශාවක් කැමැත්තකින් පෙලෙනවා. මික්ස් එකක නම් ඔවුන් අශරය කරන්න සම වයසේ ලමුන්.නමුත් ගැනු ලමයින්ගේ විතරක් එකකදි ඔවුන් කුමන හෝ පිරිමියෙක් වෙත ආකර්ශනය වෙනවා. අද සමාජයත් එක්ක ගත්තම දරුවා අමරුවේ වැටෙන්න තියෙන ප්‍රතිශතය එතකොට වැඩියි
 අදහස 04:
මික්ස් ස්කූල් එකකට යවන එක
එතකොට ඇම්ම අඩු වෙනවා
නැත්තම් ඇම්ම වැඩි වෙනවා
විරුද්ධ ලිංගිකයන් ගැන විකෘති අදහස් එනවා
මික්ස් ස්කූල් වල අයට ඕවා නෑ 
අදහස 05:
ඉස්කොලේ නොයවා ඉන්න එක තාම හොද මයේ හිතේ ..:P
අදහස 06:

mix
reason
gl schols are full of drty attitudes, no need to explain ne
wt abt boys schools then?

gls try to get thr freedom at schol
bt byz have it alredy in society.
මෙන්න මෙහෙමයි කීපදෙනෙක් මේ ගැන අදහස් ප්‍රකාශකරේ... මේ දේ සම්භන්ධයෙන් ඔයාලගෙ අදහසුත් කියන්න බලන්න.ඇයි මෙහෙම වෙන් වෙන් වශයෙන් ස්කූල්ස් ඇති වෙන්න ඇත්තේ...???

33 comments:

  1. Replies
    1. Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි..මිශ්‍ර පාසල්වලට යවන එක නිසා ලිංගික අසහනය අඩුවෙනවා දෙපිරිසේම... ඒ වගේම එකට ඉන්න නිසා සහෝදර හැගීමක් ඇතිවෙනවා වගේම අනවශ්‍ය ප්‍රශ්ණ ඇතිවීම් ඒ නිසා වැළකෙනවා

      Delete
  2. ඉස්කෝලෙ,ඉස්කෝල කියල කට ඇරල කියන්න,ලියන්න පුළුවන්කම තියෙද්දි ස්කූල්ස්,මික්ස් ස්කූල්ස් කියලා ලියල තියන එකට මං කැමති නෑ.

    හරි.. මගෙ අදහසනම් මිශ්‍ර පාසල් වල ඉගෙන ගත්තහම ගැහැනු පිරිමි ලමයි දෙගොල්ලොටම හොඳයි.කොටින්ම කියනවනම් කෙල්ලො කොල්ලො ගැන දැනගන්නවා.කොල්ලොත් කෙල්ලො ගැන දැනගන්නවා.දැනගන්නවා කිව්වෙ හිතන පතන විදිහ.

    ReplyDelete
  3. අර පස්වෙනි අදහස කියපු එකා කවුරු වෙන්ඩ පුලුවන්ද කියලයි මම් කල්පනා කරන්නේ !!!
    අර කිව්වත් වගේ මික්ස් ස්කූල් වල දෙවර්ගයම එකට ඉන්න නිසා දෙගොල්ලන්ගේම සිතුම් පැතුම් අදුනගෙන ඉන්ඩ පුලුවන් !!!

    මම් අද එකද මන්දා !

    ReplyDelete
  4. මම පොඩි කාලේ ගියේ මිශ්‍ර පාසලකට. ඒත් ශිෂ්‍යත්වයෙන් පස්සේ ගියේ පිරිමි විද්‍යාලයකට. ඒත් දහම් පාසල් ගියා අන්තිම වෙනකම්ම. අපි මේ යස අගේට ඉන්නේ :D

    ReplyDelete
  5. මාත් ඉස්කෝල දෙකකටයි ගියේ දෙකම මිශ්‍ර ඉස්කෝල..ඔය තනි ඉස්කෝල වලට යන අය ගැන ඔහොම කතන්දර තියෙන බව අහලා තියෙනවා..හැබැයි මගේ යාළුවො ගොඩක් ඉන්නවා හැම ඉස්කෝලෙකට ගිය අය..වෙනසක් දකින්න නැති තරම්..දෙමව්පියො සමාජශීලී අය නම් මොන ඉස්කෝලෙට ගියත් ළමයි සමාජශීලී වෙනව කියලයි මගේ පුද්ගලික අදහස..

