Tuesday, May 31, 2011

ෆෝන් බිල | ආදරය


දැන් කාලේ ආදරයත් එක්ක ගොඩක් සමීපව සම්බන්ධ වෙන උපාංගයක් තමා ජංගම දුරකථනය ( සිංහලෙන්, හෑන්ඩ් ෆෝන් එක) කියල කියන්නෙ.

අරක පටන්ගත්ත මුල්ම දවස වල ඒ කියන්නෙ මීට අවුරුදු 5කට විතර ඉස්සර මමත්  ප්‍රී පෙයිඩ්,කාඩ් දාල තමයි කතා කරන්නෙ.

ඒක නිසා සෑහෙන්න අවුල් ගිය වෙලාවලුත් තිබ්බ,සමහර වෙලාවට කතාකරන් යද්දි කාඩ් එක ඉවරයි :(.ඉතින් ඕක පටන් ගත්ත මුල් කාලෙ හිටු කියල කතා කරනවනෙ.මොකද හම්බ වෙන්නෙත් ඉතින් කාලෙකින් නිසා.

ඔන්න එකසැරයක් අපිට කැම්පස් නිවාඩු දුන්න එක්සෑම් ඉවරවෙලා,මාසයක් විතර ගෙදර.ෆෝන් කාඩ් එකත් ඉවර වෙලා,නිවාඩු කාලෙ කතා කරන්න කෙනෙක් නැති නිසා.(ගෙදර අයට කතා කරන්නනෙ ෆෝන් එක අරන් දුන්නෙ.:ඩී).අලුත් කාඩ් එකක් ගන්නත් යන්න නිකන් මොකද්ද වගේ.අනික ගෙදර ලෑන්ඩ් ෆෝන් එක තියනවනෙ.ඕන කෙනෙක්ට ඒකෙන් කතා කරන්න බැරියැ.

ඒ දවස් වල අය්යත්  triangulation (ඒක සර්වේ මෙතඩ් එකක් කන්ට්‍රොල් පොයින්ට් එශ්ටැබ්ලිශ් කරන) ගිහිල්ලා.කතාකරන්න හරියට නිදහසක් තිබ්බෙ නැ.එයාට වැඩ,.එයා ඉන්නෙ කන්දක් උඩනේ.

අම්මා ඉස්කෝලෙ යන නිසා මටනම් මාර නිදහස්,මොකටද හෑන්ඩ් ෆෝන් වලට වියදම් කරන්නෙ,ගෙදර ෆෝන් එකෙන්ම කතාකරනව.

මාසයක් ඔහොම කතාකරා, පස්සෙ තමා මතක් වුනේ අප්පා සෑහෙන බිලක් එයිද දන්නෙ නැ කියල.කැම්පස් ගියාට පස්සෙ නම් ඕනෙ දෙයක් කියල හිත හිතා හිටියා. 

කැම්පස් යන්න කලින්,යන්න ඔන්න මෙන්න කියල,කිව්වත් වගේ මෙන්න බිල එනව, හෆොයි...අංක5ක බිලකට වඩා පොඩ්ඩම පොඩ්ඩක් අඩුවෙන්.

ගෙදර අයටත් හෙන සැකයි!...වැරදිලාද දන්නෙ නැ...මෙහෙම කවදාවත් ඇවිත් නෑනෙ...කෝකටත් ඩීටේල් බිලක් ගමු, කියල අක්ක යෝජනා කරාම තමා මටත් ඉහ මොල රත් වුනේ.(එයාටත් ඕනෙ නැති දෙයක් නෑනෙ:/)

ඩීටේල් බිල ගත්තම තමා දැක්කෙ කට්ටිය, එක හෑන්ඩ් ෆෝන්  නොම්බරේකට සෑහෙන්න කෝල්ස් ඇරන් තියනව කියල.මල මගුලයි දැන් මොකෑ කොරන්නෙ?...ඔන්න ඔහොමයි අර වැඩේ අතටම අහුවුනේ.

