Friday, July 1, 2011

නම් වලට හිනා වෙන්න එපා | Don't Laugh @ Others Names!....


මධුරංග මල්ලි බ්ලොග් එකේ නම් ගැන පෝස්ටුවක් දාලා තිබ්බ නිසා මටත් කතාවක් මතක් වුනා.ඒ අපි කැම්පස් ඉන්න කාලේ.අපිත් එක්ක හිටිය යාලුවෙක්ගෙ වාසගමක් තිබ්බා,ඒක හරියට කියවගන්න කාටවත් බෑ,අඩුමගානේ ලෙක්චර්ස්ලට වත්.

නම් ලිස්ට් එකේ නම් ටික පිලිවෙල කරන්නෙ මුලකුරු සමග නම, වාසගමත් එක්කනේ (ex: D.B.Dissanayake ).එයාගෙ නමේ අවුල එන්නෙ ඉංග්‍රීසියෙන් ලියලා තියනකොට.සිංහලෙන් නම් සුටුස් ගාලා උච්චාරණය කරනවනේ.

දවසක් මුල්ම Computer Lab Session එකේදි,ගුරුවරය නම් ලිස්ට් එක කියාගන කියාගන යනව,ඊට අදාල ලමයා ඉන්නවද කියල බලන්න.

Department එකේ ලමයි කට්ටියම ලැබ් එකේ වාඩි වෙලා.සර් නම් කියවගන යද්දි අදාල ලමය අත උස්සනවා.සර් එතකොට නෝට් කරගන්නවා.ඔහොම ගිහින් ගිහින්,අර ලමයගෙ නම ලගින් නතර වුනා.

"N.I.K..........." .කියල සර් හිනා වෙනව.ඒ නිසා ලමයිනුත් හිනා වෙනව.නම අයිති එකාට "මල පැනලා" හොදටම.

Don't Laugh @ Others Names!....

එහෙම කියලත් සර් හිනාවෙනව.ලමයින්ටත් හිනා. ඇත්තටම ගොඩක් අයට(නම අයිති කෙනා ඇරෙන්න අනිත් අයට),ඒ නම උච්චාරණය කරන්න බෑ.සමහර විට එයා නම ලියන විදියෙ වරදක්ද කියලත් හිතෙනව,ඒත් නම් තමන්ට ඕනේ විදියකට ලියන්න පුලුවන්ලුනේ.

ඒක නිසාම එයාට නම් ගොඩකුත් පට බැදුනා. වෙලා...,වේලෙ...,වලා...,වැලා...ඔය වගේ.එක දවසක් බස් එකේ යද්දිත් අපිව දැක්ක පිරිමි ලමයෙක් ආ වැලා... කියල බස් එකේදිම කෑගැහුව.බස් එකේ සමහරු හැරි හැරී බලනවා.මෙයා ගෑණු ලමයෙක්!


තවත් දවසක්,එක ලමයෙක් "ඒ එයාගෙ නම අමුතුයි නේ,මොකද්ද බන් උන්ගේ කුලේ? කියල ඇහුව!...

ප.ලි: දන්න කෙනෙක් කියන්නකො බලන්න "වැලෑ" කියල ඉංග්‍රීසියෙන් ලියන්නෙ කොහොමද කියල?...

56 comments:

  1. අනේ මන්දා කාට වෙච්චදෙයක්ද කියලා :-D

    ReplyDelete
  2. අම්මෝ අක්කේ මම නම් වලට හිනා වෙන්න කියලා පෝස්ට් එකක් දැම්මේ නෑ. මම මේ දේවල් වලින් කියන්න් උත්සහ කළේ නමක් උනාම සරල වෙන්න ඕනේ. ඒ වගේම ලස්සන තේරුමක් වෙන්න ඕනේ කියලා.

    ගොඩක් අය ලොකු මාන්නෙට නම් දාගන්න ගිහින් කරන දේවල් ගැන කියන්න තමයි උත්සහ කලේ. වැඩිය කවුරුත් ඕනේ නෑ. අම්මයි අප්පච්චියි එකතු උනාම ලස්සන නමක් දාගන්න පුලුවන්. මගේ නම දැම්මෙත් එහෙම තමා.

