Friday, May 6, 2011

කැපකිරීමද? මෝඩකමද?


මතක විදියට එයා ඒ ලෙවල් විභාගෙට පන්ති ගියෙ බෝඩිමක ඉදල,අන්තිම කාලෙ තනියම උයාගනත්  කාල තියනව,කඩෙන් කන්න අමාරුයි කියල.කොහොම හරි අන්තිම ප්‍රතිඵලේ සාර්ථකයි,එයා කැම්පස් තේරුන,ඒකත් ටිකක් දුර පලාතකට.ඒ වෙද්දි එයා යාලුවෙලා හිටියෙ එයාගෙම වයසෙ අය්ය කෙනෙක් එක්ක,අවාසනාවකට ඒ අය්යට කැම්පස් යන්න බැරිවුනා.අය්ය මුලින් කැමති වෙලා නෑ අක්ක කැම්පස් යනවට,පස්සෙ කියල තියනව යන්නම ඕනෙනම් විවාහය රෙජිස්ටර් කරල යන්න කියල,කොහොමින් හරි ඔය කෝකත් එකයි නේ කියල දෙන්නගෙම අම්මල තාත්තල කෙලින්ම වෙඩින්එකම අරන් තිබ්බා.

වෙලාව කියන්නෙ එයා කැම්පස් ගිය මුල්ම දවසෙ යුනි එකේ ස්ට්‍රයික් එකක්,අරන් ගිය බඩු ටික හොස්ටල් එකේ දාලා ආපහු ඒගමන්ම ගෙදර ඇවිත්.මම් හිතන්නෙ ඒ ගමන් මාසයක් විතර ගෙදර හිටිය,ඔය අතරෙදි තමා ඒ අක්කට බබෙක් ලැබෙන්න යනව කියල අහන්න ලැබුනේ.

අනික කැම්පස් එකත් ගොඩක් දුර නිසාම යන්න එන්න අපහසුවත් එක්ක,අක්ක අවුරුද්දක කාලයක් කල් අරන් තිබ්බා.එයාට පුතෙක් හම්බුනා.ඒත් බබා ලැබුනට පස්සෙ කැම්පස් යන එක ගැන එයාට එච්චර උනන්දුවක් පේන්න තිබ්බෙ නෑ.බබා දාල යන්න බැ...කියල ගෙදර හිටිය,කිසිම රැකියාවක් කලේ නෑ,බැදල හිටපු නිසා විද්‍යාපීඨවත් නර්සින් වත් දාන්න පුලුවන් උනෙත් නැ.අය්ය කරේ බිස්නස්,ඒකෙන් තමයි පවුල නඩත්තු වුනේ.

මේ අය්යට ෆේස්බුක් ප්‍රෙෆයිල් එකකුත් තියනව,ඒත් අක්කගෙවත් බබාගෙවත් එකම පිතූරයක්වත් ඒකෙ දාල තිබ්බෙ නෑ,එයාගෙ පිංතූර ඇරෙන්න.ඔය අස්සෙ ආරංචි වුනා,ඒ අය්යට ගෑනු කෙනෙක් එක්ක වෙන සම්බන්ධයක් තියනව කියල.අර අක්ක ඒ ගැන ගොඩක් දුක් වුනා,ඔහොම කාලෙ යද්දි කොහොම හරි ඒ සම්බන්දෙ නැතිවෙලා,දැන් දෙන්න හොදින් ඉන්නව කියල තමයි කිව්වෙ.

මේ ලගදි අක්කට ආයෙත් බබෙක් ලැබෙන්න,එතකොට තමයි ගෙදර තිබිල පාස්පෝට් එකක් අහම්බෙන් දැකල තියෙන්නෙ,ඔය අස්සෙ සැක හිතෙන කෝල්ස් එහෙමත් නිතර එනවලු ඒ අය්යට,අක්ක වැඩිය ගනන් අරන් නෑ ඒත්.පස්සෙ තමයි අය්යම කියල තියෙන්නෙ මම් ඉන්නෙ රට යන්න...,බබා ලැබෙනකම් තමයි ඉවසල හිටියෙ!... කියල.ආරන්චි කරල බලද්දි අර සම්බන්දෙ තවත් තියනවලු,දෙන්නම රට යන්න ඉදල තියෙන්නෙ හොරෙන්ම.