පලි: සමහරවිට මේකට අදාල කෙනත් මේක බලයි.පරණ මතකයක් අලුත් කරාට කමක් නෑනේ.මගෙ තරහක් නැ..කමෙන්ට් එකක් දාලම යන්නකො පුලුවන් නම්.:).

54 comments:

  1. අක්කා සිංහලෙන් ජංගම දුරකථනය.. ඉංග්‍රීසියෙන් තමා හෑන්ඩ්ෆෝන් කියන්නේ.. ඔයාට පොඩ්ඩක් වැරදිලා නේද?

    අංක පහකට අඩුවෙන් ගානක් කියන්නේ ෂුවර් එකටම රුපියල් 9750.00 නේ?

    දැන් අක්කට තව පෝස්ට් එකක් ලියන්න වෙයි නේ?? අර අනික් සීන් එක.... :D :D

    ReplyDelete
  2. මමත් එක දවසක් අයිඩීඩී කෝල් එකක් අරං පට්ට චාටර් එකක් කෑවා... :D

    ReplyDelete
  3. මගේ අම්මෝ අංක පහකට අඩුවෙන් බිලක් එන්න ඔයා දවසට පැය කීයක් මල් කැඩුවද?

    ReplyDelete
  4. ඉකේ ඔහොමත් වැඩ කරනවද හව් වෙන්න.නෝන්ඩි...

    ReplyDelete
  5. මල් වත්තක් දාන්න තිබුනනේ..

    ReplyDelete
  6. ඩීටේල් බිල් නිසා මටත් වෙලා තියෙනවා ඔහොම වැඩක් දවසක්. :)

    ReplyDelete
  7. අංක 5ක බිලක් එන්න නම් අම්මා ඉස්කෝලේ හිටපු පැය 6ම අක්කා මල් කඩලා වගේ... :)

    ReplyDelete
  8. ෆොන් බිල ආදරයට අනුලෝමව සමානුපාතිකයි කියල කියනවනේ. ආදරය වැඩි වෙනකොට බිලත් වැඩිවෙනවා

    ReplyDelete
  9. ඈ... අක්කා මල් කැඩුවද නැත්තං මල් වට්ටි හැදුවද?

    ReplyDelete
  10. දැන්නම් දෙයියනේ කියලා හුළං කතා වලට පිං සිද්ධ වෙන්න අපි නම් බොහෝම නිදහසේ කතාව....ඉස්සරනම් බිල වැඩි නිසා ගෙදර ෆෝන් එකට වද දෙනවා..මම නම් නෙමේ...මගෙ අයිති කාරයා... අම්මා නිදාගන්න කල් ඉදලා කතා කරන්නේ. මොකද දැක්ක ගමන් " පොඩි පුතා ඔය මදිද " කියනවා මටත් අනන්ත ඇහිලා තියෙනවා.......අපේ කතාවෙනම් නම් ඉතින් බිල වැඩි උනාම බැනුම් යන්නෙ එයාගෙ අයියට....දැන් ඒ ප්‍රශ්ණය විසඳුම්...දැන් ආසාවටවත් ගෙදර ෆෝන් කතා නෑ.. දැන් අම්ම දැක්කම කියනවා ඇහෙන්නේ..." කොයි වෙලාවෙත් ඕක කනෙ...." කියලයි.....

