Thursday, July 14, 2011

ඇලිස් බෑන්ඩ් | Alice Band


කාලෙකට පස්සෙ සති අන්තෙ නිවාඩුවකට ගෙදර ගියා.යනකොට ගේ ඉස්සරහ කීපදෙනෙක්ගෙ සෙරෙප්පු.හ්ම්...ගෙදරට කවුරුහරි ඇවිල්ලා...

ඒත් රබර් සෙරෙප්පු දාගන!...?

කුස්සිය පැත්තෙන්  කතා සද්දෙකුත් ඇහුනා.
සාලෙ වාඩිවෙලා පොඩි ගෑණු ලමයෙකුයි, එයාගෙ මල්ලියි කියන්න පුලුවන් දෙන්නෙක් පත්තර බලනව.මම් හිනාවක් දාගනම බෑග් අඩුම කුඩුම ටික කාමරෙන් තියල කෙලින්ම කුස්සිය පැත්තට ගියා. 

ආ නංගියෝ...දැක්ක කාලයක්...

ආ...මම් ඒත් බැලුව කවුද කියල. මට අදුර ගන්න බැරි උනා.දුවයි පුතයි දෙන්නත් ඇවිල්ලානේ.

ඔව් නංගියෝ හදිස්සියෙ ආවේ.
මොකුත් හදාගන එන්නත් බැරිඋනා.

ඒකට මොකද කාලෙකින් හරි මේ පැත්ත බලාගන යන්න ආවනේ.

මේ සැරේ තල ඉස්සනේ, තලගුලි ටිකක් හදන් ආවා.

ආ...නියමයි මරු කෑම. 
ඉතින්...

නංගියා නම් මහත් වෙලා වාගේ.කාලෙකින්නේ දැක්කේ. 
හැබෑට කොච්චර කාලෙකින්ද නේද?

හෙහෙ...ඒ මගෙ හැටිනේ.කෑම දැක්කත් මහත් වෙනව.

ආය කීවට ඒ හෑටි මහතකුත් නෑ. 



එපා වෙනව අප්ප බස් වල ආවහම හරි මහන්සියි.

ගොඩක් දුරනේ නේද?

හ්ම්...පැය 8ක් විතර එන්න එපැයි.
අම්ම ආව අයට කෑම හදන්න ලෑස්ති කරනව.මම් හිමීට ගිහින් ෆිල්ටර් එකෙන් වතුර එකක් කෝප්පෙට දාගන එක හුස්මට බීගන බීගන ගියා.


අම්මේ ලාවට සීනි දාලා තේ එකක්!...
කියන ගමන් මම් වොශ් එකක් දාන්න නාන කාමරේට ගියා.
එද්දි තේ එකත් එක්ක තලගුලි ටික බැබලි බැබලි තියනව කුස්සියෙ.


තලගුලියක් කාල තේ එක බොන ගමන් ආය කතාවට වැටුනා.

පොඩි උන් දෙන්නත් පත්තර බැලිල්ල පැත්තකින් තියල කුස්සියට ඇවිත් කටදිහා බලාගන ඉන්නව.ගෑණු ලමය ඇලිස් බෑන්ඩ් එකකුත් දාලා,පෙනුමෙන් එච්චර වයසක් කියන්නත් බෑ,කොල්ල නම් ටිකක් මෝරල පාටයි.


මේ දෙන්නත් යන්නෙ ගමේ ඉස්කෝලෙටද?

ඔව් පුතා නම් තවම ඉස්කෝලෙ යනව,මෙයාගෙ ඉස්කෝලෙ ගමන නැවතුනානේ.

ඒ ඇයි? කියන්නක් වගේ මට  ගෑණු ලමය දිහා බැලුන.
ඒ ලමය කිසිදෙයක් නොකිය බිම් බලාගත්ත.


ලමයගෙ අම්ම දිගටම කියවනව.


කරදරයක් උනානේ නංගියෝ...
මම් අම්මට නම් විස්තරේ කිව්වා,නංගියා දන්නව නේද අර ගමේ හිටිය අබේකෝන්?

හ්ම්...මට මතකයි.
හැබයි එච්චරටම මතකයක් නෑ,නමින් දන්නව,මම් ගමෙන් එද්දි අවුරුදු 4ක් වත් නෑනේ.

