Monday, May 23, 2011

අමුතු හිගන්නා


මේ කියන්න යන හිගමන් යදින්නා මම් දෙසැරයක් විතර අනුරාධපුර - නුවර බස් එකේදි දැකල තියනවා.දවසක් මම හිතන හැටි ලියන ළමය මල්ලිත් මෙයා ගැන මට කිව්වා මතකයි,අක්කා මම අද මාර හිගන්නෙක් දැක්කා...බස් එකේදී... කියල.

මේ කියන කෙනා ටිකක් විතර විරූපි මුහුණක් තියන මැදිවයසේ පිරිමි කෙනෙක්,ඩොල්කියක් අරන් තමා බස් එකට නගින්නෙ.

නැගල ඩොල්කිය පැත්තකින් තියලා, පොඩි වෙසක් කාඩ්,නැත්තම් දින දර්ශන බෙදාගන බෙදාගන යනව බස් එකේ ඉන්න හැමෝටම, ළමාලපටි, වැඩිහිටි, ගැහැනු පිරිමි භේදයකින් තොරව.

පස්සෙ තමයි ආයම බස් එක ඉස්සරහ වාඩිවෙලා ඩොල්කිය ගගහ සින්දු කියන්න පටන් ගන්නෙ,ගොඩක් කියන්නෙ "ජෝතිගෙ ගීත".

එහෙම කියල ඉවර වෙලා ඔන්න එනව සල්ලි එකතු කරන්න,එතකොට තමා හොදම හරිය වෙන්නෙ.සල්ලි දෙන්නෙ නැති අය එයා කලින් දුන්න දිනදර්ශන /වෙසක් කාඩ් ආපහු දෙන්න හදනව.

එතකොට එයා කියනව අනේ!... මම් දුන්න දෙයක් ආපහු ගන්නෙ නැ...සල්ලි දුන්නෙ නැතිවුනාට කමක් නැ,...ඔයාල ඕක තියාගන්න... කියල. ඉතින් එතකොට මිනිස්සුන්ට කර කියාගන්න දෙයක් නෑ,ගොඩක් අය සල්ලි කීය කීය හරි දෙනව ,සල්ලි නොදී ඉන්න හිටපු අයත්.

එක බස් එකකින් සෑහෙන මුදලක් ලැබෙනව, ගොඩක් අය රුපියල් 10,20,50...ඊට වඩා දෙන අයත් ඉන්නව.

ඒ අතරේ ඕනම කෙනෙක්ට විහිලුත් කරනව.අනේ අහක බලාගන ඉන්න එපා,මම කැතයි තමා මොනව කරනන්ද උප්පත්තියෙ හැටිනේ...මෙහෙම එලුවෙක් වුනාට මම් ඉස්සර හොද නලුවෙක්...මට කලින් ලමයි 33ක් හිටිය,දැන් ඉන්නෙ 3යි කිය කිය...

මිනිස්සුන්ගෙ ගමන් විඩාවත් නිමිල ගිහින්, ගොඩක් අයට හිනා යනව ඉතින් ඒ කතා අහන් ඉද්දි. මේ මම් දැක්ක වෙනස්ම ආකාරේ හිගන්නෙක්.

සල්ලි ඉල්ලගන්න හිගමනේ යෙදෙන අය විවිද ආකාරයේ විදි පාවිච්චි කරද්දි මේ මනුස්සය වෙනම විදියක් හොයාගන,එක අතකින් හොද උපක්‍රමයක්.නුවර පැත්තෙ කෙනෙක්නම් සමහර විට ඔයාලත් මෙයාව දැකල ඇති.

43 comments:

  1. මම නම් ඔය හිගන්නව දැකලා නෑ. මොකද මම බස් එකට නගින්න නුවරට එන්නේ නැති නිසා. නමුත් අක්කගෙන්ම මේ මනුස්සයා ගැන අහලා තියෙනවා.

