Sunday, July 3, 2011

ලෙක්චර් එක | Game Playing Game Playing ha ha...


කැම්පස් එකේ අපිට හිටියෙ ගොඩක් ගැහැණු Lecturers ලා, එහෙමත් වෙලාවක තමයි බෙහෙතකට වගේ පිරිමි Lecturer කෙනෙක් උගන්නන්න ආවෙ.ඒ අය අතරේ නුවර පැත්තෙ ප්‍රසිද්ධ විශ්වවිද‍ය්‍යාලයක ඉදලා ආව Lecturer කෙනෙක් හිට්යා.

එයා අපිට Credits 3නේ සබ්ජෙක්ට්ස් 2ක් ඉගැන්නුවා,දෙකම Credits 3නේ ඒවා, ඒ කියන්නෙ GPA එකට සෑහෙන්න බලපානව ඒ Subjects වල ලකුණු.එකක් Intelligence Systems අනික Digital Image Processing.

Digital Image Processing Lab Session එක නම් එච්චරම බොරින් නෑ.ඒත් Theory කරන්න ගියාම පැය තුනක් එපා වෙනව එක දිගට.ඊට හපන් Intelligence Systems කියන Lecture එක.මුලදී මෙලෝ සංසාරයක් තේරුනේ නෑ.

පිරිමි ලමයිට නම් ටිකක් අල්ලලා යනව වගේ තේරුනා, අපිට නිකන් මඤ්ඤං වගේ.සර්ගේ ඉගැන්වීමේ රටාවේ අවුලක්ද අපිට තේරුම් ගන්න බැරිකමද මන්දා එතන තිබ්බෙ.

කොහොම හරි අනිත්ම වෙද්දි ppt ගොඩක් එකතු උනා.Reference කරන්න දීල තිබ්බ E Book එකත් පිටු 2000කට ලං වෙන්න තිබ්බ.

ඔය මොනා උනත් අන්තිමේදි ගොඩක් අයට A,B+,B අකුරු ඇවිල්ල තිබ්බ.ස්ටඩීලීව් එකට දෙන සති දෙකේම කරේ E Book එක කියව කියව Discussion & Kuppi දාපු එක.


Theory වෙලාවට ගොඩක් අය අහගන ඉන්නෙ නෑනේ,නිදියන එකනේ කරන්නෙ,ඒත් අපිට Lectures තිබ්බෙ ලැබ් එකේ නිසා ඒ වෙලාවටත් මැශින්ස් ඔන් කරන් ඉන්නව.


නෙට් යනව,ඕක දැනගත්තට පස්සෙ සර් Lecture එක පටන් ගන්න කලින් නෙට් ඩිසේබල් කරනව.ආ...දැන් පලයල්ලකො නේට්!... කියල.ඒක නිසා අපි කරන්නෙ උබුන්ටු වලට ලොග් වෙලා ගේම් ගහන එක.


සර් ඉස්සරහ ඉන්න නිසා පේන්නෙ නෑ.එක දවසක්  ඔහොම සර්ට තරහ ගිහින් ඉන්න වෙලාවක දෙවනි පේලියෙ ලමයෙකුගෙ මොනිටර් එකේ කේබල් එක ගැලෙව්වා,ඒකාත් හොරෙන් ගේම් එකක් ගහල. දැන් කට්ටියම බයවෙලා.


ගෑනු පිරිම් භේදයක් නෑ,ඔක්කොම කට්ටිය (90% විතර අය) ගේම් ගහනව, දැන් සට සට ගාල කට්ටිය මොනිටර් ඔෆ් කරනව .සමහරු මැශින් එකම ඕෆ් කරනව,සර්ට පේන්නෙ නැතිවෙන්න.


ඒ අතරේ එකෙක් නොසෙල්වී මොනිටර් එක ඔන් කරන් ඉන්නව,Screen එක පිටිපස්සෙ පේලියෙ ඉන්න අපිට පේනව,"උබුම්ටු ගේම් එකක් Pause"කරල.


සර් එකපාරටම, ඉශාන්!...Shut Down කරනව මැශින් එක!...කියපි.
අපිට පුදුමයි කොහොමද සර් ඉස්සරහ ඉදන් එහෙම දෙයක් දැක්කෙ කියල.අර ලමයත් බයවෙලා පට් ගාල Shut Down කරා.


