Monday, July 11, 2011

ගැහැණු නිසා වෙන අවාසි


ඒ දවස් වල මම් වැඩ කරන තැනට අලුතින් කට්ටිය ගන්නව.ඒ නිසා ඉන්ටවිව් එහෙමත් තියනව හෝ ගාලා.

මාත් එක්කම අහල පහල හිටපු අයට තමා වගකීම පැවරිලා තිබ්බෙ ඉන්ටවිව් එකට කලින් දෙන පේපර් එකට ප්‍රශ්න හදන්න.

ෆ්‍රී වෙලාවට ඔන්න එයාල ප්‍රශ්ණ ගැන කියනව,අරව දාමු,මේවා දාමු කියකිය.

අපි වැඩකරපු තැන හිටියෙ ඔක්කොම පිරිමි අය,ඒ නිසා කොල්ලො ටික විහිලුත් කරගන්නව,අනේ මේ පාරවත් කෙල්ලෙක් ආවොත් හොදයි කියල.

ආ කියන්න බැරිඋනානේ ඒක Networking Stuff වලට සම්බන්ද තැනක්.

ප්‍රශ්ණ ටික හදලා ඔක්කොම ටික පිලිවෙලක් කරලා අපේ ප්‍රධානියට කියල,හොදනරක හොයල බලලා ප්‍රින්ට් කරල වෙලාවට අරන් ගියා,තිබ්බෙ නම් පොඩි පොඩි Networking ප්‍රශ්ණ.

වෙලාව කියන්නෙ එදා එකම එක ගෑණු ලමයෙක් ඇවිත් හිටිය. 

මට නම් සුවර් එකක් තිබ්බෙ නෑ,ගෑණු ලමය ගැන,අනිත් ඔක්කොම කොල්ලොනේ,ඒ නිසා එයාට චාන්ස් එක අඩුවෙයි කියලමයි හිතුනේ.

ඔන්න ඉතින් වෙලාවට ආව අයට පේපර් එක ලියන්න දීල,වෙලාව අවසාන වෙද්දි අය්ය කෙනෙක් ගියා බලන්න.

ටික වෙලාවකින් මෙයා එනව,දන්නවද වැඩක්!, අර ගර්ල්ගෙ තමා වැඩිම හරි උත්තර තිබ්බෙ,මම් හිතුවෙවත් නෑ,වෙලාවට කලින් කරලත් ඉවර උනානේ පේපර් එක!...

අනිත් අයත් උත්තර දෙනව,හා...හා...එහෙනම් මේ සැරේ අපේ හීනෙ හැබෑ වෙන්නයි යන්නෙ,කෙල්ලෙක් එක්ක වැඩ කරන්න පුලුවන්.

ඒත් එක්කෙනෙක් කියනව ඇහුන, අපෝ වාත වෙනව කොල්ලො එක්ක වැඩ කරන්න බෑ...ඥාව්  ඥාව් ගානව කොයි වෙලෙත්,අනික එක්කන් යන්නයි ගිහින් දාන්නයි...නිදහසත් නැතිවෙනව බන්...

ඒ අතරෙ එක්කෙනෙක් කියපි, එහෙමමත් නෑ බන්,බලහන්කො අර....එකේ ඉන්නෙ කෙල්ල,තනියම සර්වර්ස් එක්ක වැඩ කරන හැටි!

අරව මේව කතා ගොඩයි.කොහොමින් හරි අන්තිමට,සතියකට විතර පස්සෙ පිරිමි ළමයෙක් අරන් තිබ්බ.

46 comments:

  1. චැහ් පව් කොල්ලො ටික, උන්ට ඒ තරම්ම වේලිල්ලද .....

    ReplyDelete
  2. Gimhani
    කෙල්ලෙක් ගත්තොත් කොල්ලොත් එතන පැනි හල හල ඉන්න නිසා වේන්නැති. බොසා නුවනක්කාරයා. ඒත් පව් අර කෙල්ල.

    ReplyDelete
  3. මේ ෆීල්ඩ් එකේ පිරිමි ළමයින්ට වැඩි තැනක් හම්බෙනවා කියන එක නම් මාත් පිලිගන්නවා.

    ReplyDelete
  4. අසාධාරණ සමාජය... පිරිමි හිතාගෙන ඉන්නෙ අපි හරි දුර්වලයි කියලා...