    ReplyDelete
  6. නදී අක්කේ ඇත්තම කියන්න ඔයා ඉක්කෝල කීයකට ගියාද...? එක් තැනක් 2ක් වශයෙනුත් තවත් තැනක 4ක් වශයෙනුත් ඇත.... :D

    මමත් කියන්නේ මිශ්‍ර පාසල් තමා හොඳ...

    ReplyDelete
    Replies
    1. මම් ගියෙ ඉස්කෝල 2කට දෙකම මිශ්‍ර පාසල්.4ක් කියල කියල තියෙන්නෙ වෙන කෙනෙක්.

      Delete
  7. පොඩි කාලේ මිශ්‍ර එකකට ගිහින් පස්සෙ කොල්ලො විතරක් ඉන්න එකකට මාත් ගියා.. උ.පෙ කාලෙ වෙනකම් ම කෙල්ලොත් එක්ක තිබ්බ සම්බන්ධෙ ෆුල්ම අවුල් වෙලා තිබ්බේ.. 6,7,8 වගේ කාලෙදි කෙල්ලො ඇලජික් වගේ දැනෙනවනේ.. ආයේ සා.පෙ ඉවර වෙලා උ.පෙ පටන් ගන්න කොට නේ කෙල්ලේ ඕනෙ වෙන්නේ.. මිස්‍ර එකේ දිගටම ඉන්න එක හොඳයි..

    ReplyDelete
  8. අපිට කොයින්ද මික්ස් රයිස්..චැක්...අපේ එකේ කොල්ලො විතරයි නේ ඉදියේ....

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඔය යස අගේට ඉන්නෙ ගෙඩ්ගරත් කොල්ලො ඉස්කෝලෙත් කොල්ලො.

      Delete
  9. ඔයාට මිශ නොවන පාසලක අත්දැකීමක් නෑ මම හිතන්නේ.. එක නිසා අන්ධයා අලියා අත ගැව වගේ කතා කරන්න එපා... ඔයා එහෙන් මෙහෙන් දැකපු දේවල් කීපයකින් කොහොමද කියන්නේ මිශ පාසල් හොදයි කියල.. එහෙම හොද නම් ඒවා අපේ රටේ හොදම පාසල් නොවෙන්නේ ඇයි?? ලියන කොට පොඩ්ඩක් හිතල ලියන්න.. ඔයා ගියේ මිශ පාසලට නිසා ඒවා හොදි කියන එක ගැන මගේ විරොදයක් නෑ. එත් ගොන් තර්ක ගේන්නේ එපා. ලිංගික අසහනය.. බම්බුව

    ReplyDelete
    Replies
    1. ඇත්ත මම් ඉස්කෝලෙන් අස් වෙනක්ම්ම ගියෙ මිශ්‍ර පාසල් 2කට විතරයි.අත්දැකීම් නෑ කියන්න බෑ මාත් එක්ක හිටිය ගොඩක් යාලුවෝ එහෙම වෙන් කරල තියන ඉස්කෝල වල ට ගියපු අය.එයාල හැසිරුන විදිය වෙනස්.ඔක්කොම නෙමෙ අතලොස්සක් දෙනා.මගෙ අත්දැකීමක් තමයි මම් ලිව්වෙ, ඒකට මට නිදහස තියනවනෙ.මම් නෙමේ ඔය අදහස් දුන්නෙ මගෙ යාලුවෝ කීපදෙනෙක්.හ හා ඔයාට තරහ ගිහින් වගේ.මට ඇති අසහනයක් නෑ.ඔයා නම් අසහනයෙන් වගේ.ඇයි තමන්ගෙ නමින් කොමෙන්ට් කරන්න ඔච්චරම බය.???