පස්සෙ සර්ම කීව, මෝඩ ලමයිනේ!!!...හොර වැඩක් කරන්නත් මොලේ ටිකක් තියෙන්න ඕනේ.ඔය දාගන ඉන්න කන්නාඩි දෙක ගලවලා ඔන් කරගන්නව ඕන එකක්!!!....


ඒත් සර් කීව දේ, එක පාරට අපිට මීටර් උනේ නෑ,පස්සෙ තමා තේරුනේ,ඉශාන් දාගන හිටිය කන්ණාඩි දෙකෙන්, එයාගෙ Monitor එකේ Screen එක, ඉස්සරහ ඉන්න සර්ට පේන විත්තිය.

46 comments:

  1. හික් හික්.. අක්කත් කන්නාඩි දානවා නේද ? :P

    ReplyDelete
  2. සර් ගේ ටිකිරි මොළේ.. මම කියුවයි කියන්න එපා ඔයාට ලකුණු කැපෙයි.. :)

    ReplyDelete
  3. මමනම් කියවන්න හදනකොටම දැන ගත්තා ඔයවගේ සීන් එකක් තමයි කියලා. :D

    ReplyDelete
  4. මේ වගේ ආතල් campus යනකන් විතරයි නේද..,FUN කනේ...
    ඇත්තටම ඉගනගන්න කාලෙ තමයි ජීවිතේ සුන්දරම කලෙ.....,
    Thankz මේවගෙ FUN Post එකක් දැම්මට.....,

    ReplyDelete
  5. Image Processing සහ AI අපිටත් තිබුනා last sem එකේ.AI එච්චරටම බෝරින් වුනේ නම් නැහැ හැබැයි.ඒත් AI වල ඇල්ගෝරිදම් කියල දෙද්දි නම් එපා වුනා.

    ReplyDelete
  6. ඔය පේරා අයගේ හැටි අක්කා....ස්ටුඩන්ට් එක්ස්පීරියන්ස් උපරිමයිනේ....

    ReplyDelete
  7. එතකොට මේක කාටද උනේ :D

    ReplyDelete
  8. අපි කැම්පස් අය නෙවේ .. මේක බලලා ඉරිසියාවේ බෑ .. පපුව පැලෙන්න වගේ !

    මමත් කරන්නේ පරිගණකයක් ලඟට කිට්ටු වූ ගමන්ම ගේම් ගහන එක විතරයි .

    ReplyDelete
  9. e-books වලින් study කරන එක නම් මම අනුමත කරන්නෙ නැ.පොතක් අතට අරගෙන බලනව වගෙ නෙමෙ.මම ඉස්සර යුනි යන කාලෙ මුලු රැම job එකට ගිහින් අවිත් උදේ class ගියාම lecture එකට projector එක දම්ම ගමන් light off කරනව අපහු light දානකොට අපෙ කට්ටිය නිදි පොත් මිටි මිටි කරේ තියාගෙන.

    ReplyDelete
  10. ආදර්ශය
    කන්නාඩි දාගෙන හොර වැඩ නොකරනු..

    ReplyDelete
  11. මොලෙ තියෙන සර් කෙනෙක්...

    ReplyDelete
  12. මාර වැඩේ කන්නාඩි දෙකෙන් හොරා මාට්ටු. ඔය කන්නාඩි සීන් එක ලැබ් ප්‍රැක්ටිකල් වලට හරි යන්නේ නෑ අක්කා. ඕවා හරි යන්නේ ලෙක්චර් එකේ නිදා ගන්නකොට. එතකොට ඒකා නිදාගෙනද නැද්ද කියලා දැනගන්න බෑ.

    අපේ සමහරු කන්නාඩි දාගෙන ඔලුව කෙලින් තියාගෙන හොදට නිදාගන්නවා සර්ට මාට්ටු නොවී.

    අපෙත් කරා ඔය සබ්ජෙක්ට්ස් දෙකම. මම ආසම Digital Image Processing වලට. ඒකේ ලෙක්චර් අහගෙන ඉන්න පුලුවන්. කිසිම කම්මැලි කමක් නෑ. ලැබ් ප්‍රැක්ටිකල් වලට කරන්නෙත් මැට්ලැබ්. ඒ නිසා ඒකත් මරු.