ආන්...ඒකාගෙන් මෙයාට කරදරයක් උනානේ.
මෙහෙ උසාවි දාල තියෙන්නෙ දැන්.

අහ්...

ලොකු නංගියා හම්බවෙලා මොනාද කරන්ඩ ඕනෙ කියලා බලන්ඩ මේ ආවේ.

හ්ම්...එහෙමද?

එන්ඩ කියල තියනව උසාවියට.
අපිනම් කැමති සමාදාන වෙන්ඩ, ආය නඩු කිව්වා කියල ඔව්වට දෙන්න ඔය හැටි සල්ලියක් කොහෙ තියනවද?.
වෙච්චි දේ උනානේ.නේද?
ඒකා ගන්ඩම හිතාගන කොරානම් කමක් නෑ.වෙන ගමක ගෑනියක් එක්ක හුටපටයක් තියනව කියල කියන්නෙ.ඒකා ඒ ගෑනි ගනී.

මාර මිනිහෙක්නේ!...එච්චර වයසකුත් නෑ නේද?

ඔව් ලොකු නංගියාලට වඩා අවුරුද්දක් දෙකක් විතර ඕනෙනම් වැඩිමල් ඇති.


අපරාදේ නේද ඉස්කෝලෙ ගමන.

ටික කාලයක් ගියා,පස්සෙ පස්සෙ ලමයි අරව මේවා කියනව කියල නැවතුනා.
දැන් ගාමන්ට් එකක වැඩට යනව.ඒකෙන් හම්බවෙච්ච කොල්ලෙක් එක්ක යාලුවෙලානේ ඔය ඉක්මනට බලන්ඩකො.

 ආහ්...

ඒ ලමයත් හොදයි.සේරෝම විස්තර දැනගනයි කැමතිවෙලා තියෙන්නෙ.
එ හින්ද වන්දි නැතත් කමක් නෑ,මේක බේරුමක් කරගන්ඩයි ඕනෑ කරන්නෙ දැන්.

හ්ම්...


පලි: ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ අපි අලුත් අවුරුද්ද වෙනුවෙන් ගමේ ගියා.ආසාවට වැව බලන්නත් යන්න ඕනෙ කියල හිතුනා, බන්ටෙක දිගේ ඇවිදගන යද්දි රෙදි පුරවගත්ත බාලදියකුත් අරන්,හූනූ පැටියෙක් වගේ ලමයෙකුත් කර ගහගන පොඩි ගෑනු ලමයෙක් එනව ඉස්සරහට,නාන මංකඩට යන්න වෙන්නැති.මාව දැකල කතා කරා,ඒ අර ගෑණු ලමය.

29 comments:

  1. හුට්ටප්පරයයි....

    ReplyDelete
  2. ජින්ගි බුරුස්‌ ජිල් බුස්‌ කිව්වලු.. කෙලී පොඩි උනාට විසේනම් පොඩියට තිබිල නෑ වගෙයි කතාව කියෙව්වම තේරෙන්නේ...

    ReplyDelete
  3. අනේ මන්දා අයි අපේ රටේ තාමත් මෙහෙම දේවල් වෙන්නේ කියලා

    ReplyDelete
  4. ආසියාවේ ෙඓශ්චර්ය

    ReplyDelete
  5. මිනිස්සු තිරිසන් ගත අට හරින්න කල්ප කීයක් ගනියිද ? ඒ මදිවට හැගෙන් වැටුන මිනිහට ගොනා අන්න වගේ අපේ මිනිස්සුත් හිරිහැර කරන්නේ කෙල්ලට තමයි.. වරද කරපු මිනිහ වීරයා.. ඔන්න ඔහොම උසාවි යන්න බැරිකම නිසා විඳගෙන ඉන්න අපරාද කොයි තරම්ද අපේ රටේ ? ඔය පාර්ලිමේන්තුවේත් ඉන්නේ ඒ ජාතියේ වීරයෝ..

    ReplyDelete
  6. අබේකෝන් කියන්නේ පොඩි මහත්තයට ගේම කියන නම නේ නදි අක්කේ....

    ඒක නෙමේ ...කෙල්ල බැදලා තියෙන්නේ ගාමන්ට් පොරමද?
    මට නම් ශුවර් නෑ..