    නුවර බස් වලට නගින ගෑනු කෙනෙක් නම් දන්නවා. ඒ ගෑනු කෙනා බස් එකට නැගලා සල්ලි ඉල්ලනවා. දුන්නොත් බුදු සරණයි. නැත්නම් ඉතින් එදාට වසලා හමාරයි. බස් එකේ අංකය, සෙනග හීපු සල්ලි වල වටිනාකම හිටන් කියනවා ඒ ගෑනු කෙනා.

    කොයි දේ කරන්නෙත් මනුස්සයෝ ජීවත් වෙන්න නේ. හොරකම් වංචා නොකර මෙහෙමවත් ජීවත් වෙන එක වටිනවා.

    ReplyDelete
  2. නදී අක්කට බ්ලොග් පෝස්ට් එකක් දාන පරක්කුව විතරයි තියෙන්නේ. මම් ටාර් ගාලා කමෙන්ට් කරනවා. හික්ස්..... කොහොමද වැඩේ :) හොදයි නේද අක්කේ

    ReplyDelete
  3. @මධුරංග- මම්ත් ඔය ගෑනු කෙනා දැකල තියනව,නුවර- බදුල්ල බස් එකට එනව ඉස්සර.වයසක ගෑනුකෙනෙක් සාරියක් ඇදන් ඉන්නෙ.පොඩි පොතක් තියාගන බස් එකේ නම - අංකෙ ලියල දුන්න සල්ලි ගානත් අවසානේ කියනව.අඩුවෙන් දුන්නොත් හොදවයින් කියනව.සෑහෙන ගානක් ලැබුනොත් සෑහෙන්ට වර්ණා කරනව.

    ReplyDelete
  4. @මධුරංග- හෙහෙ...හැබෑට කොහොමද ඒ?? ඔයත් මම වගේ නිශාචරයෙක්ද?:))

    ReplyDelete
  5. @නදී :
    නිශාචරයෙක් නේන්නම්. නැත්නම් කොහොමෙයි මෙහෙම කමෙන්ට් කරන්නේ. ඔන්න ගෙදර ගියොත් නම් පෝස්ට් ගොඩ ගැහෙනවා. ගෙදරට නෙට් නෑනේ.

    ReplyDelete
  6. @මධුරංග- ඇහ් එතකොට දැන් ඉන්නෙ හොස්ටලෙ නෙමේද?මේ මහ රෑ? O_0

    ReplyDelete
  7. මම හිටපු බස් එකට නැග්ග දවසේ නම් මරුම ටෝක් ටිකක් දුන්නා.. හින්දියෙනුත් කියෙවුවා..

    "මහගෙදර වසූදා වගේ හැම වෙලාවෙම අඩන්න එපා" කියලා අහක බලාගෙන හිටපු කෙල්ලෙක් ලඟට ගිහින් කිවුවා.. ඒ කෙල්ලටනම් වහකන්න හිතෙන්න ඇති..

    ආය රුපියල් විස්සක් දුන්නා මනුස්සයෙක්.. "අවුරුදු පනහකින් රුපියල් විස්සක් දැක්කේ බොහොම පිං" කිවුවා.. :D

    ඒ ‍පොර දුන්නු කාඩ් එක තාම මගේ ලඟ තියෙනවා.. ඌ නම් මගේ ජීවිතේට අමතක වෙන්නේ නෑ.. :D

    මොනා වුනත් බස් එකට නැගලා දුක කියවලා සල්ලි ඉල්ලනවාට වඩා මේ මනුස්සයා මාර ක්‍රියේටිව් පොරක්.. හොඳ ‍ගානකුත් එකතු කරගන්නවා. සල්ලි දෙන මිනිස්සුත් සතුටු වෙනවා..

    ReplyDelete
  8. රෑ කියලා නැහැ ඔන්න මමත් කමෙන්ට් එකක් දැම්මා .......
    හොඳට හිතලා බැලුවාම හිඟා කෑමත් එක්තරා කලාවක් .......