දැන් හැමෝම බනින්නෙ අර අක්කට.දුර දිග නොහිතා මෝඩ වැඩක් කරගත්තෙ, කැම්පස් නොයා කියල.අනික එච්චර වයසක් තිබිලත් නෙමේ එයාලා බැන්දේ,අර අය්යගෙ බල කිරීමට,එයා බයවෙන්න ඇති කැම්පස් ගියාම වෙන කෙනෙක් එක්ක අක්ක යාලුවෙයි කියල,මොකද අක්ක ගොඩක් ලස්සන නිසා.කවුරු මොනව කිව්වත් දැන් ඉතින්  අතීතෙ වෙනස් කරන්න බෑනෙ.වටපිටාවෙ අය නම් කියන්නෙ මේව කාට කාටත් හොද පාඩම් කියල.

38 comments:

  1. මේ යන තත්වෙ එක්ක කාවවත් විශ්වාස කරල වැඩක් කරන්න අමාරුයි..

    ඒ අක්කනම් ගොඩක් පව්. ඒ කොල්ලව ව්ශ්වාස කරල තමන්ගෙ මුළු ජීව්තේම කැප කරපු එකට අන්තිමට ලැබුන දේ

    ReplyDelete
  2. සමහර තීරන ජීවිතේම වෙනස් කරනවා තමා..හරි තීරනේ හරි වෙලාවෙදි ගන්න ඕනා...

    ReplyDelete
  3. පිට ඔපේට ලස්සනට , හැන්ඩියට ඇන්දම ඔක්කොම හරි ඊට පස්සෙ තන්හාව කොහොම හරි ශරීර කුඩුව අත් පත් කර ගන්න .... , ටික දවසක් ගියහම ඔක්කොම අසාවන් ඉවරයි ...........................

    ReplyDelete
  4. නිසි වයසට නිසි දේවල් නොකරාම වෙන්නේ ඕවා තමයි.

    ReplyDelete
  5. ඇයි හැමෝම ලස්සන කියන එකට ප්‍රමිඛස්ථානය දෙන්නෙ?මට ඒක තේරෙන්නෙ නෑ.ලස්සනට ඉස්සෙල්ලා ගොඩක් දේවල් තියෙනවනෙ බලන්න.අනේ මංදා..

    ReplyDelete
  6. මුලදී කැපකිරීමක් කියලා හිතෙන්නැති එයාට.. ඒත් දැං හිතෙනවැති මොඩකම කියලා..

    රත්ගමයා කියපු එකට මමත් එකඟයි..

    ReplyDelete
  7. ඒ වුනාට යන කෙනා නවත්තන්න ඕන නැහැ යන්න අරිනවා මිසක් ........ ජීවිතේ අපිට හැම දෙයක්ම අපිට ඕන විදියට ලැබෙන්නෙ නැහැනෙ ...

    ReplyDelete
  8. බදින්න පෙර සිතා බදිනු..........

    ReplyDelete
  9. අපරාදේ ලස්සන ජීවිතයක් ගත කරන්න තිබ්බ අක්කා,,, :(
    ජීවිතේම නැතිකරගෙන

    ReplyDelete
  10. අපරාදේ ඒ අක්කට කැම්පස් ජීවිතයත් නෑ. පවුල් ජීවිතයත් නෑ. මට හිතෙන්නම ඒ අයියට කැම්පස් යන්න බැරි උන එකේ ඊර්ෂ්‍යාවත් තියෙන්න ඇති.