    ReplyDelete
  7. මොනා කරන්නද අක්කා. දුක තමයි. මෙහෙම එවුන් තාමත් රටේ ඉන්නැද්දි රටකට හරි යන්නේ කොහොමද. අන්තිමේදි අර නංගිට උනේ චූටි දරු පැටියෙක් එක්ක තනි වෙන්න. අර මිනිහා වෙන ගෑනියෙක් එක්ක ගිහින්!!!! ශික් මෙහෙමත් අසමජ්ජාතියෙක් !!!!!

    ReplyDelete
  8. ඔය මිනිහා බදින්න කලින් පොඩි කෙල්ලෙක්ට ඔහොම දෙයක් කරලා බදින්න හිතන් හිටිය අර ගෑනිගේත් පිරිසිදුකම බලන්න ඇති. බැරි වෙලාවක වත් ඒ ගෑනි හිතපු තරම් පිරිසිදු එකියක් නොවුනා නම් අරූ බඳින එකකුත් නෑ. !!!!!

    ReplyDelete
  9. හප්පට සිරි.....මලා සීන් නේ වෙන්නේ

    ReplyDelete
  10. ක්‍රෑරයි.. :-/

    ReplyDelete
  11. ඇයි අක්කේ මේ කතාවට ඇලිස් බැන්ඩ් කියලා දැම්මේ...

    ReplyDelete
  12. අපි නොදන්නවා වුනාට රටේ ලෝකේ වෙන දේවල් හිතාගන්නත් අමාරුයි, ඒ මෙහෙම ඩේවල් වෙන රටක අපි ජීවත් වෙන්නේ කියලා හිතාගෙන ඒවගෙන් පාඩම් ඉගෙන ගන්න එක හොඳයි කියලයි මම නම් හිතන්නේ....

    ReplyDelete
  13. මං අහන්න හිතාගෙන හිටපු එක නිම්ශා අහලනෙ... :(
    දෙමුකො බලන්න එහෙනම් දෙන්නටම උත්තරේ... :)

    ReplyDelete
  14. ඕකනේ අපේ රටට වෙලා තියෙන්නේ . කරදරයක් වුනාම අර මිනිහගේ හොම්බ තලන්නේ නැතුව කෙල්ලටම තමයි කතන්දර කියන්නේ . හොම්බ තැලුවයි කියමු ඊට පස්සේ අර මිනිහා අපුරුවට ඉදිද්දී ගහපු මිනිහ හිරේ යන්නත් බැරි නැහැ .
    අතුල කියන ''විසිරුන මල් පෙති'' ගීතය මතක් වුනා .
    මමත් මේ ඇලිස් බෑන්ඩ් ලාබෙට ගන්න තියෙන කඩයක් ගැන දැන්වීමක් කියල හිතන් ආවේ . දන්නේ තේරුනේ .
    ඇලිස් බෑන්ඩ් කියල නම දැම්මේ කෙල්ලගේ ලාබාල කම පෙන්වන්න වත්ද .මම හරිද

    ReplyDelete
  15. @Prabhath Darshana- මොකද්ද ඒ කිව්වෙ?මට තේරුනේ නෑ.

    @ADK කොලුවා-අනේ මන්ද මල්ලි.ඒ ලමය හෙනම අහිංසක විදියට මම් දැක්කෙ.පව්.

    @deeps- කාගෙද වැරෑද්ද? අනේ මන්ද?

    ReplyDelete
  16. කවුරුත්... කවදත්.. ගැහැනිය වැරදියි කිවිවත්, එයාලා එතනට වැට්ටුවේ කවුද කියලා... ඇයි හොයන්නවත්, ඒ ගැන කතා කරන්නවත්, කෙනෙක්..... නැත්තේ.....????

    ReplyDelete
  17. @JHOTHISHALANKA- කාගේ අශ්චරියද මන්ද?මටනම් කිව්වම හිතාගන්නවත් බැරිඋනා.

    @සරත් ලංකාප්‍රිය-ඔව් අය්යා බස් එකේ එන්න සල්ලි නැ.මොන නඩුද?මට ගොඩක් දුක හිතුන ගොඩක් දුප්පත්,අහිංසක පවුලක්.ගොවිතැන් කරල එදාවෙල පිරිමහගන්නේ.

    @රත්ගමයා- පොඩියාට නම් නෙමේ.ඔව් බැදලා තිබ්බෙ ඒ යාලුවෙලා උන්නු ගාමන්ට් කොල්ලව.එහෙම හරි කෙනෙක් හිටපු එක හොදා,නැත්තම් කොහෙන් නවතීද ඒ ගෑණුළමය.

