Thursday, May 12, 2011

ආරක්ශාවක්ද ?වෙන මොකක් හරිද?



මේක ඇත්තම ඇත්ත සිද්දියක්,අපේ මාමා කෙනෙක් ගෙයක් හදාගන තිබුන ගමේ,ඒ කියන්නෙ මාමාගෙ තාත්ත ලියල දුන්න ඉඩමක,හැමෝම කිව්වෙ ගොඩක් සරුසාර ඉඩම කියල.මොකද එක පැත්තකින් වැව,අනික් පැත්තෙන් කුඹුරුත් තියනව.පොළවත් සරුසාරයි දැක්කම කියන්න පුලුවන්,ගොඩක් ගස්කොලං එහෙමත් හදල කරල තිබ්බා.


මාමාට තව අය්ය කෙනෙක් හිටිය,එයා ගොඩක් ආසාවෙන් ඉදල තියෙන්නෙ මේ ඉඩම එයාට දෙයි කියල.ඒත් ලොකු අත්තා (මාමාගෙ තාත්තා) ඒ ඉඩම ලියල දීල තියෙන්නෙ මේ පොඩිමාමාට.ඒ නිසා ලොකු මාමා හිතේ පොඩි නෝක්කාඩුවකින් ඉදල තියෙන්නෙ.


ඔය අතරෙ පොඩිමාමගෙ විවාහයත් වුන නිසා ඒ ඉඩමෙ ගෙයක් හදන්න පටන් අරන්.සෑහෙන කාලයක් මහන්සි වෙලා ගෙයක් හැදුවත්,එච්චර කලක් ඒ ගෙදර ඉන්න හම්බවෙලා නෑ.එක එක හේතු නිසා  පහුකාලීනව ඒ මාමා තීරණය කරල ටවුමෙ තිබ්බ ගෙදරට එන්න.ඒ වෙද්දි මාමාට ළමයි දෙන්නෙකුත් හීටිය.


අන්තිමට අර හදපු ගමේ ගෙදර වහල දාල තිබ්බ,හිටවල තිබ්බ පොල්ගස් වලත් ආදායම ගොඩක් අරගත්තේ අර ලොකු මාමා.පොඩිමාමා නම් කිව්වෙ ඉඩම් බදාගන ඉන්නෙ නැතුව ටවුමට ආව නිසා තමයි ළමයි දෙන්නට උගන්නගත්තෙ කියල.


මේ ලගදි මාමාට ඕන වෙලා තියනව අර ගමේ ගෙදර කඩල ලී ටිකවත් අරන් එන්න ඕනෙ කියල, මොකද ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් නෑනෙ.ගොඩක් ඉඩම පරිභෝජනය කරේ අරගොල්ලො.ඒ නිසා දවසක් ගිහින් ගේ කඩල උලු, ගඩොල් එහෙම ගමේ නැති බැරි කීපදෙනෙකුට දීල,ලී ටික පටවන්න හදද්දි,ලොකු මාමාගෙ පුතත් ඇවිල්ල හිටියලු උදව්වට.


එක පාරටම ඒ අය්ය පොඩි කුප්පියක් වගේ එකක් අර ගඩොල් ගොඩ අස්සෙ තිබිල අහුලගන, මේ බලන්නකො බාප්පේ...! මේ මොකද්ද?...කියල මාමාගෙ අතට දීල.ඊට පස්සෙ ඒ වෙලාවෙ එතන හිටපු අයත් එක්කක කඩල බලල,හරියටම අර තෙල් බෙහෙත් දාන කුප්පියක් වගේමලු.ඒක ඇතුලෙ මොනව්ද ඇට ජාතියක් වගේ දෙයකුත් තිබ්බලු,ගොඩක් පරණ එකක්.


තව රෝල් කරපු තඹ පත්‍රයකුත් තිබිල,ඒකෙ මොනවද ඇදලත් තිබ්බලු.මැද මිනිස් රූපයක් ඇදල අර මාමාගෙ නමත් ලියල. ඒකෙ නම ලියල තිබ්බෙ ලොකු මාමා නම ලියන විදියටමලු.ගොඩක් අය කිව්වෙ එහෙනම් එයා වෙන්න ඇති මේක කරන්න ඇත්තෙ කියල.එයා ඔයවගේ දේවල් කරන්න දන්නවලු.


සමහර විට කාට හරි දෙන්න ඇති ගෙදර බිත්ති බදිද්දි ඒකත් තියලම බදින්න කියල.පුදුම වැඩේ කියන්නෙ එයාගෙම පුතාටම මේක අහුවුන එක.ඒත් මාමා කිව්වෙ එයාට හොදනම් කමක් නැ....අපි කවුරුත් ඕව මැරෙද්දි අරන් යන්නෙ නෑනේ...කියල.