    මොකද අපේ පැත්තේ අක්කා කෙනෙක්ට මෙඩිසින් යන්න ලැබුනා. එයා යාලු වෙලා හිටපු අයියට සයන්ස් ෆැකල්ටි එකට සිලෙක්ට් උනේ. කවදහරි අක්කා අවුට් උනාම ඩොක්ටර් කෙනෙක් වෙන හින්දා ඒ අයියා කිව්වා අක්කගේ කැම්පස් ගමන නවත්වන්න කියලා. පව් ඒ අක්කා ආයෙම කැම්පස් ගියේ නෑ.

    ReplyDelete
  11. @තාරක Dilsh@n- පව් තමා. ඒක ඉතින් එයාගෙ වෙලාව තමයි

    ReplyDelete
  12. @රත්ගමයා- ඔව් ඒත් ඉතින් අනාගතේ මෙහෙම වෙයි කියල කාටද කියන්න පුලුවන්.

    ReplyDelete
  13. @sameera- හ්ම්...ඔව් ඉක්මන් වෙන්න නරකයි ඔයවගේ තීරණවලදි

    ReplyDelete
  14. @මම- අනේ මන්ද?

    ReplyDelete
  15. @D# group- මමත් ඕකමයි හිතන්නෙ

    ReplyDelete
  16. @සීතල අයියා- මුලින්ම අපේ ඇහැයන්නෙ ලස්සනටනේ එක වෙන්න ඇති.ඒත් ඉතින් ඔයවගේ කාරණා වලදී ඔයිට වඩා ගොඩක් දේවල් හිතන්න වෙනවනෙ නේද?

    ReplyDelete
  17. @සෝරෝ- ඔව් දැන් එහෙම හිතෙනව ඇති ඒත් ආය ආපස්සට හැරෙන්න බෑනේ.

    ReplyDelete
  18. @කල්හාර දිසානායක- ඔව් බලෙන් තියාගන ඇති වැඩක් නැ,ඒත්...අනාගතේ,ළමයි දෙන්න ගැන ඔක්කොටම කලින් හිතන්න එපැයි නේද?

    ReplyDelete
  19. @රජිත්- හික්z නියම කතාව.1000 වරක් සිතනු!!!

    ReplyDelete
  20. @මධුරංග- ඔව්.එහෙම වෙන්නත් පුලුවන්.මොනා කරන්නද දැන් ඉතින් බැදගත්ත බෙරේ ගහන්නම එපැයි :(

    ReplyDelete
  21. @බීටා- හ්ම්..ඔව්.

    ReplyDelete
  22. ආදරය කරත්දි කවදාවත් තහංචි දාන්න හොද නෑ.
    මොකද ආදරය කියන්නෙත් එක්තරා අවස්ථාවක සිතට දැනෙන හැගීමක් නිසා.
    ඇතිවුනා වගේම මොන වෙලේ නැති වෙයි ද දන්නෙත් නෑ.
    මොන තරම් ආදරේ උනත් අනිත් කෙනාගේ ජීවිතේ අපට ඕන විදිහට වෙනස් කරන්න හොද නෑ...කියලයි මට නම් ඒ හන්දා හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මමත් ඔයා කියන දේට එකගයි
      Erandi

      Delete
  23. @- නිල් අහස - මමත් හිතන්නෙ තහන්චි දාන්න හොද නැ කියල තමා,යමක හරි වැරෑද්ද කතා බහ කරල තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනෙ.නිදහස දෙන එක හොදයි ඒත් කවුරු කවුරුත් දැන ගන්න ඕනෙ ඒ නිදහස කොහොමද පාවිච්චි කරන්නෙ කියල.

    ReplyDelete
  24. ජීවිතේ අපිට වරදින තැන් අනන්තයි අප්‍රමාණයි, මොකද කරන්නෙ ඉතිං, " පැමිණි දුක් පැණි රසයි" කියල හිත හදා ගන්නව මිසක.