      //ඔයා ගියේ මිශ පාසලට නිසා ඒවා හොදි කියන එක ගැන මගේ විරොදයක් නෑ

      හොදි?? :)

      Delete
  10. මිශ්‍ර පාසල් පටන් ගත්තෙ සුද්දොනෙ. ඒ කාලෙ වික්ටෝරියානු සභ්‍යත්වය හින්දා.

    මම ගියෙ බාලිකා පාසලකට වුණාට, අපේ ගෙදර අය්යල, අක්කල, මල්ලිල, මාමලා හිටිය නිසා අපි හැමෝගෙම යාළුවො එහෙම නිතර ගැවසුණා. නමුත් දැන් කාලෙ හුඟක් පවුල්වල ඉන්නෙ එක ළමයෙක් දෙන්නෙක්. එහෙම අයට ගෙවල්වලදිත් අනෙක් පාර්ශ්ව ආශ්‍රය කරන්නට ලැබෙනවා අඩුයි. ඒ හින්දා මිශ්‍ර පාසල් ඇති කරනවනම් හොඳයි, දැන් තියන වෙන් කර ඉගැන්වීම නවත්තල.
    අනික් අතට මිශ්‍ර පාසලකදි ගුරුවරුන් වැඩිහිටියන් විසින් ළමයින්ගෙ චර්යා රටා අනවශ්‍ය විදිහට "ගැහැණු ළමයි/ පිරිමි ළමයි" විදිහට බෙදා වෙන් කර පාලනය කරන්නට හදන්නට ඉඩකඩ වැඩියි. උදාහරණයක් විදිහට පාසලේ උත්සවයක් ගත්තොත්, බාලිකා පාසලකදිනම් පුටු මේස උඩ නැගලා, වහළවල් සුද්ද කරන්නෙත්, විදුලි බල්බ මාරු කරන්නෙත් ගෑණු ළමයි. බාලක පාසලකදිනම් තේ පැන් හදන්නෙ, පිළි ගන්වන්නෙත්, අතුගාන්නෙ අස් කරන්නෙත් පිරිමි ළමයින්ම තමයි. නමුත් මිශ්‍ර පාසලකදි, මෙහෙම හැම වැඩක්ම පොදුවෙ කරන්නට ඉඩ නොහැර, ගෑණු ළමයින්ගෙ වැඩ/ පිරිමි ළමයින්ගෙ වැඩ කියලා බෙදන්නට ඉඩ වැඩියි. එහෙම වුණොත් ඒකත් ළමයින්ගෙ කුසලතා හා ආකල්ප වර්ධනයට බාධා කරනවා.

    ReplyDelete
  11. මිශ්‍ර පාසල් තමා හොද... මාත් ගියේ ඒකකට තමා..

    ReplyDelete
  12. දැන් ඔයාට දරුවෙක් ඉන්න කාලෙක ඔයා ඒදරුවව දාන්නෙ මොන වර්ගයෙ ඉස්කෝලෙකටද නදී?


    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මට දරුවෙක් හිටියොත් අනිවාර්යෙන් මිශ්‍ර පාසලකට දානව

      Delete
  13. මාත් මිශ්‍ර පාසල් වලට තමා ගියේ. අනෙක් පිරිමි හෝ ගැහැණු පාසල් වලත් හිතන තරම් වරදක් ඇතැයි කියන්න බැහැ. අද කාලේ ගැහැණු ලමයි පිරිමි ලමයි මුණ ගැහෙන්නෙ පාසැලේදි විතරක්ම නෙවෙයිනේ. හැබැයි ඉතිං මිශ්‍ර පාසලකට යනව නම් හොඳයි කියන එක තමා මගෙත් අදහස. අත්දැකිම් බහුලයිනෙ.

    ReplyDelete
  14. මිශ්‍ර පාසැල සංකල්ප්ය ඉතා හොද දෙයක්. මම මේ ජාති දෙකටම ගිහින් තියෙනවා. පිරිමි හෝ ගැහැණු පාසැල් ළමුන්ට වඩා විවෘත මනසකින් එකිනෙකා දිහා බලනව මිශ්‍ර පාසැල්වල ළමුන්. ඒ ගැන මට හොද අත්දැකීම් තියෙනවා. දිනක ලියන්න ඕනෙ ඒ ගැන.

