Wednesday, May 11, 2011

මේ සැරේ වෙසක් එකටත් වෙසක් කූඩුවක්


වෙසක් එකත් ලග ලගම එනව,මේ වෙසක් දවසෙ ලොකු විශේෂත්වයකුත් තියනවනෙ,ඒ හරියටම අපේ බුදු හාමුදුරුවො බුද්ධත්වයට පත්වෙලා අවුරුදු 2600ක් පිරීම.ඒ වෙනුවෙන් ගොඩක් දෙනා ලකලෑස්ති වෙනව.

වෙන සැරවල් වල වගේම ආමිස පූජා, ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් "පිළිවෙතින් පෙළගැසෙමු" කියල තේමාවකුත් එක්ක වෙසක් දිනය සමරන්නයි ගොඩක් දෙනාගෙ බලාපොරොත්තුව.


වෙසක් එකට වෙසක් කාඩ් යැවීම ඇරුනම විශේෂයෙන් පොඩි අය කැමතිම දෙයක් වගේම නැතුවම බැරිදෙයක් තමා වෙසක් කූඩු කියන්නෙ.ඕනෙම ගෙදරක එක වෙසක් කූඩුවක් හරි හැදෙනව.අඩුමගානෙ බකට් කීපයක්,පහනක් හරි පත්තු කරනව.කොඩිකීපයක්,බල්බ් වැලක් හරි දානවා.

දැන් නම් ගොඩක් වෙසක් කූඩු එහෙමත් කඩෙන් ගන්න තියනව ඕනෙ තරම් කිසිම මහන්සියක් වෙන්න ඕනෙ නෑ, සැකිල්ල විතරක් නම් එහෙම ,නැත්තම් සම්පූරණ කූඩුවම හදල කොල අලවලා, ආවරණය කරලත් දෙනව පොලිතින් වලින්.

එක අතකින් එහෙම දෙන එකේ හොදකුත් තියනව,,කැමතිඅයට සල්ලි දීල අරන් යන්නත් පුලුවන්. කූඩුවක් හදන්න කාලය, උණබට ආදී දේවල් හොයාගන්න අපහසුනම්.

ඒත් ඉතින් තමන් අතින් හදන එක තරම් සතුටත් නෑ කියල මටනම් හිතෙන්නෙ.අපි පොඩිම කාලෙ අපේ ගෙදර වෙසක් කූඩු හැදුවෙ අප්පච්චි,කොහෙන්හරි හොයන් ඇවිත් උණබට කපල සුද්ද කරල වේලෙන්න දාන්නත් ඕන,නැත්තම් කූඩුව හැදුවහම ඇද ගහනව.

කූඩුව හදල දුන්නම කොළ අලවන්න, රෑලි කපන්න, පාප්ප ගාන්න අපි සැදී පැහැදී ඉන්නව.හැමදාම අපේ ගෙදර හදන්නෙ අටපට්ටම්,ලොකු කූඩුවයි පැටව් ටිකයි.

ඒකත් සැහෙන විනෝදයක්,පාප්ප එහෙම හදාගන සමහර වෙලාවට ඇගේත් ගාගන්නව.කූඩුව අලවන්න ගේන්නෙ සුදුපාට සව් කොල,සුදු පාටේ අමුතුම නිවිච්ච, ශාන්ත ගතියක් තියනව,රෑට ලයිට් දාල ඇතට ගිහින් බලාගන ඉද්දි අමුතුම පහන් හැගීමක් හිතට දැනෙනව.රෑලිත් දිගට දැම්මම ගොඩක් ලස්සනයි.

කූඩු හදන්නෙ වෙසක් දවසට දවස් 2කට විතර කලින්,සමහර දාට වෙසක් දවසෙ උදේ වෙනකන් ඒ වෙනුවෙන් වැඩ,අල්ලපු ගෙදර නංගිටයි මල්ලිටයි පෙන්නන්නෙ වෙසක් දා කූඩු එල්ලන්න ගියාම,එයාලත් එහෙමයි.

