Friday, April 13, 2012

ඒ කොන මේ කොන හැම කොන සතුට @ ගෙදර

අම්මෝ...බ්ලොග් එක පැත්තෙ එන්න දැනුයි ඉස්පාසුවක් ලැබුනේ.අලුත් රස්සාවත් එක්ක ජීවිතේ ටිකක් කාර්‍යබහුල වෙලා තිබුනා.උදේ...ම වැඩට යනව ආයම හවා...ස් වෙලා ගෙදර එනව.කාල බීලා තෙහෙට්ටුව නිවාගන උගන්නන්න ඔනේ කරන ප්‍රසන්ටේශන් ස්ලයිඩ්ස් හදනව.ඉතින් කොහෙද බ්ලොග් ලියන්න වෙලාවක්....

ඒත් එක්කම අපේ ගෙදරටත් අලුත් අමුත්තෙක් එකතු වෙන්න සූදානමින්, අමුත්තෙක් කිව්වෙ අපේ නැචුරල්ට චූටි නංගි බබෙක් !... ආ හෙට එනව කියල තමයි දොස්තර මාමල කියන්නෙ.ඒ නිසා වැඩ කටයුතු බොහොමයි.

ගෙදර අස්පස් කරන වැඩවලට අමතරව අලුත් අවුරුද්ද වෙනුවෙන් කැවිලි පෙවිලි හදන්න ඔය කී නොකී හැමදේකටම වෙනදට වඩා මගෙ සහභාගීත්වය දෙන්න උනා.

ලේසි නෑ මේ සෑරේ අපි මුං කැවුම්, කොකිස්, කිරිටොෆි, මුරුක්කුත් හැදුවා.අම්මගෙත් උදව් ඇතුව මම් තමා ගොඩක් වැඩ කරේ.අවුලක් උනේ නෑ දැන් කෑම ජාති ටික තනියම උනත් හදාගන්න පුලුවන්.කාටද ආඩම්බර :D.

මේ තියෙන්නෙ හදපු කොකිස්
මෙන්න හදපු මුං කැවුම්
මේ...ං හදපු මුරුක්කු
ආ...කියන්න අමතක උනානේ මැලේ අච්චාරුවකුත් දැම්මා...බටු මෝජුවකුත් හැදුවා...

මෙන්න හදපු බටු මෝජුව...තාම කෑවේ නම් නෑ :)
මේ තියෙන්නෙ අච්චාරුව.මේක නම් ගෙදර කට්ටිය දැනටම රහ බලලා.

දැන් මේ ලක ලෑස්ති වෙලා, මලුත් කඩාගන බලාගන ඉන්නෙ උඩමළුවට යන්න.ගිහින් බුදුන් වැදලා නංගි බබාව කරදරයක් නැතුව ලැබෙන්න කියල බුදුන්ගේ සරණ පිහිට ආරක්ශාව ප්‍රාර්ථනා කරනව අක්කටයි බබාටයි දෙන්නටම.

 මමයි නැචිරලුයි එකතු වෙලා හදපු මල් වට්ටිය
එහෙනම් මට යන්න වෙලාව හරි.මගෙ බ්ලොග් යාලු මිත්‍රයෝ හැමෝටම ලබන්නාවූ නව වසර සියළු යහපත් බලාපොරොත්තු ඉටුවන සුභ නව වසරක් වේවා කියල එක හිතින් ප්‍රාර්ථනා කරනවා!!!

31 comments:

  1. කෑම ටිකේ පාට දැක්කහම කියන්න පුලුවන් රහ කොහොමද කියල.... සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.....

    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දක් නදී .... කෑම ටික හදාගන්න පුලුවන් බව දැනගත්ත එක ලොකු සතුටක් ... [22 දා එනකොට ටිකක් ගේන්න]

      Delete
    2. සුභ අලුත් අවුරුද්දක් වේවා හපා!

      Delete
  2. එසේම වේවා!!! කෑම ටික දැක්කහම නම් කෙලත් ගිලුනා... :)

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ඔයාටත්! අහ් ඔයාල කෑම හැදුවේ නැද්ද?:)

      Delete
  3. සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  4. අක්කටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ඔයාටට් නංගි!!!

