Monday, May 9, 2011

සිතේ සැබෑව


"මේ විශ්වයේ නැවත නැවත පරම්පරා වශයෙන් පවත්වන්නා වූ මේ චිත්ත ධාරාව යම් කිසි කෙනෙකුට නැවත හට නොගෙන අවසන් කරන්නට පුලුවන්නම්, ඒ කෙසේද නැවත හට නොගන්නේ? එල්ලෙන්නට තැනක් නැති කරන්නට ඕනෙ.යම් තැනකින් අල්ලාගන්නට තිබුනොත් ඒ අල්ලා ගත්තු සැනින් එය නැවත නැවතත් හට ගන්නවා.ඒ විදියට හට ගන්නට අවශ්ය ශක්තිය නැතිවුනොත් පමණයි මේ සිත නිරුද්ධ වෙන්නෙ.යම් දවසක විශ්වය තුළ මේ සිත හට ගත්තානම් එදා පටන් මේ දක්වාම බොහෝ දේ අල්ලගන නැවත නැවතත් ශක්තිමත් වෙමින් ඒ චිත්ත පරම්පරාව විශ්වය තුල පවතිනවා."

චිත්තානුපස්සනාව ගැන කරපු ධර්මදේශනවක්  ඇසුරෙන් තමයි මේ "සිතේ සැබෑව" පොත ලියල තියෙන්නෙ.පොත මට යාලුවෙක් ගෙනල්ල දුන්නෙ ලගදි දවසක,එයා එයාලගෙ අම්ම,තාත්ත වෙනුවෙන් මේ පොතේ මුද්‍රණ කටයුතු වෙනුවෙන් වියදම් කරල,අදුරන අයට,යාලුවොන්ට එහෙම බෙදල දෙනව කියල. ඉතින් ඒ නිසා මටත් පොත් කීපයක් හම්බවුනා.පොත ලියල තියෙන්නෙ නම් පොකුණුවිට, ශ්‍රී විනයාලංකාරාරාම වාසී, පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේ විසින්.මම් නම් එක හුස්මට කියෙව්ව පොඩි පොතක් නිසා.

18 comments:

  1. හ්ම්ම් ලස්සන ඇති එහෙනම් පොත.

    ReplyDelete
  2. නදී අක්කා පොත් ගැන පෝස්ට් දාන විදිහට මාරම පොත් ගොඩක් කියවන හැඩයි. අපටත් නිවාඩුවක් තිබ්බ නම් පොත් දෙන තුනක් කියවන්න තිබ්බා. දුක තමයි රංජනී :(

    ReplyDelete
  3. "සබ්බ දානo ධම්ම දානo ජිනාති"

    ReplyDelete
  4. මට අකමැතිම මාතෘකාවක් "පොත් කියවීම".කියන්නනම් එපා අනේ මල්ලි පොතක් ගන්න කියලා.

    ReplyDelete
  5. මනෝ පුබ්බං ගමා ධම්මා
    මනෝ සෙට්ඨා මනෝමයා
    මනසාචේ පදුට්ඨෙන
    භාසතීවා කරොතිවා

    පින්වත් කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිළිව අභිධර්මය තෝරා දෙන ධර්ම කථිකයානන් වහන්සේ නමක් නෙ. පොතෙත් ඉතාම පැහැදිළිව චිත්තානුඵස්සනාව පැහැදිළි කරල ඇති.

    ReplyDelete
  6. මෙයත් කියවන පොතක් නෑ.. පෙරවදනයි පසුවදනයි විතරයි කියවන්නේ.. :P

    ReplyDelete
  7. @පිණිබිඳු...- හ්ම්...කියවන්න ආස හිතුන

    ReplyDelete
  8. @මධුරංග- දුක තමයි පුතා මොනව කරන්නද?වෙලාව හොයාගන කියවන එකයි තියෙන්නෙ :)

    ReplyDelete
  9. @රජිත්- හ්ම්...

    ReplyDelete
  10. @සීතල අයියා- එතකොට ඔයා කොහොමද අර විභාගෙ ගොඩ දැම්මෙ,පොත් නොකියවද? :O

    ReplyDelete
  11. @ටී.බී. හේරත්- ඕව් ගොඩක් පැහැදිලිව කියල තියනව සරලව.එකනිසාම තමයි කියවන්න ආස හිතුනෙ

    ReplyDelete
  12. @චතුවා (ළමයා)- ආ...ඔයාට ඕන එකක් කියන්න පුලුවන් මමනෙ දන්නෙ මම් කියෙව්ව කියල,අපේ ගෙදර ආවම ඔයාටත් ඕන නම් දෙන්නම් කියවන්න.

    ReplyDelete
  13. මට හිතෙන්නේ නදී අක්කලගේ ගෙදර පුස්තකාලයක් වගේ ඇති නේ. අපේ ගෙදර පොතක් තිබ්බොත් ඒක කවුරුහරි අරන් යනවා ආයෙම ගෙනත් දෙන්නෙත් නෑ.

    ReplyDelete
  14. අරගෙන බලන්න ඕන .......... ටිකක් හෙම්න් සැරේ කියවන්න ඕන පොතක් වගේ ..........

    ReplyDelete
  15. @මධුරංග- පොත් ගොඩක් තියනව ගෙදර.ඒත් දැන් සමහර පොත් අදුරන අය අරන් ගිහින් ගෙනත් දෙන්නෙ නැ.ඉල්ලද්දි නොදිත් බෑ.අරන් යන අය එපැයි මතක් කරල ගෙනත් දෙන්න.ඔයවගේ පොත් කීපයක්ම දැන් හොයාගන්න නැ,කවුරු අරන් ගියාද කියල,මම් ආසාවෙන් කියවපු පොත්,දැන් සමහර ඒව පොත් සාප්පු වල හෙව්වට හොයාගන්නත් බැ :(

    ReplyDelete
  16. @කල්හාර දිසානායක- ඕව්... නිවාඩුව කියවන්න තියනවන්ම් හොදා

    ReplyDelete
  17. මම පොත් කියෙව්වා? :=))
    හීනෙං තමයි හලෝ.විභාග පාස් වෙන්න පොත් කියවන්න ඕනමද?
    එහෙමනම් ඒ ඔයාට වෙන්න ඇති...

    ReplyDelete
  18. @සීතල අයියා-අපි නම් ඉතින් පොත් කියෙව්ව විභාගෙට යන්න කලින්.ඔයාවගේ අපි මීටර් නෙමේ නෙ.

    ReplyDelete