Monday, May 23, 2011

නිදාගන්නාකාරය | හොස්ටල් මතක


අපි එක එක්කෙනා නිදාගන්න විදිය වෙනස්, ඒ කියන්නෙ එක එක්කෙනාට පොඩි කාලෙ ඉදන් හුරු පුරුදු විධි තියනවනෙ .සමහර අය වම් පැත්තට හැරිල,සමහරු දකුණට හැරිල.සමහරු උඩුබැලි ආකාරයට.සමහරු මුනින් අතට හැරිලා...

තවත් සමහරු "අල්ප දයන්න" ගහල.තවත් අය අර තෙල් බවුසර් වල ඇදල තියන මනුස්සය වගේ..,අපි යුනි එකේ හොස්ටල් ඉද්දි දැක්ක අරුම පුදුම නිදනාකාරයක් තමා මේ කියන්න යන්නෙ.

විශේෂයෙන් මේ විදිය දකින්න ලැබෙන්නෙ විභාග දවස් වලට තමා.සිංගල් ඇදේ තවත් කට්ටියකට ඉඩ තියාගන ඉන්න කෙනෙක් ඉන්නව,එයා ඒ සෙමෙස්ටර් එකට තියන සබ්ජෙක්ස් ලියන පොත් ඔක්කොමත් ඒ ඇදේ තියාගන තමයි නිදාගන්නෙ.

 තව කලුම කලු ටෙඩී කෙනෙකුත් තියන් ඉන්නව.අපිනම් ඒකාට කිව්වෙ  "හොර පූසා" කියල.

ගොඩක් වෙලාවට විභාගෙ දවස වල මුලු රෑම කාමරේ ලයිට් එක දාලනෙ ඉතින් තියෙන්නෙ.මොකද එක එක්කෙනා නැගිටින්නෙ එක එක වෙලාවටනෙ.

මේ කියන කෙනා නින්දෙන් හිටපු ගමන් නැගිලට පොතත් අරන් ඇදේ ඉදන්ම පාඩම් කරනව,ආයම ටික වෙලාවකින් නිදි.කවදාවත් මේසෙට ගිහින් පාඩම් කරන්නෙ නැ.

ඔහොම මුලු රෑම විටින් විට ඇහැරල තමයි ඉන්නෙ.එච්චර තමා එයාගෙ පාඩම,ඒත් එක්සෑම් එකත් ගොඩදානව,ඒ විදියට පාඩම් කරල.ඒ එයාගෙ හැකියාව.

 එයා නිදියගන්නෙත් හරිම අමුතු විදියකට,ඒ කියන්නෙ උඩුබැලි අතට,හරියටම අර මල මිනියකගෙ ස්වරූපයෙන්.අත් දෙකත් එකතු කරල පපුව උඩින් තියාගන.වෙලාවකට බාගෙට ඇසුත් ඇරන්.

වැරදිලාවත්  වෙන රූම් එකක කෙනෙක් ඒ රූම් එකට ආවොත් අනිවාර්යෙන් බය වෙනව,
ඇහ්...ඒ මේ...
මොකද බොල මේ....මේකා නිදිද?...
පාඩම් කරපුව මතක් කරනවද මේ...
මේකා නිදියන්නෙ බාගෙට ඇස් ඇරගෙනනේ...බ්ලා...බ්ලා...

එයාට කොච්චර කිව්වත් ඔයා නිදාගන්නෙ මෙහෙම කියල එයා විශ්වාස කරේ නෑ.

දවසක් විභාගෙ දවස් වල රෑ දෙගොඩ හරියෙ ඔය විදියට නිදාගන ඉන්න පින්තූරයක් ගන්න ගිහින්,එයාට ඇහැරිලා හෙන ගිනි විජ්ජුම්බරයක් වුනා.විභාගේ දවස් වලටවත් දාංගලේ නැතුව නිකන් ඉන්න බැරිද කියල එදා කට්ටියට හොදට අහගන්නත් සිද්ද වුනා.

31 comments:

  1. මම නිදා ගන්නේත් අල්ප දයන්න ගහලා. අපේ අප්පච්චිට නම් මුනින් අතට නිදා ගන්න බෑ. මොකෙද්ද යකෙක් පිට තද කරනවලු. ඒ නිසා මුනින් අතට නිදා ගත්තොත් එදාට කෑගහලා ඇහරෙනවා.

    නින්ද ගැන වැඩිය ලියන්න එපෝ..... මාත් මේ කතාවක් ලියනවා නින්ද ගැනම. මාවත් බේරන්න නදී අක්කේ. !!!!!