    හැබැයි Intelligence Systems ඕක නම් එපා උනා. ඔය සබ්ජෙක්ට් එක වෙනුවත් අපට තිබ්බේ Artificial Intelligence. ඒක නම් එපා ම උනා. මට යන්තන් C එකක් විතරයි තිබ්බේ මම් හිතුවේ ෆේල් වෙයි කියලා.

    ඕකේ තියරි මාරම අමාරුයි.පැක්ටිකලුත් හරි අමාරුයි. ලොජික් ප්‍රොග්‍රැමින් තියෙන්නේ.

    ReplyDelete
  13. ඔය AI නම් ටිකක් අප්සෙට් තමා..අනිත් දේ තමයි පොතක් බලාගෙන ඉගෙනගන්නවා වගේ ebook එකෙන් ඉගෙන ගන්න එක ඔළුවට යන්නේ නැහැ...

    ආ අක්කේ කියන්න බැරි උනානේ,උබන්ටු ,ෆෙඩෝරා වල තියෙන sudoku ගේම් එක නම් මරු..අපි නම් ලැබ් වල භාවිතා කරන්නේ ඒක තමා :D :D

    ReplyDelete
  14. ලෙක්චර් වල නිදාගන්න එකනම් අනිවා කලයුතුයි.. නැත්නම් පව් සිද්ද වෙනවා.. මරු කතාව මොනවා උනත්. සර් කාරය හොද නිසා හොදයි... ලොල්.

    ReplyDelete
  15. oya manussayata giya sathiye dawasaka lecture eka kara kara inna gaman ninda giyaa. slide tika yanawa pata pata gaalaa. api liyana eka paththakin thiyalaa hinaa wewi hitiya. menna ekaparatama aharuna. porata maara nondiya. passe nondiya wahaganna ape kellekwa panthiyen eliyata damma...

    ReplyDelete
  16. මම නම් මුකූත් කියන්නෙ නැ ඕං...කොහෙද අප්පා ඔයා කැම්පස් එක තියෙන්නෙ..

    ReplyDelete
  17. AI වලට ලංකාවෙන්ම හොඳම ප්‍රොෆෙසර් ඉන්නෙ අපේ ෆැකල්ටියෙ. ඒ හන්දා ඒ සබ්ජෙක්ට් එක අපිට නම් මල් ආතල්. මරුවට කියල දෙනවා. මම උසස් අධ්‍යාපනය කරන්න ඉන්නෙත් ඔය පැත්තෙන් තමා.

    ReplyDelete
  18. ay akka OS kale nedda meya apitam OS suth kalaaa

    ReplyDelete
  19. ජිවන්තJuly 4, 2011 at 2:11 PM

    හපොයි අපෙ සර් වගෙමයි.............. මම හිතන්නේ අපේ සර් වෙන්න ඔනෙ ඔය කියන්නෙ......... සර් ගෙ නමෙ කැල්ලක් කියනවද?

    ReplyDelete
  20. කවදා හරි දවසකට ඉතිරිවුන සුන්දර මතක සටහනක් . . . :D

    ReplyDelete
  21. @Bunny - දානව දානව :)

    @චතුමිතු- හහා නොකිය ඉන්නම් කෝ.

    @සීතල අයියා- ආ...ඔයා කොහොමද කලින්ම හිතුවේ.අලුත් නුවණක් වත් පහල වෙලාද?

    ReplyDelete
  22. @Chiran- ඒ කාලෙ සුන්දරයි කියල හිතෙනව දැන්,පස්සෙ මතක කරල හිනාවෙන්න පුලුවන් කොච්චර දේවල් එකතු වෙනවද!

    @තීර්ථ යාත්‍රිකයා- AI තමා ටිකක් අමාරු.අනික් එක නම් ලේසි.තේරුම් ගත්තම කෝකත් ලේසියි. :)

    @මකුළුවා....- හෙහෙ මම් පේරා නෙමේ.ඔව්...ඒවගේ අද්දැකීම් නම් ගොඩක් තියනව.

