Wednesday, May 11, 2011

පොල් ගෙඩියක් කළ හදියක්



මතක ඇති 90 දශකයේ මුල් කාලෙදි විතර,කාලයක් ඉස්කෝලවල ප්‍රාථමික ළමයින්ට කෑම නොමිලේ දුන්නා.ඒ වෙනුවෙන් කූපන් එකක් වගේ කාඩ් එකකුත් දීල තිබ්බ, ඉස්කෝලෙ එන දවසට ඒක මාර්ක් කරන්න. ඔන්න ඒදවස් වල වෙච්ච සිද්දියක් තමා මේ කියන්න යන්නෙ.

ඒ දවස්වල කෑම වෙනුවෙන් ප්‍රාථමික ළමයින්ට නොයෙක් දේවල්  නොමිලේ කන්න දුන්න ඉස්කෝලෙන්, එතකොට මම් 2 වසරේ විතර,සව් කැද,කවුපි,මුංඇට,කඩල,මාලු බනිස් අරව මේව එක එක ජාතියෙ  කෑම දුන්න.ගොඩක් වෙලාවට ඔය සමහර කෑම හදන්න ලොකු පන්තිවල ළමයි උදව්වටත් ගන්නව.

ඔන්න දවසක් අදුරන කෙනෙක් අපේ ගෙදර ආව එයාගෙ දුව ඉස්පිරිතාලෙ ගෙනල්ල ඇඩ්මිට් කරා කියල.හේතුව ඇහුවම කිව්වෙ ඔය ඉස්කෝලෙ කෑම දෙන වැඩකට උයන්න ගිහින් වෙච්ච ඇබැද්දියක් ගැන.මොකද දන්නවද වෙලා තියෙන්නෙ එදා ඉතින් මුංඇට එක්ක පොල්. තමයි ළමයින්ට දෙන්න වෙන්කරල තියෙන්නෙ.

ඒකට පොල් ගෙඩියක් බිදින්න ගිහින් අර ගෑණු ළමයගෙ ඇගිල්ලක එක පුරුකක් වෙන් වෙන්නම කැපිල ගිහින්.ඉතින් මේ තාත්ත අර ළමයත් එක්ක හොස්පිටල් ඇවිල්ල තියෙන්නෙ ඇගිලිකොටෙත් කමිස සාක්කුවෙ දාගන.එයා මුස්ලිම් කෙනෙක්.මට මතක විදියට ලේන්සුවක ඔතාගන ගෙනල්ල තිබ්බෙ,ඇගිල්ලෙ කෑල්ලක්. ඇගිල්ලෙ පුරුකක් විතර වෙන්නම කැපිල වෙන්වෙලා තිබුන.

19 comments:

  1. පව් දෙයියනේ ....... ඒ තාත්තට මොන හැඟීමක් එන්න ඇද්ද .....

    ReplyDelete
  2. අම්මෝ මේ කතාව කියෙව්වම ඇගත් හිරි වැටිලා ගියා. දැන් ඒ ලමයා කෝ අක්කා? එයැයිට ඊට පස්සේ මොකෝ උනේ? පව් ඒ ළමයා !!!!

    ReplyDelete
  3. :O පොල් කිව්වම මාර වටින ටොපික් එකක් නිසා ආවේ..ඒත් වෙලා තියෙන්නේ අප්ස්ට් කේස් එකක් නේ :(

    ReplyDelete
  4. හරිම දුක හිතෙනවා.ඒ දරුවා පෙර පවක් කරලනම් ඒකට ප්‍රති විපාකෙ එයාට තේරෙන වයසකදි ලැබුනනම් කියල හිතෙනවා.

    ReplyDelete
  5. @කල්හාර දිසානායක- පව් තමා මොනා කරන්නද?කැල්ල හයි කරන්න බැනෙව

    ReplyDelete
  6. @පිණිබිඳු...-හ්ම්...පව්

    ReplyDelete
  7. @මධුරංග- ඉන්නව ඇති ,එයාල ගැන වැඩිය දන්නෙ නැ,අපේ අල්ලපු ගමේ කෙනෙක්

    ReplyDelete
  8. @රත්ගමයා- පොල් ගෙඩියක් වත් බෙදනව කියල හිතලද මෙහෙ ආවෙ :)

    ReplyDelete
  9. @JHOTHISHALANKA- හ්ම්...ඒත් ඇයි බැරිදෙයක් කරන්න ගියෙ,ඒකෙන්නෙ ඔහොම වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  10. අපෝ මුලු ඇගම හිරි වැටිලා ගියා....

    ReplyDelete
  11. මේ ඉතින් මොකද වුනේ ඒ ළමයට? අඩේ ටක්ගාලා ගම්ටිකක් ගාලා අලවන්න එපැයි..

    රත්ගමයා ආවේ මහින්ද මාමට බනින්න සුවර්..!

    ReplyDelete
  12. @සීතල අයියා- දැන් හරිද? :O

    ReplyDelete
  13. @චතුවා (ළමයා)- ගම් ගාල අලවන්න?:O
    ඔව් ආය දෙකක් නැ,රතා ආවෙ ඒකට තමා.

    ReplyDelete
  14. පොල් බිඳින්නෙ පිහියෙ මොට්ට පැත්තෙන් ගහල නේද?
    මේ ළමයා අනිත් පැත්තෙන්ද බ්ඳල තියෙන්නේ.?

    ReplyDelete
  15. @තාරක Dilsh@n- ඔව් පිහියෙ මොට්ට පැත්තෙන් ගහල තමයි.අනේ මන්ද කොහොමහරි කැපිල තිබ්බ.

    ReplyDelete
  16. හරි විධියට පොල් ගෙඩියක් බිඳින්නෙ පිහියෙ මුවහත පැත්තෙන් ගහල. ඒකටත් නිවැරදි ක්‍රමයක් තියනව,
    "දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග"

    ReplyDelete
  17. @ටී.බී. හේරත්- එහෙමද?මටත් ලගක් වෙනකම් පොල් ගෙඩියක් බිදගන්න හැකියාවක් තිබ්බෙ නැ.බොරු කියන්න මොකටද.පොල් ගෙඩිය බිම තියල තමයි බින්දෙ.පස්සෙ පස්සෙ බය ඇරුන.දැන් පුලුවන් අතේ තියන් බිදින්න.අර දාරයක් බලල ගහන්න ඕනෙ නේද,නැත්තම් හරියකට බිදෙන්නෙ නැ මම් හිතන්නෙ.බලන් ගියාම එකත් කලාවක්. :))

    ReplyDelete
  18. @ නදී,
    හරියටම හරි, ඒක අතේ හුරුවෙන් කරන්න ඕනෙ දෙයක්. කෙනෙක් ට ඒක උගන්වන්න බැ මෙහෙමයි කියල, තමන් ම අත්දැකීමෙන් දැනගන්න ඕනෙ.

    ReplyDelete