21 comments:

  1. ඔයාගේ මාමාගේ කතාව හරියටම හරි "එයාට හොදනම් කමක් නැ....අපි කවුරුත් ඕව මැරෙද්දි අරන් යන්නෙ නෑනේ"

    ReplyDelete
  2. සහෝදරයෝ ලග උනත් සමහර වෙලාවට ඉරිසියාවට මේ වගේ දේවල් වෙනවා.. කොහොම උනත් ඔයාලගේ මාමාගේ ඉවසීම නම් අගය කරන්න ඕන..

    ReplyDelete
  3. ගෙදරට දූමි පාලුවක් වගේ දෙයක් කරලා කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒක වෙන්නත් ඇති මාමලට ගේ එපාවෙන්න තිබ්බ එකම හේතුව. කවුරු කවුරුත් දැන ගන්න ඕනේ මැරෙද්දි මේ සේරම අපි දාලා යන්නේ. එද්දි අරගෙන ආවෙත් නෑ යද්දි අරගෙන යන්නෙත් නෑ. කරපු පින් පව් දෙක විතරයි අරගෙන යන්නේ. ඒනිසා යන තැනකට පිනක් කරගත්තොත් තමා හොද.

    ReplyDelete
  4. "මහ පොලවකට නඩු හබ ඇයි ගතු කීම..."

    ReplyDelete
  5. මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා
    මනසා චෙ පදුට්ඨෙන -භාසති වා කරොති වා
    තතො නං දුක්ඛමන්වෙතී- චක්කංව වහතො පදං

    ReplyDelete
  6. මිනිස්සු කවදහරි තමන් කරපු පව් ගැන දුක් වෙනවා.
    එදාට පසුතැවිලා පලක් තියෙද කියලයි මට නම් හිතෙන්නේ.

    ReplyDelete
  7. මැරෙනකොට අඟලක් අරගෙන යන්න බෑ. මොකට මේවට මරාගන්නවද මන්දා.

    ReplyDelete
  8. ඕවා ගැන සීයට සීයක් විශ්වාස කරන්න ගියොත් ඉතිං ජීවත් වෙන්න වෙන්නෙ නැහැ ....... හැබැයි ඕවයෙ ඇත්තක් නැත්තෙම නැහැ ......

    ReplyDelete
  9. @පූසා- ඒක ඇත්ත මල්ලි .ඉන්නටිකටනේ මේ ඔක්කොම කෙරුවාවල්.

    ReplyDelete
  10. @Dinesh -හ්ම්...අනේ මන්ද ඕක ඉරිසියාවද.ලෝබ කමද කියල

    ReplyDelete
  11. @මධුරංග- වෙලාවකට එහෙම වුන එකක්ත් හොදයි කියල හිතෙනව.දැන් ඒයාල හොදින් ඉන්නව:)

    ReplyDelete
  12. @ටී.බී. හේරත්- යද්දි අරන් යන්ඩ හිතාගන වෙන්ඩැ

    ReplyDelete
  13. @Helping To People- ඔව් එයා ක‍රපු දේවල් එයාට තියේ.ඒව ඔක්කොම එයාගෙ එකවුන්ට් එකටනෙ බැර වෙන්නෙ

    ReplyDelete
  14. @- නිල් අහස - හ්ම්...එතකොට ගොඩක්ම පරක්කු වැඩී.කම්පාවුනා කියල වැඩක් වෙන්නෙත් නැ.වෙලා ඉවරනේ

    ReplyDelete
  15. @පිණිබිඳු...- අනේ මන්දා?

    ReplyDelete
  16. @කල්හාර දිසානායක- ඕව්... හිතේ සැකේ එක්ක ඉන්න අමාරුයිනේ.

    ReplyDelete
  17. @ නදී,
    දැං කවුරු කවුරුත් හොඳින් ඉන්නව නම් එච්චරයි...

    ReplyDelete
  18. මොකක් හරි භූමි දෝශයක් කරලා ඇති. නැත්නම් ඔහොම කුප්පි තියනවා යෑ. ආරක්ෂාවක් කලා නම් ගෙදර කට්ටිටට මතක තියෙන්න එපැයි.

    බ්ලොග‍ර් ලෙඩ වෙච්චි නිසා දාපු කමෙන්ට් එක මතක නෑ.

    ReplyDelete
  19. @පූසා- අනේද කියන්නෙ.හරියට යද්දි ඔක්කොම අරන් යනව වගේනෙ වැඩ කරන්නෙ

    ReplyDelete
  20. @Dinesh- ඕක ඊරිසියාවද තණ්හාවද ලෝබකමද කියල මට හිතාගන්න බැරුව ඉන්නෙ

    ReplyDelete
  21. @මධුරංග- මටත් හිතෙන්නෙ එහෙම දෙයක් වගේ තමා

    ReplyDelete