Sunday, May 15, 2011

අදුරන්න පුලුවන්ද මෙයාව?

සාලෙ තිබ්බ පුටු කකුලක එතිල ඉදල, මෙන්න ආයම යනවා
මේ දවස් වල ඉස්පාසුවක් නැතුව ගොඩක් අය වෙසක් එකට ලෑස්ති වෙනව.මමත් ඉතින් වෙසක් එක වෙනුවෙන් ගෙදර ඉස්සරහ අඹ ගහේ එල්ලන්න කියල වෙනදා වගේ වෙසක් කූඩු හද හදා හිටිය,තව දවස් 2යිනේ තියෙන්නෙත් හරියටම වෙසක් එකට.ගෙදර එහා මෙයා යද්දි තමයි මෙන්න මෙයා එකපාරටම කකුලට පෑගුනේ.

යන ගමන්..
 අදුරනවද?... බලන්න කවුද කියල ,ගැරඩි පැටියෙක් නම් නෙමේ...අනික අර කලු පාර ඉරි ඉරිත් තියනව...මම් නම් අදුර ගත්තෙ නෑ,හිමීට හිමීට සාලෙට ආව,ටිකක් වෙලා බලන් ඉදල තමයි මම් මේ පින්තූරෙ ගත්තෙ ,ෆෝන් එක අතේ තිබ්බ නිසා.බයවෙච්ච තරමට කරන්න ඕනෙ මොකද්ද කියල හිතාගන්නත් බැරිවුනා.මොකද ඒ වෙද්දී ගෙදර හිටියෙත් මම විතරයි.

එලවන්න ගිහින් කෑවොත් කියන බය ඇතිවුනා,මරන්න ඕනෙ කියල නම් හිතුනෙ නෑ.මොකද මන්ද?...ඒ වෙලේ අතට අහුවුනේ ලගපාත තිබ්බ කොස්ස.කොහොමහරි තල්ලු කරගන ගිහින් සාලෙන් එලියට දැම්ම.එතනින් මිදුලට,මිදුලෙන් ගේට්ටුව ඇරල කෙලින්ම පාරට.වෙන කරන්න දෙයක් හිතාගන්න බැරිවුනා.මරන්න බෑනෙ :/

ගෙදර කට්ටිය ආවට පස්සෙ ෆොටෝ එකත් පෙන්නල විස්තරේ කිව්වා.එයාලටත් පුදුමයි කොහොම ගේ ඇතුලට ආවද කියල,අනික එළියෙ කුනුගොඩක් වත් නෑ.මේ කාලෙ පෑවිල්ල නිසා සත්තු වතුර හොයන් එනවලු,කවුද දන්නෙ කොහෙහරි යන ගමන් මෙයාට මාවත් බලල යන්න හිතුනද කියල.



54 comments:

  1. ඔහොම තමා අක්කා කැලෑ අස්සේ ගෙවල් තියෙද්දී.. ඔය දුෂ්කර ගම්මානනේ.. මේ පැති වල නම් සර්පයෙක් පාරට දැම්මා කියන්නේ ඌට බඩුම තමා.. තත්පරේට ෆ්ලැට්.. ඔයා ඉන්න පලාතේ වාහනයක් යන්නේ මාසෙකට සැරයක්ලුනේ.. ඒ නිසා ඌ කොහොමත් මැරෙන්න නැතිව ඇති.. කැලේටම යන්න ඇති නේද?

    ReplyDelete
  2. බලාගෙන මචෝ ඕකා පැටියෙක්නම් තව පැටවු කීපයක්ම ලඟපාත ඉන්න බැරි නෑ සර්පයෝ එක පැටියයි නෙවේ බිහිකරන්නේ !.. රෑට නිදාගන්න කලින් ඇඳේ මෙට්ට අස්සේ ඇඳ යට අහු මුලු වල බලනවා හොඳයි .. මම මේ අද්දැකීමෙන් කියන්නේ ..

    ReplyDelete
  3. මොකා වුනත් මරපු නැති එකනං අගය කල යුතුයි ..........

