Friday, July 1, 2011

ස්තූතියි හැමෝටම!


හ්ම්... මේ මම ලියන 101 වෙනි පෝස්ට් එක.දන්නෙම නැතුව බ්ලොග් එකේ පෝස්ට් 100ක්ම දාලා.බ්ලොග් එක පටන් ගත්තෙ හරියටම ගිය අවුරුද්දෙ නොවැම්බර් මාසෙ 12 වෙනිදා.


ඒ වෙද්දි මට කිසිම අදහසක් තිබුනේ නෑ, බ්ලොග් එකක් ලියන්න කියල.අනික යුනිකෝඩ් ගැන දැනන් හිටියට, සිංහලෙන් ලියන්න කිසිම සූදානමක් තිබ්බෙ නෑ,සිංහලෙන් ලියන්න හැකියාවත් තිබ්බෙත් නැ.

අහ්...සින්ඩිකේටරයක් කියන්නෙ මොකද්ද කියලා අහල තිබ්බෙත් නෑ.තාමත් හැබැහින් දැකල නැති යාලුවෙක් තමයි,ඔයත් සිංහල බ්ලොග් එකක් ලියන්න කියල මාව උනන්දු කරලා අවශ්‍ය අඩුම කුඩුම හොයලා කරල දුන්නෙ.


මේ තියෙන්නෙ මගෙ බ්ලොග් එක කියල,එයා ලියන බ්ලොග් එකත් පෙන්නුව,මට එයාගෙ බ්ලොග් එක දැක්කම හිතුන ලියන්න ඕනෙ කියල.ඒ අතරේ තව බ්ලොග් කීපයකුත් පෙන්නුව.

මතකෙ හැටියට දුමී අය්යගෙ,මාරෙ අය්යගෙ, දුකා අය්යගෙ,කතන්දර අය්යගෙ බ්ලොග්.ඒවා කියවද්දි මට ගොඩක් ආස හිතුන,ඉතින් ඔන්න ඔහොමයි ලියන්න ගත්තෙ,මේ වෙද්දි සෑහෙන දුරක් ඇවිත්.මාස 8ක් වෙද්දි පෝස්ට් 100කුත් ලියලා.


බ්ලොග් ලිවීමෙන් ගොඩක් යාලුවොත් අදුරගත්තා.හැබැහින් දැකලා තියෙන්නෙ නම් තුන් දෙනෙක් විතර(හාවා, හාවගෙ යාලුවා.පොඩ්ඩා). බ්ලොග් එක ලියන මුල්ම දවස් වල කොමෙන්ට් දාමු කෙනෙක් හැටියට, අපෙන් වෙන්වෙලා ගිය ඉලංදාරි මලයත් ඉන්නව.ඒ නිසා එයාවත් මතක් නොකරම බෑ.

මූණුපොතේ ගතකරපු කාලය අඩුවෙලා ගිහින්, බ්ලොග් වලට දැන් ඇබ්බැහි වෙලා කිව්වොත් නිවැරදියි.අනිවාර්යෙන් දවසෙ වෙලාවක් වෙන්වෙනව අලුතින් ලියල තියන පෝස්ට් කියවල කොමෙන්ට් දාන්නත්.

බ්ලොග් එක මෙච්චර දුරට අරන් එන්න ගොඩක් අය උදව් උනා.මූලිකවම බ්ලොග් එක හදන්න කියල උනන්දු කරපු ළමයා මල්ලි.සමහර දවස් වල නොතේරෙන කාරණා අහන්න ගිහින්,එයාට එපාවෙන වෙලවලුත් තියෙන්න ඇති.

ටෙම්ප්ලේට් දාන්න,අරව මේව ගොඩක් දේවල් අහගත්තෙත් එයාගෙන් ,ඒ නිසා එයාට ස්තූති නොකරම බෑ.අනිත් අය තමයි සින්ඩි කරන උදවිය,එයාල නිසානෙ අපිට, බ්ලොග් අප්ඩේට් කරපු ගමන්ම වගේ අලුත් බ්ලොග් පෝස්ට් බලන්න පුලුවන් වෙන්නෙ.

ඒත් එක්කම් බ්ලොග් පෝස්ටුවක් බලලා කොමෙන්ට් කර,නොකර යන යාලුවො හැමෝටමත් ස්තුති වෙන්න ඕනෙ,එයාල නිසා තමයි.මෙච්චර දුරක් එන්න පුලුවන් උනේ!...

ස්තූතියි හැමෝටම!

34 comments:

  1. සුභ පැතුම් මගෙන් දිගටම ලියන්න

    ReplyDelete
  2. එළකිරි... ජය වේවා.. ඉක්මණටම 150ත් දාමු..

