Tuesday, May 31, 2011

පින් බලාපොරොත්තුව

අවුකන පිළිමේ අනුරුව
අද ටිකක් විතර විශ්වාස කරන්න අමාරු කතාවක් මගෙ මිත්‍රයෙක් කිව්වා මූණුපොතේ චැට් එකේදී,මම කලින් මේවගේ දේවල් අහල,කියවල තිබ්බට,අදුරන කෙනෙක් මේවගේ දෙයක් කිව්ව පළමුවෙනි වතාව. 

එයාල ඉන්නෙ කදුකර පළාතක,2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් එයාලගෙ තාත්තා බරපැන දරල අවුකන පිලිමේ අනුරුවක් හදනවා ඒ පැත්තෙ පංසලක කියල  මට කලින් කියල තිබ්බා.

පස්සෙ දවසක,හරියටම වෙසක් දවසේ ඒ හදල නිම කරපු පිළිමේ නිරාවරණය කරලා.මූණුපොතේ ඒ පිළිමේ පින්තූර එහෙමත් දාල තිබුනා.අපිටත් දකිද්දි පවා හරි සන්තෝසයි,අවුකන පිළිමේ වගේමයි,හරිම ශාන්ත පෙනුමයි.

අවුකන පිළිමේ අනුරුව
දා ඒ පිලිමෙ නිරාවරණය කරල පස්සෙ දවසක අටවිසි බුද්ධ පූජාවකුත් තියලා.හවස 5ට 5.30ට විතර බුද්ධ පූජාවට පන්සලට ගිහින්, ඒ ටිකේම නොයෙක් පින්කම් එහෙම තිබුන නිසා හාමුදුරුවොන්ට ගොඩක් මහන්සි ඇති කියල හිතලා, නිතර පන්සලට ඇවිල්ල, පංසලේ කටයුතු වලට උදව් වෙන, විශ්‍රාමික විදුහල්පතිවරයෙක්ට කීව්වලු, බෝධිපූජාවට ටිකක් උදව් වෙන්න කියලා.

ගාථා එහෙම කියාගන යද්දි අර කෙනා( විශ්‍රාමික විදුහල්පතිවරයා) ආවේශ වෙලා වගේ මොනවද කියන්න අරගෙන.එක පාරටම 
පොඩි පුතේ!...පොඩි පුතේ!... 
කියල මෙයාලගෙ තාත්තාට ඉස්සරහට එන්න කීවලු,මෙයාලගෙ තාත්තත් ගිහින්,ගියාට පස්සෙ ඔලුව අතගාලා,
පුතා!...මම් බලාපොරොත්තු වුනදේ මම උඹට හීනෙනුත් කිව්වා...උඹ මගේ බලාපොරොත්තුව ඉශ්ථ කරලා...
මට අද හරිම සන්තෝශයි!...කියල.
පස්සෙ මගෙ යාලුවගෙ තාත්ත අහල තියනවා,
දැන් තාත්ත කොහෙද ඉන්නෙ?...කියල.
එතකොට කීවලු,මම ඉන්නෙ ශ්‍රී මහබෝධියෙ උඩමලුවේ... කියල.

මේ තියෙන්නෙ එයාලා හදපු අවුකන පිළිමේ අනුරුව

පලි: මගෙ යාලුවගෙ සීයා වෙනුවෙන් තමයි මෙහෙම පින් කටයුත්තක් කරල තියෙන්නෙ,යාලුවගෙ තාත්තට, සීයා කතා කරන්නෙත් පොඩි පුතා කියලලු.දැන් එයාලා ගොඩක් ආසාවෙන් ඉන්නව අනුරාධපුරේ ඇවිත් (උඩමලුව) ශ්‍රීමහබෝධිය වන්දනා කරන්න.ඔය දාල තියෙන්නෙ එයාල හදපු අවුකන පිළිමේ අනුරුව.

14 comments:

  1. ඇහුවහමත් හිතට නිරාමිස සතුටක් දැනෙන පිං කමක්.
    අනේ මටත් කවදා හරි ඒ වගේ පින් කමක් කරන්න ලැබෙනවා නම්........

    ReplyDelete
  2. කෙනෙක් මියගියාම අපට එයා වෙනුවෙන් අතින් අතට යමක් දෙන්න බෑ නෙ, ඒ නිසා ඒ අය වෙනුවෙන් හිතින් හිතට පින් දෙන්න මේ වගේ පින් කම් කරල ඒ පින් ඒ මියගිය අයට අනුමෝදන් කරන්න ඕනෙ. එතකොට ඒ පිනෙන් ඒ අය සුවපත් භාවයට පත්වෙනව. ප්‍රේත වස්තු පාළියෙ ඔය වගේ කථා ගොඩක් සඳහන් වෙනව.

    ReplyDelete
  3. මොනා උනත් හොද වැඩක් කරලා තියෙන්නෙ.

    ReplyDelete
  4. මොනා උනත් ලොකු පිනක් කරලා තියෙන්නේ.කාට උනත් මතු භවයක උපදින්න පින් කියන දේ ගොඩක්ම වටිනවා. ඒ හින්දා මේ කතාව ඇත්ත වෙන්න පුලුවන්.

    ReplyDelete
  5. අත්තටම ඔයා ලියල තියනව ලස්සනට ...........

    ReplyDelete
  6. සෑහෙන්න වටිනා කියන පිංකමක්.....

    ReplyDelete
  7. @- නිල් අහස - - මමත් ඔහොමම හිතුව,මටත් කවදාහරි ඔහොම දෙයක් කරන්න ලැබෙනවනම් කියල.කොච්චර සතුටක්ද මේවගේ දෙයක් කරන්න පුලුවන්නම්.

    ReplyDelete
  8. @ටී.බී. හේරත්- ඔව්,අපි අදහන ආගමට අනුව පින්කම් කරල මිය ගිය අය වෙනුවෙන් අනුමෝදම් කරන්න ඕනෙ.එහෙම කරාම ඒ අය කොච්චර සතුටු වෙනව ඇත්ද?

    ReplyDelete
  9. @මධුරංග- ඇත්ත මල්ලි බොරුවක් නෙමේ.සෑහෙන ලොකු පිනක්

    ReplyDelete
  10. @menik- ස්තූතියි අය්ය,ඔයාගෙ විස්තරේ දාන්න දුන්නට මගෙ බ්ලොග් එකේ.

    ReplyDelete
  11. @සීතල අයියා- ඒකනේ.සතුටුයි නේද අපිට බලද්දිත්.

    ReplyDelete
  12. අපෙන් සදහටම වෙන් වෙච්ච කෙනෙකු වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම දේ තමයි එයා වෙනුවෙන් පින් කරන එක .......

    ඉහලින්ම අගය කල යුතු වැඩක් කරලා තියෙන්නෙ ........

    මටත් ඔය හා සමාන අත්දැකීම් තියනවා ........

    ReplyDelete
  13. @කල්හාර දිසානායක- ඔව් අය්යා අගය කලයුතු වැඩක්.පින් කම් කිරීමෙන් මියගිය අය විතරක් නෙමේ ජීවත්ව ඉන්න අයත් සතුටු වෙනව,කාගෙත් යහපත වෙනුවෙන් කෙරෙන වැඩ අගයකල යුතුයි නේ.

    ReplyDelete