දවසක් එලියෙ අඹගහේ එල්ලපු වෙසක් කූඩුවක් උදේ වෙද්දි අලුවෙලා ගිහින් තිබ්බ එදානම් ගොඩක් දුක හිතුන,කොච්චර මහන්සිවෙලාද මේක හැදුවෙ කියල.තවත් දවසක් රෑලි දිගට දාල තිබ්බ කූඩුවෙ රෑලි ඔක්කොම ගෙදර හිටිය බලු පැටිය උඩ පැන පැන කඩනව,අමාරුවෙන් තමයි ඒක බේරගත්තෙ,අන්තිමට ඉතුරු උනේ රැලි කීපයක් විතරයි.

39 comments:

  1. අක්කා පුදුම ඉකමනින් පෝස්ට් දානවනේ. මේ එකක් කියවලා ඉවර උනා විතරයි. අපිත්වෙසක් එකට කූඩු දෙක තුනක් හදනවා. නමුත් දැන් අවුරුදු දෙක තුනක වෙලේ ඉදන් වෙසක් එකට ගෙදර යන්න උනේ නෑ. මොකද මේ කාලවල් වලට තමා විභාග සෙට් වෙන්නේ.

    අපේ ගෙවල් පැත්තේ කූඩු හදනවට වඩා කඩෙන් තමා ගන්නේ. කූඩුවක් දෙකක් හදන්නේ එහෙමත් ගෙවල් වල තමා. කූඩුව හදලා අලවලා ලැමිනේට් කරලත් තියෙනවා.

    කූඩු හද හද හිටියා වගේ නෙමෙයි ලබන වෙසක් එක වෙනකොටවත් ජීවිතේ කූඩු කරගන්න ලැබෙන්න කියලා පතනවා. :)

    ReplyDelete
  2. අනේ..අපිටනම් වෙසක් කූඩු හදන්නව තියා හිතන්නවත් වෙන්නේ නෑ...අපේ ආත්තම්ම නැතිවෙලා හරියටම වෙසක් එකට අවුරුද්දක් වෙනව... :(

    ReplyDelete
  3. අපේ ගෙදර නම් කාලෙක ඉඳන් යකඩ පට්ටමකට තමා කොළ අලවන්නෙ. වෙසක් කූඩුවක් ලස්සනට අලවලා ඉවර උනාම දැනෙන සතුට.

    ReplyDelete
  4. @පිණිබිඳු... :
    ඒ උනාට යකඩ පට්ට කූඩු හුලගට වැනෙන්නේ නෑනේ. බට වලින් හදන කූඩු හුලගට වැනෙනවා. එතකොට ලස්සන තවත් වැඩි වෙනවා

    ReplyDelete
  5. අපිට ඉතින් පිරිමි සහෝදරයෙක්වත් නෑනෙ කැලේ ගිහින් උණබට කපලා ගෙනල්ලා කූඩුවක් හදලා දෙන්න. උණබට වලින් හදපු කූඩුවක සුන්දරකම නෑ තමා යකඩ පට්ටමක.

    ReplyDelete
  6. බලාගෙන යනකොට හැමෝම කැමති සුදු පාටටනෙ!
    මමත් ආසම සුදු අලවන්න තමයි :)

    ReplyDelete
  7. ඔයානම් මාරයිනෙ.අපිට යනවා සති එකා මාරක් විතර කූඩු හදන්න.ඔයා මොන බිස්කට්ද අනේ කන්නෙ?මේ තාම හදනවා...

    ReplyDelete
  8. @මධුරංග- කාලයක් ඩ්‍රාෆ්ට් එකේ තිබබ් එකක් ඒකයි දැම්මෙ.ඒත් කඩෙන් ගත්තට හදන එක තරම් සන්තෝසයක් නැනේද?

    ඕං මල්ලි ඔයත් පටන් ගත්ත,.ඔයත් අපේ අම්මගෙන් පගාවත් වත් ගත්තද? :))

    ReplyDelete
  9. දැන් හැමදේම ක්ෂණික නුඩ්ල්ස් වගේ.. මම දැක්කා ප්ලාස්ටික් රාමු විකුණන්න තියනවා කඩවල් වල. එත් තමන් මහන්සි වෙලා හැදුවම තියන සතුට කියලා නිමකරන්න බැහැ..

