Thursday, May 19, 2011

සොයුරාණනි ඔබට නිවන් සුව...!


ඊයෙ මධ‍ය්‍යම රාත්‍රියත් පහුවෙද්දි  අක්රේ මිත්‍රයෙක්ගෙන් ලැබුන පණිවිඩයකින් කියවුනා දිලුම් මල්ලි අපි ඔක්කොමලව දාල යන්න ගිහින් කියල,ආයමත් නොඑන්නම.

ඒත් හිතාගන්න බැරිවුනා.මොකද ඒක අපි කවුරුත් බලාපොරොත්තු නොවුන ආරංචියක් නිසා .

අනික මෙච්චර ඉක්මනට මෙහෙම දෙයක්!...

විශ්වාස කරන්න බැරිම තැන තවත් දන්න කීප දෙනෙක් ගෙන්ම අහල බැලුවෙ සැකේට.

එත්... ඒ හැමෝම කිව්ව විදියට නොහිතපු වෙලාවක දිලුම් මල්ලි මේ හැමදේම දාල යන්න ගිහින්.

මම් මගෙ බ්ලොග් එක ලියන මුල් කාලෙ කොමෙන්ට් දාපු කෙනෙක් විදියට ඉලංදාරියාව (දිලුම් මල්ලිව) අදුන ගත්තෙ.

කාලයත් එක්ක ගොඩක් දේවල් සිද්ද වුනා.

දිලුම් මල්ලිගෙ අසනීපෙ වෙනුවෙන් සයිබර් යාලුවො ගොඩක් දෙනා මහන්සි වුනා.

ඒත්...මේ වෙද්දි දිලුම් අපි ඔක්කොමලව දාල යන්න ගිහිල්ලා...
දිලුම් මල්ලී, ඔබට නිවන් සුව! ජාති ජාතිවත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා!

4 comments:

  1. මොනා කරන්නද.. අපි හැමෝටම දුකයි තමා.. ඒත් ඉතිරි වෙලා තියෙන්නේ ඉලංදාරියාට නිවන්සුව ප්‍රාර්ථනා කරන්න තමා..!

    ReplyDelete
  2. දිලුම් සොයුර ඔබට නිවන් සුව ..........!

    ReplyDelete
  3. මම මේකට කමෙන්ට් නොකර ඉන්නවා. මොකද පොතක් අරගෙන පෑනක් අරගෙන අපි එක්ක කතා බහ කරන ඉලංදාරිය තාමත් හිතේ ඉන්න නිසා.

    ReplyDelete
  4. ඉලංදාරියා අයියට නිවන් සුව පතමු. ජාති ජාතිවත් මෙවන් අකල් වියෝවක් නොවෙන්න කියලා !!!!!

    ReplyDelete