Sunday, May 1, 2011

මගුලෙ අවුල


මගේ යාලුවෙක්ට මගුලක් සෙට් වෙලා,ඒ කියන්නෙ විවාහ යෝජනාවක්.ගොඩක් වෙලාවට ඒක හරියයි කියල තමා කිව්වෙ.කියපු හැටියට දෙපැත්තෙන්ම කැමති පාටක් තමා පේන්නත් තිබ්බෙ.මගෙ යාලුවා තොරතුරු තාක්ශණ උපාධියක් නිමා කරල මේ වෙද්දි ඊටම ගැලපෙන රෑකියාවකුත් කරනව.මේ යාලුව අපේ ගෙදරට ලගපාත කෙනෙක්,ඒ නිසා පොඩි කාලෙ ඉදන්ම අපි දෙන්න අදුරනව,අනික දෙමව්පියොත් හොදට දන්න අදුරන අය. 

ඔන්න දවසක් ගෙදරට කෝල් එකක් එනව,අම්මගෙ යාලුවෙක්ගෙන්, ඒ අර මගෙ යාලුව ගැන අහන්න.යෝජනාව ඒ මිස්ගෙ අක්කගෙ පුතාටලු.අම්මනම් කිව්වෙ එයා අපේ පොඩි දුවගෙ පන්තිවලනේ හිටියෙ, හරි හොද ළමය,කියන්න තරම් නරකක් නෑ කියල.මම හිතුව එහෙනම් තවත් මගුලකට සාරියක් ගන්න වෙයි කියල.

මෙන්න තව සති දෙක තුනකට පස්සෙ අර මිස් ආය ගෙදරට කෝල් කරනව.ඉස්කෝල විස්තර ටිකක් එහෙම කියල,
මිස්: ඒ ළමය අරන් හදාගත්තු කෙනෙක්ලු නේද? ඒ ගෑනු ළමයගෙ ගෙදරට ඉස්සරහ ගෙදර  ගෑනුකෙනා ගෙදරම ඇවිත් කියල ගියා.බලන්නකො ඔයාල දන්නෙ නැද්ද?ඒ ගෙදර හිටපු වැඩකාරියෙක්ගෙ දරුවෙක්ද මොකද්ද කියලත් කිව්වෙ ඔය...
අම්මා: අහ්...ඔහොම කතාවක් අහල තියනව.ඒ වෙලාවෙ කිව්වෙ නැත්තෙ,ඔය ගැන අපිත් හරියටම දන්නෙ නැති නිසා.ඒ ළමයගෙ ගතිගුණ නම් හොදයි,කියන්න තරම් නරකක් නෑ.
මිස්: එහෙමද?හොද දෑවැද්දක් එහෙමත් තියනව කියන්නෙ.
අම්මා: ආ...ඔව් එයාල යමක් කමක් තියන මිනිස්සු.දැන් මොකද කරන්න හිතාගන ඉන්නෙ.?
මිස්: පුතා නම් කැමතී කියන්නෙ.අක්කල නම් ඕකට කැමතිවෙන එකක් නෑ.ඒ නිසා කෙරෙන එකක් නෑ.

44 comments:

  1. කොහෙවත් ඉන්න ගෑනුන්ට ඕනෙ නැති රෙද්දක් නැහැනේ...

    ReplyDelete
  2. ආච්චිගෙ රෙද්දක්...නොදකින් මේ වගේ මිනිස්සුත් ඉන්නවනෙ..කොහෙ කොහොම ඉපදුනාම මොකද.
    //අක්කල නම් ඕකට කැමතිවෙන එකක් නෑ// කියලා එලියට දාන්නෙ තමන්ගේ හිතෙ තියන අකමැත්ත!!

    ReplyDelete
  3. සිරා කතාව අක්කේ.... ඔය කේළමක් අගිස්සල හරි, ගිනි ගෙඩියක් දීල හරි මොකක් හරි මගුලක් කොරල තිබ්බොත් ඒකට මුල ලඟම එකෙක්... ඊරිසියාව රුසියාවටත් වඩා ලොකුයි කියනවනේ.... කාලකණ්ණි හැත්ත... මට ඔහොම එකෙක් අහූනොත් මම #කෙනුත් හිනා වෙලා පුලුවන්නම් තව කරපන් කියලා උගෙන් මූණට මූණ ගේමම ඉල්ලනවා....

    ReplyDelete
  4. අප්පෝ ඉදලා ඉදලා වෙන්නෙත් මාරම වැඩ තමයි.

    ReplyDelete
  5. @prasanna86k -මමත් අම්මට කීවෙ ඕකමයි.තමන්ගෙ වැඩක් බලාගන මේ ගෑනුඅයට ඉන්න බැරි හැටියක් අම්මප.