    ReplyDelete
  2. ආ ඇත්තම කියනවනම් එයා නිදාගෙන නෑ.ඒක එක ක්‍රමයක් පාඩම් කරන.පාඩම් කරන දේ මතකෙ තියාගෙන ඇස් දෙක වහගෙන ඒක ගැන හිත හිත ඉන්නවා.උදේට නැගිටිනකොට නිකම්මවගේ මතකෙ රැදෙනවා.නියම ක්‍රමයක් ඒක.මම ඒක කරලා තියෙනවා.නියමෙට මතක හිටිනවා.යාලුවෙක් තමා ඒ ගැන මට කිව්වෙ...

    ReplyDelete
  3. මං නිදාගන්නේ මුනින් අතට අල්ප දයන්න ගහලා.. හිහ්..

    පාඩම් නම් කරන්නේ නෑනේ ඉතින්.. ;)

    ReplyDelete
  4. නදීලත් එක්ක ඉන්නෙ මාර ළමයි තමයි.

    ReplyDelete
  5. මාර ක්‍රමයක්නෙ ඉස්කෝලෙ යන කාලේ දැන ගත්ත නම් අත්හදා බලන්න තිබුනා ........

    ReplyDelete
  6. ඔය පොත් වටේ තියන් නිදාගන්න එකේ සෑහෙන හොද ප්‍රතිඵල තියෙනවා.එතකොට අපිට නින්ද ගියාම උනත් ඉන්ෆාරෙඩ්,බ්ලූටූත් වගේ දත්ත හුවමාරු කරන ක්‍රම වලින් පොත් වලින් අපේ මොලයට දැනුම උකහා ගන්නවා.ඒ නිසා පාඩම් නොකර උනත් හොද ප්‍රතිඵල ගන්න පුලුවන්. :D

    ප.ලි-
    මටත් කෙල උනේ ඔහොම ඇදේ නිදියගෙන පාඩම් කරන්න ගිහින් තමයි.බයෝ පොත දකින කොටත් නිදිමත එනවා.හොදම වැඩේ තමයි පාඩම් කරන පැය හරි මේසෙට ගිහින් පාඩම් කරලා නිදිමත ආවම නිදාගන්න එක.

    ReplyDelete
  7. අපේ කැම්පස් බැච් හිටිය ඌ නිදාගන්නේ පොත පපුව උඩ තියන්.. ඒ කියන්නේ ඌට පාඩම් කරන ගමන් නින්ද යනවා. අපි කවුරුහරි ලයිට් එක දැම්මොත් පටස් ගාල ඇහැරලා ඉක්මනට පොත දිගැරගන්නවා.. ඕක ඉතින් කොයේ වෙලාවේ කලත් ඔහොමයි. දවසක් අපි හොඳ වැඩක් කලා. පොත හිමින් අරගෙන වතුර දාපු ප්ලාස්ටික් පෙට්ටියක් පපුව උඩ තිබ්බ සීරුවෙන්.. ඊට ටිකකට පස්සේ ලයිට් එක දැම්ම. උනදේ හිතාගත්ත හැකිනේ . ඌ නැගිට්ට ගමන් සරමත් නැතුව අපේ පස්සේ එලෙවුවේ අහුවුණු හැම එකින්ම දමල ගහන ගමන්..

    ReplyDelete
  8. මම නිදාගන්නෙත් හැබෑට අර තෙල් බවුසරේ මනුස්සය වගේ නොවැ..
    හොහ් හොහ්!!

    ReplyDelete
  9. මම ඉස්සර නිදාගත්ත විදිහට කියන්න වචන නෑ.මොකද එක පැත්තකට නිදාගත්තොත් උදේට ඇහැරෙන්නේ ඒ පැත්තට කකුල දාල.කොටින්ම අංශක 180ක් නිදාගන්න කෝණය වෙනස් කරලා.ඒ පොඩි කාලෙ.

    හැබැයි දැන් නම් නිදාගන්නේ දකුණු ඇලේට හැරිලා.සමහර වෙලාවට වම් ඇලේට.ඉඳලා හිටලා මුනින් අතට.

    ReplyDelete
  10. ගොඩක් වෙලාවට මුනින් අතට තමා බුදියන්නේ...කොතන වුනත් නිදාගන්නත් පුළුවන් ඒ වගේම නිදි මරන්නත් පුළුවන්....

    ReplyDelete
  11. මෙන්න තවත් අල්ප දයන්නක්....

    @ සරත් ලංකාප්‍රිය : හිතාගන්න පුලුවන් එලෙව්ව විදිය.. තාම හිනා..

    ReplyDelete
  12. අපේ යාලුවෙකුත් හිටියා බාගෙට ඇස් පියාගෙන නිදාගන්නෙ. අපි කියන්නෙ හයිබර්නේට් කියලා. නිදාගෙනත් නෑ. ඇහැරලත් නෑ.

    ReplyDelete
  13. @මධුරංග- යකෙක්?හෆොයි!