    අක්කේ අපි මේවට එරෙහිව නැගී සිටින්න ඕනෙ....

    ReplyDelete
  5. හරිම අසාධාරනයිනෙ අක්කියො

    ReplyDelete
  6. පිරිමි ළමයෙක් නර්ස් කෙනෙක් වෙන්න ගියොත් ඕකෙ අනිත් පැත්ත

    ReplyDelete
  7. පුරුෂාධිපත්‍ය තමයි වෙන මොකක්ද?

    ReplyDelete
  8. හැබැයි ඉතිං..මේ තත්වය හුගක් තියෙන්නේ අපේ වගේ රටවල තමයි.

    ReplyDelete
  9. අක්කා වැඩ කරන තැන ඉක්ක අයියලාට මාර පෑවිල්ල වගේ.
    …-ඒකට මේ දවස් වල අපෙ අයට නම් මොර සූරන වැහි- :)

    ReplyDelete
  10. pawwwwwwwwwwwwwwwwwwwwwwwwwww....

    ReplyDelete
  11. කෙල්ලෙක් ගත්ත නම් හරි.මොකද ඔක්කොම අවුල් කරන ඒවා එයා පිළිවෙල කරයි.

    ReplyDelete
  12. ඕකට සිංහලෙන් කියන්නේ "ජෙන්ඩර් ඩිස්ක්‍රිමිනේෂන්" කියලා :D

    ReplyDelete
  13. අද කාලේ ගෑනු ධෛර්ය වන්තයි.අපරාදේ ඒ ගෑනු ලමයාව ගත්තානම් හොදයි.කවුරු කොහොම කිව්වත් අද උසස් රැකියා වලින් සෑම අංශයකම ගෑනු අය පිරිමි එක්ක හරි හරියට වැඩ කරනවා හැම රටකම වාගේ.

    ReplyDelete
  14. සුපුන්July 11, 2011 at 6:33 PM

    හොඳ වැඩේ ඔය කෙල්ලෝ ගත්තාම උන් නැලවි නැලවී ඉන්නවා මිසක් වැඩක් කරන්නේ නෑ අත්දැකීමෙන් කියන්නේ

    ReplyDelete
  15. කොල්ලෝ මොකට පවුද.. ඔක්කටම හරියන්නේ මෙයා ඉදලා තියෙන්නේ.. මට මතකයි ඔය වටේ කොල්ලෝ ඔයාට මංගල යෝජනා ගෙනාව කියලා එහෙම කිවුවා මාත් එක්ක.. හොහ් හොහ්..

    ReplyDelete
  16. ගොඩක් වෙලාවට ක්ම්පනි වලින් ගෑනු අය ගන්න අදිමදි කරනවා. මොකද සොෆ්ට්වෙයාර් එකක රිලීස් එකක් ලගදි උනත් රෑ වෙනකන් එයාලට වැඩ කරන්න බෑනේ. ඒ නිසා. පව් මොනා කරන්නද.

    ReplyDelete
  17. ඇයි එ ගර්ල් ගේ ලකුණුත් වැඩි නම් එයාව නොගත්තේ...

    ReplyDelete
  18. @batti මට නම් සැකයි..

    ReplyDelete
  19. අසාධාරණයි තමයි.ඒත් ඉතින් මොනවා කරන්නද?.ඒ වගේ වැඩකට ඉතින් පිරිමි ලමයෙක් තමයි හරි යන්නේ.

    කොහොමද ගෑණු ලමයෙක්ට මජං ගාගෙන ගරාජ් එකක වැඩ කරන්න කිව්වොත්, බෑ නේ.ඕය ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ ඕගොල්ලෝ ලගම තමයි. :)

    ReplyDelete
  20. මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ලකුණු වැඩි නම එයාව නොගත්තේ ඇයි කියලා O.o

    ReplyDelete
  21. අපේ ඉන්ස්ටිටියුට් එකෙට වැඩට ගන්නත් අක්කලාම විතරයි ඇයි යකෝ මට ආසාවට නංගියෙක් එක්ක කතා කරන්න තහනම්ද ?