    ReplyDelete
  18. @මධුරංග-ඔව්.සමාදාන උනා අන්තිමට.වන්දියක් දෙන්නම් කිව්වලු,හම්බුනාද කියල නම් දන්නෙ නෑ.ඒ මනුස්සය වෙන කෙනෙක්ව බැදලා.ඔය සිද්දිය අර මල්ලි කිව්ව ලමයත් දැකල තියනවලු.පව් අසරණ මිනිස්සු.මොකද්ද කරන්න ඕනෙ කියල තේරුමක් ව්ත් තිබ්බෙ නෑ.

    @නරක සමනලයා-හ්ම්...ඔහොම එව්වත් වෙනව.

    @Bunny- :)

    ReplyDelete
  19. @නිම්ශා-මම් කතාව දැනගන්න කලින් ඒ ලමයව දැක්කෙ ගොඩක් පොඩි කෙනෙක් විදියට.අවුරුදු 14ක් වත් නැද්ද මන්ද?අර ඇලිස් බෑන්ඩ් එක දාල තිබ්බ විදිය,මගෙ හිතට ගොඩක් වැදුනා.ඒත් කතාව ඇහුවම.මට ගොඩාක් දුක හිතුන.ලමය පොඩි උනාට එයාට ලැබිලා තිබ්බ අද්දැකීම්.

    @සීතල අයියා- :(

    @ලහිරු- මටත් අදහාගන්න බැරිඋනා කියද්දි.ඔව් පාඩමක් ඉගන ගන්න ඕනේ.ලේසි නෑ ලමයි බලාගන්න එකත්.

    ReplyDelete
  20. @ටී.බී. හේරත්- දුන්න.

    ReplyDelete
  21. @බින්දි- ඔව් ඔයා හරි.මට එයා ගොඩක් ලාබාල විදියටයි පෙනුනේ.ඔව් අනිවාර්යෙන් කෙල්ල තමා වැරදිකාරය වෙන්නෙ,දන්නවනේ අපේ මිනිස්සු කියන කතා ඉතින්.මේලගදි දවසක් ඒ මිනිහව මම් දැක්කා මට නම් වස අප්පිරිය හිතුන.බල්ලෙක්.

    ReplyDelete
  22. @- නිල් අහස - අනේ මන්ද?

    ReplyDelete
  23. පව් ඒ අහිංසක දැරිය. අන්තිමට මවක් වෙලා තියෙන්නෙත් ඇගේ ළමාකාලයෙදිමයි.
    ඉස්සර අපි පුහුණුව පිණිස මාතලේ රෝහලට යන කාලෙත් හැම මාසෙකම අවුරුදු 15 විතර අවිවාහක ගැහැණු ළමයි දෙතුන් දෙනෙක්වත් එනවා දරුවන් බිහි කරන්න. හුඟ දෙනෙක් මාරක කියන ගමෙන්. ඒ ළමයි ඉන්නෙ කඩා වැටිලා. සමහර වෙලාවට මැදිවිය පසු කළ මිනිස්සු එනවා ළමයව භාර ගන්න- බබාගෙ පියා බව කියමින්. සමහර මිනිස්සුන්ට වෙන කසාදත් තියෙනවා. ඔතනින් පටන් ගන්න ජීවිතේ කොච්චර දුක් මැදද ගෙවන්න වෙන්නෙ? තමන්ව දූෂණය කළ අධමයා එක්ක පවුල් කන්නට වෙනවාට වඩා තවත් දුකක් තිබිය හැකිද? ඒකත් කී දවසකටද?
    නරකම දේ, මම පත්තරවලින් දැකලා තියෙනවා පොලිසිවලින් පවා මීට විසඳුම විදිහට, නඩු නොකියා අර දූෂකයට දැරිය භාර දෙන අවස්ථා. දෙහිවල පැත්තෙ මෙවැනි දැරියන් උදෙසා පවත්වාගෙන යන එක් ළමා නිවාසයක් තියෙනවා. ඔවුනුත් දෙමවුපියන්ට කතා කරලා, හැකි තරම් නඩු මගට නොබැසීමට පොළොඹවනවා. ඇතැම්විට දෙමවුපියනුත් කරන්නෙ 'පවුලට අවනම්බුවක් වෙයි' කියලා යට ගහන්න. මේ නිසා සිද්ධීන් එළියට එන තරම අඩුයි.
    මගේ යෙහෙළියක් කිව්වා ළඟකදි ඇයට රෝහලෙදි හමුවුණු මෙවැනි දැරියක්. ඇයගෙම වචනවලින් කිව්වොත් 'මලක් වගේ ලස්සන ළමයෙක්'. ඇය නූගත් පවුලක කෙනෙකුත් නොවෙයි- සහෝදරියක් විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්නවා. නමුත් අර දූෂණයෙන් හටගත් කළලය වැඩෙන්නට ඉඩ හැරලා. ඇය දැඩි මානසික අවපාතයකින් පෙළෙමින් සිට ඇත්තෙ. අර මිනිහා නැවත කරදර කරාවිය යන බියෙනුත්, ගමට මුහුණ දිය නොහැකි නිසාවෙනුත්, ඔවුන් කුලියට ගෙදරක් අරන් ඇවිත් වෙන පැත්තකට. (එහෙමනෙ, ඔහොම එකක් වුණහම බහුතරයක් කියන්නෙ "ඒ කෙල්ලට විසේ" කියලනෙ.)