    ReplyDelete
  11. පුදුමෙට කතා කරලා තියෙනවනේ අක්කා. මට හිතා ගන්න පුලුවන් කාටද කතා කලේ කියලා.මල් කඩලා පූජා කරලා තියෙන්නේ එහෙනම්.

    triangulation survey කියලා කියන්නේ සර්වේ මෙතඩ් එකක්. අපට මනින්න ඕන ප්‍රදේශය ත්‍රිකෝණ වලට වෙන් කරලා කරන ක්‍රමයක්. ලංකාවේ වර්ගඵලය මැනලා තියෙන්නෙත් එහෙම ක්‍රමේකට ලූ.
    මේ ක්‍රමයේ මැනුම් කරන්න පාදක කරගෙන තියෙන රේඛාව එහෙමත් නැත්නම් බේස් ලයින් එක තියෙන්නේ කොළඹ. පෑලියගොඩ ඉදන් බොරැල්ලට යන පාර. ඔහොම මැනගෙන මැනගෙන ගිහින් තමන් මැනපු එක හරිද කියලා බලන්න චෙක් ලයින් එකක් ගහලා තියෙනවා. චෙක් ලයින් එක තියෙන්නේ ත්‍රිකුණාමලේ.

    ReplyDelete
  12. මටත් ඉස්සර හෑන්ඩ් ෆෝන් එක නැති කාලේ ඔහොම වැඩක් උනා.. ඒ යාලුවෙක්ට උදව්වක් කරන්න ගිහින් මගේ බිලට තමයි කෙල උනේ... එදානම් ගෙදරින් කුණු වෙන්න බැණුම් ඇහුවා... :D

    ReplyDelete
  13. මල් කැඩීමෙන් වත නැතිවේ කියල කතාවක් අහලා නැද්ද?
    ඔතන වත කියල කියන්නේ අලුත් ප්‍රාදේශීය විවහාරයක්.
    වත==මුදල්

    ReplyDelete
  14. මම නම් කවදාවත් විනාඩි 15 කට වඩා නම් පෝන් එකෙන් කතා කරලා නෑ කාත් එක්කවත්. අනික අදටත් මගේ පෝන් එකට රුපියල් 100ක් දැම්මාම මාසයක් විතර පාවිච්චි කරන්න පුළුවන් :D

    ReplyDelete
  15. ඕකට තමයි කියන්නේ හූවක දුරින් කොල්ලෙක් හොයාගන්න කියලා.එතකොට හූ කිව්වත් ඇහෙනවා නේ.......

    @චතුවා (ළමයා)-මම හිතන්නේ ෆෝන් බිල 9999.99 වෙන්ට ඕනේ.අර කඩේ රබර් සෙරෙප්පු වල ගාන ගහලා තියෙන්නේ ඒ වගේ :D

    (රජිත්)

    ReplyDelete
  16. ෆොන් බිල නම් සැහෙන්න ප්‍රශ්නයක් නම් තමයි අක්කා..අනික ඔහෝම එකක් අහු උනාම වහ කන්න ලැජ්ජයි ඉතින්..

    ReplyDelete
  17. @චතුවා (ළමයා)- ඔව් ඔව් ඒහා සමාන ගානක් තමා.හික් හික්...ඒ කතාව පස්සෙ ලියන්නම්කො

    ReplyDelete
  18. @සෝරෝ-හික් සෑහෙන ගානක් තියෙන්න ඇති එහෙනම්:)

    ReplyDelete
  19. @ශ්‍රී-එකනේ. අනික මාසයක්ම සතියෙ දවස් 5.

    ReplyDelete
  20. @සීතල අයියා- කවුද හව් වෙන්න කරේ.බිල එන්න කලින් යන්නනෙ හිටියෙ කැම්පස් :පී

    ReplyDelete
  21. @තාරක Dilsh@n- අනේද කියන්නෙ.මල් වත්තක් දැම්මා.

    ReplyDelete
  22. @Nadun- ඩීටෙල් බිල තමා හෙනේට හිටියෙ :))

    ReplyDelete
  23. @Dinesh- ඔව් .ගෙදර ඉන්න කම්මැලිත් එක්කනේ.යස අගේට මල් කැඩුවා.

    ReplyDelete
  24. @sameerausa- ඒකනම් ඇත්ත.බිලනම් වැඩිවෙනව තමා.

    ReplyDelete
  25. @prasanna86k- මල් කඩල වට්ටි හදල පූජාවකුත් තිබ්බා.

