Sunday, May 1, 2011

හාමී කියන්නෙ වෙනම කෑල්ලක්ද?


මේකනම් ගොඩක්ම ලගදි දවසක සිදුවුන එකක්.මගෙ යාලුවෙක්ට ඕනෙ වුනා කඩ්ඩ පොඩ්ඩක් හදාගන්න,ඒ කියන්නෙ ටිකක් හොදට කඩ්ඩ කතා කරන්න ඉගන ගන්න..ඒ අපි ඉන්ඩ්‍රස්ට්‍රියල් ට්‍රේනින් ඉන්න කාලෙ අතරමැදදී.ඒ දවස්වල ටීවි එකෙත් ප්‍රචාරයක් ගියා සුද්දොන්ගෙ තාලෙටම ඉංග්‍රීසි කතාකරන්න උගන්නන තැනක් ගැන.ඔන්න ඉතින් මෙයාටත් එතන්ටම යන්න ඕනෙ උනා.


ෆෝන් කෝල් එකක් දීල එතන්ට කතා කරාම වෙලාවක් වෙන්කරල දුන්න ඉන්ටවිව් එකකට,ඒකෙන් තමා එයාගෙ නොලේජ් එකයි, ඉන්ග්ලිශ් ස්පීකින් ඇබිලිටි එකයි තීරණය කරනව කිව්වෙ,ඒ අනුවලු එයාට ගැලපෙන පංතිය තීරණය කරන්නෙත්.ඇත්තනේ ඉතින් එහෙමනේ වෙන්න ඕනෙ.


යාලුවා තනියම යන නිසා මටත්  අවස්ථාව ලැබුන මෙයත් එක්ක යන්න.මට ඉන්ටව් එක තියන තැන ලගටම යන්න හැකිවුනත්.එයාල කතා කරන ඒවා මොනාද කියල ඇහුනෙ නෑ.ඉන්ටවිව් කරේ බර්ගර් ලේඩි කෙනෙක් වගේ පෙනුම තියන කෙනෙක්, හරියටම සුද්දියක් වගේ.


මොනවද බස බස ගාල කියනව ඇහුනා ටිකක් විතර. ටික වෙලාවකින් මෙන්න මෙයා එලියට එනවා,හිනාවේගන.
මම: මොකද වුනේ?
යාලුවා: වැඩේ ගොඩ!...අඩල්ට්ස්ලට තියන ඉහළම ක්ලාස් එකට තේරුනේ.
මම:  ඇහ්...එහෙනම් කඩ්ඩ බෑ කිව්වට ඔය පුලුවන් වෙල තියෙන්නෙ?
යාලුවා:  මන්ද බන්!...මයි සෙල්ෆ් කියන්න කිව්වා.කියාගන කියාගන ගියා.
මම: ආ...එච්චරද?
යාලුවා:  නෑ... තව මොනව හරි දෙයක් ගැන දිගට කතා කරන්න කිව්වා,ඉතින් මම් යුනි ලයිෆ් එක ගැන කිව්වා.
මම: හික්z...මරු මරු...ඒ ලේඩි බර්ගර් වගේ නේ?
යාලුවා: ඒ වගේ තමා,මගෙ නම ඇහුව ගියපු ගමන්ම.නම් කිව්වට පස්සෙ අහනව,හාමී...කියන්නෙ වෙනම කෑල්ලක්ද? කියල.
මම: හික්z...ඉතින් ඔයා මොකද කිව්වෙ?
යාලුවා:  මොනා කියන්නද මම් කිව්ව එක නමක් කියල.උන් අහල නැද්ද ඒවගේ නම්?


ප.ලි:  මේ ප්‍රශ්නෙ වුනේ යාලුවගෙ නමේ මැද කෑල්ලට(Middle Name) .අර ලේඩි මෙයාගෙන් නම අහගෙන ඉන්ටවිව් නෝට් එකේ මුලින්ම ලියල තියෙන්නෙ(Kumari Hamy).පස්සෙ ඒක කපල වෙනස් කරල කුමාරිහාමි(Kumarihamy)කියල.යාලුව මට ඒ නෝට් එක පෙන්නුව බොරුනම් මේං බලන්න කියල..

