Sunday, May 22, 2011

ගුටිය


මේ සිද්දිය මට කිව්වෙ යාලුවෙක්.ඔන්න එයා දවසක් කැම්පස් එකේ ඉදල ගෙදර එනවලු.ටිකක් පරක්කු වෙලා,එදා ලෙක්චර් එකකටත් ඉදල තමා ගෙදර යන්න බස් එකට ඇවිත් තියෙන්නෙ.

ඒ වෙද්දි දවල් 11ට විතරලු.පැය 4ක විතර ගමනක් නිසා බස් එකේ අය්නක් අල්ලගන්න තියනවනම් හොදයි කියල හිතනකොටම අලුතෙන්ම බස් එකක් ඇවිල්ල නවත්තල.ඉතින් ඒකට නැගල සීට් එකේ අයිනකුත් අල්ලගන හිටියලු.

ගෙදර යද්දි ඉතින් තඩි බෑග් එකක් අරන් යනවනෙ කාලෙකින් ගෙදර යන නිසා,අනික ලැප්ටොප් එකත් තියනව.බඩු ටිකක් වැඩීයි.බෑග් එක උඩට දාල ලැප් එක කකුල උඩ තියන් ඉන්නවලු.

බස් එක යන්න හදද්දිත් එච්චර සෙනගක් බස් එකේ ඉදලත් නෑ,වෙලාව 11 කියන්නෙ කොහෙට්වත් නැති වෙලාවක් නෙ.ඒ නිසා කීපදෙනෙක් විතරයි ඉදල තියෙන්නෙ.
 
ඔන්න එක පාරටම පොඩි කොල්ලෙක් ඇවිත් ඔච්චර ඉඩ තියෙද්දි  මෙයා ලගින්ම ඉදගන.එයාට එහා පැත්තෙ සීට් එක සම්පූර්ණයෙන්ම ඒ වෙද්දිත් හිස්ලු.

ඒත් මේකා මෙයා ලග වාඩිවෙලා.දැන් ඉතින් තරහේ බෑලු.ඒත් ගානක් නැතුව හිටියලු පෙනුමෙන් පොඩි එකෙක් වගේ පෙනුන නිසා.

එයා කොහොමත් බස් වල යද්දි නිදාගන යන්නෙ ,අනික ටිකක් කතාවත් අඩු කෙනෙක්,ඒ නිසා එහා පැත්තෙ කවුරු හිටියත් ගානක් නැ. ටිකට් එක ගන්නකන් ඇහැරල ඉදල ටිකක් නිදා ගත්තලු,

ඔන්න ටිකවෙලාවකින් දැනෙනවලු අර ලග හිටපු පොඩි කොල්ල නිදිවගේ ඔලුව මෙයාගෙ ඇගේ හැප්පෙනව.මෙයා හිතල තියෙන්නෙ පොඩි එකෙක්නෙ,නින්ද ගිහින් වෙන්නැති කියල ඒත් ටිකක් අවදානයෙන් හිටියලු.

ටික වෙලාවකින් මෙයාටත් නින්ද ගිහින් මෙන්න අයම ඔලුව ඇගේ හැප්පෙනවලු,මෙයා කතා නොකරම  ටිකක් එහාට වෙලා.ආයෙත් ටිකකින් ඒ කොල්ලගෙ අත මෙයාගෙ කකුල උඩලු.
 
ඒ වෙලේ නම් හොදටම තදවෙලා,ලැප් එක තියන නිසා හරියට පේන්නෙත් නැලු.

ඒ වෙලාවෙනම් ඇනල කතාකරල කිව්වලු, මේ...පොඩ්ඩක් අයින් වෙනවද?...කියල. අර කොල්ල නිකන් හීනෙන් බයවෙලා වගේ ඈත් වුනාලු.

ටික වෙලාවකින් මෙන්න ආයම අර විදියලු.දැන්නම් හොදටම තද වෙලා,නැගිලට වෙන සීට් එකකට යන්නත් හිතුනලු.ඒත් ඒ වෙද්දි සීට් වල ඉඩ තිබ්බෙ නෑලු.