    ReplyDelete
  6. මේ කතාව කිව්වම මට අපේ කතාවක් මතක් උනා.
    අපේ බාප්පත් බැන්දේ ඔය වගේ ම යෝජිත විවාහයකින්. යෝජනාව ගෙනාවේ අපේ අම්මා. ඊට කලින් කපු ගෑනු කෙනෙක් යෝජනාවක් ගෙනත් තිබිලා. නමුත් අපේ අම්මා යෝජනා කරපු කෙනා ගොඩක් හොදයි කියලා හිතුන හන්දා එයාට කැමති වෙලා.එයාට බාප්පට තීන්දු කලා ලු. අර කපු ගෑනිගේ යෝජනාවට කැමති උනේ නෑ

    අන්තිමේ බාප්පා බදින දවසේ අර කපු ගෑනි "තොපිට හොදින් පවුල් කන්න ලැබෙන්න එපා !!!!" කියලා පල්ලියේ ඉස්සරහා පොලවේ හැපි හැපි කෑගැහුවලු. ඒ සාපේ හින්දමද කොහෙද අදටත් බාප්පා රේස් දානවා. ගෙදර එන්නේ නෑ.ගෙදර කිසිම දෙයක් හොයලා බලන්නේ නෑ.හෙනම වලි. පොඩ්ඩ බැරි උනාම පුංචි අම්මා අපේ යහා දුවන් එනවා.

    ඒ හින්දා අපේ අම්මටයි ආච්චි අම්මටයි හරිම කරදරේ.

    අපේ අම්මනම් කියන්නේ ඒ ගෑනිට කීයක් හරි දීලා යැව්වනම් ඉවරයි කියලා.

    ReplyDelete
  7. @මදුශාන්- හ්ම්...අපෝ ඕන තරම් ඉන්නව ඔය එක්කෙනෙක්.

    ReplyDelete
  8. @අපරාජිතයා :::: Aparajithaya- ඔහොම තමා සමහර අය.මගෙ යාලුවගෙ අම්මත් මේ ලගදි නැතිවුනා,අනික අර කතාව ගිහින් කිව්ව ගෑනු කෙනාටත් අපේ වයසෙම දුවෙක් ඉන්නව.අනේ මන්ද ඒක රීරිසියාවද වෙන මොකද්ද කියල

    ReplyDelete
  9. @මධුරංග- මෙව්ව නම් මාරම වැඩ තමයි මල්ලි.මට අර යාලුව ගැන දුකයි.ඒකයි මේක ලිව්වෙත්. :(

    ReplyDelete
  10. @මධුරංග- හෆොයි!...මගුල් සෙට් කරන එකත් භයානකයි,කොයිවෙලේ හරි මොනවහරි උනොත් කියන්නෙ උබල කරල දුන්න එකනෙ ඕං කියල.

    ReplyDelete
  11. @නදී... :
    අන්න අක්කට තේරුනා. අපේ අම්මත් ඔය ප්‍රශ්නේ හින්දා මාරම දුකක් විදින්නේ.පොඩ්ඩ ඇත්නම් එවුන් අපේ ගෙදරට දුවන් එනවා.

    ReplyDelete
  12. @මධුරංග- හික්...ඒ කියන්නෙ උඹල මගුල් කරල දුන්නනම් ප්‍රශ්නත් විසදපල්ල කියල මරු :)

    ReplyDelete
  13. ඔන්න ඔය වෙලාවට තමා අම්මා අප්පා මතක් වෙන්නෙ.අනේ අම්මපා ඇත්තට මෙහෙමත් ගෑණු.සිත කළකිරුණි....

    ReplyDelete
  14. ඔය කෙලම් කියන අය හිතන්නේ නෑනේ එයාලගෙත් ගෙදර මගුලක් උනොත් අනිත් අයත් තමන් වගේම එයාලගේ වැරදි කියාවි කියලා.. අනික අරන් හදා ගත්තු කෙනෙක් කියන කාරණය කසාදයක් නවත්තන්න තරම් කාරණාවක් කියලා මම නම් හිතන්නේ නෑ..

    ReplyDelete
  15. මේ කතාව කියවද්දි මටනම් මරන බයක් දැනුනේ.ඇයි දෙයියනේ අපිත් කවදහරි බදින්නෙපැයි.එහෙම දවසක කෙල්ලගේ පැත්තෙන් කවුරුහරි ඇවිල්ලා මගේ විස්තර ගමේ එකාලගෙන් ඇහුවොත් මගුල සුන්.

    අපෝ ඕකද?.ඕකා කුපාඩියා,බේබද්දා,වනචරයා කියලා කිව්වොත් ආයේ මොන දෙයියන්ට කියන්නද?.