      Delete
  5. සුබ අලුත් අවුරුද්දක් නදී .... කෑම ටික හදාගන්න පුලුවන් බව දැනගත්ත එක ලොකු සතුටක් ... [22 දා එනකොට ටිකක් ගේන්න]

    ReplyDelete
    Replies
    1. එසේම වේවා අය්යා!!! ඔව් ඔව් මටත් යමක් කමක් පුලුවන් දැන් උයාපිහා ගන්ඩ :)

      Delete
  6. ආනේ.. අලුත් අවුරුද්දට ඔයාලගෙ ගෙදරටත් බබෙක් ආවද? අපේ පුංචියත් අවුරුද්දට බබෙක්ව එක්ක ආවා. හැබැයි එයා නම් මල්ලි බබෙක්.

    ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එයා එන්න 14 වෙනිදා කියල තමයි කිව්වෙ.තාම නෑ ඒත් අද නම් බලාපොරොත්තුව ඉන්නෙ.මෙයා නංගි කෙනෙක්. එසේම වේවා වර්ශා...

      Delete
  7. Mama kiyalane thiyenne! Suba aluth awruddak, akkata amaaruwak nathiwa baba labenawa, awurudu kumaariyak, punchita suba pathum....

    ReplyDelete
    Replies
    1. එසේම වේවා මල්ලි ඔයාටත්.තම බබා ආවේ නැතෝ

      Delete
  8. සුබ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම !

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ගිම්හානි අක්කා!

      Delete
  9. ඔන්න අපි හෙටම අවුරුද්දට ගෙදර එනෝ.. කෑම ටිකක් කාලා යන්න.. :)

    සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කටත්..

    ReplyDelete
    Replies
    1. එන්ඩ එන්ඩ ඔයාටත් එසේම වේවා මල්ලි!!!

      Delete
  10. මේ ලෑබුවා වු නව වසර, සාමයෙන් සතුටෙන්, පිරි හුටපට, ලටපට,,ජල්තර, මරාල වලින් තොර සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා !!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ඔයාටත්!!!

      Delete
  11. අර අමුත්තිය කිසි කරදරයක් නැතිව ලැබේවා කියලා මුලින්ම ප්‍රාර්තනා කරනවා. (ස්කෑන් කරලා වගේ... නැත්නම් කොහොමද දන්නෙ අමුත්තියක් කියලා?)

    සුභ නව වසරක් වේවා! (ඔය වර්ණා කියල තියෙන විදියටම...)

    ReplyDelete
    Replies
    1. එසේම වේවා අය්යටත් .ඔව් ස්කෑන් කරා කීපවතාවක්ම.:)

      Delete
  12. ගලායන ජිවිතය බලා යන්න අදමයි ආවෙ... සුභ අලුත් අවුරුද්දක් කියලම කියන්නම්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි....එසේම වේවා ඔයාටත්!

      Delete
  13. ගිය අවුරුද්දේ දවසක මට කවුරු හරි කෙනෙක් මුරුක්කු ගෙනත් දුන්නා. මම කවදාවත් කාලා තිබ්බේ නෑ වෙන්න ඕනෙ. මිරිස් තියෙන ඒව නෙමෙයි. මම ඒකට කොයි තරම් ආසා වුනාද කියනවා ලංකාවට ආව ගමන් මම කලේ මුරුක්කු හොයන එක. අපේ මලීගේ තාත්තා බේරුවලටද කොහෙද ගිහින් මට කිලෝ ගානක මුරුක්කු ගෙනත් දුන්නා. මෙහේ අරන් ඇවිත් මම කාලයක්ම ඒවා කෑවා. ප්ලේන් ටී එක්ක රසම රස කෑම.
    මේක ලිව්වේ ඔය උඩ ෆොටෝ එකේ ඔයා ඒව හදලා තියෙනවා දැක්කමයි. මම හිතුවේ ඒව ගෙදර හදන ඒවා නෙමෙයි කියලා. අපිට දැනගන්නත් එක්ක රිසිපි එක දාන්නකෝ. වම්බොටු මොජුත් මම ආසායි. ඒත් ඔය ගොඩාක් තෙල් කෑම නම් මම කන්නේ නෑ නේ.

    ReplyDelete
  14. මම පරක්කු වෙලා.....

    ReplyDelete