හිටපන්කො කරන්න හොද වැඩක් කියල, මෙයා අත මිට මොලවට හයියෙන් ශොට් එකක් අර කොල්ලගෙ කකුලට දීල,ඒකා උඩ ගිහින් බිම වැටුන වගේ ඇහැරලා,මෙයා බැනගන බැනගන ගිහින්.එහාපැත්තෙ සීට් එකේ හිටිය කෙනා තුශ්නීම්භූත වෙලා වගේ බලන් ඉන්නවලු.

පලි: ඊට ටික වෙලාවකට පස්සෙ අර කොල්ල බස් එකෙන් බැහැල ගිහින්.මෙයා මොකුත් නොවුන ගානට බස් එකේ ආවලු.

28 comments:

  1. යාලුවෙක්ට වුනා කිවුවට.................

    ReplyDelete
  2. රජ මාවතේ යන කෙල්ලෙක්ටද මෙහෙම වෙලා තියෙන්නේ. හික්. හික්. මටත් හිතෙන්නෙම චතුවා කියපු කතාවමයි. මොකද අදාල ගෑනු ලමයාත් මහතයි නේ. කිසි බයකුත් නෑනේ.

    ReplyDelete
  3. ඒවා වෙන්න ඕන දේවල්.කට පියන් පැත්තකට වෙලා හිටියොත් උන් හිතන්නේ ඒක උන්ට ලැබුණු නිලනොලත් අවසරයක් කියලා.ඔයවගේ සිද්ධි අනන්තවත් අදකාලේ වෙනවා අක්කේ.ගෑනු ළමයාගේ නිර්භීතකම අගය කරනවා.......

    ReplyDelete
  4. එහෙම තමයි ඉන්න ඕනේ...

    ReplyDelete
  5. දුර ගමන් යන බස් වල මේ වගේ දේවල් සාමාන්‍යයෙන් වෙනවනේ..

    ReplyDelete
  6. දැන් දැන් අපේ රටේ මානසික ලෙඩ්ඩු වැඩියි වගේ.. අවාසනාවට වගේ මේ වැඩේ නම් අපි දන්නා කාලේ ඉඳන් ජයට යන ලජ්ජා නැති වැඩක් තමයි..

    ReplyDelete
  7. නියම පාඩම කොල්ලට ........... දැන්වත් හැදුනොත් හොඳයි .......

    ReplyDelete
  8. පිරිමි ළමයි ටික මා එක්ක තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. හුඟක් වෙලාවට බස් එකේ යනකොට ගෑණු ළමයි පත්වෙන අපහසුතා ගැන නම් කියලා වැඩක් නෑ. ඒ වගේ වෙලාවකට ඒ මනුස්සයාට බැන්නත් අනිත් පැත්තට කියන්නෙ ඇඟේ ගෑවෙන්නෙ නැතුව යන්න ඕනෙ නම් කාර් එකක් අරන් යන්න එහෙම නැත්තන් ඔයාගෙ ඇඟේ වදින්න මට ඕනෙ නෑ මට ගෑනියෙක් ඉන්නවා පිස්සුද. ඔන්න ඔහොම කතා. අන්තිමට වෙන අපහසුතාත් දරාගෙන උන්ගෙ බලු කතාත් දරාගෙන යන්න ඕනෙ. ඒ වෙලාවට නම් ගැහැණු වෙලා ඉපදුනේ මොකටද කියලත් මට හිතිලා තියෙනව.