    ගොඩක් නම් ඔය විදිහට ඉංග්‍රිසියට දාපුවාම මාරම විකාර තේරුම් එනවා. ඒ උනට ඒවා සිංහල නම්. නමත් සරල නම් එච්චරයි නේ ඕනේ.

    ඔන්න අක්කා මම් ආයෙමත් කියන්නේ නමකට හිනා වෙන්න නෙමේ මෙහෙම ලිව්වේ. කෙනෙක්ගේ නමකට විහිලු කරලා ඒ විහිලුවෙන් ඒ කෙනාව අපහාසයට පත් කරන්න නෙමේ.

    මම ලියපු ලිපියෙන් යම් කෙනෙක් ගේ හිත රිදුනා නම් මම සමාව ඉල්ලනවා.

    ReplyDelete
  3. meka akkita una deyaknemene..hock hock hock..

    ReplyDelete
  4. නොදනිමි කන්වටර් එකෙන් නම් ලියවෙන්නේ මෙන්න මෙහෙමයි

    "wAlae" - වැලෑ

    -Shanu-

    ReplyDelete
  5. මේක ඇහුවම පුදුම වෙන්න එපා අපි පුංචි කලේ ඉස්කෝලේ ළමයෙක් හිටිය ඔලු නෙලුම් මානෙල් මල් සුවඳ XXXXXXXX කියල.. පවු ඒ ළමය හැමෝගෙම හිනාවට පාත්‍ර උනා. හැබැයි ඊට වැඩිය දහස් ගුණයක් අනාතයි අර රාජකීය නම් හදන්නගේ නම්..

    ReplyDelete
  6. හ්ම්ම්ම් කාටද මේක වුනේ??? කමක් නෑ.... මෙහෙමයි ඕක කඩ්ඩෙන් කොහොම ලිව්වත් වැඩක් නෑ. කිඅවන කෙනා කියවන්නේ අර විදිහටමනේ.
    කොහොම වුනත් කෙනෙක්ගේ නමකට හිනා වෙන එකනම් බොහොම නරක වැඩක්!

    ReplyDelete
  7. අපි හැම තිස්සේම අපට ගැලපෙන දේවල් කරන්නයි උත්සාහ ගන්න ඕන....එහෙම නේද..

    ReplyDelete
  8. කාගේ උනත් නමනේ, හිනා වෙන එක වැරදියි ........

    ReplyDelete
  9. කෙනෙක්ගේ නමකට හිනා වෙන එකනම් බොහොම නරක වැඩක් තමා. ඒ වගේම අපි දෙමවුපියො උනු දවසට මතක තියාගන්න ඕනෙ අපේ හිතේ තියෙන නමටත් වඩා දරුවා අපහසුතාවයට ලක් නොවන නමක් දාන්න. නැත්තන් ඌ මුලු ජීවිත කාලෙම නම දාපු අම්මට තාත්තට බැන බැන තමා ඉන්නෙ.

    ReplyDelete
  10. ඔය උඩින්ම කමෙන්ට් කරල තියෙන්නේ “ම“ පාර්ශවයේ එකේකෙනාද?

    = මංගල සම... :D

    ReplyDelete
  11. @Anonymous :
    නැහැනේ. ඔය තමා මගේ මරණය කියලා බ්ලොග් ලියන බ්ලොග් ප්‍රවීනයා. ම පාර්ශවයේද කියලා නම් දන්නේ නෑ.

    ReplyDelete
  12. හික්, මගෙ ඔපීසියෙ ඉන්නව W.A.L. සිල්වා කියල බුවෙක්

    ReplyDelete
  13. ඇත්ත..එ උනාට කෙනෙක්ට හිනා යන විදියට නමක් දැම්මාම නොහිතාම හෝ හිනා එනවනේ...එහෙම කරන්න හොද නැ තමයි..එ වගේම එ වගේ නම් අම්මලා තාත්තලා නොදා ඉන්න තරම ට හොදයි..

    ReplyDelete
  14. අපේ හිටියා ඩයල් එකක් උගේ නමේ මුලට R. අකුරු 7ක් තියනවා තේරුමනම් දැන් මතක නෑ :P

    ReplyDelete
  15. අනේ ඉතින් මගේ අත........ මං ටයිප් කරන්නේ නෑ ඉතින්.. :D

    ReplyDelete
  16. ඇයි අපේ කැම්පස් එකේ ඉන්නවා M.A.L. ප්‍රාර්ථනා කියලා කෙල්ලෙක්.