    ReplyDelete
  23. @පූසා- අපේ යාලුවෙක්ට.ඕං ඉතින් ඕකනේ බැරි.ඔක්කොම උනේ මට කියල හිතන්නෙ :)

    @හිස් අහස-කැම්පස් යන්නම ඕනැයි ගේම් ගහන්න,:).ඒත් ඒ ගන්න අත්දැකීම් නම් ගොඩක් වටිනව.ගෙවල් වලින් ඈත් වෙලා ඉදගන තනියම ඉගනගන්න,ජීවත් වෙන්න.

    @Chanaka Aruna Mඋනසින්ග්හෙ-ඔව් හොර ගෙඩියො.ගුටි දෙන්නයි තීබ්බෙ සර්ට.

    ReplyDelete
  24. @සුශාන් ප්‍රියනාත් රත්නායක- හිහි.

    @කස්සා-හෙහෙ මෞ කතාව.වැඩේ කියන්නෙ ඉස්සරහම පේලියේ ඉදන් නිදියන අයත් ඉන්නව.ඒ බුක් වලට හුරු උනා.දැන් එහෙම පාඩම් කරන්න පුලුවන්.අනික ගනන් ගියාම කීයක් නම් යනවද.මම් නම් ගත්තෙ සී ලැන්ග්වේජ් එක ඉගනගන්න කාලෙ ආසාවට ගත්ත පොඩි පොතක් එච්චරමයි.අනිත් ඔක්කොම ඊ බුක් වලින් තමා ගොඩ ගියේ.

    @සරත් ලංකාප්‍රිය-අන්න හරි.

    ReplyDelete
  25. @prasanna86k- හ්ම්...අපේ සර්නේ.

    @මධුරංග-අපිට වෙනම ලැබ් එකක් තිබ්බ නිසා,ඔක්කොම ලෙක්චර්ස් තිබ්බෙ ලැබ් එකේ.හෙහෙ... ලෙක් වල නිදියන එකනම් හරි කොමන් දෙයක්.Artificial Intelligence අමාරුයි තමා.ඒත් අපිට පේපර් එක නම් ලේසි උනා.ස්ටඩී ලීව් සති 2කේම කරේ අර දීලා තිබ්බ ඊ බුක් එක බලන එකනේ :)

    @ChammA- එක ඇත්ත මල්ලි.ඒත් හැමොටම පොත් සල්ලි දීලා ගන්න බැරි නිසා අපි ඊ බුක් වලට හුරු උනා.කියවන්න කම්මැලි හිතුනම අර "ටෙක්ස් ටු ස්පීච්" එකක් දාලා අහගන ඉන්නව :) හහා...ඔයාලත් ඒ වැඩ පුරුදුයි වගේ.

    ReplyDelete
  26. @ADK කොලුවා- "පව් සිද්ද වෙනව!" :O

    @තාරා- හෙහෙ.දවසක් එලියෙ හිටිය ටැමිල් මල්ලි කෙනෙක් ලෙක්චර් හෝල් එක ඇතුලට ගෙනල්ලා බැන්න වාඩිකරවලා තියාගන.ඒ මල්ලි ග්ලාස් එකෙන් එබිලා බැලුවා කියල.

    @පැන්ඩා- නොකිය ඉන්නකො එහෙනම්.මේක තියෙන්නෙ...ආ මම් දවසක් ඔයාට කිව්වනේ කොහෙද තියෙන්නෙ කියල මතක නැද්ද?

    ReplyDelete
  27. @පිණිබිඳු...- ආ...එහෙනම් මරුවට උගන්නන්න ඇති.නියමයි සුබ පැතුම් අපෙනුත්.

    @Sandaru- අම්මේ මොකද බොලේ කරේ නැත්තෙ.කරා කරා.

    @ජිවන්ත-වෙන්න පුලුවන් මල්ලි.ගොඩක් මේ සබ්ජෙක්ට්ස් කරන්නෙ සර්ලානේ. කෑල්ලක් කිව්වෙ!හ්ම්...:)

    ReplyDelete
  28. @සිතුමි ප්‍රියංගා- පස්සෙ කාලෙක හිනාවෙන්න පුලුවන් මතක් කරල.