    ReplyDelete
  9. @චතුවා (ළමයා)- මේක වුනේ මගෙ යාලුවෙක්ට.කොහොමද ඔයා කියන්නෙ මේක මට වුනා කියල ඔයා හිටියද එතන :)

    ReplyDelete
  10. @මධුරංග- හික් හික්... මහත බය නැතුව ඉන්න ගෑනු ළමයිට ඉන්නෙ මම් විතරද?මේ රජ මාවතේ නෙමේ.ලේබල් එක බලන්නකො.කොළඹ-බදුල්ල 99 රූට් එකේ යන බස් එකකදි වුන දෙයක්.:)

    ReplyDelete
  11. @රජිත්- ඒකනෙ මල්ලි ඔයවගේ අනන්තවත් සිද්දි මටත් වෙලා තියනව.එක වෙලාවකට හිතෙනව මුන්ට අම්මල නංගිල නැද්ද කියලත්.

    ReplyDelete
  12. @නිම්ශා- ඒකනේ.ඉතාලියෙත් ඔහොම වෙනවද?:)

    ReplyDelete
  13. @Dinesh- ඔව් අනිවාර්යෙන් වෙනව.

    ReplyDelete
  14. @ටී.බී. හේරත්- අනේ ටීබී! දැක්ක වගේනෙ කියන්නෙ මම් කියල :)

    ReplyDelete
  15. @සරත් ලංකාප්‍රිය- හ්ම්...ඒ අතින් බැලුවම නම් ගෑනු අය පත් වෙන අපහසුතා ගැන කියල වැඩක් නැ.

    ReplyDelete
  16. @කල්හාර දිසානායක- කොහෙ හැදෙන්නද අය්ය.ඔය ජරා ගති අරින්න බෑ.

    ReplyDelete
  17. @පිණිබිඳු...- ඒකනම් ඇත්ත.ඒ වෙන අපහසුතා ගැන නම් කියල වැඩක් නැ.ඔයිට වඩා බස් වල යද්දි වෙන දේවල් මට යාලුවො කියලත් තියනව, මම් දැකලත් තියනව,මටත් ඔහොම දේවල් වෙලා තියනව.ගොඩක් මිනිස්සු ඒවට මොනවත් කියන්නෙත් නැ.ඇහැ කන පියන් ඉන්නව.හරියට අපිට මොකෝ කියන්නා වගේ.

    ReplyDelete
  18. @නදී :
    මහත බදුල්ලේ කැම්පස් යන කෙල්ලෙකුට අපි දන්නේ එකම එක්කෙනයි නේ. ඒකයි ඔහොම කිව්වේ.

    ReplyDelete
  19. @මධුරංග- කමක් නැ කමක් නැ හලෝ.:)

    ReplyDelete
  20. මම නම් හිතනන්නෙ මේක වෙලා තියෙන්නෙ මෙයාටම තමයි.හැමදාම දෙයක් උනෝතින් වෙන්නෙ මෙයාගෙ යාලුවටමයි.මෙයාට නෙමෙයි.මාර යාලුවෙක් නේ?

    ReplyDelete
  21. පොඩි ළමයා ආසා කරලා තියෙන්නේ ලැප්ටොප් එකට වෙන්න බැරිද?

    ReplyDelete
  22. ඇත්තටම පුදුම තරම් දුක හිතෙන තත්වයක් තමයි මේක.
    පිරිමි මීට වඩා මානුෂිකව කාන්තාවන් දෙස බලනවා නම් මොන තරම් හොදද...

    ReplyDelete
  23. නදී අක්කා මම දැන් දැනගත්තු විදිය කියන්න ඕනේද?

    ReplyDelete
  24. @සීතල අයියා- මේක මාර වැඩක්නේ.ඇයි යාලුවොන්ට වෙන දේවල් මෙකේ ලියන්න බැරිද?:)

    ReplyDelete
  25. @JHOTHISHALANKA- පිස්සුද අය්යා.ඒකාට වෙන පිස්සුවක් තිබිල තියෙන්නෙ :)

    ReplyDelete
  26. @- නිල් අහස - -ඒක තමා කියල වැඩක් නැ.

    ReplyDelete
  27. @චතුවා (ළමයා)- කොහොමද?නැහ් එක්කො ඕනෙනැ :)

    ReplyDelete