    කොල්ලෝ ඉන්න තැනට කෙල්ලොත් ඕන නැත්තම් එතන වැඩක් කරගන්න මාරුයි

    ලු

    ReplyDelete
  22. කොහෙත් සමහර වෙලාවට ගැහැණු කම නිසා රැකියාවල ඔය වගේ සිද්දි වෙනවා . පව් හැබැයි පෙරුම් පුරාගෙන කෙල්ලෙක් පතපු කොල්ලො ටික . . . :P

    ReplyDelete
  23. "අර....එකේ ඉන්නෙ කෙල්ල"ත් මේ බ්ලොග් එක ලියන කෙනත් දෙන්නම එක්කෙනෙක්ද?

    ReplyDelete
  24. අපරාදේ නේ :(

    ReplyDelete
  25. IT field ekedi kellek weema godak welawata padui.eth kelloth ekama exam neda pass wenne kiyala hithanne na.(if she married it is terrible)

    ReplyDelete
  26. ඔකේ ලොක්කට කෙල්ලෝ පෙනෙන්න බෙඋව ඇති.. එහෙම නැත්නම් ඌ ඊරිසියයි කොල්ලෝ අතරට කෙල්ලක් එනවට..

    ReplyDelete
  27. කියන්න දෙයක් ඔලුවට එන්නෙ නැ අප්පා..එකක් නෙවෙ මහ ගොඩක් ආව..මට මොනවා වෙයි ද ඉන්ටවීව් එකකදි ?

    ReplyDelete
  28. හ්ම්ම්. අපිත් ඔහොම තමයි එකම එක කෙල්ලෙක් වත් නෑ අපේ ඔෆිසියෙ තියා ෆැක්ටරියෙවත්.

    ReplyDelete
  29. අර වේලි වේලි හිටි කොල්ලො ටික වැඩ නවත්තල කෙල්ලට පැණිය අහලයි කියල හිතෙන්න ඇති ලොක්ක

    ReplyDelete
  30. @deeps- පව්ද කියන්නෙ.හෙනට හෝප්ස් තියන් එන්න ඇති.

    @පන්සල් හංදිය-ඔව්නේ,ඒ ෆ්ලොර් එකේම ඉන්නෙ කොල්ලො.

    @ඇනොන්ය්මොඋස්-හෙහෙ සමහරවිට එහෙම වෙන්නත් ඇති

    ReplyDelete
  31. @පිණිබිඳු... ඔව් ගොඩක් වෙලා ඉන්න උනාම තියන අපහසු නිසා වෙන්න ඇති,අනික රෑ වෙනව ප්‍රශ්න ගොඩයි නේ.

    @තාරා-හෙහෙ.මොනා කරන්නද ඉතින්.එයාලට වඩාත් සුදුසු කෙනානේ තෝරගන්න ඇත්තේ.

    @කඩේ හාමිනේ-මොකෑ කොලන්නෙ බොලේ උන්ට ඕනෙ අයනේ ගන්නෙ.

    ReplyDelete
  32. @Chanaka Aruna Mඋනසින්ග්හෙ-හෙහ් මෙයා කල්පනා කරල තියන තරන්.ඒක හරි.

    @``` Outsider```- එයාලගෙ පහසුව බැලුව වෙන්නත් පුලුවන්.

    @- නිල් අහස - හ්ම්...

    ReplyDelete
  33. @බීටා-මල්ලිට කියන්න මාර පෑවිල්ලක් තියෙන්නෙ.හෙහෙ.

    @නරක සමනලයා-පව් තමා :(

    @ඒකත් හරිනේ.

    ReplyDelete
  34. @පූසා-එහෙමත් එකක් තියනවනේ හැබෑට.

    @JHOඨ්HඓSHඇළැණ්ඛැ-ඒක හරි.ඒත් මේවගේ සමහර අවස්ථා නැතුවත් නෙමේ.

    @සුපුන්- හ්ම්...වෙන්න පුලුවන් ඒකත්.

    ReplyDelete
  35. @චතුවා (ළමයා)- පප බොරු කියන්නෙ නැතුව.

    @මධුරංග-හ්ම්...මේකෙදී නම් ගොඩක් වෙලාවට එලියට එහෙම යන්න වෙන නිසාද දන්නෙ නැ,ගත්තෙ නැත්තේ.

    @නිම්ශා-අනේ මන්ද එයාල හොදයි කියල හිතුවේ කොල්ල වෙන්න ඇති.