    ReplyDelete
  4. ඇණකොන්ඩා පැටියෙක් නේද ? අනේ හරි හුරතල් පාටයි

    ReplyDelete
  5. මට නම් අදුර ගන්න බෑ සර්පයා මොකෙද්ද කියලා.. මොනවා උනත් අනතුරක් නොවුන එක නම් හොදයි...

    ReplyDelete
  6. පේන විධියට නම් මේකා මාපිලා, උඝ්‍ර විෂ සහිත නෑ. මේ දවස් වල තියන පෑවිල්ල නිසා වතුර හොයාගෙන එන්න ඇති. කොහොම උනත් ඌට අභය දානය දුන්න එක නම් ඉතාම හොඳයි.

    ReplyDelete
  7. ඔයාට පෑගුනාට පස්සෙ ඌ යහතින් ඉන්න එක ගැනනම් සතුටුයි :P

    ReplyDelete
  8. ටිකිරිලියා (කියල තමා හිතාගෙන ඇත්තේ) බලන්න දියබරියෙක් ඇවිත්... කකුල කෑවනම් නම් වැඩේ...

    ReplyDelete
  9. මූනම් විෂ ගෝර සර්පයෙක්!
    පේන්නැද්ද ඉරි, ඒ වගේම ඔළුවත් ත්‍රිකෝණාකාරයි!
    මාපිලෙක්ද මංද :D

    ReplyDelete
  10. සර්පයාගේ ප්‍රමාණය කොහෙමද? බලන්න මේ විස්තර වලින් අඳුනගන්න පුළුවන්ද කියල
    දිග, මහත වගේ විස්තර. මොකද පින්තූර පැහැදිලි මදි හරියට අඳුන ගන්න.

    ReplyDelete
  11. තව දෙයත්. මෙයා විෂඝෝර සර්පයෙක් නම් වෙන්න බෑ. ලංකාවේ ඉන්න විෂඝෝර සර්පයින් එක් අයෙකුගේ හෝ ලක්‍ෂන පින්තුර වලින් පේන්නේ නෑ.

    ReplyDelete
  12. හොඳ වෙලාවට මම හිටියේ නැත්තේ....

    ReplyDelete
  13. මරපියව්..කොටපියව්..කාපියව්

    ReplyDelete
  14. ඔය වෙන මොකෙක්වත් නෙවෙයි.....නදීගෙ පිරිමි සතා :P :P.....

    ReplyDelete
  15. මරපු නැති එකනම් ලොකු දෙයක් අහිංසක සත්තු කව්රුත් කැමති ජිවත් වෙන්නනේ අක්කේ.කොහොම හරි ගෙදර බිමට ටයිල් අල්ලලා තියෙන්නේ කියල කියා ගත්තානේ :p

    ReplyDelete
  16. @චතුවා (ළමයා)- මැරෙන්නනම් නැතුව ඇති.ඔව් අපි ඉන්නෙ රූරල් ඒරියා එකකනෙ මොනා කරන්නද?ඔයා වගේ කලම්බු 7 වල වත් හිටියනම් :)

    ReplyDelete
  17. @හිස් අහස- ස්තූතියි උපදෙසට.ඔව් පැටව් තව ඉන්න පුලුවන්.එදාම ගේ කනපිට පෙරලල අස් කරා.

    ReplyDelete
  18. @කල්හාර දිසානායක- ඔව් අය්යෙ මරන්න හිතුනෙනැනෙ.

    ReplyDelete
  19. @Chanaka Aruna Munasinghe- මොන ඇනකොන්ඩෙක්ද හලෝ.සත්තුවත්තටත් කොච්චර දුරද?වෙන්න බැ.

    ReplyDelete
  20. @Dinesh -අපි සත්තුන්ට හිංසා කරන්නෙ නැනෙ.ඉතින් අපිටත් හිංසාවක් වෙන්නෙ නැ ඒනිසා.

    ReplyDelete
  21. @ටී.බී. හේරත්- ඔව් මාර පෑවිල්ලක්නෙ තියෙන්නෙ.

