Monday, May 16, 2011

ගිහි ජීවිතයෙන් නිවන කරා...



සුවහසක් කම්කටොළු මැද ගිහි ජීවිතය ගතකරන ඔබට ධර්මය අවබෝධ කළ හැකිද?යන්න බොහෝදෙනා නගන ගැටළුවකි.එයට ධර්මානුකූලව දිය හැකි පිළිතුර නම් ගිහි ජීවිතය ගත කරන ශ්‍රාවකයන්ට ධර්මය අවබෝධ කොට මාර්ගඵල ලැබිය හැකිය යන්නයි.අප කවුරුත් අසා ඇති බිම්බිසාර රජතුමා,අනේපිඩු සිටුතුමා,විශාඛා මහ උපාසිකාව,වැන්නවුන් ගිහි ජීවිතය තුල සෝතාපන්න වූ ශ්‍රාවකයන්ය.චිත්ත ගෘහපති, හත්තාලවකපුත්ත සිටුතුමා, නන්ද මාතාව, බුජ්ජුත්තරාව වැන්නවුන් අනාගාමී තත්ත්වය දක්වා දියුණු කළ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ය.

වර්තමානයේ පවා ගිහි ජීවිතය තුළ දී ධර්මය අවබෝධ කිරීමට නම් කළ්‍යාණ මිත්‍ර ඇසුරත්, සද්ධර්ම ශ්‍රවණයත් බාහිරින් ලැබිය යුතුය.යෝනිසෝමනසිකාරයත්, ධම්මනුධම්ම ප්‍රතිපදාවත් තමන් තුළ ඇතිකර ගැනීමෙන් මේ ජීවිතයේදීම මග ඵල ලැබිය හැකිය.

මේ ධර්ම ග්‍රන්ථය තුළින් ගිහි ජීවිතයෙන් නිවන කරා ඔබව රෑගෙන යන ශ්‍රී සද්ධර්මය ඇතුළත් ධර්ම දේශනා තුනක් ඔබ අතට පත්වේ.මම ග්‍රන්ථය ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව පරිශීලනය කිරීම තුළ ධර්මාවබෝධය පිණිස බාහිරඅංගයක් ලෙස ලැබිය යුතු කළ්‍යාණ මිත්‍ර සේවණයත්,සද්ධර්ම ශ්‍රවණයත් නොවඩුව ලැබෙනු ඇත.

පොතේ පසුපිටේ සදහන් වෙන ආකාරයට පොත ගැන කෙටි විස්තරයක්  ඒ කිව්වෙ.වෙසක් එකට කලින් කියවල ඉවර කරන්න හිතුවට මට ඒක කරගන්න බැරිවුනා.ඉතා වටිනා ධර්ම කරුණු රෑසක් මෙහි අඩංගු කරල තියනවා,සරලව තේරුම් ගන්න පහසු ආකාරයට ලියල තියන නිසා කියවන්නත් ආස හිතෙනව.බුදුදහම ගැන ලියවුනු පොත් කියවන්න ඔයාලත් කැමති වෙයි කියල හිතෙනවා.පොත ලියල තියෙන්නෙ ගලිගමුවේ ඤාණදීප හාමුදුරුවෝ.

12 comments:

  1. ගලිගමුවේ ඤාණදීප හාමුදුරුවෝ කරන දේශනා ඇතුලත් කරලා ඉරිදා ලංකාදීපේ ලිපි පෙළක් ගියා මතකයි.

    සාදු සාදු සාදු සබ්බ දානං ධම්ම දානං ජිනාති

    ReplyDelete
  2. @Hasitha- ඔව් මමත් ආසාවෙන් කියවපු ලිපි පෙලක් ඒක.

    ReplyDelete
  3. @කල්හාර දිසානායක- කියවන්න වෙලාව තියනව නම අරගන බලන්න

    ReplyDelete
  4. @ටී.බී. හේරත්- ඔබටත් යහපත් සිතිවිලින් පිරි සුබ වෙසක් දිනයක් වේවා!

    ReplyDelete
  5. @අපරාජිතයා :::: Aparajithaya- හා බලන්නකො එහෙනම්

    ReplyDelete
  6. බුද්ධ ධර්මය විද්‍යානුකුලව විග්‍රහකරන බන මම ඇහුවේ පුන්නජී හාමුදුරුවන්ගෙන් මැලේසියාවේදී.. උන්වහන්සේ ගිහි ජීවිතේදී බටහිර වයිද්යවරයෙක්.. පස්සේ මහණවෙලා ඇමෙරිකාවේ විශ්ව විද්‍යාල දෙකක ආචාර්ය උපදී කරලතියෙනවා දර්ශනය වගේ විෂයයන් ගැන.. ප්‍රොටෝ බුඩිසම් කියල වෙබ් සයිට් එකක් තියෙනවා..http://www.protobuddhism.com/ ලින්ක් එක ... භාවනාව කියන්නේ කුමක්ද කියලත් හරියට මම ඉගෙනගත්තේ උන්වහන්සේගෙන්...

    ReplyDelete
  7. මේ පොත නම් කියවලා නෑ.

    ReplyDelete
  8. @සරත් ලංකාප්‍රිය- දැන් ගොඩක් දෙනා බුදුදහම විද්‍යානුකුලව විග්‍රහකරමින් ඉගන ගන්නයි කැමති,ඉස්සරනේ ගොඩක් ජාතක කතා වගේ දේවල් වලින් බණ කිව්වෙ.

    ReplyDelete
  9. @මධුරංග- ඔයාට වෙලාවක් නැනේ.

    ReplyDelete