    ReplyDelete
  29. මරු කථාව... මමත් ආසම සබ්ජෙක්ට් එකක් තමයි AI. ඒත් ඉතින් ආසාව විතරයි තාම කරන්න බැරිවුනා. ඔය වගේ සබ්‍ජෙක්ට් self study ගොඩ දාගන්න හරි අමාරුයි නෙව...

    වැඩ ටික ගොඩ දාගන්න සහෝදරී. දැන් ගේම් ගැහුවා වගේ නෙවෙයි. රියල් ගේම එන්නේ ෆයිනල් කරද්දී තමයි !!!

    ReplyDelete
  30. ඔන්න නිදහස් අධ්‍යාපනයට ගිය කල, ඕකනෙ නිකන් දෙනකොට කිසිම දේක අගයක් නෑ. දෙනෝදාහක් ළමයි අතරින් තේරිල කැම්පස් ගිහින් දේශන වල නිදාගෙන ඉඳල, ව්භාගෙට මොනවා හරි එවෙලෙට කටපාඩම් කරල ලියල එලියට එනව රටටත්, තමන්ටත් වැඩක් නැති මනුස්සයෙක්. ඇවිත් තව රස්සාත් ඉල්ලල කෑගහනව. ඉතින් කොහෙද රටක් දියුණු වෙන්නෙ. නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාද භුක්ති විඳින ඔබ වැන්නවුන් මීට වඩා වගකීමෙන් කටයුතු කල යුතුයි. ඔබ ඔය තත්වට ගෙන එන්නට මේ රටේ දෙකෝටියක් ජනතාව සිය දහඩිය කඳුළු හෙළූ බවත් ඔබ ඔවුන්ට කෘතගුණ සැලකිය යුතු බවත් තරයේ සිහි තබාගන්න.

    ReplyDelete
  31. @ටී.බී. හේරත්- ටීබී සහෝට ටිකක් කේන්ති ගිහින් වගේ.බොහොමත්ම ස්තූතියි ඔබේ කොමෙන්ටුවට සහ පැහැදිලි කිරීමට.ඒක නම් ඇත්ත නිකන් දෙන දේවල් වල කිසි අගයක් නෑ තමයි ගොඩක් වෙලාවට.මම් මේ පෝස්ට් එකේ ගේම් ගහනව කියල ලීවට අපි හැමවෙලේම ගේම් ගහ ගහ හිටියෙ නෑ.එහෙනම් කොහොමද අර විදියට අවසානේ ප්‍රථිපල ගන්නේ.ඒ ප්‍රථිපල උඩින් වැටෙන්නෙ නෑනේ.අපිම මහන්සිවෙලා උපයගත්ත ඒවා.අනික සර්ලත් සැදීපැහැදි ඉන්නෙ නැ අපිට A,B+,B අකුරු පරිත්‍යාග කරන්න.ඒත් ඉතින් බොරින් ලෙක්චර් එකක් උනොත් කාට උනත් එපා වෙනවනේ.ඒ නිසා හිටපු ගමන් ඒ වගේ දේවලුත් කරනව අපි.ඒ මතකයක් තමයි මම් ඔයාලත් එක්ක බෙදාගත්තෙ.ඔයාලටත් එහෙම ලෙක්චර්ස් ඇති!.අපේ සබ්ජෙක්ස් වල හැටියට කටපාඩම් කරල විභාග ලියන්න බැරි බව ඔයා දන්නව ඇති.මොළේ කියල ඇබින්දක් හරි තියෙන්න ඕනෙ ඒ සබ්ජෙක්ට්ස් එකක් ගොඩ දාන්න.ඔයත් ඔය සබ්ජෙක්ට්ස්ම කරන නිසා මම් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ,ගිරවා දාගන ගිහින් ගොඩදාන්න පුලුවන්ද කියල ඔයාට ඔයාට තේරෙනව ඇතිනේ.රස්සා ඉල්ලලා කෑගන්න තරන් අවශ‍ය්‍යතාවක් අපේ අයට නම් වෙලා නෑ.මේ වෙද්දි ඔක්කොම රස්සාවල් කරනවා,ඒ බව සතුටින් කියන්න ඕනේ.