    අද ඉදන්වත් හොද ලමයෙක් වෙන්න ඕනේ.:D

    ReplyDelete
  16. @සීතල අයියා- ඔහොම තමා අලෝ,

    ReplyDelete
  17. @Dinesh- හ්ම්...ඔව් ඒත් සමහරඅය ඉතින් කැමති වෙන්නෙ නැනේ.

    ReplyDelete
  18. @රජිත්-හික් හික් මරු...එහෙම හරි හොදට හැදෙනවනම් :))

    ReplyDelete
  19. දෙන්නට දෙන්න කැමතියි නම් ගැලපෙනවනම් අනිත් මිනිස්සුන්ට මොකද. ඔහොම සිද්දි හින්දා පවුල් කීයක් නම් කැඩෙන්න ඇත්ද

    ReplyDelete
  20. @පිණිබිඳු...- හ්ම්...ඔව්ව ඔහොම තමා. :(

    ReplyDelete
  21. @චතුවා (ළමයා)- හ්ම්...රටේ වැරෑද්ද නෙමේ මල්ලි.

    ReplyDelete
  22. ape gewal paththeth e wage minissu innawa.. kaata hari hondak wenawa balan innama ba eyalata... e wage ayata kawadawath hariyanne na..

    ReplyDelete
  23. රටට වරදින්නෙත් මිනිස්සුන හිතන විදිය හින්ද අක්කේ.

    ReplyDelete
  24. @Upeksha- අනේ මන්ද නංගි.

    ReplyDelete
  25. @තාරක Dilsh@n- හ්ම්...ඔව් එකත් ඇත්ත තමා.

    ReplyDelete
  26. හ්ම්ම්ම්.... මිනිස්සු.... මිනිස් ගති.....!!!!

    ReplyDelete
  27. කුජීතයි නේද වැඩේ අර් ගෑනිගේ??

    ReplyDelete
  28. අනුන්ගේ කුණුගොඩවල් කරේ තියාගෙන හිතින් දුක් විදින සමාජය නැති වෙන කම්.. හැමොටම මෙහෙම තමා...

    ReplyDelete
  29. හැබැයි දෑවැදි බලාගෙන ලව් කරනවනං චා...............

    ReplyDelete
  30. @අනුරාධ- හ්ම්...

    ReplyDelete
  31. Proposal විතරක් නෙවෙයි love marrage වලදි පවා අද තත්වය ඕක තමයි. හුගක් අය දැන් වෙඩිං එක කියන්නේ අන්තිම මෙහොතෙදි.
    මොකද..කවුරු මොන වෙලේ කොක්කක් දායි ද දන්නේ නැති හන්දා.
    මේ යන විදිහට හෙට වෙඩිං එකට අද ආරාධනා කරන දවසත් වැඩි ඈතක නොවෙන්න පුලුවන්.

    ReplyDelete
  32. @යසියා- කිව්වොත් හොදයි කියා හිතෙන්න ඇති :)

    ReplyDelete
  33. @Bunny- ගොඩක් අය තමන්ගෙ දේවල් ගැන බලනවට වඩා අනුන්ගෙ දේවල් හොයන්න කැමතීයිනේ, :)

    ReplyDelete
  34. @Lakshan Mclaren- ඒත් යෝජිත විවාහයකදී ඔය ගැන අනිවාර්යෙන්ම අහනවනෙ ගොඩක් අය

    ReplyDelete
  35. @- නිල් අහස - -ඔව් ඔව් ශුවර් නෑ ඒතරම්:))

    ReplyDelete
  36. මොකද වුනේ මඟුල කෙරුනද නැද්ද...........

    ReplyDelete
  37. අපේ මිනිස්සු තාම එල්ලීලා ඉන්නේ හණමිටි අදහස් වල...

    ReplyDelete
  38. @කල්හාර දිසානායක- මොන මගුල්ද ඒක කෙරුනේ නැ.

    ReplyDelete
  39. @මම- හ්ම්...මිනිස්සු හිතන හැටි වෙනස් කරන්න අමාරුයි

    ReplyDelete
  40. පව් අසරණ කොලුවා :/

    ReplyDelete
  41. නදී අක්කෙ මොකො වෙන්නෙ ඔය පැත්තෙ..22 එනවදො ? එතකොට ඔයාගෙ යළුවො ඔයාගෙ වෙඩිමට සාරි ගන්නෙ කවද්දො..
    සිරකරු අයියා ඔයැයි දන්නව කිව්ව

    ReplyDelete
  42. @ඉෂ්- මොනා කරන්නද? :(

    ReplyDelete
  43. @පැන්ඩා- 22 නෙමේ 27ට කල් ගිහින්නේ ඒක.මොන සාරිද?ඒ මගුල කෙරුනෙ නැනෙව.27තේ එකට නම් සාරියක් ගත්ත.සිරකරුවා මම් දන්නව.අපේ බැචෙක්ගෙ හොදම යාලුවෙක්.

    ReplyDelete