    ReplyDelete
  14. @සීතල අයියා- හ්ම්..ඔයා ඔය කියන්නෙ පාඩම් කරල ඇස් පියාගන මතක් කරන එක ගැනනෙ.ඒත් මෙයා එහෙම නෙමේ.ඇස් බාගෙට ඇරගන නිදියන්නෙ.

    ReplyDelete
  15. @චතුවා (ළමයා)- ආ ඒකනම් ඇත්ත.ඔයා පාඩම් කරොත් ඉතින් බස්නාහිරින් ඉර පායයි.

    ReplyDelete
  16. @JHOTHISHALANKA- කියල වැඩක් නෑ.මාර මාර අය හිටිය.දැන් නම් මතක් වෙද්දිත් දුකයි.ඒ කාලෙ ආය එන්නෙ නැනේ.

    ReplyDelete
  17. @කල්හාර දිසානායක- හික් .ඒක එයාටම වෙන්වෙච්ච විදියක් මම් හිතන්නෙ.වෙන කවුරුවත් ඔහොම දැක්කෙ නෑ මම් මේ වෙනකම්.

    ReplyDelete
  18. @රජිත්- එතකොට ඔයා නිදියන හැමවෙලේම බ්ලුටූත්,ඉන්ෆ්‍රාරෙඩ් ඔන් කරන්ද ඉන්නෙ?:)

    අනේ ඔව් අපිටනම් ඇදට ගිහින් පොතක් අතට ගත්ත ගමන් නින්ද එනව,ඒකට අරය :))

    ReplyDelete
  19. @සරත් ලංකාප්‍රිය- හෆොයි මරු කතාව...ඔයාලත් කරන වැඩ

    ReplyDelete
  20. @ඉන්දික- මමත් එහෙමයි එක වෙලාවකට:)

    ReplyDelete
  21. @තීර්ථ යාත්‍රිකයා- මාරයිනේ ඔයා.සමහරු ඇදේ විකර්නේ දිගේ නිදියනවලු ඇද දිග මදි නිසා.නැත්තම් මදුරුවො කනවනෙ.

    ReplyDelete
  22. @මකුළුවා......- ආ එහෙනම් හොදා.කොතනටත් ගැලපෙනව:)

    ReplyDelete
  23. @තාරක Dilsh@n- හලේ අල්ප දයනු ගොඩයි

    ReplyDelete
  24. @පිණිබිඳු...- හික් හයිබර්නේට් මරු නම

    ReplyDelete
  25. @නදී :
    ඔව් අක්කා. යකෙක් ඇවිත් පිටට නගිනවලු. ඊට පස්සේ අපේ අප්පච්චි යටි ගිරියෙන් කෑ ගහනවා.

    ReplyDelete
  26. @මධුරංග- අහ්...බය හිතෙනව නේද?මට මතක් වුනේ අර හොල්මන් ෆිල්ම් එක.අර මැරිච්ච ගෑනු ලමය,පිරිමි ලමයගෙ පිට උඩ එල්ලිල ඉන්නෙ?මොනවා කරත් අයින්වෙන්නෙ නැතුව.(ෆිල්ම් එකේ නම අමතකයි)

    ReplyDelete
  27. @නදී :
    ෆිල්ම් එකේ නම "ෂටර් " කියලා වගේ තමා මතක. මෙහෙම දෙයක් තියෙනවා. නිදා ගන්න කලින් ආගම සිහිකරලා පන්සිල් වල පිහිටවලා නිදා ගත්ත දාට ඔය මුකුත්ම කරදරයක් නෑ.

    කවුරු උනත් පන්සිල් අරන් නිදා ගන්නවනම් තමා හොද. මේ කියන මටත් සමහර දාට අමතක වෙනවා.

    ReplyDelete
  28. @මධුරංග- අහ් ශටර් තමා.ඔය ෆිල්ම් එක අපි බැලුවෙ හොස්ටල් ඉද්දි,ඒව ගැනත් හොද කතා තියනව,බය වෙලා රූම් එකට යන්න බයේ හිටිය හැටි :).හිත තමා මල්ලි හැමදේටම පන්සිල් ගන්න එකනම් හොදා.හිත සැහැල්ලුවෙන් තියාගන්න පුලුවන් නම් ඔය දේවල් අඩුයි.

    ReplyDelete
  29. අර තෙල් බව්සරේ ඉන්න මනුස්සය වගේ නිදියන අය ගෙන් පරිස්සම් වෙන්න ඕනෙ, මොකද අර අතේ තියන හුළු අත්තෙන් පිච්චෙන්න පුලුවන්...

    ReplyDelete
  30. !ටී.බී. හේරත්- හුලු අත්තක් අරන් නිදියැව්වොත් යසට තියෙයි

    ReplyDelete