    ReplyDelete
  32. @චතුරංග පෙරේරා | chathuranga Perera- ටිකක් අමාරු සබ්ජෙක්ට් එකක් නිසා තනියම නම් අමාරුවෙයි.යාලුවෙක් හරි ඉන්නව නම් පැහැදිලිකිරීම් කරන්න,අන්න නියමයි.නෙට් එකෙත් ගොඩක් රිසෝසස් තියනව.පොත් පත් තියනව.ඔයා IRobot.AI... Films බලලා තියනවද?හරිලස්සනයි.

    ගේමුත් ගහන්න ඕනනේ,නැත්තම් ඒකේ කිසිම ගතියක් නෑ,නැත්තම් ඕවා කවදා ගහන්නද.නාකිවෙලා ගේම ගහන්නද? :)කාලයක් තිබ්බ අපි යාලුවො ටික තරගෙට ගේම ගහන.ඒක ඇබ්බැහියක් උනා.අමාරුවෙන් තමා නතර කරගත්තෙ.
    ෆයිනල් නම් මාරම ගේමක් තමා,අපි Industrial Training එකයි Final year Individual Project,එකයි ඔක්කොම එකට කරේ.සෑහෙනම් කට්ටක් ඒක.අම්මෝ.දැන් නම් ඔක්කොම ඉවරයි.

    ReplyDelete
  33. අනේ නෑ, මං ද්වේශ සහගතව දමපු ටීකාවක් නෙවේ ඒක. ඇත්ත කැම්පස් එකේ ඉන්නකොට විනෝද වෙන්න ඕනෙ තමයි, භාහිර ක්‍රියාකාරකම් කරන්න ඕනෙ තමයි. නමුත් මම කීවෙ කැම්පස් යන බොහෝ දෙනෙකුට තමන් ඇයි කැම්පස් ගියේ, කොහොමද මේ සේවාවන් තමන්ට ලැබෙන්නෙ කියල නිසි අවබෝධයක් නැතිව කටයුතු කරල විශ්වවිද්‍යාල ශිෂ්‍යාගෙ මූලික භූමිකාවෙන් අපගමනය වෙන එක වැරදී කියල. විභාගයට විවිධ අකුරු ලබාගන්න එක නෙවේ වඩාත් වැදග්ත් වෙන්නෙ, ඉගෙන ගත්ත දේවල් තමන්ටත් රටටත් වැඩදායී අන්දමින් භාවිතා කිරීම හා ඒ ඔස්සේ නව දැනුම ගොඩනැගීමත් තමා ඉතාම වැදගත් වෙන්නෙ. නමුත් බොහෝවිට සිදුවෙන්නෙ න්‍යායාත්මක දැනුම වනපොත් කරල විභාග සමත් වෙනව නමුත් ඒ දැනුම ප්‍රායොගික යථාර්තයක් බවට පත් කරන්න බොහෝ දෙනෙක් අසමත් වෙනව. ඇත්ත තමන් අකමැති විශය කරුණු ඉගෙන ගන්න එක නම් නීරසයි තමයි. මටත් ඒ අත්දැකීම නොඅඩුවම තියනව. ගිරව සහ මීටරේ සම්භන්ධයෙන් ඔයා කියල තියන කතාව හරි. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමයෙ හැටියට ගිරව ගොඩයි මීටරේ ටිකයි තිබ්බහම ගොඩ ගියෑකි, ඒකත් එච්චරම හොඳ දෙයක් නෙවේ. ඇත්තෙන්ම සතුටුයි හැමෝම රැකියා වල නිරත වෙලා ඉන්න එක. මගෙත් සුභපැතුම්!.
    ගේම්ස් ගහන්න මමත් ගොඩාක් කැමතියි, අලුතෙන් හොඳ ගේම් එකක් ආවහම ඒක ගහල ඉවර කරන කං හදිස්සිය... :D

    ReplyDelete
  34. @ටී. බී. හේරත්: සමාවෙන්න මහත්මයා.... මෙතන සිද්ධිය වෙනම එකක්. අහගෙන ඉන්න එකා ගිරවෙක් උනත් මීටරයක් උනත් මේ මනුස්සයගේ ලෙක්චර් එකේදි අත පය කඩාගෙන ස්ලයිඩ් කොපි කරනවා මිසක් වෙන දෙයක් කරන්න (ඔලුවට දාගන්න) වෙලාවක් නෑ.

    මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙනගන්න අපි රටට වැඩක් කරන්න්න හිතනව වගේම මිනිස්සුන්ගෙ සල්ලි වලින් පඩි ගන්න අයත් තව පඩි වැඩි කරන්න කියලා කෑගහන්න කලින් හිතන්න ඕනෙ ඒ ගන්න සල්ලි වලට හරියන්න වැඩ කරනවද කියලා. ලෙක්චර් නෝට් එකේ පටන්, assesment, assignment විතරක් නෙමෙයි final paper එකත් download කරලා ඇඟ බේරගන්න, මූනයි ඇඳුමයි බලලා ලකුනු දෙන, පන්තිය පුපුරන්න ඈනුම් යවන, පන්තියට ඇවිත් lecture notes download කරන , (තව නානා ප්‍රකාර දෙවල් තියෙනවා) මිනිස්සුත් ඉන්න වග ඔබතුමාලට මතක් කරන්න ඕනේ....

    ReplyDelete
  35. හොර වැඩ වලට උපදෙස් ඕනිද දෙන්නන්

    ReplyDelete
  36. ඔයින් ගියා ඈති :P නදි කණ්නාඩි දාන්නේ නෑ නේද?

    ReplyDelete
  37. @නරක සමනලයා- හහා ඔය ඉන්නෙ කට්ටිය :)

    @Gizaa- ඒකනේ.කණ්නාඩි දානව.

    ReplyDelete
  38. ඔන්න ..මම නම් කන්නාඩි දාන්නේ නෑ..හොදද..
    ඒ හන්දා..අපි ඕවා දන්නෙත් නෑ...කරලත් නෑ...දැකලත් නැ.

    ReplyDelete
  39. @- නිල් අහස- හා...ඔයාලා හොද බබ්බුනේ.අපිතමා නරක. :)

    ReplyDelete
  40. පොරට මාර නෝන්ඩියනේ වෙලා තියෙන්නෙ, ඉතිං ඊට පස්සෙ කණ්නාඩි දාලා ආවද ලෙක්චර්ස්වලට ........

    ReplyDelete
  41. @පන්සල් හංදිය- නැතුව.එයා හැමදාම කණ්නාඩි දාගන ආවෙ.

    ReplyDelete
  42. @නදී අක්කා - අලේ...මං කිව්වේ ඔයා ගැන නෙමේ...සර් ගැන හලෝ.......සර් පේරා කෙනෙක් නේ.....

    @ටී.බී හේරත් - සර් ඇත්තටම කාරණේ මේකයි...අද ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියේ හොඳ දක්ශ ගුරුවරු අඩුයි...ගොඩක් ගුරුවරුන්ට අමාරුයි ශිෂ්‍යයාගේ අවධානය දේශනයට යොමුකර ගන්න...එහෙම වෙලාවක ඔබතුමා හිටියොත් ඔබ තුමාට ඒක කම්මැලි සහිත නම් මොකද කරන්නේ....? මම නම් ඉතින් ඔළුව ගහගෙන නිදා ගන්නවා...ඊට පස්සේ දවසේ සිට ලෙක්චරේ කට් කරනවා....ඒ කාලය ඒ විශයට අදාලව පුස්තකාලේ පොත් ටික අරන් බලනවා....ඒක ප්‍රායෝගිකයි...එහෙම නෙමේද?

    ReplyDelete
  43. @මකුළුවා.....- ඔව් එහෙ තමා කලින් හිටියෙ

    ReplyDelete
  44. අපි game ගහන්න පටන් ගන්නේ 5.30 න් පස්සේ.server room එකේ අයට හොරෙන්.දවසක් අපිටත් ඔහොම කියපි.පස්සේ බැලින්නම් හොදටම කරුවෙල වෙලා.පිටි පස්සේ තියන glass එකෙන්(ජනේලේ) ඔක්කොම පේනවා(reflect) .හොරු මාට්ටු. වැඩේ shape උනේ අපි 3yr එකේ set එකක් නිසා .නැත්නම් logging cancel කරලා තමයි අතාරින්නෙ

    ReplyDelete