    ReplyDelete
  3. ඔන්න එහෙනම් නංගියා මගෙන් උණුසුම් සුබ පැතුම් .........

    මම දැකලා තියනවා මම බලන ඕනම පෝස්ට් එකක නදීගේ කමෙන්ට් එකක් ෆලෝ පාරක් තියනවා ෂුවර්, අලුත් පරණ කියලා භේදයක් නැතුවම, ඔයා ඒ ගැන හිතන්නෙ නැති වුනාට ඒ අතින් ඔයා සිංහල බ්ලොග්වලට අනුපමේය සේවයක් කරනවා, ඒ වගේම අලුත් අයටත් ..

    ReplyDelete
  4. නදී අක්කගේ ශතකයට ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්...තව ගොඩාක් දුර යන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  5. මුලින්ම අක්කගේ බ්ලොග් එකේ ඉදිරි ගමනට සුබ පතනවා !!!!!!

    ඒ වගේම තව දුරටත් ලියන්න වාසනාව ලැබෙන්න කියලා පතනවා. ඔන්න මම නම් කමෙන්ට් නොකර ගිහින් නෑ. ඕන් නම් බලන්න අක්කගේ හැම පෝස්ට් එකකම මගේ කමෙන්ට් තියෙනවා. :)

    100 වෙනි පෝස්ට් එක ලියපු මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. දුකා අයියාගේ අඩි පාරේ යන මම දකපු එකම කෙනා තමයි අක්කා කියලා කියන්නේ. ඒ කිව්වේ අලුත්ම බ්ලොග් ලියන මල්ලි කෙනෙක් නංගි කෙනෙක්ට දාපු කමෙන්ට් එකක ඉසෙල්ලාම ඉන්නෙ ඉ නදී අක්කා. ඒ වගේම මුල් ෆලෝවර්ලා 4, 5ට නදී අක්කත් ඉන්නවා. ඒ නිසා අළුත් බ්ලොග් ලියන්නෙකුට දුකා අයියා වගේම නදී අක්කාත් සම්පතක් !!!!!
    හේ.... මමත් ලඟදී 100ක් ලියනවා. :)

    ReplyDelete
  6. සුභ පැතුම් 100ට...!

    ReplyDelete
  7. සුභපැතුම්!,ඔයාගේ පළවෙනි ලිපිය "කුජ 7" වෙනුවෙන්ම මාත් ජ්‍යොතිෂ ලිපියක් පලකලා මතකද?ඔයාගේ බ්ලොගයේ ලියවෙන්නේ ඉතාම කාලෝචීත වැදගත් මාතෘකා.

    ReplyDelete
  8. නදී මගේ උණුසුම් සුභ පැතුම් ...! ඉක්මනින් 1000 කඩයිම පසුකරන්න ශක්තිය ලැබේවා..!

    ReplyDelete
  9. Gimhani
    හ්ම්ම්. ඔයාව මම අදුරගත්තෙ වෙදගෙදරට දාපු කොමෙන්ට්ස් නිසා. හොද අදහස් ඇති කෙනෙක්. සුබ පතනව ඉත සිතින්ම.
    Gimhani

    ReplyDelete
  10. තව ගොඩාරියක් පොස්ට් දාන්න ශක්තිය, දහිරිය ලැබේව. අදට මගේ බ්ලොග් එකටත් මාස දෙකයි. හරිම ශෝක්. මේකේ ආතල් ඒක තියෙන්නේ අපි ආපු පාර දිහා හැරිලා බලනකොට තමා.. තව දිගටම ලියන්න.. අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා....

    ReplyDelete
  11. ජය වේවා... !!!!!
    දිගටම ලියන්න

    ReplyDelete
  12. ඉදිරියටම යන්න අපි ෆලොඑක දෙන්නම් !!

    ReplyDelete
  13. my congratulation.

    ReplyDelete
  14. සුබ පැතුම් අක්කේ..දිගටම ලියන්න ...

    ReplyDelete
  15. ආ ආ......... සුබපැතුම් සුබපැතුම්.. දිගටම ලියන්නේනි හරිය..

    ඔය ළමයා ඉන්නවා නේ.. ඌ ගැන නම් නොකියාම බෑ.. හරි හොඳ පොර ආහ්.. මටත් උදවු කලේ ඌම තමා.. :D :D :D

    ReplyDelete
  16. සියවෙනි කඩඉමට සුභ පැතුම් සොයුරිය. දිගටම ලියන්නට අවැසි ශක්තිය, කාලය නොමඳව ලැබේවා.