    ReplyDelete
    Replies
    1. ලියමුකෝ බලන්න එහෙනම්

      Delete
  15. ගෑල්ලමයි?
    http://www.google.com/ime/transliteration/

    ReplyDelete
  16. මාත් මිශ්‍ර එකකට ගියේ. අනෙක්වා ගැන කියන්න දන්නෑ. ඒත් මිශ්‍ර හොඳයි කියල හිතෙනව.

    ReplyDelete
  17. අම්මප මික්ස්ව හොදා..
    කෙල්ලෙක් දකින්නෙ නැතිව අපි විදපු දුකක්,,, හික් හික් හික්

    ReplyDelete
  18. සමහර දේවල් ඇත්ත සමහර දේවල් එහෙම නෑ කියලයි මට හිතෙන්නෙ..මම 1 වසරෙ ඉදලම ගියෙ පිරිමි පාසලකට..දැන් 12 ඉන්නෙ..මම කියන්නෙ මිස්‍ර පාසල් වලට වඩා පිරිමි හෝ ගැහැණු පාසලක් හොදයි කියල..

    //මං නං දකින විදියට ඔය වෙන වෙනම ස්කොල වලට යන අයගෙ මානසික ප්‍රශ්න වැඩියි//

    මෙහෙම දෙයක් නම් අපි දැකල නෑ..අපි අදුරන අය ඉන්නවා මික්ස් ඒව වලත් ඕන තරම්..එයාල කරන වැඩම තමයි ඉතින් අපිත් බොහෝ දුරට කරන්නෙ..අපිටත් වැඩ ඉස්කෝලෙ ඇතුලෙදිම වෙලා තියෙනව කියල ඕන තරම් ආරන්චි වෙලා තියෙනව අපිට නම්..දැන් කාලෙ නේ..

    //අනික අනාගතයේදි, සමාජගතවුනාම එහෙම අය සමාජයත් එක්ක මුසුවිම ගැටලුකාරි වෙන්න පුලුවං//

    තව වෙනකන් අපිට මේ වගේ කිසි ප්‍රස්නයක් ඇති වෙලා නම් නෑ..අපි ගෑනු ලමයි එක්ක හොදට කතා කරල ඉන්නවා..එයාලත් එහෙම තමයි..හැබැයි අපිට එයාල එක්ක කතා කරද්ද මික්ස් වලට වඩා නම් ස්වයං විනයක් තියෙනව..

    //හේතුව තමයි සාමන්‍යන් ළමයෙක් ලමා කාලයේ සිටම කවලමේ හිටියම විශේශත්වයක් දකින්නේ නැ.අ නික විරුද්ද පාර්ශවය හදුනා ගන්නවා. ඔවුන්ට දෙවර්ගයම සාමන්‍ය අය වෙනවා. වෙනම තියෙන ස්කොලෙක එහෙම වෙන්නේ නැ. ඔවුන්ට ආශාවක් කැමැත්තකින් පෙලෙනවා. මික්ස් එකක නම් ඔවුන් අශරය කරන්න සම වයසේ ලමුන්.නමුත් ගැනු ලමයින්ගේ විතරක් එකකදි ඔවුන් කුමන හෝ පිරිමියෙක් වෙත ආකර්ශනය වෙනවා. අද සමාජයත් එක්ක ගත්තම දරුවා අමරුවේ වැටෙන්න තියෙන ප්‍රතිශතය එතකොට වැඩියි//

    මේක කොහෙත් එකයි...