    ReplyDelete
  36. @සජිත්-හ හා එහෙම කියන්න එපා ගෑණුලමයි පිළිවෙලයි පිරිමිලමයින්ට වඩා ගොඩක් අය.

    @පාල-හ්ම් අපහසුතා තියනව තමයි.ඒත් වැඩ කරනා අය ඉන්නව ඒවගේතැන් වලත්.

    @ඡම්මැ-අරන් තිබ්බෙ ටැමිල් පිරිමි ලමයෙක්

    ReplyDelete
  37. @හිස් අහස- එහෙමලුද මම් නම් ගෑණුලමයෙක් හිටියනම් කොච්චර හොදද කියකිය හිටියෙ.

    @සුශාන් ප්‍රියනාත් රත්නායක- හ්ම්,කොල්ලො ටික නම් පව් තමා.ඒත් ජොලියේ ඉන්නව එයාල.

    @ටී.බී. හේරත්-නැනැ.ඒ මම් නෙමේ.

    ReplyDelete
  38. @බ්cකුරෙර-එයාලට නිතර එහෙ මෙහෙ යන්න වෙනව එලියට වාහන වලත්,ඒ නිසා පහසුව තකා වෙන කෙනෙක් ගත්තද දන්නෙ නැ.

    @- ඇනොන්ය්මොඋස්-පොඩි අවුලක් තියනව තමා ඒපැත්තෙන් නම්.

    @-සරත් ලංකාප්‍රිය- එයා බලන්නෙ උපරිම වැඩ කරන්න පුලුවන් අයනේ.කෙල්ලෙක් ආවොත් අනිත් අය ගෙ වැඩත් පාඩු කරයි කියල හිතුවද දන්නෙ නැ :)

    ReplyDelete
  39. @පැන්ඩා- ආහ් පැන්ඩෙකුත් ඉනටවිව් ඇවිත් කියල බලයි එයාල.ගොඩ යයි මල්ලි බය වෙන්න එපා.

    @නචියා- ආ ඔය ඉන්නෙ තව කට්ටිය.

    @පිස්සා පලාමල්ල-බොස් ඔය කාලෙ පහුකරලනේ එන්න ඇත්තෙ හෙහෙ.

    ReplyDelete
  40. අනේ මන්දා. අපි නම් සේරම එකයි කියලා වැඩ කරන්නේ.ඒත් ...අනේ මන්දා

    ReplyDelete
  41. @ඇනිත්කොන-අනේ මන්දා තමා.සමහර ක්ශේත්‍ර වල මෙහෙමත් වෙනව,

    ReplyDelete
  42. හරිම අසාධාරනයි. තනතුරට අදාලව විඳින්න වෙන අපහසුකම් ඇත්ද, (රෑ වෙන එක වගේ) ඒවා නොදැන නෙවේනෙ රැකියාවට ඉල්ලුම් කරන්නෙ. ඒවට ලෑස්තිද නැද්ද යන්න සොයා නොබලා එහෙම ප්‍රතික්ෂේප කරන්න අයිතියක් නැහැ. මගේ රස්සාවෙ හැටියට වෙලාවකට රෑ එකට දෙකටත් යන්න වෙනවා. කවුරුත් ඒක ප්‍රශ්නයක් කරගන්නෙ නැහැ. අපේ මල්ලිත් පරිගණක ක්ෂේත්‍රයෙ රැකියාව කරන්නෙ. එයාලත් එක්ක ඉන්න කෙල්ලො ගැනත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලො ඕනෙ දේකට ඔට්ටුයි. එහෙම නැත කියලා හිතන් ඉන්නෙ "කෙල්ලො මෙහෙමය; කොල්ලො මෙහෙමය" යනුවෙන් පූර්ව නිගමනයන්ට එළඹිලා ඉන්න අය. (stereotyping)

    ReplyDelete
  43. @නලිනි චන්දිමා- ඔව් එහෙම වැඩ කරන්න පුලුවන්,ෆිල්ඩ් එක ගැන දන්න කෙනෙක්නේ රස්සාව ඉල්ලන්නෙ.මොන හේතුවක් උනාද මන්ද?මට නම් හිතුනේම ආවාසිය උනා කියලමයි.

    ReplyDelete
  44. අනේ මන්ද මොනවා කියන්නද

    ReplyDelete
  45. @sanjaya සිතුවිලි- :)

    ReplyDelete