    ReplyDelete
  17. මෙන්න මගේ සුබපෑතුම් නදිට තවත් වෑඩි වෑඩියෙන් තවත් බ්ලොග් ලියන්න

    හෑමදාම බලන බ්ලොග් එකක් උන ගලායන ජීවිතය ගංගාවක් සේ නොසිදි ගලයන්න ප්‍රාර්ථනා කරනවා...!!!!

    මටත් බ්ලොග් එකක් ලියන්න උනන්දු කරලා බ්ලොග් ලියන කියන විදිහ උගන්නපු මගේ බ්ලොග් ගුරුතුමි ගෑන ඉතින් අපිටනෙ ආඩම්බර :D (එත් මම නම් තම ලිවුවෙ බ්ලොග් එකයි අපිට තාම නවකයොනෙ :) )

    ReplyDelete
  18. @Nadun Ranaweera -
    @ශ්‍රී -

    බොහොම ස්තූතියි දෙන්නටම!

    ReplyDelete
  19. @පන්සල් හංදිය- හ්ම්...ඔව් කොමෙන්ට් එකක් වැටිල තියනව දකින්න ආසයිනේ අපි කවුරුත්.

    @ඪිනෙශ්-ස්තුතියි මල්ලි!

    @මධුරංග- ඔව් මල්ලි.පරණ බ්ලොග් නම් ගොඩක් අය දන්නව.බලනව,කොමෙන්ට් දානව.අලුත් අයට අපිට පුලුවන් හැටියට උදව්වක් දෙන්න එපැයි.උදව් කරපු අයගෙ නම් ලියන්න නොගියේ අමතක වීමක් වෙලා හරි කෙනෙක් මග ඇරුනොත් කියල.ස්තූතියි ඔයාටත්.

    ReplyDelete
  20. @ටී.බී. හේරත්-
    ප්‍රසන්න86ක්-

    ගොඩක් ස්තුතියි ඔයාල දෙන්නටත් :)

    ReplyDelete
  21. @JHOTHISHALANKA- ඒවා අමතක වෙන්නෙ කොහොමද අය්යා.මතකද නමක් පටලවගන ඔයා කොමෙන්ට් එකත් ඩිලීට් කරලා තිබ්බා :)

    @මගේ කතා - ස්තූතියි යාලුවා.
    @Gimhani- මමත් ඔයාව අදුනගත්තෙ වෙද ගෙදරින්.

    ReplyDelete
  22. @ADK කොලුවා-ආසා හිතෙනව නේද? ස්තුතියි.

    @නචියා-ජයවේවා ඔයාටත්!

    @සරත් ලංකාප්‍රිය- ස්තුතී අය්ය

    @Anonymous- තෑන්ක්ස් ඇනෝ

    @නිම්ශා- ස්තූතියි නංගී

    ReplyDelete
  23. @චතුවා (ළමයා)- ආ ඒකනේ.ස්තුතියි කියල, කරල දුන්න හැමදේටම

    @නලිනි චන්දිමා- බොහොම ස්තුතියි

    @Gizaa- ස්තුතියි.කෝ ඔයාට වෙලාව නෑනේ.

    ReplyDelete
  24. නැ නැ යාලුවා එක නිසා නෙමේ මිස් මට නොකියා කියලා තියෙන්නේ හෙට නාවට කමක් නැ කියලා... අපි නම් අහයි ඔව්වා... අපි නොගියොත් එහෙම ක්ලාස් එක කොයිතරම් පාලුද????

    ReplyDelete
  25. ම‍‍ගෙන් සුභ පැතුම්.අක්ක‍ගේ blog එක හරිම ලස්සනයි.ඉදිරි ගමනට ජය පතනවා.

    ReplyDelete
  26. @wahikirilli ස්තූතියි නංගි!

    @දේවා ගේ අඩවිය- මට තේරුන්නෙ නැ?

    ReplyDelete
  27. @තාරක Dilsh@n- ස්තූතියි

    ReplyDelete
  28. මම දැන්නේ අක්කේ මේ පොස්ට් එක දැක්කේ :/ තව ගොඩාරියක් පොස්ට් දාන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.1000 ටත් ඉක්මනටම යන්න ලැබේවා :)

    ReplyDelete
  29. @ChammA- ස්තුතියි මල්ලි ඔයාටත්

    ReplyDelete
  30. ප්‍රමාද වී හෝ කමක් නැත....මගෙත් සුබ පැතුම් ඔන්න....නදී,

    ReplyDelete
  31. @Ravi-ස්තුතියි ඔයාටත්.

    ReplyDelete
  32. Me name eke aithi karaya wena kaurut nemei Ms.Nadee kiyala tamai mata kiyanna tiyenne... :))

    ReplyDelete