    ReplyDelete
  17. ඕක නදී අක්කට වෙච්චි දෙයක් නේද? ඔයාගේ නමේ අනිත් කෑල්ල කියන්න බලන්න...

    ReplyDelete
  18. ඔය " ඈ" යන්න ලියන්න ඉංඩිරිසියේ අකුරක් නෑනේ.. එක තමයි ඔය ඔක්කොටම හේතුව...

    ReplyDelete
  19. ඔය වරදින නම් ගැන කිව්වම මතක් වුනේ ,අපේ බැච් එකේ ඉන්නවා ප්‍රවීන කියල පිරිමි ළමෙක් ඒ වුනාට මොකක් වෙලාද මන් දන්නේ නෑ හැම දාම මෙයයිගේ නම අඬගැහුවොත් කියන්නේ මහා ශබ්දයට ප්‍රවීනා කියලා, හොඳ නමක් දැම්මත් ඔහොම ප්‍රශ්නත් මතුවෙනවා සුද්දගේ භාෂාව යොදා ගන ගියහම..

    ReplyDelete
  20. අනේ අපොයි මම නම් නොදනිමි .. මගේ නමෙත් කොටහක් තියනවා ඉංගිරීසියෙන් කියන්න බැරි මම ඒක එලියට දාන්නේ නොකියම බැරි අවසථාවන් වලදී පමනයි ..

    මටත් දැන් හිතෙනවා නදී අක්කාටම වෙච්ච වැඩක්ද කියලා මේක !

    ReplyDelete
  21. මගේ නමත් වෙලාවකට මාර වදයක්.. අලුතෙන් කෙනෙකුට කිව්ව ගමන් ඈ....., මොකක්...., මාර නමක්නෙ... වගෙ ප්‍රතිචාරයක් එනවමයි.

    ReplyDelete
  22. නම් වලට හිනා වෙන්න ‍හොඳ නැහැ. ඒ වගේම තමයි ඔය සමහර ඉංග්‍රීසි නම් බලන්න. මාටින් ක්‍රෝ, ජේම්ස් ටේලර් වගේ ඒවා. ආ මට හමු උණා මේ ළඟදි මුස්ලිම් මල්ලි කෙනෙක් එයාගෙ නම කෙටිකරලා ලිව්වහම M අකුරු 5 ක් එනවා. අර ඉකොන් වල ෆයිව් එම්ස් මතක් වෙනවා

    ReplyDelete
  23. @හපා- රික් එකක් නම් ආවේ නැත.ඔබේ නිගමනය නිවරදිය.

    ReplyDelete
  24. @ම- මේක උනේ මගෙ යාලුවෙකුට

    ReplyDelete
  25. @මධුරංග- හෙහෙ මේන් මෙයා වැරදියට වටහාගන.මම් වැඩි හොදට ඔයාගෙ බ්ලොග් එකට ලින්කුවක් දැම්මේ.ඕන මම් කොමෙන්ටුවක් දැම්මා.බලන්නකෝ.මමත් හිනා වෙන්න තමා මේක දැම්මේ.ඔයාලත් හිනා වෙවී බලන්න!

    ReplyDelete
  26. @පිටස්තරී- පිස්සුද අනේ මට ඔහොම දෙවල් වෙනවද?

    @-ෂානු-ඔහොම ලිව්වත් කියවන්නෙ වලා කියල :))

    @මන්තරකාරි- හිකි හිකි:)

    @සරත් ලංකාප්‍රිය-හෙහෙ හිතාගන්නත් බෑ.මාර නමක් නේ බොලේ ඒක.

    ReplyDelete
  27. ඇයි මේ රට්ටු කියල තියෙන්නේ ඔයාට වෙච්චි දෙයක් කියලා....... :D

    ReplyDelete
  28. @පූසා- ආන්න මල්ලි තේරුම් ගත්ත කොහොම ලිව්වත් කියවන්නෙ අර විදියට තමා.නම් වලට හිනා වෙන හොදනෑ.කාවවත් අපහසුතාවයට පත් කරන්න හොද නෑ.
    පොඩි විහිලුවක් කරාටනම් කමක් නෑ ඉතින් :)

    ReplyDelete
  29. @- නිල් අහස - ඒක හරි.ඒත් මේක සිංහල නමක්.ඒත් කාටවත් කියන්න බෑ.ඕකයි ගැටලුව.