    ReplyDelete
  22. @තාරක ඪිල්ශ්@න්-හික්...ලාවට කකුලෙ වැදිල ගියා.

    ReplyDelete
  23. @prasanna86k- කකුල කෑවනම් මරහඩ දීල හූ කියනව වෙන මොනව කරන්නද? :)

    ReplyDelete
  24. @සසීන්ද්‍ර වීරසිංහ- ඒ වගේද?සර්පයො ගැන මගෙ දැනුම අඩුනෙ,ගැරඩියා නම් අදුරනව :/

    ReplyDelete
  25. priyantha -කුඩා ප්‍රමාණයෙ එකෙක්.මම් හිතන්නෙ පැටියෙක්.අය්යගෙ ලිපි ටික කියෙව්වා.බොහොම වැදගත් ඒ ලිපි ටික.මම් හිතන්නෙ අර කලු වයිරම් තියයෙන්නෙ මේකගෙ පිටේ,මේකා නිදි මාපිලෙක්.ඒත් ඇයි ඒකට "නිදි"මාලිපා කියන්නෙ?නිදි වගේ ඉන්න නිසාද ඇස් පියාගන.?

    ReplyDelete
  26. @තටු සිඳුනු සමනළියක්....- ඔයා හිටියනම් බය වෙලා හූ කියයි :)

    ReplyDelete
  27. @රත්ගමයා- අපෝ රතෝ... මොකද්ද ඒ භාශා විලාශය?

    ReplyDelete
  28. @මදුශාන්- ඇහ් මොකක්.

    ReplyDelete
  29. @අපරාජිතයා :::: Aparajithaya- ඔව් මට ඒකව මරන්න හිතුන්නෙ නැනේ.අනික කොහොමද මරන්නෙ :/.ඇහ්...එහෙමත් එකක් පේනවද, ටයිල් කෙරුව කියල කියාගන්න ඕනෙ වුනා කියල.?මිදුලට අරන් ගිහින් ෆොටෝ ගන්න ගියානම් ඒකා මාව කාල තමයි නවතින්නෙ.

    ReplyDelete
  30. @නදී... අර ඉන්නෙ අප්පා හරකගෙ ගැනු සතා එල දෙන...ඔටුවගෙ ගැනු සතා ඔටු දෙන වගේ මේ නදීගෙ පිරිමි සතා :P :P නමක් දාමු?

    ReplyDelete
  31. @මදුශාන්- පිස්සුද? :)

    ReplyDelete
  32. හික් හික් අහන්නත් දෙයක්ද? :P :P........

    ReplyDelete
  33. ඩෙෆා කරවලයෙක්(krait).sri lankan krait?ද indian krait? ද කියලනම් ඈතට අදුනගන්න අමාරුයි.උග්‍ර විශ සර්පයෙක්.පෑටියෙක් වගෙයි.මරුවෙ නෑති එකනම් වටිනව, නෑතිවෙගෙන යන සත්තුනෙ......

    ReplyDelete
  34. මට හිතෙන හැටියට ඔය මල්සරාද කොහෙද.මල්සරා මෙයාට බැල්ම හෙලන්න ගිහිල්ලා ඔය ලැබිලා තියෙන්නෙ.පව් අසරණයා.එක්කො ලස්සන කෑල්ලකට බැල්ම දාන්න ගිහිල්ලා මැරුණනම් දුකවත් නෑ.මේ බතලිට?උගේ ඇස් පොට්ටද මංදා..ROFL...

    ReplyDelete
  35. @මදුශාන්- ඒකනම් ඇත්ත වගේ පේන්නෙ :)

    ReplyDelete
  36. @sajith- අනේ මන්ද මටනම් හරියටම අදුරගන්න බෑ.අර ප්‍රියන්ත අය්ය දාල තියන ලිපි ටික බැලුවම නම් හිතුනේ ඒ නිදිමාපිලෙක් කියල.ඒ වගේම වයිරම් තියෙන්නෙ මේකගෙ පිටෙත්.කලුපාටට.

