බල බලා හිටිය ආරංචිය අද උදේ ලැබුන...එයා ඇවිත්.අපි දනි පනි ගාල කෑම බීමත් හදන් අරන් ගියා බලන්න.කොහෙද! එහෙම බලන්න දෙන්න බෑ...ලු.එක්කෙනෙක්ට විතරලු බලන්න දෙන්නෙ....ඒ නිසා අය්යව යැව්ව ගිහින් බලලා එන්න කියල.එයානෙ යායුතු අත්‍යවශ්‍යම පුද්ගලයා...
මම් ඉතින් කොරිඩෝව දිගේ එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටියා මුළු පැයක් පුරාවටම.එයාල ඉන්න පැත්තට බෙල්ල දික් කරකර බැලුව.ම්හු...කිසි දෙයක් බලාගන්න බැරි උනා.හොද වෙලාවට අය්ය එයාගෙ පින්තූර කීපයක් අරන් ඇවිත් තිබුනා අපිට බලන්න කියල.මේ ඉන්නෙ එයා, නැචුරල්ගෙ නංගි,තවම වයස පැය ගානක් වෙන්නෙ.
මෙන්න දොයි තාම |
මේං ඇහැරලා බලන් ඉන්නව |
ආයම දොයි |
එයාව ගෙදර එක්ක එන්න නම් තව දවස් 2ක් වත් යයි.එතකන් ඇගිලි ගැන ගැන තමා මේ ඉන්නෙ.ආහ්... ඒ විතරක්යෑ නමක් හොයන්නත් එපැයි.
බබාට මගෙන් සුබ පැතුම් .......
ReplyDeleteස්තූතියි
Deleteෂා එහෙනම් අවුරුදු කුමාරියකුත් ඇවිත්. නමකට දාන්න නැචුරල් 2 කියල ;-)
ReplyDeleteනැචුරල් ද සකන්ඩ් :))
Deleteඑයා ශොයි අක්කේ බලන්න දෙවනි ෆෝටෝ එක....
ReplyDeleteඔව් නේ
Deleteනියමයි! ඔන්න එහෙනං මුලින් ම උණුසුම් සුබ පැතුම් මගෙන්. ටොපේ ටොප් නමක් දාන්ඩ හොඳේ....
ReplyDeleteටැංකූ.ඔව් ඔව් ලස්සන නම්ක් දාන්න ඔනේ.:)
Deleteඅවුරුදු තැගි...
ReplyDeleteහරිම ලස්සන දරුවෙක්..
ඔව් අවුරුදු තෑගි :)
Deleteපුංචිටත් වැඩ තියෙයි අම්බානකට දැන්....
ReplyDeleteඅනාගතේට ගැළපෙන නමක් දාන්න... ඔය රං මැණිකා , කිරි මැණිකා වගේ ඒව නම් දාන්න එපා .. එහෙම දැම්මොත් කෙලි පැටික්කි ලොකු වුනාම බලා ගන්න තියෙයි..ඉංගිරිස් වලින් ලියද්දි කියවෙන විදිය ගැනත් හිතුවොත් හොදයි මයෙ හිතේ..
අප්පේ ඔව් වැඩ නම් අධිකයි කියලවැඩක් නෑ.හ්ම්ම් තම වෙලාව බලාගන්න බැරිඋනානේ.ලස්සන නමක් දාන්න ඔනේ.
DeleteCongrats.........
ReplyDeleteThnks
Deleteපුන්චිට තීන තංතොසේ....හි හි අපේ සුභ පැතුම..තෙරුවන් සරණයි පැටියටයි අම්මටයි
ReplyDeleteතංතෝස නැඩ්ඩ අලේ.:) ස්තූතීයි.
Deleteමගෙන් සුභ පැතුම්......
ReplyDeleteස්තූතියි`
Deleteපුදුම සතුටක් නේ තියෙන්නේ.. ලස්සන පැට්ටා.. හීන් මැණිකා වගේ නමක් ලස්සන නැතෙයි..
ReplyDeleteආය සතුටු නැතුව.ටැංකූ.ඔව් ඒවගේ එකක් තමා දාන්න ඉන්නෙ.හික් හික්
Deleteඅනා ෂෝයි බබා :) ♥
ReplyDeleteහ්ම්ම් :)
Deleteජය වේවා! ඔය නම් නං ඕන තරන් තියෙන්නෙ ටෙලිෆෝන් ඩිරෙක්ටරියෙ.
ReplyDeletehenryblogwalker the Dude
thama namak na :/
Deleteඅලේ.. සෝයි පැටියා... <3 <3 සුබපැතුවා කියන්න අක්කට......... :D
ReplyDeletehaa :)
Deleteපුතේ ඔයාට තෙරුවන් සරණයි...
ReplyDeleteස්තූතියි කොමෙන්ටුවට
Deleteනංගි බබෙක්. ශෝයි ශෝයි
ReplyDeleteඔව් නංගි කෙනෙක්
Deleteකවුද මේ බබී....??
ReplyDeleteඅපේ අක්කගෙ බබා
Deleteමේ හුලතල් පට්ටන්ගේ පොතෝ නෙට් එකේ දන්නා හොද නෑලු? හි හුයි ගාන අය ගොදයිලු
ReplyDeleteඔහ් එහෙමත් එකක්ද?
Deleteෆොටෝ ටික ඩවුන්ලෝඩ් කරගන්ඩත් ආසයි. මම් ආසයි මේ වගේ පොඩ්ඩොන්ට. දවසම උනත් ඒ අය එක්ක ඉන්ඩ පුලුවන්...
ReplyDeleteඔයත් මේවගේ කෙනෙක් හදාගන්න එතකොට හරිනේ:)
Delete