Tuesday, May 31, 2011

මුතියංගණ රජමහා විහාරය

කාලෙකට පස්සෙ බදුල්ලෙ පැත්තෙ යන්න පුලුවන් වුනා අත‍ය්‍යවශය කාරණාවක් වෙනුවෙන්.ගිය කාරණාව ඉවර වෙලා එද්දි ටිකක් විතර රෑ වෙලා. 

කවුරුත් දන්න කියන කාරණාවක්නේ මුතියංගණ රජමහා විහාරය තියෙන්නෙ බදුල්ල නගරයේ කියලා,අම්මලත් ගොඩක් ආසාවෙන් හිටියා මුතියංගණ විහාරෙට යන්න.ඉතින් කාලෙකින් ඒ පැත්තෙ ගිය එකේ අපිත් මුතියංගණේ වැද පුදාගන්න යන්න හිතුවා හවස් වරුවේ.

හිටිහැටියේ වැස්සක කඩා වැටුන නිසා ඒකත් ටිකක් ප්‍රමාද වුනා..පහුවෙනිදා ගෙදර එන්න පාන්දරින්ම පිටත් වෙන්නත් ඕනේ. ඒනිසා රෑ කියල බලන්නෙ නැතුව යන්න සිද්ද වුනා. 

බුදුහාමුදුරුවො ලංකාවට වැඩම කරපු තුන්වෙනි අවස්ථාවෙදී  මුතියංගණ චෛත්‍යය පිහිටි ස්ථානයේ නිරෝධ සමාපත්තියට පැමිණි බව තමයි බොදු අයගේ විශ්වාසය. 

චෛත්‍යය ගර්භයේ බුදුහාමුදුරුවන්ගේ ගේ මුක්තක ධාතුන් වහන්සේ හා කේෂ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවලු..

බුදුහාමුදුරුවන්ගේ සෘධියෙන් ධාතූන් වහන්සේලා බවට පත් කල දාඩිය බිදු වැඩ සිටින ලොව එකම දාගැබ මුතියංගණ දාගැබ කියලයි සලකන්නෙ..

අම්මල තෙල්,මල්,හදුන්කූරු ගන්නකන් ටිකක් නැවතෙන්න වුනා.
මේ තියෙන්නෙ පිවිසුම් දොරටුව
මුතියංගණ රජමහා විහාර පිවිසුම
දාගැබ ඈතට පෙනෙන හැටි

විහාර ගෙයත් එක්ක දාගැබ
මුතියංගණ ස්තූපය
මුතියංගණ ස්තූපය

අම්මලා පහන් පත්තු කරනව
ස්තූපයේ කොත් කැරෑල්ල
ධර්ම ශාලාව

23 comments:

  1. සාදු සාදු සාදු !!!

    ReplyDelete
  2. රට වටේ සවාරි ගහනවා වැඩියි වගේ..ඉරිසියයිත් එක්ක.
    නරකයි අපිවත් සෙට් කර ගන්නවා නම්..D

    ReplyDelete
  3. මම ගිහිල්ලා නෑනේ.වෙලාවක යන්න ඕන වැඳපුදාගන එන්න

    ReplyDelete
  4. විරාජිතං බුද්ධ ගුණෙන සබ්බදා
    සුරක්ඛිතං ඉන්දක දේව තේජසා
    ජයංගණං සීහල දීප වාසිනං
    මුතිංගණං ථූප වරං නමාමි

    සාදු! සාදු!! සාදු!!!

    මමත් මුතියංගණ රජමහා විහාරය එකපාරක් වන්දනාකරගෙන තියනව.

    ReplyDelete
  5. add ur blog www.lankeeya.info

    ReplyDelete
  6. ඉඳලා හිටලාවත් පන්සල් යනවා නේ... හොඳා හොඳා...

    ReplyDelete
  7. මාත් ගිහින් නෑ..

    ReplyDelete
  8. අඩේ මම මේ පන්සලට ගිහිල්ලා නෑනේ. :-(

    ReplyDelete
  9. මම බෝඩ් වෙලා ඉන්නෙ ඔය ලගමයි.සතියකට දෙපාරක්වත් යනවාමයි.

    ReplyDelete
  10. අපිත් දවසක් බදුලු ගියාට මුතියංගනේ නම් යන්න උනේ නෑ. පන්සල ඉස්සරහින් ගියත් එක්කලා. ඒත් නයිට් මේල් එක මිස් වෙන හන්දා ගියේ නෑ.

    ReplyDelete
  11. ලබන මාසේ යන්න කියලා හිතාගෙන ඉන්නේ....

    ReplyDelete
  12. @Bunny- ඔයා ශ්‍රීමහබෝධියට නම් ගියානේ

    ReplyDelete
  13. @- නිල් අහස - -මොන සවාරිද අනේ.යන්නම ඕනෙ නිසා ඔය ගියෙ.

    ReplyDelete
  14. @තීර්ථ යාත්‍රිකයා- මම් බදුල්ලෙ අවුරුදු 4ක් විතර හිටියනේ.ඒ කාලෙ ගොඩක් සැරයක් ගිහින් තියනව.දවසක යන්න ඔයාත්.

    ReplyDelete
  15. @ටී.බී. හේරත්- එහෙනම් හොදා.

    ReplyDelete
  16. @Anonymous- ඇඩ් කරා ඔන්න.

    ReplyDelete
  17. @චතුවා (ළමයා- ඔයා හැමදාම යනවනෙ,අම්මව දාන්න දහම්පාසල්.

    ReplyDelete
  18. @තාරක Dilsh@n-
    @සීතල අයියා-
    පුලුවන් දවසක යන්න

    ReplyDelete
  19. @නදීර සඳරුවන් ලියනගේ- මල්ලි ඔයත් මගෙ කැම්පස් එකේමයි.අදුන ගන්න ලැබීම සතුටක් බ්ලොග් වලින්.

    ReplyDelete
  20. @මධුරංග- තව ටිකෙන් අපිටත් එහෙම වෙනව.වැස්ස නිසා.මම නම් ඕන තරම් ගිහින් තියනව,අම්මලව එක්ක යන්නයි උවමනාව තිබ්බෙ.

    ReplyDelete
  21. @ශාන්.....-නියමයි.

    ReplyDelete
  22. ඇවිදින එකමයි වැඩේ නේ ...........
    ඔය කාලේ ඇවිදින්නෙ නැතුව කවද ඇවිදින්නද ........

    ReplyDelete
  23. @කල්හාර දිසානායක- අනේ නැ අය්ය,මේ නොගිහින්ම බැරි කාරණාවක් නිසයි යන්න වුනේ.ඒගමන් අම්මලවත් එක්ක ගියා.මේකාලෙ තමා යන්න ඕනෙ.රට වටේම රවුම් ගහන්න,වෙලාවකට හිතෙනව කොල්ලෙක් වුනානම් නිදහසේ හැමතැනම යන්න පුලුවන්නේ කියල,මොකද අම්මල නැතුව දැනටත් තනියම ගමන් යනව බොරු,කොහෙවත් යන්න දෙන්නෙ නැනෙ:/

    ReplyDelete