    ReplyDelete
  26. @දිල්- අපේ අම්මත් ඔහොමම තමා,මොනවා කරනවද මන්ද කනේ තියාගන ඔච්චරම,එපා වෙන්නෙ නැද්ද?කියල අහනව.

    ReplyDelete
  27. @මධුරංග- ඔයත් දන්න දේවල් හැබෑට.මම නම් ඕව ගැන වැඩිය දන්නෙ නැ.

    ReplyDelete
  28. @කොට ජීවිතේ- හික් නියමයි.:ඩී

    ReplyDelete
  29. @තීර්ථ යාත්‍රිකයා- අහා...ඒකනම් සහතික ඇත්ත.ඒත් නොකර බෑනෙව.මලක් වත් කඩන්නෙ නැතුව කොහොමැයි ඉන්නෙ?

    ReplyDelete
  30. @පූසා- ඔයා ගොඩක් හොදයි එහෙනම්.මම් අම්මත් එක්කත් විනාඩි 15 ට වඩා කතා කරනව.

    ReplyDelete
  31. @පාල- මොන හූවක දුරද?කන්දක් උඩනේ හිටියෙ,ඒ කාලෙ.පැය 8ක් 10 ක් බස් එකේ යන දුර.මොනා කරනන්ද? :/

    ReplyDelete
  32. @නිම්ශා-මොනා කරන්නද නොහිතා කරපු මෝඩකමක්නේ.ලැජ්ජාද කියලත් අහනව.හික්...

    ReplyDelete
  33. හයියෝ මෙහෙමත් මල් කැඩිල්ලක්. ඒ කාලෙ ෆෝන් කම්පැනි බලා ඉද්දි දියුණු වෙන්න අති නේද? හික්ස්

    ReplyDelete
  34. @පිණිබිඳු..- කරපු මෝඩකම් තමා :))

    ReplyDelete
  35. ඇත්තමයි නදී..මටත් ඔය වැඩේම උනා.
    ගාන හරියටම මතක නැති උනත් 8000කට වැඩි බිලක් ආවා.
    ඒක ගෙදර පාවිච්චි කරන land phone එක නෙවෙයි.
    මගේ බිස්නස් වලට තියෙන land phone එක.

    ප්‍රශ්නේ මේකයි.
    ගෙදර බිල් සේරම ගෙවන්න ගෙනි යන්නේ තාත්තා.

    ඉතුරු හරිය කියන්න ඕන නෑනේ...:D
    ඉතිං......ඊට පස්සේ.......කියපුවා අහලා..හරි සනිපයක් දැනුනා.

    ReplyDelete
  36. @- නිල් අහස - - මටත් ඔය ගානට ටිකක් විතර වැඩි ගානක් තමා බිල ආවෙ:)) හික් හික්...මටත් එහෙමයි ගෙදර කට්ටියගෙ වැඩේ ඒදවස් වල ඕක ගැන කියනවන එක තමා.

    ReplyDelete
  37. Radiation from cell phones can possibly cause cancer, the World Health Organization said today.
    http://www.cnn.com/2011/HEALTH/05/31/who.cell.phones/index.html?hpt=hp_bn6

    ReplyDelete
  38. මටත් වතාවක් 7000 + බිලක් ආවා කතාකලාට වඩා කතා ගෙදරට කියන්න වුනා වැඩේ ගෙදරට මාට්ටු වෙන්න නොදී බේර ගන්න

    ReplyDelete
  39. @All in one.......- අපේ නම් අම්ම මුලින්ම තේරුම් ගත්ත මම තමා වැඩේ කරල තියෙන්නෙ කියල,

    ReplyDelete
  40. @pasan- :O thanks for the link.