17 comments:

  1. සිස් මරු වැඩේ.........
    සුද්දිත් නමෙන් පට්ට ආත්ල් එකක් දීලා නේ....හික් :)

    ReplyDelete
  2. මරු සීන් එක නේ.... මොකක්ද හලෝ...... මෙහෙම පොස්ට් දාද්දි එකදිගට ලියපුවා මිස් වෙනවනෙ. කණාවට මෙක දැක්කෙත්...... අරකෙ ලින්ක් එකක් වත් දැම්මනම් තමයි හොඳ....

    ReplyDelete
  3. මාර වැඩ තමයි. එයාට කඩ්ඩ හොද නම් ඇයි අප්පේ ක්ලාස් යන්නේ. ඔයවගේ තමා අපේ කැම්පස් එකේදි මුල් දවස්වල ඉංග්ලිශ් කෝස් එකක් තියෙනවනේ. ඒකෙන් තමා කෝස් එකේ මොන පංතිවලටද වැටෙන්නේ කියලා තීරණය කරන්නේ.

    සමහරු ගොඩක් දන්න අයගෙන් කොපි කරලා ලිව්වා. එහෙම ලියලා වැඩක් යෑ. තමන් දන්න විදිහට ලිව්ව නම් තමන්ට ගැලපෙන පංතියකට සිලෙක්ට් වෙනවනේ.

    ReplyDelete
  4. @බීටා- මරු වැඩේ තමා.යාලුවනම් ගොඩක් අප්සට් එකේ හිටියෙ :)

    ReplyDelete
  5. @අපරාජිතයා :::: Aparajithaya- ලින්ක් දෙන්න දෙයක් නැ.තවම ඇඩ් එක ටීවී එකේ යනව මම් හිතන්නෙ :)

    ReplyDelete
  6. @මධුරංග- අනේ මන්ද?කතා කරන කොට ටැපලෙනවලුනේ එකයි.:)එයාව හොදම එකට දාල තිබ්බ.අපේ යුනි එකේ මුල්ම සෙමෙස්ටරය සබ්ජෙක්ට් එකක් විදියට ඔක්කොටම ඉංග්‍රීසි ඉගැන්නුවා.මට්ටම අනුව වෙන් කරේ නෑ.A,B,C කියල ගෲප් 3ක් නම් තිබ්බ.

    ReplyDelete
  7. ඔකනම් අපිටත් ඕන තරම් වෙනවා.. ඉතාලි කාරයොත් අපේ නම් ඇහුවම බය වෙනවා.. දිග වැඩියිලු.. ඉතින් උන් ලෙසිම නමේ කෑල්ල තමයි මතක තියාගන්නේ.. ඉතින් අපි අකමැති උනත් උන් කතාකරන්නේ ඒ නමින්.. මගේ නම් වාසනාවට මුන්ට දිනේශ් කියන එක කියන්න පුළුවන්..

    ReplyDelete
  8. @Dinesh- දිනේශ් නම් කියවන්න ලේසිනේ :) ඇයි මගෙ තව යාලුවෙක්ගෙ නම මුලට "මුදියන්සේලාගේ"කියල එනව. "මුදියන්සේලාගේ" කියල තනිනම වෙනුවට එයාල කියන්නෙ මුඩියන්සේලා - ගේ කියල නම දෙකකට කඩලලු.

    ReplyDelete
  9. කඩ්ඩ ලොල් ස්ස්ස්ස්!! ෆට්ට ආ !!!

    ReplyDelete
  10. @prasanna86k-
    @කුක්කු පැටියා-
    :)

    ReplyDelete
  11. හෆොයි දෙයියනේ.අන්ත කුජීතයි...
    මේ ඇත්තටමයි අහන්නෙ,මේක ඔයාගෙම යාලුවට උන සිද්දියක්ද?

    ReplyDelete
  12. @සීතල අයියා- ඔව් යාලුවට උන දෙයක් තමයි?

    ReplyDelete
  13. අනේද කියන්නේ සුද්දෝ අපේ නම් දැක්ක ගමන් අහනවා ලංකාවේ නේද කියල . මටම දෙපාරක් වුණා. මගේ දුගේ නම හරි ලස්සනයි කියා පුස්තකාලයේ සුද්දී කිවුව . බලනකොට මේ ලස්සනයි කිව්වේ ''නානායක්කාර ''කියන වාසගමට.

    ReplyDelete
  14. @Bindi- එයාලට අමුතු නිසා වෙන්න ඇති අපේ නම්.අනික දිග නම් නෙ තියෙන්නෙ අපිට.

    ReplyDelete
  15. @සීතල අයියා- නැ මට නෙමේ

    ReplyDelete