    ReplyDelete
  9. අම්මෝ මටත් එක සැරයක් ඔය විදියට හිඟන ගැහැණු ලමයෙක් බලෙන් අතෙන් ඇදගෙන සල්ලි දෙනකම් යන්න දුන්නේ නැ ..මේ කෙල්ල කන්න වගේ අල්ලන්ම හිටිය...ලග පාත උන්න මිනිස්සු ලං උනෙත් නැ අන්තිමේ කොහේද හිටපු අයියා කෙනෙක් එ කෙල්ලට කැ ගැහුවා පස්සේ යන්න යද්දි මම සල්ලි දුන්නා..එදා තරම් නම් බය උනේ නැ මම ..මම හිතුවේ ලේ බොන්න යනවා කියලා එ තරම් කෘර පාටයි බලන් හිටපු විදිය..

    ReplyDelete
  10. මේ වගේ මොලයක් ඇති මිනිහෙක් සාමාන්‍ය ව්‍යාපාරයක් කල නම් කෝටිපතියෙක් වෙයි.. හිඟන්නෝ ඔක්කොම සල්ලිකාරයෝ තමයි.. නන්දසේන රත්නපාල මහත්තයාගේ ලංකාවේ යාචකයා කියවන්නකෝ..

    ReplyDelete
  11. හිගන්නෙකුගේ බෑන්ක් එකවුන්ට් එකක ලක්ශ 2 ක් තිබුනා කිව්වොත් පිලිගන්නවද?

    ReplyDelete
  12. මෙයා කරලා තියෙන්නෙ හිගමං යැදීමක් නෙමෙයිනෙ.මටනම් තේරෙන විදියට එයා කරලා තියෙන්නෙ ව්‍යාපාරයක්.එයා නිකං කාටවත් අත පාන්නෙ නෑනේ.යම් දෙයක් විකුනලා මුදල් ලබා ගැනීමක්.එයා නැවත කාඩ් නොගන්න එක ව්‍යාපාර උපාය මාර්ගයක්.ඉතිං කොහොමද ඒක හිගා කෑමක් වෙන්නෙ.සමහර විට මිනිහට හොදට සල්ලි තිබිලා ව්‍යාපාරයක් කරන්න ලැබුනනම් හොදට දියුණු වෙන්න තිබ්බා.මම හරි නේද?

    ReplyDelete
  13. @නදී :
    දැන් ඉන්නේ හොස්ටල් එකේ. වෙසක් දවස්වල ගෙදර ගිය හින්දා තමයි පෝස්ට් ගොඩ ගැහුනේ. දැන් නම් හොස්ටල් ඉන්නේ.

    ReplyDelete
  14. නුවර ?. මට මීටර් වෙලා නෑනේ එයාව.
    ඒත් එක එක විදිහේ අය එක එක විදි පාවිච්චි කරන්නේ. ඒකත් එක විදිහක මාකටින් වැඩක්.

    ReplyDelete
  15. නුවර ඔය කියන හිඟන්නව නම් මට හමුවෙලා නෑ...නමුත් අර ගෑණු මනුස්සයව නම් මුණ ගැහිලා තියෙනවා.අනුරාධපුර බස් එකට නැගලා මුළු බස් එකෙන්ම රු100/=ක් විතර හම්බ‍ වෙලා තිබ්බේ.සල්ලි දීපු අයට බුදු සරණයි!නොදීප අයට ඊටත් වඩා බුදු සරණයි.....

    ReplyDelete
  16. මිනිස්සු ජීවත් වෙන්න මොන තරම් ගේමක් දෙනවද.
    ලොකු ලොකු සල්ලිකාරයෝ කොටි ගන්න සල්ලි වලට විදිද්දි මේ මනුස්සයා කරන්නේ අහිංසක උපායක් කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
  17. මමත් ඔය හිඟන්නා නම් දැකල නෑ. ඒත් ඔය වගේ වෙනස් විධියට හිඟාකන අයත් ඉන්නවා. සමහරු බලෙන් වගේ ඉල්ලනවට වඩා නම් මේක සාධාරණයි..