    ReplyDelete
  41. මම නම් මාට්ටු වෙලා තියෙන්නේ ඩයල් අප් එකේන් නෙට් ගිහින්.. ;)

    ReplyDelete
  42. @Naveen Madhawa- හික් හික්...නියමයි.චැට් කතා එහෙමත් ඇති එහෙනම්.ඒවා ගැන නම් වෙනම පෝස්ට් බර ගානක් ලියන්න පුලුවන් :)

    ReplyDelete
  43. තාක්ෂණය කියන දේ කොයි තරම් නම් මිනිස්සුන්ගෙ ජීවිත වලට බලපෑම් කරනවද ඇත්තට...

    ReplyDelete
  44. @ටී.බී. හේරත්- හ්ම්...

    ReplyDelete
  45. මේ මාසෙක ද නැත්තං මාස කීපෙක මල් කැඩිල්ලක බිලක් ද හෑ...

    ReplyDelete
  46. @හිම කුමාරි- මාසයක් මාසයක් හික් හික්..:))

    ReplyDelete
  47. ඔය කාලෙට කතා කරන්නේ නැතුව කවදා කතා කරන්නද....

    ඒකෙන් හොදක් වෙලා තියනවා.. නැත්නම් ඕක ගෙදරට කියන්නත් හෙන චාටර් එකක් කන්න වෙනවනේ....

    ReplyDelete
  48. මම නම් ඒ දවස්වල ඩයලොග් එකෙන් දීපු විනාඩියට සත 50 කපල් පැකේජ් එක තමා පාවිච්චි කලේ .............

    ගෙදරට කිව්වට පස්සෙ අවුලක් වුනේ නැද්ද .........

    ReplyDelete
  49. @නචියා- ඒකනේ මේ කාලෙට කතා කරන්න නැති ෆෝන් වලින් මොන වැඩක්ද?අනිවාර්යෙන් හොදක් වුනා,මගෙන් අහන්න කලින් ගෙදර කට්ටියම දැනගත්ත.

    ReplyDelete
  50. @කල්හාර දිසානායක- අපිටනම් ඒ කතාව අවසාන වෙනකන්ම කපල් පැකේජ් එකක් තිබුනෙනැ.:/

    මුලදිනම් අවුලක් වුනේ නැ.මේ වෙද්දිනම් ඒක ඉවර වෙලා ගොඩක් කාලයකුත් ගිහින්.

    ReplyDelete
  51. @ මධුරංග :- පොඩි පෑහෑදිලි කිරිමක් කරන හිතුනා මම දන්න විදිහට ඔය ඔය විස්තර කරන ක්‍රමය Chain Surveying කියන මුලික මෑනුම් ක්‍රමය Triangulation කියන්නෙ මෑනුම් සදහා අවශය පාලක ලකෂය ( Control Point ) ස්ථාපනය (Establish )කිරිමට කරන සංකිර්ණ මෑනුම් හා ගණන ක්‍රියාවලියක් කියල තමා මම නම් අහල තියෙන්නෙ :D

    කොහොම උනත් නදි තමත් ගන්නවද කියල නම් සෑකයි මට නම් :P

    ReplyDelete
  52. This is OK comparative to our case! In 2009 after the A/L exam, my boy friend's mum went on a tour to India. When she returned she had to pay a bill accurately of 18,477.34
    You can imagine the situation!

    ReplyDelete
  53. @Anonymous- මම් නම් ඔය දේවල් ගැන හරියටම දන්නෙ නැ.ඔබතුමාගෙ පැහැදිලි කිරීමට ස්තූතියි.

    මමත් අහල තියන හැටියට කන්ට්‍රෝල් පොයින්ට් එස්ටැබ්ලිශ් කරන විදියක් කියල තමා දන්නෙ.මම් ඒක අහගත්තෙ ඔයගැන හොදටම දන්න කෙනෙක්ගෙන්:ඩී

    අපෝ නෑ.දැන් ෆෝන් බිලක් එන්නෙම නැතිගානයි.ඒකටත් එක්ක දැන් ඩොන්ගල් බිල් එක තමා :)

    ReplyDelete