    ReplyDelete
  37. @සීතල අයියා- මල්සරා කියන්නෙ වෙන සර්පයෙක්ට.අන්න ප්‍රියන්ත අය්ය ලින්ක් එකක් දාල තියනව ඕනෙ නම් බලාගන්න.කවුද මැරුවෙ මේ සතාව.මම් එහෙම කරේනැ.ඌට යන්න ඇරිය.

    ReplyDelete
  38. මේ සර්පයා කොබෝ නයෙක්. අහල පහල කුණු ගොඩකුත් නැත්තන් කොබෝ නයෙක් වෙන්නම ඕනෙ

    ReplyDelete
  39. @Chanaka Aruna Munasinghe- අහ්...මම් එහෙම එකෙක් ගැන අහල වත් නැ?

    ReplyDelete
  40. කොබෝ නයි කියන්නෙ පියාඹන්න පුළුවන් නයෝ ජාතියකට. අහල පහල කුණු ගොඩක් නැත්තන් ආවෙ පියාඹගෙන වෙන්න ඕනෙ

    ReplyDelete
  41. @Chanaka Aruna Munasinghe- අහල පහල ගෙදරකින්(වත්තකින්) ආවද කවුද දන්නෙ? මේ දවස්වල රස්නේ උන්ටත් දරාගන්න බැරි ඇති.

    ReplyDelete
  42. නෑ මං කිව්වෙ මැරුනත් දුක නෑ කියලා.කොසු පාර හරි කෑවනෙ. :'(

    ReplyDelete
  43. අම්මෝ ඔයාලගේ ගෙවල් පැත්තෙන්වත් යන්න හොඳ නැහැ. හරි "හයානකයි" නේ ඔයාලගේ ගෙවල් පැත්ත..................... :))

    ReplyDelete
  44. @සීතල අයියා- කොස්සෙන් ගැහුවෙ නැ හලෝ.තල්ලු කරන් ගිහින් විසික්ක පාරට :/

    ReplyDelete
  45. @Hasitha- එහෙම එකක් නෑ මල්ලි.මේ ඉන්නෙ අපි යස අගේට :).උනුත් ඉන්න එපැයි.

    ReplyDelete
  46. මේකා ගීතා කුමාරසිංහ ලගට අරන් ගියානම් .......

    ReplyDelete
  47. @JHOTHISHALANKA- පිස්සු හැදෙයි අය්ය :) .මම් ඒ වීඩියෝ එක දැක්ක.ජීවිතේට නයෙක් දැකල නැවගෙනෙ උඩ පැන්නෙ.හෆොයි:පි

    ReplyDelete
  48. මොකක්ද ඔය කියන ගීතා කුමාරසිංහගෙ වීඩියෝ එක. ලිංක් එකක් දුන්නනම් අපිටත් බලන්න

    ReplyDelete
  49. @Chanaka Aruna Munasinghe- ඉන්නකො දෙන්නම්.
    http://www.youtube.com/watch?v=-_oMIU296Gg&feature=player_embedded

    Dance Star Dance Cobra කියල යූ ටියුබ් එකේ බලන්නකො

    ReplyDelete
  50. ඔන්න සර්පයා, මෙන්න පොල්ල
    ඔන්න මමනම් කියන්නේ නෑ
    මරන්න කියල

    ReplyDelete
  51. @SAMEERA- හික් මමත් මැරුවෙ නෑනේ ඉතින් ඒකව

    ReplyDelete
  52. අපොයි බලන්නම වටින එක්කෙනා නේ. වතුර බොන්න වෙන්ටෑ ඇවිත් තියෙන්නේ. කොහෙද අක්කා වතුර ටිකක්වත් නොදී එලවගෙන නේ. මරපු නැති එක හොදා.

    ReplyDelete
  53. @මධුරංග- අපෝ වතුර හොයාගන බොන්නැතැ.වතුර දෙන්න ගිහින් කවාගන්න මට බැ.:)

    ReplyDelete
  54. මේකානම් මාපිෙලක් වගේ

    ReplyDelete