    ReplyDelete
  18. හිඟාකෑමත් එක්තරා කලාවක්. සල්ලි නොදුන්නොත් ඒ මිනිස්සුන්ගෙ බැනිල්ල තමා අහන් ඉන්න බැරි.

    ReplyDelete
  19. අරෙහෙම කියන කොට ඉතින් අතේ තියෙන කීය හරි දෙන්න හිතෙනවනේ..

    ReplyDelete
  20. අක්කගේ කමෙන්ට් ටික දැක්කම මට හිගන අය කියන කවියක් මතක් උනා. මේ කවිය මට අහලා අහලම කටපාඩම් වෙලා තියෙන්නේ.

    මේකයි කවිය

    නෝනාවරුනි මහතුනි කරුනාවන්ත
    හිරිහැර වෙතොත් අනුකම්පා කරනු ඇත
    දෑසම් අද නිසයි පෑවේ ඔබට අත
    පිහිටක් වෙලා යනවද පින් සිදු වෙන්න

    මේ කවියේ තුන්වෙනි පදය ඔප්ශනල්. අදාල හිගන්නගේ තත්ත්වය අනුව වෙනස් වෙනවා.

    ReplyDelete
  21. @චතුවා (ළමයා)- ආ ඒකනෙ මම් කිව්වෙ.

    ReplyDelete
  22. @කල්හාර දිසානායක- කලාවක්ද කියලත් අහනව.මේ ලගදී පත්තරේකත් නුවර හිගන්නෝ ගැන ලොකු විස්තරයක් ගියානේ.සමහ‍රු අතේ හොද යහමින් සල්ලි ගැවසෙනවලු.තුන් වේලටම ෆ්‍රයිඩ් රයිස් කන හිගන්නෙක් ගැනත් කියල තිබුන ඒකේ.කොහොමද වැඩේ?

    ReplyDelete
  23. @නිම්ශා- හෆොයි.එක අතකින් පව් කියල හිතෙන අයත් ඔය අතරෙ ඉන්නව.මොනා කරන්නද පෙර කල කරුම තමා.

    ReplyDelete
  24. @සරත් ලංකාප්‍රිය- මම් මහාචාර්ය නන්දසේන රත්නපාලගේ පත්තරේ ගිය ලිපි පෙලක් කියවල තියනව

    ReplyDelete
  25. @රජිත්- මම් ඔහොම කතාවක් කොහෙදි හරි අහල තියනව වගේ මතකයි.

    ReplyDelete
  26. @සීතල අයියා- කෙටියෙන්ම කියනව නම් උපක්‍රමශීලී හිගන්නෙක්!

    ReplyDelete
  27. @රොබින්- ඔව් නුවරදි තමා.

    ReplyDelete
  28. @මකුළුවා......- අහා ඒ ගෑනු කෙනා ඔහොම ඒවා කියනව තමා.පිරිමි අයත් එක්ක හරි හරියට බැන ගන්නව.

    ReplyDelete
  29. @- නිල් අහස - -ඔව් ඉතින් ඒකනම් ඇත්ත.කාටවත් හිංසාවක් නෑ,කැමැත්තෙන් දෙන එකනේ ගන්නෙ.හොරකම් කරන්නෙ නැනෙ.

    ReplyDelete
  30. @priyantha- මම් නම් නුවරදි කීපසැරයක් දැකල තියනව

    ReplyDelete
  31. @පිණිබිඳු...- ඔව් සමහරු සල්ලි දුන්නෙ නැත්තම් බනිනවනෙ පලු යන්ඩ.:)

    ReplyDelete
  32. @Dinesh- ඔව් මල්ලි,කෙලින්ම පර්ස් වලට අත යැවෙනව:)

    ReplyDelete
  33. @මධුරංග- හහා ඔයාට කොහොමද මේ කවි කට පාඩම් වුනේ.ගොඩක් අය ඔහොම තමා කවි කිය කියනෙ ඉල්ලන්නෙ.ඒ අතින් අර කෙනා වෙනස්ම විදියක් නේද?මට දැනුත් මැවිල පේනව මූන.