    ReplyDelete
  10. @තටු සිඳුනු සමනළියක්....-හ්ම්... අත්තම්ම වෙනුවෙන් පින්කම් තියෙයි ඒදාට.

    ReplyDelete
  11. @පිණිබිඳු...- ඔව් ඒකත් හොදා කාලයක් පවතිනවනෙ .

    ReplyDelete
  12. @පිණිබිඳු...-
    @මධුරංග-

    අපිටත් ඉතින් අර කිව්වත් වගේ පිරිමි සහෝදරයො ඉන්නව කියලැයි.ඒත් අපි කොහෙන් හරි හොයාගන එදාට් වෙසක් කූඩු හදනවමයි.

    ReplyDelete
  13. @සසීන්ද්‍ර වීරසිංහ- සුදුපාටේ අමුතුම නිවිච්ච,ශාන්ත ගතියක් තියනව,ඒකයි ගොඩක් අය කැමති වෙනව ඇත්තෙ.

    ReplyDelete
  14. මොන වැඩේ තිබුනත් වෙසක් එකට අටපට්ටමක්,තරුවක්,නෙලුම් මලක් හැදුවේ නැත්නම් කිසි ගතියක් නැහැ.

    ReplyDelete
  15. @සීතල අයියා- සති එකහමාරක් හප්පේ එච්චර යනවද.දවස් දෙකක්වත් යන්නෙ නැ?මම් කන්නෙ ක්‍රීම්කැකර් :))

    ReplyDelete
  16. මට නම් පොඩි කාලේ වෙසක් කූඩු හදලා දෙන්න කවුරුවත් හිටියෙ නැහැ ..... මට පුලුවන් වෙනකොට තමා හැදුවෙ ........ ඒත් මම මගේ චූටි පැටව් දෙන්නට හෙට අනිද්ද වෙනකොට වෙසක් කූඩු දෙක තුනක්වත් හදලා දෙන්න ඕන ..........

    ReplyDelete
  17. @ශ්‍රී- හ්ම්...ප්ලාස්ටික් රාමුත් තියනවලු තමා.ඒ සතුට නැ කඩෙන් ගත්තට.ඒක දන්නෙ කවදහරි වෙසක් කූඩුවක් හදපු අය තමා.

    ReplyDelete
  18. @රන්දික කුලතුංග- හ්ම්.මම් නම් හැමදාම හදන්නෙ අටපට්ටම්.අනික්ව හදන්න දන්නෙ නැ.

    ReplyDelete
  19. මේ ක්‍රීම් ක්‍රැකර් වැඩිය කන්න එපා.බඩ වේලනවා =))

    ReplyDelete
  20. @කල්හාර දිසානායක-අහ්...අපිට පොඩි කාලෙ අප්පච්චි හදල දුන්න.දැන් අප්පච්චි නැනේ,ඒත් අපි තනියම හදනව.හදල දෙන්න බබාලා ගොඩක් ආස වෙයි.

    ReplyDelete
  21. @සීතල අයියා- පිස්සුද අපි යුනි ඉන්නකම්ම කෑව.මොකවත් වුනේ නැ.බිස්කට් එක්ක උම්බලකඩ පේස්ට් එක නියමයි.එව කාල ලාවට සීනි දාල තේ එකක් බොන්න :))

    ReplyDelete
  22. @නදී... :
    කඩෙන් ගත්ත එකක් එල්ලද්දි තමන්ම හදපු එකක් තරම් සතුටක් නම් නෑ. දවස් ගනන් බට සුද්ද කරලා පාප්ප ගාලා කොල අලවන තරම් සතුටක් කොයින්ද කඩෙන් ගන්න කූඩුවක.

    ReplyDelete
  23. මේ දැන් හැදුවද මේ පාර කුඩුවක්? ඔයානේ හදන්නේ?? එන්නෝනි බලන්න.. :D

    ReplyDelete
  24. @චතුවා (ළමයා)- තාම නැ.ඒත් අනිවාර්යෙන් හදනව.එන්න එන්න බලන්න.:)

    ReplyDelete
  25. ලංකාවේ හිටියනම් ඉතින් අනිවාර්යෙන්ම ඔය හැමදෙයක්ම කරනවා.. ඒත් ඉතින් අපිට දැන් එහෙම පිනක් වත් කර ගන්න නෑනේ..