    ReplyDelete
  25. අපේ ජීවිතේ ගන්න පොඩ් තිරනයකින් වුනත් ජීවිතේ ලොකු වෙනසක් කරන්න පුලුවන්..."බටර් ෆ්ලයි ඉෆෙක්ට්" කියලා තියරියක් තියන්වා සමාර විට අහලත් අති ඒකට ගහපු ෆිල්ම් එකකුත් තියන්වා.
    බලන්න ඔය සිද්දි දාමයේ එක පොඩි කෑල්ලක් වෙනස් වුනානම් ඔය කතාව ගොඩක් වෙනස් වෙන්න ඉඩ තියනවා ,නිකමට හිතන්න අර ස්ට්‍රයික් එක නොතිබුනානම්....
    ගනන් ගන්න එපා.. මට හිතෙන විකාර.ගොඩක් සන්වේදි කතාවක්...

    ReplyDelete
  26. me wagema deyak pahugiya sathiyaka matath ahanna lebuna.thirana ganna kalin hitana eka hodai ada kale

    ReplyDelete
  27. @Ravi- ඔව් දැන් ඉතින් ආපසු හැරෙන්න බෑනේ

    ReplyDelete
  28. @අසoක- හ්ම්,..එහෙම වෙනස් කරගන්න පුලුවන්නම් නේද?එයාගෙ වෙලාව තමයි ඉතින්.

    ReplyDelete
  29. @Helping To ඵෙඔප්ලෙ-ඔව් විශේෂයෙන් විවාහය වගේ කාරණාවලදී ගොඩක් දේවල් හිතන්න වෙනව.හදිසි තීරණ අරන්,ඉක්මන් වෙන එක එච්චර සුදුසු නැ.

    ReplyDelete
  30. තවත් ශෝකාන්තයක්.

    ReplyDelete
  31. ඒක නොවැ කට්ටිය වරද්ද ගත්ත පොට....

    ReplyDelete
  32. @සීතල අයියා- ඕව් ඒක තමා.දැන් ඉතින් මොනා කරන්නද?

    ReplyDelete
  33. සමහර වෙලාවට ජීවිතේදී අපි ගන්න තීරණ හරිම නොවෙන්න පුළුවන් හොඳම දේ තව කෙනෙක් එක්ක කතා කරන එක. එකෙන් කියන්නේ නේ අනිත් අය මතම අපි තීරණ ගන්න ඕන කියන එක නෙවෙයි. එත් අපි දකිනවට වඩා වෙනස් කෝණයකින් එයට පෙන්න පුළුවන්.
    විවාහ උන එක හරි කියමුකෝ. බබෙක් හදන්න හදිස්සි වෙන්නේ නැතිව උපාධිය කරත්ත නම් අඩු තරමේ එක හරි ඉතුරු වෙනවා නේද..

    ReplyDelete
  34. @සිතුවිලි සුන්දරයි ?- හ්ම්...වෙලාවකට හිතෙනව එයා මහ මැටි වැඩක් කරගන තියෙන්නෙ කියල.මේ වෙද්දි දෙවනි බබත් ලැබිල,ගෑනු බබෙක්.දැන් රටින් පිටවෙන්න බැරි වෙන්න නීති ක්‍රියාමාර්ග ගන්නව.ඔය මොනා කරත් ආය මුල් තත්වෙට එන්න බෑනේ.අපරාදේ ජීවිත!

    ReplyDelete
  35. සියල්ල සිදුවී හමාර විට ජීවිතය යලි වෙනස් කරන්න බැරි තරම් විනාස වෙලා. ඕක තමයි බොහෝ විට සිදුවෙන්නේ. හරිම සංවේදී දුක්ඛදායි කතාවක්. මෙවැනි දෑ ලෝඩ් පිටින් අහන්න දකින්න ලැබෙන ලෝකෙක පරිස්සමෙන් ජීවිත හැඩගස්සවා ගන්න ඕනෙ.

    ReplyDelete