    //මික්ස් ස්කූල් එකකට යවන එක
    එතකොට ඇම්ම අඩු වෙනවා
    නැත්තම් ඇම්ම වැඩි වෙනවා
    විරුද්ධ ලිංගිකයන් ගැන විකෘති අදහස් එනවා
    මික්ස් ස්කූල් වල අයට ඕවා නෑ //

    මේක කොහොම කිවුවද කියල හිතා ගන්න බෑ..අනේ මන්ද..අපි දකින සහ උන් කරන දේවල් එක්ක විකෘති අදහස් තියෙන්නෙ කා ගාවද කියන එක හිතා ගන්න බෑ..අනේ මංද..දන්නෝ දනිති කියල තමයි කියන්න වෙන්නෙ

    //ඉස්කොලේ නොයවා ඉන්න එක තාම හොද මයේ හිතේ ..:P//

    මේකට නම් මාත් කැමතියි

    ReplyDelete
  19. අන්තිමට අපි නම් කියන්නෙ කොහෙත් එකයි..බොයිස් නම් ගොඩක් හොදයි කියල :D

    ReplyDelete
  20. මට මිශ්‍ර පාසල් ගැන අත්දැකිමක් නැ. මම ගියෙ ගැනු පාසලකට නිසා . රැකියාවට එනකම්ම සබකෝල ගතියක් තිබුනේ ඒ නිසා වෙන්න ඇති .

    ReplyDelete
  21. මම නම් අදත් පසුතැවෙනවා ශිෂ්ෂත්වේ පාස් වෙලා බෝයිස්කුල් එකකට ගියපු ඒක. ඉස්කෝලෙන් අයින් වුන කාලේ මට ගෑල්ලමයි අරහන්, දැනුත් ටිකක් එහෙම වගේ. ඒවුනාට ටික ටික ඒක නැති වෙලා යනවා කියල තේරෙනවා. මික්ස්කුල් එකක ඉන්න එකේ වාසි ගොඩාක් තියනවා .ඒ වගේම අවාසිත් තියනවා.

    ReplyDelete
  22. මමත් ගියේ බාලිකා පාසලකට. අපේ පළාතේ බොහොමයක් පාසල් බාලක හෝ බාලිකා පාසල්. මේ මිශ්‍ර වීමේ ප්‍රශ්නේ පොඩ්ඩක් විතර තිබුනා කියලා මම හිතනවා උසස් පෙළ ටියුෂන් වලදී එහෙම. දෙගොල්ලෝ හරියකට කතා කරෙත් නැහැ. හැබැයි කැම්පස් ගියාට පස්සේ ඒකට අනුගත වෙන්න මාසයක්වත් ගියේ නැහැ. ඊට පස්සේ හැමෝම එකට ඉන්න පටන්ගත්තා කිසිම වෙනසක් නැතුව. ඒ නිසා ඒකෙන් ලොකු හානියක් වෙනවා කියලා මම හිතන්නේ නෑ. හැබැයි හානි වෙන අවස්ථා නෑ කියලා කියන්නෙත් නෑ.

    මිශ්‍ර පාසල් වලට වඩා අනෙක් ක්‍රමයේදී අධ්‍යාපන තරඟයක් තියනවා කියලත් මට හිතෙනවා. මේ අපේ පළාතේ පාසල් විශ්ලේෂණය කරාම පෙනෙන දෙයක්.හ්ම්ම්...මේක ටිකක් හොයල බලන්න ඕන කාරණාවක් :)

    ReplyDelete
  23. අන්ඒ මන්දා ඕවට පොදුවෙ උත්තර දෙන්න අමාරුයි.මොකෝ එක එක අයට පේන්නෙ එක එක විදිහටනෙ.තනි එකකට ගියා කියලා මටනම් අවාසියක් වෙලා නෑ.මම 6 වසර වෙනකල් ගියේ මිශ්‍ර එකකට.ඒකත් නරක නෑ.ඒත් අද කාලෙ සමහර මිශ්‍ර ස්කෝල වල වෙන දේවල් ඇහුවාම තනි ඒවා හොදයි කියලත් හිතෙනවා.