    ReplyDelete
  26. අක්කෙ, චත๩ව๟ (ළමය๟) එන්න කලින් කූඩුවට යටින් වෙසක් කූඩුව කියල ලියල තියන්න.. හොයා ගන්න අමාරු වෙයිනෙ නැත්නම්.. :D

    ReplyDelete
  27. @Dinesh- ඔහ් ඒකතමයි නේද?

    ReplyDelete
  28. අනේ නදී අක්කේ ගියපාර හදන්න ගත්ත නෙළුම් මල තාම එහෙම්මයි... ඕං පොඩි ඈනිමේසන් පාරක් නම් හදාගත්තා... වෙසක් දාට බලන්න​කෝ...

    හැබැයි මහන්සිවෙලා හදන වෙසක් කූඩුවෙත්, මහන්සි වෙලා හදන ඈනිමේසමේ හරි, කාඩ් එකේ හරි හැංගිලා තියෙන තෘප්තිය කඩෙන් ගන්න ඒවයේ නෑ... ඒවා නිකංම නිකං සල්ලි විතරයි...

    ReplyDelete
  29. @තාරක Dilsh@n- අහ් එහෙම නැ.මම් ලස්සනට හදනව. ඔන්න බලන්නකො

    ReplyDelete
  30. ඔන්න ආයෙම අතීතයට ගියා. මම ඉස්සර අවුරුද්දට භූමිතෙල් වෙඩිල්ලක් හදනවා. ඒකට ගන්න උණ බටෙන් තමා වෙසක් කූඩුව හදන්නේ. එහෙම හැදුවම බටය හොඳට වේලිලා. ගුල්ලෝ විදින්නේ නැති නිසා සැකිල්ල ඊළඟ අවුරුද්ද වෙනකල් තියාගන්නත් පුළුවන්. හොඳ වෙලාවට පෝස්ට් එක දැක්කේ. යන්න ඕන උණ බට කපන්න...

    ReplyDelete
  31. @prasanna86k- ආ ඒකියන්නෙ ඔයා බ්ලොග් තොරණක් දාන්න යන්නෙ.

    ReplyDelete
  32. @priyantha- භූමිතෙල් වෙඩිලි නම් හදල නැ අපි.ආ...අපිත් පොසොන් එක වෙනකන් තියාගන්නව කූඩුව.

    ReplyDelete
  33. අක්කා හදපු වෙසක් කූඩුවේ ෆෝටෝ එහෙම දාමු නේද අක්කා. මෙදාපාරත් වෙසක් එකට ගෙදර යන්න වෙන්නේ නෑ නේ.ඒ හින්දා ෆෝටෝ එකක්වත් බලලා සතුටු වෙන්න බැරියෑ.

    ReplyDelete
  34. @මධුරංග- හා දාන්නම්කෝ.එහෙනම් ඔයාට ආයෙත් විභාගෙ වෙන්න ඇති.

    ReplyDelete
  35. මමත් දන්න කාලෙ ඉඳල හදන්නෙ 3X3 සුදු නෙළුම් මල.

    අද බොහෝ දෙනාට බොහෝ දේවල් වල යතාර්ථ වැටහෙන්නෙ නෑ වගේ, වෙසක් කූඩුවක් හදන්නෙ ඇයි කියල බොහෝ දෙනෙකුට වැටහීමක් නෑ.