    @පන්සල් හංදිය- ආ...ඒකනේ

    @පිණිබිඳු...-ඒක හරි.අපහසුතාවලට පත් නොවෙන නමක් දාන්නයි ඕනේ.ලමයට මානසිකවත් ඒක බලපානව

    @Anonymous- නෑනෑ එයා බ්ලොග් ලියන අය්ය කෙනෙක්.මරණේ අය්ය

    ReplyDelete
  30. @nawammawatha- එයානම් වල් වෙන්ටැ.මෙයානම් එහෙම නෑ.

    @නිම්ශා- ම්...කවුද දන්නෙ සර්ට කියවගන්න බැරුව හිනා ගියාද කියල

    @මදුශාන්-අෆ්ෆා.එච්චර!

    ReplyDelete
  31. @nawammawatha- එහෙනම් එයා වල් වෙන්ටැ.මෙයානම් එහෙම නෑ.

    @ නිම්ශා- හ්ම්...එත් සමහර විට සර්ට නම කියවගන්න බැරුව හිනා ගියාද කවුද දන්නෙ?

    @මදුශාන්- හිහි මාර නමක් නේ

    ReplyDelete
  32. @චතුවා (ළමයා)- නොකරන තරමට හොදා.මහන්සිත් නේ ලෙක්චර් නෝට් ලියලා

    @මධුරංග- හිහි.ඒකනම් ලස්සනයි

    @prasanna86k- අහ් මට?නැනැ.කීවට වැඩක් නෑ මල්ලි උච්චාරණය අපහසුයි

    ReplyDelete
  33. @Dinesh- හ්ම්,,, ඒක වෙන්න ඇති.

    @චතුර....- එක නම් ඇත්ත .කෙල්ලො කොල්ලො වෙනව.කොල්ලො කෙල්ලො වෙනව.:)

    ReplyDelete
  34. @හිස් අහස- මතත් එහෙම නමේ කොටහක් තියනවනේ.ඕනෙම උනොත් ඇරෙන්න මමත් ඒක කියන්නෙ නෑ:)

    @හපා- ටිකක් අන්කොමන් තමා.ඒත් ඒක කියවන්න පුලුවන්.මේ නම තරන් අපහසු නෑ.ඔයා ඔය කියන්නෙ පී අකුරෙන් එන නමනේ?

    @Ishara-හිහි ,නියමයි

    ReplyDelete
  35. @සෝරෝ- රට්ටු මොනාද නොකියන්නෙ මල්ලි.අපිනේ දන්නෙ ඇත්ත.

    @හපා- හරි මට හම්බුනා.කීව්ව විදියට කරා.:))

    ReplyDelete
  36. වැඩි දවසක් නොගිහින් ගලා යන ජීවිතය බ්ලොග් හිමි කාරිගේ සියලු තතු හෙලි වන්න යන බවක් පෙනේ :-)
    දැන් ඉතින් නදි සහ වැලැ කියන ඒවට අතින් කැලි ද දා බල බල හොයන එකයි ඇත්තෙ..හි හී

    ReplyDelete
  37. දැන් මගේ නම ගත්තොත් (අංජන) කියන්නේ සිංහල-සිංහල ශබ්දකෝෂයට අනුව අදුන් දෙයියන්ගේ උද්‍යානය කියන එකට.

    නමුත් අපේ 9 හෝ 10 සිංහල පොතේ මොකක් හරි පාඩමක තිබුන අංජන කෑල්ල. එකේ තේරුම විදියට තිබුනේ "කාලවර්ණ පර්වතය" කියල. වැඩේ කියන්නේ මම කළුත් නෑ, ඒ දවස්වල පර්වතයක් කෙසේවෙතත් හයියෙන් හිලගක් ආවනම් කොල්ල ගහගෙන යන සයිස් එකේ.

    මගේ ඉතින් කට හොද නැති නිසා වැඩිය බයිට් උණෙනම් නෑ... හැබැයි නම නිසා ඒ දවස වල මම සැහෙන්න අපහසු තාවකට පත්වෙලා හිටියේ..