    ReplyDelete
  34. බස් වල කෝච්චි වල ඔය එක එක විදියෙ හිඟන්නො හම්බෙලා තියනව. ඔය හිඟන්න ගැන මීට කාලෙකට කලින් අහල තියනව, හැබැයි හම්බෙල නෑ. ආයෙ නුවර ඉන්නව හිඟන්නෙක්, මිනිහ ජැන්ඩියට ඇඳල ගිටාර් එකක් අරන් සින්දු කියල හිඟා කනව, හැබැයි මිනිහ හිඟමන් යදින්නෙ A/C බස් වල විතරයි!. ඉස්සර කුරුණෑගල හිටිය හිඟන්නෙක් මිනිහ බස් එකට නැගල මුලින් ඉංග්‍රීසියෙන් කථා කරන්නෙ! කාලෙකට පස්සෙ ලඟකදි මිනිහව පිටකොටුවෙදිත් හම්බුනා.

    ඔය වගේ දවසක් මං ටවුන් එකේ වාහනේ නවත්තගෙන ඉද්දි හිඟන්නෙක් ඇවිත් රුපියල් පහක් ඉල්ලුව. මං මැද ලාච්චුවේ තියන කාසි එහාට මෙහාට කරල පහේ කාසියක් නැති නිසා දෙකේ කාසි දෙකකුයි අලුත් රුපියලේ කාසියකුයි අතට ගත්ත, එතකොට අර මනුස්සය කියාපි "අර ප්‍රේමදාස මහත්තය ඉන්න රුපියල දෙන්න" කියල. මම ඒ විදියට රුපියල් පහ දෙද්දි මිනිහගෙ මූනෙ බොහොම ප්‍රසන්න හිනාවක් තිබ්බෙ. මටත් කුතුහලය පිරි හිනාවක් ආවෙ නිරායාසයෙන්මයි.

    ReplyDelete
  35. @ටී.බී. හේරත්- ගිටාර් ගහන කෙනාවත් මම් දන්නව.සමහර හිගන්නො ඉන්නව පොඩි ගානක් දුන්නට ගන්නෙ නැතුව ඉන්න අය.අපේ ගෙදරට ඉස්සර එන හිගන්නෙක් හිටිය ගෙදර ඇවිල්ල බෙල් එක ගහල සල්ලි ඉල්ලන.

    ReplyDelete
  36. @ නදී,
    එහෙනං! ඔය වගේ විවිධාකර හිඟන්නො ඉන්නව... :D

    @ මධුරංග,
    මෙන්න මෙහෙමත් ප්‍රසිද්ධ හිඟන කවියක් තියනවනෙ,

    පින්වත් මහතුනේ අද දින වන්න සමා
    ඔහෙලට මගේ දුක කියනව සිරස නමා
    ...

    ReplyDelete
  37. @ටී.බී. හේරත්- හික් මෙන්න මෙයාල කවි කියනව :)සල්ලි කීයක් වත් දෙන්ට වෙයිද මන්දා

    ReplyDelete
  38. මම නම් කියන්නෙ එයා හිගන්නෙක් නෙමෙයි.හිගන්නා කියන්නෙ පිනට යමක් ඉල්ලන පුද්ගලයාට.මෙයා පිනට නෙමෙයිනෙ ඉල්ලන්නෙ.

    ReplyDelete
  39. දෙන්ට දෙන්ට තව ලැබෙනව...

    ReplyDelete
  40. මරු බිස්නස් එක :D

    ReplyDelete
  41. @සීතල අයියා -අනේ මන්ද? මම් මේ 26 නුවර යද්දිත් එයා බස් එකට නැග්ග,කටුගස්තොටදී.

    ReplyDelete
  42. @ටී.බී. හේරත්- ඒකනම් ඇත්ත තමා.:)

    ReplyDelete
  43. @Bunny- ආයෙත් අහල.මරුම තමා:)

    ReplyDelete