    ReplyDelete
  24. මට හිතන්නෙ මෙතන ගැටලුව තියෙන්නෙ පාසැල් කෙරමයේ නෙවේ.. එක එක ළමයින්ගෙ මානසික මට්ටම අනුව එක එක්කෙනාගෙ මත වෙනස් වෙන්න පුලුවන්.. හිතන පතන විදිහ වෙනස් වෙන්න පුලුවන්.. හැම මිශ්ර පාසැලකම ඉන්න ළමයි සියලුම දෙනාම 100%ක්ම හරියට සමාජගත වෙලා කියලා කියන්නත් බෑනේ. අනික මිශ්ර පාසැල් වලට යන සහ ගියපු අය හැමෝම සමාජගත වෙලාද?? කොහොම උනත් මිශ්ර පාසැල් වලට යන අය අනික් පාසැල් වලට යන ලමයින්ට වඩා සමාජගත වීමේ වේගය අතින් නම් ඉදිරියෙන් ඉන්නවා... මට හිතෙන්නෙ මෙතන පාසැල් කෙරමයට වඩා බලපාන වෙන හේතුවක් තියෙනවා. ශ්රී ලංකාවේ සංස්කෘතිය අපිට සමාජගත වෙන්න තියෙන ඉඩ සීමිත කරනවා.. ලංකාවේ සංස්කෘතිමය නීති රාමුව හැම ළමයෙක්ගෙම සමාජගතවීමේ වේගය සෑහෙන්න ප්රමානයකින් අඩාල කරනවා... බටහිර රටවල ළමයින්ට මේ වගේ සමාජගතවීමේ ප්රශ්න නැත්තෙ ඒ රටවල අපේ වගේ තද විශ්වාසයන් නැති හින්දා වෙන්නැති කියලා මම හිතනවා.. අනික එයාලට විරැද්ධ ලිංගිකයන් දැක්කම අපේ අයට වගේ නලියන්නෙවත් මූණ බලන්න බැරි තරම් ලැජ්ජා වෙන්න දේකුත් නෑනේ..

    සිංහල ටයිපින් වලට මම අලුත්.. ටයිපින් වැරදි නිසා කියවන්න අමාරැ උනානම් සමාවෙන්න..

    ReplyDelete
  25. මට හිතන්නෙ මෙතන ගැටලුව තියෙන්නෙ පාසැල් කෙරමයේ නෙවේ.. එක එක ළමයින්ගෙ මානසික මට්ටම අනුව එක එක්කෙනාගෙ මත වෙනස් වෙන්න පුලුවන්.. හිතන පතන විදිහ වෙනස් වෙන්න පුලුවන්.. හැම මිශ්ර පාසැලකම ඉන්න ළමයි සියලුම දෙනාම 100%ක්ම හරියට සමාජගත වෙලා කියලා කියන්නත් බෑනේ. අනික මිශ්ර පාසැල් වලට යන සහ ගියපු අය හැමෝම සමාජගත වෙලාද?? කොහොම උනත් මිශ්ර පාසැල් වලට යන අය අනික් පාසැල් වලට යන ලමයින්ට වඩා සමාජගත වීමේ වේගය අතින් නම් ඉදිරියෙන් ඉන්නවා... මට හිතෙන්නෙ මෙතන පාසැල් ක්රමයට වඩා බලපාන වෙන හේතුවක් තියෙනවා. ශ්රී ලංකාවේ සංස්කෘතිය අපිට සමාජගත වෙන්න තියෙන ඉඩ සීමිත කරනවා.. ලංකාවේ සංස්කෘතිමය නීති රාමුව හැම ළමයෙක්ගෙම සමාජගතවීමේ වේගය සෑහෙන්න ප්රමානයකින් අඩාල කරනවා... බටහිර රටවල ළමයින්ට මේ වගේ සමාජගතවීමේ ප්රශ්න නැත්තෙ ඒ රටවල අපේ වගේ තද විශ්වාසයන් නැති හින්දා වෙන්නැති කියලා මම හිතනවා.. අනික එයාලට විරැද්ධ ලිංගිකයන් දැක්කම අපේ අයට වගේ නලියන්නෙවත් මූණ බලන්න බැරි තරම් ලැජ්ජා වෙන්න දේකුත් නෑනේ..

    සිංහල ටයිපින් වලට මම අලුත්.. ටයිපින් වැරදි නිසා කියවන්න අමාරැ උනානම් සමාවෙන්න..

    ReplyDelete