    මම ඒක අත්දැකීමෙන්ම දන්නා නිසා ලේසියෙන් කෙනෙක්ගේ නමකට හිනාවෙන්නේ නෑ. එහෙම කියල හිනා නොවී, බයිට් නොකර බැරි අවස්ථාත් තිබිල තියනවා(වයසේ වැරැද්ද).

    ReplyDelete
  38. @පැන්ඩා- නොදන්න කෙනෙක්ටනම් ලේසි වෙන එකක් නෑ එහෙම කරත් හොයාගන්න බෑ.

    @ADK කොලුවා-හෙහෙ කාලවර්ණ පර්වතය,ඒකත් නරකම නෑ.පොඩි ජෝක් එකක් කරාට කමක් නෑ.හැබැයි විහිලු දන්න අයත් එක්ක විතරක්.

    @හපා- එහෙනම් හරි.

    ReplyDelete
  39. කිසි අව්ලක් නෑ... හැබැයි අපි කළු නෑ හොදේ.... හිකි හිකි..

    ReplyDelete
  40. @ADK කොලුවා- "සිංහලයෙක්" නම් කළු වෙන්ට එපැයි.එහෙනම් තද නිල් වෙන්ටැ.:)

    ReplyDelete
  41. මගෙ යාළුවෙකුගෙ ෆැම්ලි එකක් තියෙනවා ඒ ඔක්කොම M.A.L.
    එයාලගෙ තාත්ත වැඩ කරන තැන කටිටය දන්නෙ මල් වසන්ත කිව්වොත් විතරයි.

    මේහ ඉන්න එක සුද්දෙක්ටවත් මගෙ නම හරියට කියන්න බෑ.. වෙලාවකටනම් මල පනිනවා

    ReplyDelete
  42. @තාරක Dilsh@n- මල්! :)
    අපේ නම් දිග වැඩි නිසා සුද්දොන්ට අමාරු ඇති කියවන්න.

    ReplyDelete
  43. Madanayaka! මේක ගොඩක් සුද්දො කියවන්නෙ මඩන යකා කියල!

    ReplyDelete
  44. @විසිතුරු- හෙහෙ මදනායක!

    ReplyDelete
  45. වැලා කියල ගෑණුළමයෙක්!
    වැලා කියල මෙහෙම ලියන්න, "Wàlá". නමුත් à(Grave a) සහ á(Acute a) ඉංග්‍රීසි අකුරු නෙවේ.

    @ විසිතුරු
    ඇයි, රමනයකා (Ramanayaka)

    ReplyDelete
  46. @ටී.බී. හේරත්- වැලා නෙමෙ වැලෑ කියල ලියාගන්නයි ඕනෙ හරියටම

    ReplyDelete
  47. "Wàlá" මෙහෙම ලීවොත් වැලෑ
    "Wàlā" මෙහෙම ලීවොත් වැලා (උඩ ටීකාවෙ ලයන්නට දාපු පිල්ලම මාරු වෙලා)

    ReplyDelete
  48. @ටී.බී. හේරත්- ස්තූතියි ඔබේ පැහැදිලි කිරීමට.ඒත් සහෝ ඔහොම ලිව්වත් ගොඩක් අය ඔය අකුරු ටික කියවන්නෙ වලා කියල තමයි.ඔය සලකුණු ගැන දැනීමක් තියන අය විතරනේ හරි විදියට කියවන්නෙ. :(

    ReplyDelete
  49. මම නම් දන්නවා... **නෑව නේද???

    ReplyDelete
  50. දැන්නම් ඉතින් පටි රෝල් වීමට ආසන්නයි නේද අක්කේ... මොකද තමුන් ගැනම නොවෑ ඔය දෙසාබාල තියෙන්නෙ... හී හී ලොල්ය...

    ReplyDelete
  51. @Gihan De Silva- එසේ වියහැකිය. :)

    ReplyDelete
  52. වැලෑ කියලා ලියල්ල දල්ලෑ. අයි ඩෝන්ට් නෝ මෙලෝ දෙයක් සිංහලෙන් නම් ඕනැ දෙයක්.

    henryblogwalker the Dude

    ReplyDelete