    මා දන්නා තරමින් සර්වෝදයෙන් පාලනය වන ළමා නිවාස තියෙනවා මෙවැනි දැරියන්හට සෙවණ දෙන. පෙර සිටි පාසලට යාම අපහසු නිසා, ඔවුන්ගෙ අධයාපනය කඩාකප්පල් නොවන පරිදි වෙනත් පාසලක අධ්‍යාපනය දිගටම කරගෙන යන්නට අවස්ථාව සලසා දෙනවා ඔවුන්.

    අර නඩු ගැනත් කියන්නට ඕන. අපේ නින්දිත නීතීඥයොත් බලන්නෙ මොන දූෂකයෙක් වුණත් කමක් නැහැ, සල්ලි දුන් එකා දිනවන්නට නිසා, නඩු කියන දැරියන් ඉමහත් අපහසුතාවයකට පත් වෙනවා. අපට එක් සැසියකදි පෙන්වූ ආකාරයට, එක් දැරියක් වසර හතරක් තුළ විසි වරකට වඩා උසාවියට කැඳවා තිබුණා; ඒත් තීන්දුවක් නැහැ. මේ හැම වරකදීම ඇය කොතරම් පීඩනයකට ලක් වෙනවාද? නීතිය කරවන මිනිස්සු (එතන මිනිස්සු සිටීනම්) මේ දේවල් ගැන මීට වඩා සිතිය යුතුයි.

    ReplyDelete
  24. ඔයාටත් සෙට් වෙන්නේ මාර හුට්ටප්පර වෙච්චි අයනේ..

    ReplyDelete
  25. @නලිනි චන්දිමා-හ්ම්...ඔය අපි දකින කතා.ඒට වඩා කොච්චර නම් ඔයවගේ දේවල් වේනව ඇද්ද.අවාසනාවන්ත තත්වයක්.

    @චතුවා (ළමයා)- පව් අලෝ,ඒ ලමය ඒ වෙද්දි මටත් වඩා ගොඩක් බාලයි මට ගොඩක් දුක හිතුන.

    ReplyDelete
  26. මාර දුක හිතෙන කතාවක් ........
    ගෑනු ලමයි මල් වගේ පරිස්සම් කරන්න ඕන ......
    ඒක දෙමවුපියන්ගේ වගකීමක් වගේම, ඒ ලමයිත් ඒක දැන ගන්න ඕන .........

    ReplyDelete
  27. මට මාර දුකයි මේ කතාව ඇහුවාම, ගෑනු ලමයින්ව මල් වගේ පරිස්සම් කරන්න ඕන, ඒක දෙමවුපියන්ගෙ යුතුකමක්, ඒ වගේම ගෑනු ලමයිත් දැන ගන්න ඕන පරිස්සම් වෙන්න .........

    ReplyDelete
  28. @පන්සල් හංදිය- හ්ම්...ඔව් අය්ය,ඒත් ඉතින් මේ වගේ බලහත්කාරකම් වෙනවනේ.ඒවට ඒ පොඩි ලමයි මොනව කරන්නද විහින් කරගන්න ඒව නෙමේනේ.

    ReplyDelete