Showing posts with label පවුල. Show all posts
Showing posts with label පවුල. Show all posts

Sunday, December 29, 2013

කොල්ලෙක් උනා නම්




අපේ  ගෙදර මට වැඩිමල් අක්කා ...එයා ඉපදිලා අවුරුදු 4කින් පස්සෙ තමා මම් ඉපදිලා තියෙන්නෙ... 

ඉතින් අපේ අම්ම අප්පච්චි දෙන්න වගේම හැමෝම හිතන් ඉදල තියෙන්නෙ මේ සැරේ නම් කොල්ලෙක් උනොත් හොදයි කියලා...

විශේෂයෙන් අප්පච්චි ගොඩක් කැමැත්තෙන් ඉදලා තියනව කොල්ලෙක්ට... 

ඉතින් ඒ නිසා නමක් එහෙමත් සූදානම් කරගන ඉදල තියනව...නම මිගාර :) ඒත් ඉතින් ඉපදිලා තියෙන්නෙ කෙල්ලෙක් කියල දැක්ක පාර අප්පච්චිගෙ මූණෙ ටිකක් දුක්  මූඩ් එකක් තිබුනා කියල පස්සෙ  කාලෙක මට කීවෙ අම්ම...

 ඒ නිසාමද මන්දා පොඩිම කාලෙ අප්පච්චිගෙ සරම් වලින් චූටි සරමක් මටත් අන්දලා තියනව මතකයි මමත් එහෙම ඇදගන ඉන්න ආසයි.

කෙල්ලො වගෙ සාරි ඇදලා බෝනික්කො තුරුලු කරන් හිටියද කියල ඒ හැටි මතකයක් නැ ...

ඔන්න ඔහොමයි කොල්ලෙක් වෙන්න මුලින්ම ආසාවක් ඇති උනේ...

කොල්ලෙක් උනානම් කියලා ආයම හිතුනෙ ඉස්කොලෙ යන්න පටන් අරගනත් සැහෙන කාලෙකට පස්සෙ .මික්ස් ස්කූල් එකකට ගිය නිසා හොදම යාලුවො ගොඩක් හිටියෙත් කොල්ලො.... ගැනු පිරිමි බේදයක් පොඩිම කාලෙදි එච්චර දැනෙන්නෙ නැනේ ඉතින් ....

6 වසරෙන් විතර තමා ඒක තේරෙන්නෙ...  :)

කොල්ලෙක් උනානම් කියල හිතෙන්නෙ ගෑණු ලමයින්ට වඩා පිරිමි ලමයින්ට ගෙවල් වලින් ලැබෙන නිදහස ගැන හිතද්දී...

ට්‍රිප් එකක් යන්න සෙට් උනත් කවුද යන්නෙ කොහෙද යන්නෙ කාත් එක්කද කොහොමද යන්නෙ කීයටද යන්නෙ එන්නෙ කීයටද වැඩිහිටියො කවුද යන්නෙ ඔය වගේ ප්‍රශ්ණ කෝටියක් අහල අන්තිමේට අහ් එහෙනම් එපා.... 

කොල්ලෙක්  උනා නම් එහෙම නෑ නෙ... මීට වඩා නිදහස් ! :(

Monday, June 24, 2013

අක්කයි නංගියි

කාලෙකට පස්සෙ අක්කගෙයි නංගිගෙයි පිංතූර ටිකක්!







Friday, April 13, 2012

ඒ කොන මේ කොන හැම කොන සතුට @ ගෙදර

අම්මෝ...බ්ලොග් එක පැත්තෙ එන්න දැනුයි ඉස්පාසුවක් ලැබුනේ.අලුත් රස්සාවත් එක්ක ජීවිතේ ටිකක් කාර්‍යබහුල වෙලා තිබුනා.උදේ...ම වැඩට යනව ආයම හවා...ස් වෙලා ගෙදර එනව.කාල බීලා තෙහෙට්ටුව නිවාගන උගන්නන්න ඔනේ කරන ප්‍රසන්ටේශන් ස්ලයිඩ්ස් හදනව.ඉතින් කොහෙද බ්ලොග් ලියන්න වෙලාවක්....

ඒත් එක්කම අපේ ගෙදරටත් අලුත් අමුත්තෙක් එකතු වෙන්න සූදානමින්, අමුත්තෙක් කිව්වෙ අපේ නැචුරල්ට චූටි නංගි බබෙක් !... ආ හෙට එනව කියල තමයි දොස්තර මාමල කියන්නෙ.ඒ නිසා වැඩ කටයුතු බොහොමයි.

ගෙදර අස්පස් කරන වැඩවලට අමතරව අලුත් අවුරුද්ද වෙනුවෙන් කැවිලි පෙවිලි හදන්න ඔය කී නොකී හැමදේකටම වෙනදට වඩා මගෙ සහභාගීත්වය දෙන්න උනා.

ලේසි නෑ මේ සෑරේ අපි මුං කැවුම්, කොකිස්, කිරිටොෆි, මුරුක්කුත් හැදුවා.අම්මගෙත් උදව් ඇතුව මම් තමා ගොඩක් වැඩ කරේ.අවුලක් උනේ නෑ දැන් කෑම ජාති ටික තනියම උනත් හදාගන්න පුලුවන්.කාටද ආඩම්බර :D.

මේ තියෙන්නෙ හදපු කොකිස්
මෙන්න හදපු මුං කැවුම්
මේ...ං හදපු මුරුක්කු
ආ...කියන්න අමතක උනානේ මැලේ අච්චාරුවකුත් දැම්මා...බටු මෝජුවකුත් හැදුවා...

මෙන්න හදපු බටු මෝජුව...තාම කෑවේ නම් නෑ :)
මේ තියෙන්නෙ අච්චාරුව.මේක නම් ගෙදර කට්ටිය දැනටම රහ බලලා.

දැන් මේ ලක ලෑස්ති වෙලා, මලුත් කඩාගන බලාගන ඉන්නෙ උඩමළුවට යන්න.ගිහින් බුදුන් වැදලා නංගි බබාව කරදරයක් නැතුව ලැබෙන්න කියල බුදුන්ගේ සරණ පිහිට ආරක්ශාව ප්‍රාර්ථනා කරනව අක්කටයි බබාටයි දෙන්නටම.

 මමයි නැචිරලුයි එකතු වෙලා හදපු මල් වට්ටිය
එහෙනම් මට යන්න වෙලාව හරි.මගෙ බ්ලොග් යාලු මිත්‍රයෝ හැමෝටම ලබන්නාවූ නව වසර සියළු යහපත් බලාපොරොත්තු ඉටුවන සුභ නව වසරක් වේවා කියල එක හිතින් ප්‍රාර්ථනා කරනවා!!!