    වෙසක් කූඩුවකින් පිළිබිඹු කෙරෙන්නෙ මේ ලෝකයේ ඇති මූලිකම යතාර්ථයක් වන අනිත්‍ය ස්වභාවයයි (දුක්ඛ හා අනාත්ම ස්වභාවයනුත් පිළිබිඹු වෙනව ). ඒ කියන්නෙ අපි වෙසක් කූඩුව උන බට වලින් හදල කොල අලවපුවහම හරිම ලස්සනයි. ඊට පස්සෙ අපි රෑට ඒක එල්ලල ඉටිපන්දමක් පත්තු කරනව වෙසක් කූඩුව ඇතුලෙ. එතකොට වෙසක් කූඩුව ගොඩාක්ම ලස්සනට පේනව. ඉතින් ටික වෙලාවකින් වෙසක් කූඩුව හුලඟට පැද්දිල ඉටිපන්දමෙන් වෙසක් කූඩුව ගිනිගන්නව අපි බලාගෙන ඉන්නව. ඊට පස්සෙ වෙසක් කූඩුවක් කියල එකක් නෑ ගිනි අඟුරු අළු ගොඩක් විතරයි තියෙන්නෙ.

    අපේ ජීවිතත් හරියට ඒ වගේ. අපි මහන්සි වෙලා අපේ ජීවිත ලස්සන කරනව වෙසක් කූඩුවෙ කොල අලවනව වගේ. නමුත් අන්තිමේ යම් මොහොතක වෙසක් කූඩුව ගිනි අරන් විනාශ වෙනව වගේ අපේ ජීවිතත් විනාශ වෙලා යනව. ඉතින් ඔන්න ඔය අනිත්‍ය ස්වභාවය තමා වෙසක් කූඩුව අපට මතක් කරල දෙන්නෙ, වෙසක් කූඩුව දිහා බලල අපි සිහියට නගාගන්න ඕනෙ. තව ගැඹුරට කල්පනා කරල බැලුවොත් දුක්ඛ හා අනාත්ම ලක්ෂනත් වෙස්ක් කූඩුව තුලින් ඔබට පෙනේවි. ඒ අනුව බලද්දි වෙසක් කූඩුවක් හදන එකෙන් කෙනෙකුට නිවන් අවබෝධ කරග්න්නත් පුළුවන්.

    නමුත් අද වෙන්නෙ මොකක් ද? යකඩින්/ප්ලාස්ටික් වලින් හදපු පට්ටමකට කොල අලවල, එහෙමත් නැත්නම් වෙන කෙනෙක් හදපු වෙසක් කූඩුවක් මිලදී ගෙන ඉටිපන්දමක් වෙනුවට විදුලි බුබුලක් දමල පරිස්සම් තැනක වෙස්ක් කූඩුව එල්ලනව. වෙසක් කූඩුව ගිනිගන්නෙත් නෑ, අපේ ජීවිත කාලයටත් වඩා කාලයක් වෙසක් කූඩුව පවතිනව. ඉතින් කොහෙද අපට අනිත්‍ය අවබෝධ වෙන්නෙ? මේ තුලින් අපේ හිතේ තැන්පත් වෙනෙ වැරදි ආත්මීය හැඟීමක් මිසක්, යථාවබෝධයක් නම් ඇතිවෙන්නෙම නෑ.

    මේක ලියන ගමන් මට ගුණදාස කපුගේ ගයන රත්න ශ්‍රී විජේසිංහයන් ගෙ ගී පද සංකල්පනවක් මතක් වුනා. මේ ටීකාවෙ අර්ථය තීව්‍ර වෙන්න එයින් පද කීපයක් සඳහන් කරන්නම්,

    "තාර උනු කර දමා දෙපතුල
    ධූලි නංවා නඟී ගිනි කඳ
    කෙසේ විකසිත වේද ඔබෙ
    සිරිපා තබන්නට පිපෙන සියපත..."

    ReplyDelete
  36. @ටී.බී. හේරත්- ස්තූතියි දීර්ඝ කොමෙන්ටුවට.ඔයා කියල තියන දෙවල් සහතික ඇත්ත

    ReplyDelete
  37. @ නදී,
    මං හිතුවෙ බැනුම් අහන්න වෙයිද කියල, දිග හෑල්ලක් දාල...

    ReplyDelete
  38. @ටී.බී. හේරත්- ගොඩක් ස්තූතියි දීර්ඝ කොමෙන්ටුවට.ඔයා කියල තියන දේවල් 100% ඇත්ත

    ReplyDelete
  39. කොහොමද අපේ කුඩුව නදී අක්කා ?

    ReplyDelete